කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ජීවිතේ මං දැක්ක අවංකම කෙනා රොෂාන්

ජීවිතේ මං දැක්ක අවංකම කෙනා රොෂාන්

රොෂාන් රණවන බිරිඳ කුෂ්ලානි ප්‍රනාන්දු

* අලුත් ජීවිතේ අලුත් ම තොරතුරුවලින් අපි කතා බහ අරඹමු ද?

“අලුත් ජීවිතේ දැන් හොඳටම හොඳයි. ඉස්සර වගේ ම හොඳින් සතුටින් ගෙවීගෙන යනවා.”

* ඔබ තවමත් රැකියාවට යනවා ද?

“ඔව්. විවාහයෙන් පස්සේ මාසයක් පමණ කාලයක් අපි දෙදෙනා ම යුරෝපයේ රටවල් හතක සංචාරයක යෙදුණා. ඉන්පස්සේ නැවතත් මම සුපුරුදු විදිහට රැකියාවට යනවා. මම පෞද්ගලික ආයතනයක කළමනාකාරිනියක්. මම කරන්නේ උදේ අටේ සිට සවස 5.00 වන තුරු කාර්යාලයීය රැකියාවක්. සති අන්තයේ මට නිවාඩුයි.”

* රොෂාන්, ඔබ රැකියාවක නියැළෙනවාට කැමැති ද?

“ඔව්. ඒකට එයා නම් කිසිම අකැමැත්තක් නැහැ. මම ගොඩක් මහන්සි වුණා ඉගෙන ගන්න. මගේ අරමුණ වුණේ හොඳින් ඉගෙන ගෙන රැකියාවක නියැළීමයි. මගේ ඉගෙනුමේ ප්‍රතිඵලයක් නැතිව යනවා මම රැකියාවක නියැළුණේ නැතිනම්. ඒ නිසා රොෂාන් මම රැකියාවක නියැළෙනවාට කිසිම අකැමැත්තක් නැහැ. පෞද්ගලික ජීවිතෙයි, රැකියාවයි දෙකම බැලන්ස් කරගෙන ඉන්න පුළුවන් නම් මං හිතන්නේ රැකියාවක් කරනවට අකැමැතිවෙන්න හේතුවකුත් නැහැනෙ.”

* ඔහුගෙන් ඔබට ලැබෙන සහයෝගය මොනවගේ ද?

“ලොකු සහයෝගයක් ලැබෙනවා. විවාහයට පෙර සිටම මං පාඩම් කරන කාලෙ ඉඳලම මගේ වැඩ කටයුතුවලට ඔහුගෙන් ලොකු සහායක් ලැබුණා. රැකියාවක් කියන්නේ වගකීමක්. ඒ වගකීමේ බැරෑරුම් බව ඔහුත් තේරුම් ගෙන තිබෙනවා. හැබැයි රොෂාන් වගේ හැම පිරිමියෙක් ම තමන්ගේ බිරියට රැකියාව කරගන්න සහයෝගය දෙනවා අඩුයි. ඒ නිසා තමයි විවාහයෙන් පස්සේ බොහෝ කාන්තාවන් රැකියාවෙන් ඉවත් ‍වන්නේ.”

* ඔබත් රොෂානුත් මුණ ගැසුණු හැටි මතකද?

“එහෙම විශේෂ දවසක් කියල මගේ මතකයේ නැහැ. මොකද පුංචි කාලෙ ඉඳලම මම ඔහුවත් ඔහු මාවත් හොඳින් ම දැන හඳුනනවා‍. මගෙ පුංචි කාලෙ ඉඳලම වගේ රොෂාන්ට මාව මතක ඇති. මොකද පුංචි කාලෙ ඉඳල අපි එකට සෙල්ලම් කළා.”

* ඔබ දෙදෙනා අතර ආදරයක් ඇති වුණේ කොහොමද?

