කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කොල්ලෝ ටික ෆිට් : ඔහොම යං...

කොල්ලෝ ටික ෆිට් : ඔහොම යං...

ශ්‍රී ලංකාව අද (2) ඉන්දියාව සමග කටක් නගරයේ දී පළමු එක්දින තරගයට සහභාගි වෙනවා. ශ්‍රී ලංකා පිලේ මේ හදිසි සංචාරයට මඟ පෑදුණේ බටහිර ඉන්දියා කොදෙව් ක්‍රිකට් පිලේ ඉන්දියා සංචාරය අතරමග නතරවූ නිසයි. එහෙමවුණේ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ක්‍රීඩකයන්ට ගෙවන වැටුප් සම්බන්ධව ඇතිවූ මත‍හේදයක්. ඒ මතහේදය දුරදිග යාමේ හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයන් ඉන්දියා සංචාරය අතරමග නතරකළා. මේ නිසා ඉන්දියාවට විශාල පාඩුවක් සිදුවී තිබෙන අතර ඒ පාඩුව යාන්තමින් අඩුකර ගැනීමේ ප්‍රතිළුලයක් ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ජාත්‍යන්තර එක්දින තරග 5කින් සමන්විත මේ හදිසි ඉන්දියා සංචාරය සංවිධානය වුණේ.

‍කොහොමවුණත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මේ සංචාරයට එක්වන්නේ ඉහළ මානසිකත්වයකින් යුතුවයි. එක අතකට ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගමාලාවට මේ සංචාරය හොඳ ආරම්භයක් වේවි. අනිත් කරුණ ලෝක කුසලාන තරගමාලාවට පෙර යොවුන් ක්‍රීඩකයන් කීපදෙනකු සොයා ගැනීමේ අරමුණින් පසුවන ජාතික තේරීම් කමිටුවට මේ තරග සංචාරය විශාල රුකුලක් වේවි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හැකියාව එලෙසම ඉදිරියට පවත්වා ගෙන යමින් ලෝක කුසලාන තරගාවලිය සඳහා වන කණ්ඩායමේ සංයුතිය හරියාකාරව සකස් කර ගැනීමට මේ එක්දින ක්‍රිකට් තරගමාලාව පාවිච්චි කිරීම තමන්ගේ ප්‍රධානතම ඉලක්කය බව සංචාරයට කලින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් කීවා.

“මේ තරගමාලාව සඳහා වන අපේ සූදානම එතරම්ම හොඳ නැහැ. දේශගුණයෙන් බාධා පැමිණෙමින් තිබියදී අපට පුහුණුවන්න ලැබුණේ වාර කිහිපයකට පමණයි” මැතිව්ස් එහෙමයි කියන්නේ.“ඉන්දියා තරග සංචාරයක් වෙනුවෙන් එය පරිපූර්ණ සූදානමක් නෙවෙයි. නමුත් අපි අපට පුළුවන් තරම් හොඳින් සූදානම් වී එන දේකට සුදුසු පරිදි මුහුණ දෙනවා.” ශ්‍රී ලංකා නායකයා ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම්.

අගෝස්තු මාසයේ පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති තරගමාලාවෙන් පසුව නොවැම්බර් අගදී එංගලන්ත කණ්ඩායමට සත්කාරකත්ව දක්වන තෙක් ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට නියමිතව සිටියේ නෑ. ඔවුන් ඒ අතර කාලය යොදාගෙන තිබුණේ පසුගිය වසරේ දෙසැම්බරයේ සිට වෙහෙස වෙමින් සිටි ක්‍රීඩකයන් කීපදෙනකුට විවේකයක් ලබා දීමට හා ශාරිරික පුහුණුවීම් ආරම්භ කිරීම සඳහායි.

“අපේ ශාරිරික යෝග්‍යතාව දියුණු කර ගැනීම සඳහා අපට හොඳ විවේකයක් ලැබුණා. මාස එකහමාරක කාලයක්. අප දැන් ඒ යෝග්‍යතාව පවත්වා ගෙන යා යුතුයි” මැතිව්ස් කියනවා.

“අපි පසුගිය මාස එකහමාර තිස්සේ මහත් පරිශ්‍රමයකින් කරගෙන ආ පුහුණුව ඉන්දියා තරගමාලාව අතරවාරයේ එලෙසින්ම කරගෙන යාමට අපට නොහැකිවුණත් ඒ දෙස ධනාත්මකව බැලීමට අපි උත්සාහ කරනවා.”

“අපි සූදානම් වෙමින් සිටියේ එංගලන්තය සමග තරගමාලාවටයි. මොකද, ඊට පෙර වෙනත් සංචාර නැති බව අප දැන සිටියා. ශරීර යෝග්‍යතාව ගැන ලොකු අවධානයක් යොමුකර සිටි අප පිතිකරන පුහුණුව පටන් ගත්තේ මීට සතියකට පෙරයි. අප පැවැත්වූයේ කුසලතා පුහුණු සැසිවාර කිහිපයක් පමණයි. එංගලන්ත තරගමාලාව අතරතුර අපේ උපරිම මට්ටමට ඒමට අපට වුවමනා වුණා. නමුත් දැන් අපව අභියෝගයකට තල්ලු කර තිබෙන නිසා අපට පුළුවන් තරම් හොඳින් සූදානම් වීමට අපි උත්සාහ කරනවා.”

