කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

ජර්මානු තානාපති ආචාර්ය ජර්ගන් මොහාඩ්, BMW මෝටර් රථ හිමිකරුවන්ගේ අංශයේ ඒ කාණ්ඩයේ ජයග්‍රාහකයා වන අම්රිත් ද සොයිසා මහතා සහ ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් පුද්ගලික සමාගමේ සභාපති / කළමානකාර අධ්‍යක්ෂ හයින්ස් රොයිටර් මහතා

 

ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් අනුග්‍රාහකත්වයෙන් යුතුව කොළඹ රාජකීය ගොල්ෆ් සමාජයේ දී අඛණ්ඩව සිව්වන වරටත් BMW Golf Cup International තරගාවලිය පැවැත්විණි. බොහෝ දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වූ මෙරට පැවැත්වෙන ගොල්ෆ් තරගාවලියක් වන මෙහි ජයග්‍රහණයන් තමන් සතු කරගැනීමේ අරමුණින් යුතුව තරගකරුවෝ 230ක් තරග වැදුණහ.

එම තරගාවලිය විවෘත සහ BMW මෝටර් රථ හිමිකරුවන් යනුවෙන් අංශ දෙකක් යටතේ පැවැති අතර මෙම තරගාවලියේදී තරගකරුවන් හට තරග වදිනා අතරතුර නැවුම් අත්දැකීම් හිමිකර ගැනීමට ද අවස්ථාව උදාවිය. විවෘත අංශය මහත්වරුන්ගේ ඒ කොටස, මහත්වරුන්ගේ බී කොටස, කාන්තා සහ ජ්‍යෙෂ්ඨ ලෙසින් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වුණු අතර එම එක් එක් කාණ්ඩයෙන් ජයග්‍රහණය කළ ජයග්‍රාහකයින් හට සිංගප්පූරුවට යාම සඳහා සම්පූර්ණයෙන් ගෙවීම් කරන ලද ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පත් හිමිවිය. මහත්වරුන්ගේ ඒ කාණ්ඩය, මහත්වරුන්ගේ බී කාණ්ඩය සහ කාන්තා ලෙසින් කාණ්ඩ ගත කළ BMWමෝටර් රථ හිමිකරුවන්ගේ අංශයේ ජයග්‍රාහකයින් හට 2015 වසරේ මාර්තු මස ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ පැවැත්වෙන BMW Golf Cup International තරගාවලිය සඳහා සහභාගීවීමට අවස්ථාව උදාවේ. එම තරගාවලිය සඳහා වන සංචාරයේ නවාතැන් පහසුකම් ගුවන් ප්‍රවේශපත් ගාස්තු ඇතුළු සියලු වියදම් දරනු ලබන්නේ BMW හි මෙරට නියෝජිතායතනය වන ප්‍රෙස්ටීජ් ඔටෝමොබයිල් විසිනි.

BMWමෝටර් රථ හිමිකරුවන්ගේ අංශයේ මහත්වරුන්ගේ ඒ කොටසේ ප්‍රථම ස්ථානය අම්රිත් ද සොයිසා හිමිකරගත් අතර දෙවන ස්ථානය නූර්ඩීන් සෙත්වල හිමිකර ගත්තේය. මහත්වරුන්ගේ බී කොටසේ ප්‍රථම ස්ථානය ලුයි ලයිෆු දිනාගත් අතර එස්.බාලසුබ්‍රමනියම් විසින් දෙවන ස්ථානය දිනාගන්නා ලදී. කාන්තාවන්ගේ තරගයේ ශයනිකා ප්‍රනාන්දු ප්‍රථම ස්ථානය දිනාගත් අතර නිලූ ජයතිලක විසින් දෙවන ස්ථානය දිනා ගත්තාය. විවෘත අංශයේ මහත්වරුන්ගේ ඒ කොටසේ ප්‍රථම ස්ථානය හිමිකරගත්තේ රජීව් රාජපක්ෂ වන අතර දෙවන ස්ථානය හිමිකර ගත්තේ හර්ෂ අබේවික්‍රමය. බී කොටසේ පළමු ස්ථානය ඒ.ඩබ්ලිව්.එම්.රෙසා විසින් හිමිකරගන්නා විට දෙවන ස්ථානය රොහාන් ෆර්නෑන්ඩ්ස් විසින් දිනා ගත්තේය. ජ්‍යෙෂ්ඨ අංශයේ පළමු ස්ථානය හිමිකර ගත්තේ නිහාල් බොරලැස්ස වන අතර දෙවන ස්ථානය හිමිකර ගත්තේ ප්‍රසන්න ගුණතිලක විසිනි. කාන්තා අංශ‍යේ ප්‍රථම ස්ථානය ආර්.සංගනි හට හිමි වූ අතර දෙවන ස්ථානය හිමිවූයේ ශැරොන් හෝල් හටය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්