“මුලින් ම මට ආදරෙයි කියලා කිව්වේ එයා. මම කොහොමත් හැමෝම එක්ක ගොඩක් කිට්ටු වෙන්නෙ නැති කෙනෙක්. එහෙම කිට්ටු වුණොත් කිට්ටු වෙන්නෙත් මගේ හිතට අල්ලන කෙනෙක් එක්ක. මට හොඳ යාළුවො හිටියෙ සුළු පිරිසක්. ඒ අතර රොෂාන් මගේ පොඩි කාලෙ ඉඳලම හොඳ යාළුවෙක්. ඒ නිසා අපි අතරේ ආදරයක් ඇති වුණා.”

* ඔබේ දෙමවුපියන් ගැන තොරතුරු කොහොමද?

“මගේ පියා වෘත්තියෙන් නාවික හමුදාවේ නිලධාරියෙක්. මට වයස අවුරුදු එකොළහෙදි තාත්තා නැති වුණා. අම්මා ගෘහිණියක්. මම විවාහ වෙනතුරුම ඇය මගේ සෙවණැල්ල වගේ මා ළඟින් ම ඉන්නවා.”

* ඔබේ පාසල් අධ්‍යාපනය ගැනත් කතා කරමු?

“මමත් රොෂාන් වගේ පාසල් දෙකකට ගියා. මුලින් ම ගියේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට. ඉන්පසුව ආසියානු ජාත්‍යන්තර පාසලට. ඉන්පසුව මම මගේ උපාධිය කළා. උසස් පෙළ කරන අවධියේ ම ‘සිමා’ කළා. ඒ ඔස්සේ ඉතාම අඩු වයසින් මට රැකියාවකට යන්නට අවස්ථාව හිමිවුණා. අවුරුදු 18 දී තමයි මම රැකියාවට ගියේ.”

* විවාහයෙන් පසු ඔබ දෙදෙනාගේ පදිංචිය කොහේද?

“මමත් රොෂානුත් පදිංචිව ඉන්නේ මගේ ගෙදර. මොකද මගේ අම්මත් එක්ක.

* ඔබ දෙදෙනාගේ පළමු යු‍රෝපා සංචාරයේ තොරතුරු ගැනත් දැනගන්න කැමැතියි?

“යුරෝපයේ රටවල් හතක් වන බෙල්ජියම්, ලක්සන්බර්ග්, ස්විස්ටර්ලන්ඩ්, ඔස්ට්‍රියා, ඉතාලි, සහ ප්‍රංශයට අපි ගියා. මං හිතන්නේ සුමාන දෙකකට වැඩි කාලයක් අපි ඒ රටවල සංචාරය කළා. ගොඩක් සතුටු වුණා.

* එහිදී අමතක නොවන අත්දැකීම්වලටත් ඔබ දෙදෙනා මුහුණදෙන්න ඇති?

“මම පළමුවතාවට තමයි රොෂාන් එක්ක තනිවම සංචාරය කළේ. ඒ දවස් 18 ම අපි දෙන්නට අමතක වෙන්නේ නැහැ. හැම දවසකම අලුත් අත්දැකීමක් එකතු වුණා.

* ගෙදර ඉවුම් පිහුම් කටයුතු සිදුවන්නේ ඔබ අතින් ද?

“මම රැකියාවට යන හින්දා උදේට දවල්ට අම්මා තමයි කෑම හදන්නේ. රෑට නම් රොෂාන් කන්න කැමැති කෑම මම හදලා දෙනවා. සති අන්තයේ මමත් රොෂානුත් දෙන්නම එකතු වෙලා කෑම හදනවා.

* ඔබේ විනෝදාංශ මොනවාද?

“මම ගොඩක් ආසයි මුහුදු වෙරළේ ඇවිදින්න යන්න. ඒ වගේ ම දවස පුරා පීන පීන ඉන්න. හිතුනම රටේ, ලෝකේ විවිධ තැන්වල ඇවිදින්න යන්නත් ආසයි. ඒවා මගේ විනෝදාංශ. මම මොනතරම් වාසනාවන්ත ද කියන්න රොෂාන් ගෙ ප්‍රියතම විනෝදාංශත් මේවයි.”

