කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

ජනාධිපති නීතිඥ

හේමන්ත වර්ණකුලසූරිය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තෙවැනි වරට තරග කළ නොහැකි බවට ඉදිරිපත් කරන තර්කය බැහැර කළයුතු පදනම් විරහිත තර්කයක් ලෙසයි මා දකින්නේ. එහි පදනමක් ඇත්තේ නැති වුව ද ප්‍රධාන වශයෙන් මේ තර්කය මතු කළේ මේ රටේ හිටපු අගවිනිසුරුවරයකු වන සරත් එන්. සිල්වා මහතායි. ඒ නිසා මේ තර්කය නිකම්ම අහක දමන්නට පුළුවන් කමක් ද ඇත්තේ නැහැ.

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ධූර කාල දෙකේ සීමාව පූර්ණ ලෙස ඉවත් කර ඇති නිසා එවැනි සීමාවක් නැතිව තරග කරන්න ජනාධිපතිවරයකුට අවස්ථාව ලැබෙනවා.

සරත් සිල්වා මහතා ගේ තර්කයෙන් කියා සිටින්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ වත්මන් ජනාධිපතිවරයාට බලපාන පරිද්දෙන් අතීතයට අදාළ වන පරිදි එම සංශෝධන ඉදිරිපත් කර නැතිය කියන එකයි.

හදිසියේ කඩිමුඩියේ ජනාධිපතිවරයාගේ වුවමනාව මත සකස් කරන ලද මේ සංශෝධනය අතීතයට බලපාන පරිදි සකස් නොකිරීම නිසා වත්මන් ජනාධිපතිවරයාට මෙන් ම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මියටත් තුන්වෙනි වරට තරග කළ නොහැකි බවට මෙහිදී තර්කය ඉදිරිපත් කර තිබෙනවා.

මුල් අවස්ථාවේ ජනාධිපතිවරයකු දෙවැනි වරට දිවුරුම් දීමේදී ව්‍යවස්ථාවේ 31 (2) වගන්තියට අනුව ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත්කරගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන්පසුව එම ධූරයට ජනතාව විසින් තෝරාපත් කරගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේ ය කියල සඳහන් වෙනවා.

ව්‍යවස්ථාවේ 92 වගන්තියේ ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කර ගැනීම නුසුදුසුකම් යටතේ 92 (ඇ) වගන්තියේ ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරාපත් කරගෙන තිබීම යන්න සඳහන් වෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ තර්කය ගැන මත විමසීමක් කළා. ඒ මත විමස‍ීම කළේ ශ්‍රී ලාංකිකයකු වන ක්වින්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳ මහාචාර්යවරයකු වන සූරි රත්නපාල මහතාගෙන්.

ඔහු කියන්නේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධන ගෙන එන ඒමට කලින් 2010 සැප්තැම්බර් 9 ට කලින් 2010 ජනවාරි 26 සිට සැප්තැම්බර් 9 දක්වා කාලය වත්මන් ජනාධිපතිවරයා තෙවැනි වරට තරග කිරීමට නුසුදුස්සකු වී ඇති බවයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන පරිදි සම්මත කරගෙන නැති නිසා මෙහිදී බලපාන්නේ අර්ථ නිරූපණ පනතේ 6 (3) වගන්තිය බව ඔහු සඳහන් කරනවා.

සරත් එන්. සිල්වා මහතා ගෙනෙන ලද තර්කය අනුව 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලපාන පරිදි සකස්කර නැති බැවින් මහාචාර්ය සූරි රත්නපාල මහතා ද කියන්නේ මෙම 18 ව්‍යවස්ථා සංශෝධනය කියවීමේදී අපි අර්ථ නිරූපණ පනත එක්ක එය කියවිය යුතු බවයි.