“අපේ ලෝක කුසලාන සූදානම ආරම්භ වූයේ පාකිස්තාන තරගමාලාවේ සිටයි. නවසිලන්ත තරගමාලාවට පෙර අපේ කණ්ඩායම නියම විදියට සකස් වීම සහතික කර ගන්න මට අවශ්‍යයි. ලෝක කුසලාන තරගාවලියට පෙර අවසන් මාස කිහිපයට පිවිසෙන මේ අවස්ථාවේ කණ්ඩායම තුළ තිබෙන විශ්වාසයේ මට්ටමත් ඉතාමත් වැදගත්. නමුත් නැවතත්, අපේ විකල්පයන් දෙස බලා කණ්ඩායමේ සංයුතිය නිසි පරිදි සකසා ගැනීමටත් අපට අවශ්‍යයි.”

ඉන්දියාවට එරෙහි තරගමාලාවේදී ලහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් පිතිකරු පෙළේ නැති නිසා නිරෝෂන් දික්වැල්ල හා අශාන් ප්‍රියන්ජන් වැනි තරුණ ක්‍රීඩකයන්ට ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් හිමිකර ගැනීමට අවස්ථාව උදාවී තිබෙනවා.

“තරුණ ක්‍රීඩකයන් දෙස අවධානය යොමු කිරීම අපේ ප්‍රධාන අරමුණයි. නිරෝෂන් ඇත්ත වශයෙන්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඒ නිසා ඔහුව අත්හදා බලන්න අපට අවශ්‍යයි.”

කුමාර් සංගක්කාර ඉන්දියා තරගමාලාවේදී කඩුලු රැකීමේ කාර්යයේ නිරත වනු ඇතැයි අපේක්ෂා කෙරුණද ඔහුගේ කොන්දේ යම් ආබාධයක් තිබෙන බැවින් දික්වැල්ල එම කාර්යයේ නිරත වීමට ඉඩ තිබෙන බවද මැතිව්ස් කියා සිටියා.“සංගාගේ ආබාධය එතරම් බරපතළ එකක් නෙවෙයි. ඔහු දිනෙන් දින සුවය ලබමින් සිටිනවා. ඔහු කඩුලු රකිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මීළඟ දින කිහිපය තුළ ඔහු ගැන අවධානය යොමු කර සිටීම අවශ්‍ය වෙනවා. ඔහුට පුළුවන් වුනොතින් ඔහු කඩුලු රකීවි. එහෙම නැති වුනොත් දික්වැල්ල ක්‍රීඩා කරවීමට අපට සිදුවේවි.”

තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග හා කුසල් ජනිත් පෙරේරා ලෙසින් ආරම්භක පිතිකරුවන් තිදෙනෙකුම සිටින සංචිතයේ උපුල් තරංග ආරම්භක පිතිකරුවෙකු ලෙසින් යොදා ගැනීමේ හැකියාව දෙස බලමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා කියනවා. ඔහු මැද පෙළ පිතිකරුවෙකු ලෙසින් යොදා ගැනීමේ හැකියාවද තිබෙන අතර ලසිත් මාලිංග හා සුරංග ලක්මාල් යන වේග පන්දු යවන්නන් ආබාධවලට ලක්ව සිටීම නිසා 26 හැවිරිදි මඳවේග පන්දු යවන්නෙකු වන ලහිරු ගමගේ කැඳවීමට තේරීම් නිලධාරීන්ට සිදුවුණා.

ඉන්දියාවට එරෙහි තරගමාලාව සඳහා රංගන හේරත් විවේක ගන්වා තිබෙන බවත් අජන්ත මෙන්ඩිස් කණ්ඩායමට ඇතුළත් නොකිරීම “උපායශීලී පියවරක්” බවත් ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියා.

විශේෂිතම කරුණ වන්නේ ඉන්දියාවේ පැවැති ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගමාලාවක් ශ්‍රී ලංකාව මෙතෙක් ජයගෙන නැතිවීමයි. ශ්‍රී ලංකාවේ හොඳම දක්ෂතාව ලෙස වාර්තා වන්නේ 1997 වසරේ පැවැති තරග තුනකින් යුත් තරගමාලාව සමව අවසන් කිරීමයි. එබැවින් මේ තරගමාලාව එක අතකින් වාර්තා‍පොත අලුත් කිරීමේ තරගමාලාවක් බවටත් පත්වී තිබෙනවා. ඒ අභියෝගය ජයගැනීමට මැතිව්ස් සහ ඔහුගේ සගයන්ට හැකිවේවා යන්න අපේ ප්‍රාර්ථනාවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්