රොෂාන් වගේ ම ඔබත් වෙජිටේරියන් ද?

“ඔව්. මමත් අවුරුදු 15 දී විතර ඉදන් මස් මාළු කෑම අත්හැරියා.”

* රොෂාන් හා පූජා උමාශංකර් යම් දිනෙක විවාහ වෙයි කියා බොහෝ රසිකයන් හිතුවා. මේ වගේ කතා ආරංචි වෙද්දී ඔබට හිතුණේ කුමක්ද?

“මෙහෙමයි. රසිකයො හිතන්නේ, ඒ අය දකින දේ. පූජාත් රොෂානුත් එකට රඟපාන කොට ඒ අයට එහෙම හිතෙන්න ඇති. එය සාමාන්‍ය දෙයක්. මම නම් ඒ දේවල් ලොකුවට හිතන්නේ නැහැ. අපි දෙන්නම හිනා වෙවී ඒ දේවල් ගැන කතා බහ කරනවා.”

* රොෂාන් ඇරුණු කොට ඔබේ හිත ගිය නළුවෙක් ඉන්නවද?

“මම ගොඩක් වෙලාවට රොෂාන් ඉන්න චිත්‍රපට විතරයි බලන්නේ. ඒ ඇරෙන්න චිත්‍රපට ගැන මගේ කැමැත්තක් නැහැ. මම ගොඩක් කැමැති කාටුන් බලන්න තමයි. අදත් මම හරිම ආසාවෙන් ‘පපායි’, ‘රියෝ’ වැනි කාටුන් නරඹනවා.”

* ඔබ දෙදෙනාගේ කැදැල්ලට තුන්වැන්නෙක් එක් වෙන්නේ කවදා ද?

ගොඩක් කට්ටිය විවාහ වෙන වයස එන කොට විවාහ වෙන්නේ නැද්ද? විවාහ වෙන්නේ නැද්ද? කියලා අහනවා. විවාහ වුණාට පස්සේ ඊළඟට අහන්නේ මේ ප්‍රශ්නෙ තමයි. ඒ ප්‍රශ්නෙට තවම අපි ළඟ උත්තර නැහැ. මොකද මං හිතන්නේ එහෙම දෙයක් හොඳ සූදානමක් සැලැස්මක් ඇතුවයි සිදුවිය යුත්තේ. හරි කාලෙදි හරි සූදානමක් ඇතුව රොෂාන් ගෙයි මගෙයි කැදැල්ලට තුන් වැන්නෙක් එක් වෙයි.”

* ඔබට රංගනයට ආරාධනා ලැබුණෙ නැද්ද?

“නැහැ. නමුත් වෙළෙඳ දැන්වීම් කිහිපයකටම ආරාධනා ලැබුණා. එකකට සහභාගි වුණා.”

* ඒ කියන්නේ ඔබත් රංගනයට එක්වේවිද?

“මම නම් හිතන්නේ නැහැ කවදාවත් මං රංගනයට එක් වේවි කියලා. මොකද එය මගේ වෘත්තියට හුඟක් දුරින් යන දෙයක්. මගේ ඉගෙනීමේ ප්‍රයෝජනය මම ලබාගත යුතුයි.”

* ඔබේ අනාගත බලාපොරොත්තු?

මොන දේ නැති වුණත් සතු‍ටින් ජීවත්වෙන්න තමයි මගෙත් රොෂාන් ගෙත් එකම බලාපොරොත්තුව.

* ඔබ රොෂාන් ගෙන් දකින හොඳ ගතිගුණ මොනවාද?

“මම එදා ඉඳලම රොෂාන් ගේ අගය කරන දෙයක් තමයි එ‍යාගේ තිබෙන සරල බව. ඔහු නිහතමානී කෙනෙක්. මං හිතන්නේ ඔහු ඕනෑම කෙනෙක් එක්ක ඉතාම හොඳින් කතා බහ කරනවා. ඒ වගේ ම එයා ගොඩක් අවංක කෙනෙක්. මගේ ජීවිතයේ මම දැක්ක අවංක ම කෙනා රොෂාන්.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්