එම ව්‍යවස්ථාවේ පැහැදිලිව යමක් සඳහන් නොවේ නම් එවැනි ව්‍යවස්ථා සංශෝධනයකින් අදහස් කළේ කුමක්ද එය නීතියට අනුකූල දැයි සොයා බැලීමට ඇති එකම නීතිය අර්ථ නිරූපණ පනතයි. ‍එම පනතේ 6 (3) වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙනව යම් කිසි ලිඛිත නීතියක් ඊට පෙර පැවැති නීතියෙන් අහෝසි කරන්නේ නම් ඇතිවන නීති තත්ත්වය ගැන.

අර්ථ නිරූපණ පනතේ 6 (3) වගන්තිය අනුව යම් නීතියක් අහෝසි කරනවා නම් එය අතීතයට බලපාන පරිදි ක්‍රියාත්මක කළ යුතු යැයි ලිඛිතව සඳහන් නොවන්නේ නම් එය අතීතයට‍ බල නොපාන බව කියනවා.

6 (3) (ඒ) වගන්තියෙන් කියනවා එම 6 (3) වගන්තිය අතීතයට බලපාන බව සඳහන් නොවන්නේ නම් 6 (3) 1 අතීතයේ එම නීතිය ක්‍රියාත්මක කිරීම නිසි පරිදි කර තිබේ නම් කෙනකුට එයින් අගතියක් වෙනවාය කියලා.

6 (3) බී වගන්තියෙන් කියනවා. එම ශුන්‍ය කරන නීතිය අනුව යම්කිසි අයිතියක්, නිදහසට කරුණක් හෝ දණ්ඩනයකට යටත් වී නම් ඒ සියලු දේ අනාගතයට බලපාන බව.

පසුව ඇති කරන නීතියෙන් ඊට පෙර තිබූ නීතිය අහෝසි කරන්නේ නම් එය අතීතයට බලපාන ලෙසට ලිඛිතව නැතිනම් මේ සියලු ම කරුණු 6 (3) ඒ හා බී වගන්තිය යටතේ එම කරුණු අනාගතයට ද බලපාන බව කියැවෙනවා.

මහාචාර්ය ස‍ූරි රත්නපාල ඔහුගේ විශ්ලේෂණයෙන් කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දෙවැනි වරට ඉල්ලූ අවස්ථාවේ ඉල්ලා සිටියේ අහෝසි කරන ලද වගන්තිය 31 (2) යටතේ නිසා 31 (2) ඔහු යම් දණ්ඩනයකට යටත් ව‍ූවා කියා. ඒ දණ්ඩනය නිසා ඔහුට තව වරක් තරග කිරීමට නොහැකි බව. ඒ අනුව මේ දණ්ඩනය ඉදිරියට ක්‍රියාත්මක වන බව මහාචාර්යවරයා කියනවා.

ආචාර්ය සුනිල් කු‍ෙර් මහතා කියන්නේ මහාචාර්ය ස‍ූරි රත්නපාල ගේ තර්ක කිසිසේත් තමන් පිළිනොගන්නා බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවත තරග කිරීමට කිසිම බාධකයක් නොමැති බවත් ය.

මෙවැනි තර්ක අතීතයේත් මතුවූ අවස්ථාවල දුන් නඩු තීන්දු කීපයක් මේ රටේ තියෙනවා.

එම නඩු තීන්දු අනුව මෙවැනි තර්ක ඉදිරිපත් ක‍ළ විට එම තර්ක විසඳා ඇත්තේ එම අවස්ථාවේ තිබූ මහජන මතය හා මහජන සුබ සිද්ධියට අනුකූලව බව පෙන්වා දීමට කැමැතියි.

සූරි රත්නපාල මහතා කියන අන්දමට මහින්ද රාජපක්ෂ මහතා 31 (2) වගන්තිය යටතේ තරග කිරීම තරග කරන අනෙක් අය හා සමාන කළ නොහැකි බව.

මෙහිදී දණ්ඩනය යන්න යම් දඩ මුදලක් හිරේ යාමක් මිස තමන්ට ව්‍යවස්ථාවෙන් පනවන තහංචියක් නොවන බවට තර්ක කළ හැකියි.

