කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»

කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

කොස්ලන්ද මීරියබැද්ද වතුයායට ඉහළින් තවත් ප්‍රදේශ දෙකක නායයෑමේ ලකුණු පහළ වීමෙන් පසු එම ප්‍රදේශවලින් ජනතාව ඉවත් කිරීමට රජය කටයුතු කරමින් සිටී. තවදුරටත් නායයෑමේ ලකුණු පහළ වී ඇත්තේ මීරියබැද්ද එස්. කේ. කොටස සහ අම්පිටිතැන්න කොටසය. මීරියබැද්ද එස්. කේ. කොටසේ දැනට පවුල් පණහක් පමණ ජීවත්වන අතර අම්පිටිතැන්න කොටසේ පවුල් හැත්තෑවක් පමණ වෙසෙති. එස්. කේ. කොටසේ විශාල භූමි ප්‍රදේශයක් ඉරිතලා ගොස් ඇති අතර මීට වසර කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නාය යෑමකින් එක් පුද්ගලයෙක් මියගොස් තිබේ.

මීරියබැද්ද වතුයායේ සිදුවූ ආකාරයේ ඛේදවාචකයක් ඇතිවීමට පෙරාතුව මෙම ප්‍රදේශවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථානවලට යන ලෙස සියලුම පදිංචිකරුවන්ට ඉවත්වන ලෙස දැනුම් දී ඇතත් සමහරුන් එම ප්‍රදේශවලින් ඉවත්වීමට මැලිකමක් දක්වන බව එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර වතුකරයේ අවදානම් ප්‍රදේශ පිළිබඳව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව හා පහසුකම් කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන ලෙස කොස්ලන්දේ විපතට පත්වූවන් බැලීමට ගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වතු පාලකයින්ට උපදෙස් ලබා දී තිබේ.

මීරියබැද්ද වතුයායේ පසුගිය දා ඇතිවූ නායයෑමේ ඛේදවාචකයෙන් පුද්ගලයින් 200 ක් පමණ අතුරුදන් වී ඇති අතර ඔවුන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව පවතී.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්