එම නිසා මේ තර්ක කිසිසේත් මේ අවස්ථාවේ උචිත නොවන බවත් එය රාජ්‍ය ප්‍රතිපත්තිය නොවන බවත් පෙන්වා දී තිබෙනවා. රාජ්‍ය ස්වාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණයේ කාර්ය භාරය බවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දෙවරක් තරග කළත් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වරප්‍රසාද කිසිසේත් සීමා කළ නොහැකි බවත් පෙන්වා දී තිබෙනවා. මෙහිදී ඉදිරිපත් කර ඇති වැදගත් තර්කයක් වන්නේ ජනතාවගේ සර්වජන ඡන්දබලය සීමාවන බවකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය ප්‍රකාශ කරන විට ඔවුන් පැහැදිලිව දැන සිටි කාරණය මහින්ද වෙනුවෙන් පාවිච්චි කරන අවසාන ඡන්දය මෙය බව. ඉන් පසුව ඔහුට ඡන්දය ඉල්ලීමට නොහැකි බව ඔවුන් දැන සිටියා. මෙවැනි තර්ක මතු කරමින් මහින්දට මෙම ඡන්දය ඉල්ලිය නොහැකි බව කියනවා.

මෙහිදී කිව යුත්තේ මෙවැනි තර්ක ගේන සියලු දෙනා ම මේ රටේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන අවස්ථාවේ අගවිනිසුරුවරිය වශයෙන් ක්‍රියා කළ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඒ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය පැවැත්වූ අවස්ථාවේ මෙම සංශෝධනය ජනමත විචාරණයකට යොමු නොකර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ මන්ත්‍රී බලයෙන් අනුමත කළ හැකි බව සඳහන් කළා.

එම නඩු තීන්දුවේ වැදගත්ම කරුණ වන්නේ ඇය කියා සිටියා ව්‍යවස්ථාවේ 4 (ඉ) වගන්තිය ව්‍යවස්ථාව ජනතාවගේ ඡන්ද දීමේ අයිතිය සුරක්ෂිත කරන බව. එම නිසා 31 (2) වගන්තිය අහෝසි කිරීමෙන් මේ ජනතා ඡන්ද බලය සීමා වන බව කිසිසේත් ශ්‍රේෂ්ඨාධිකරණයට පිළිගත නොහැකි බව. මන්ද නව සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ 4 (ඉ) වගන්තිය යටතේ ඔවුන්ට ලබාදී ඇති ඡන්ද බලය වඩාත් පුළුල් කිරීමක් වන බවත් අගවිනිසුරුවරිය කියා සිටියා. ඇය මෙමඟින් අනෙකුත් ඡන්ද අපේක්ෂකයන් අතරට ජනතාව දෙවරක් ඡන්දය දී පත් කළ ජනාධිපතිවරයකුට තව වරක් ඉල්ලීමට අවස්ථාව ලැබෙන බව පැහැදිලිව කියනවා.

එම නිසා එම කරුණ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනතා ඡන්දයෙන් දෙවරක් පත්වූ ජනාධිපතිවරුන් ගැන කතා කරන විට එම සුදුසුකම් තියන එකම තැනැත්තා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි. හිටපු ජනාධිපති ලෙස චන්ද්‍රිකා ගැන සඳහන් කළ හැකියි.

එය ඍජුවම එම 18 ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ නඩු තීන්දුවේ ප්‍රකාශ වෙනවා. එවැනි මතයක් ශ්‍රේෂ්ඨාධිකරණය පළ කරන විට එය එසේ නොවන බවට තර්ක කිරීම හුදෙක් පටු දේශපාලන අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා කරන අදහස් දැක්වීම් ලෙස සැලකිය හැකියි.

මහින්දට තුන් වරක් තරග කළ නොහැකිය යන්න මහින්ද පරාද කළ නොහැකි බව සිතන සුළු පිරිසකගේ මතයක් පමණයි. නීතිය අනුව මහින්දට තරග කළ හැකි අතර ජනතා තීන්දුව අනුව ඔහු නැවත මේ රටේ ජනාධිපතිවීම ස්ථිරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්