කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»


මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

මුළු පවුලම කරාතේ කාරයෝ

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

ඔහු කරාතේ ඉගෙන ගැනීමට මුල පිරුවේ වයස අවුරුදු හතරේදීය. එදා සිට මේ දක්වාම ඔහු ශිල්පය උගත්තේය. මෙරට පමණක් නොව පිටරටදී ද ශිල්ප දැක්වූයේය. ලෝකයේ රටවල් එකසිය විසිහතක් සමඟ පරීක්ෂණයට පෙනී සිට ඔහු ඉහළ ලකුණු ලැබුවේය. දැන් ඔහු හඳුන්වන්නේ “ෂිහාන්” බී. ප්‍රසන්න ප්‍රනාන්දු කියා ය. ඔහු පමණක් නොව ඔහුගේ බිරිය දිනුෂා ද දියණියන් තිදෙනා හා පුතු ද කරාතේ ශිල්පීන් ය.

මාරවිල පිහිටි ඔහුගේ නිවෙසට යෑමට අවස්ථාව ලැබුණේ අහම්බයෙනි. අහම්බයෙන් වුවද ඒ ගිය ගමන සුන්දර මතකයකි. අපගේ කථානායකයා වන ප්‍රසන්නගේ නිවෙස මල්ගොමුවකි.

පිච්ච මල්, රෝස මල්, ඕලු මල්, ඒ මල් ගොමුවේ හැඩකාරියෝය. පිච්ච මල අප දෙස බැලුවේ දොර රෙද්ද අස්සෙනි. රෝස මල නම් ළඟටම ආවාය. ඕලු මල සිටියේ මඳක් ඈතිනි. ඒ විස්තරය එසේ වුවද ප්‍රසන්න ගැන නොදන්නා කෙනෙකු නැති තරම්ය. ඒ කරාතේ ක්ෂේත්‍රය පිළිබඳව උනන්දුවන්නන් ය.

ෂිහාන් බී. ප්‍රසන්න ප්‍රනාන්දු මේ වන විට කරාතේ ක්ෂේත්‍රයට පැමිණ වසර හතළිස් එකකි. ඒ ගෙවිගිය හතළිස් එක් වසරේදී ඔහු ලැබු ජයග්‍රහණ බොහෝය. ප්‍රසන්න කරාතේ ඉගෙන ගැනීමට මුල පිරුවේ වයස අවුරුදු හතරක් තරමේදීය. ඔහු පරම්පරාගත සටන් ශිල්පියෙකි.

“මට මුලින්ම ඉගැන්නුවේ මගෙ තාත්තා. ඔහු තමා මගේ පළමු ගුරුවරයා. බී. ඇලෝසියස් ප්‍රනාන්දු තාත්තගේ නම. තාත්තට අංගම්පොර චීනඅඩි කරාතේ පිළිබඳව පුහුණුව තිබුණා. තාත්තා ඉගෙන තිබුණේ ඔහුගේ පියාගෙන්. ඊට අමතරව නැසීගිය ජී. ඒ. ටී. ලිවේරා මහතා යටතේත් ඉගෙන ගෙන තිබුණා. කොහොම වුණත් අක්කයි මමයි අපේ තාත්තගේ ගෝලයෝ. ව්‍යාපාරිකයෙක් වෙච්ච තාත්තට උවමනා වුණා අපි ඉදිරියට ගේන්න ඔහු මාව ඩබ්ලිව්. ඒ. සී. හේමකුමාර විජේසිංහ ගුරුවරයා වෙත යොමු කළා. ඉන් පසුව මම ජී. ඒ. ටී. ලිවේරා ගුරුවරයා යටතේ ඉගෙන ගත්තා. ඔහු දැන් ජීවතුන් අතර නැහැ. ඉන් පසුව ඇමෙරිකන් ජාතික ගැරි ස්වේන්, ජපන් ජාතික ටොරවෝකි ඔකසාකි යන ගුරුවරුන් යටතේ ඉගෙන ගත්තා.”

ඔහු කළුපටි පැලඳුවේය. ඉන් පසුව කරාතේවල ශ්‍රේණි ගණනාවක් පසු කළේය. අවසානයේ ඔහු මේ වසරේ සැප්තැම්බර් මස දී ඇමෙරිකාවේ පිලඩෙල්පියා නගරයේ පැවැති ෂෝටෝකාන් කරාතේ සම්මේලනයේ කළුපටි ශ්‍රේණි පරීක්ෂණයට සහභාගි වූයේය. එහිදී රටවල් එකසිය විසිහතක් අබිබවා ප්‍රායෝගික පරීක්ෂණයෙන් හා ලිඛිත පරීක්ෂණයෙන් ප්‍රමුඛයා වූයේය. දැන් ඔහුට ලැබී ඇති ගෞරව නාමය වන්නේ “ෂිහාන්” යන්න ය.

“'ෂිහාන්’ කියන්නේ ප්‍රධානියා ප්‍රමුඛයා කියන අරුතින්. එදා මේ පරීක්ෂණයේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ කරාතේ ක්ෂේත්‍රයේ විශාරදයකු වන ටොරවෝකි ඔකසාකි ගුරුතුමා. ඔහු තමයි ලෝකයට කරාතේ හඳුන්වා දුන් මහාචාර්ය පුනාකෝෂි ගුරුතුමා යටතේ පුහුණුව ලද අදටත් ක්‍රියාකාරීව සිටින කරාතේ විශාරදයා. ඔහුගේ වයස අවුරුදු අනුතුනයි. මෙතුමා යටතේ පුහුණුව ලැබීම වගේම ඔහු සමඟ හිඳ ඡායාරූපයක් ලබා ගැනීමත් බොහෝම අසීරු කටයුත්තක්. නමුත් මට ඒ දෙකටම අවස්ථාව ලැබුණා.”

ඔකසාකි ගුරුතුමා සමඟ ඇමෙරිකාවේදී එකට හිඳ ලබාගත් ඡායාරූපය පෙන්වමින් ප්‍රසන්න පවසන්නේ ආඩම්බරයෙනි.

ප්‍රසන්න ඔකසාකි ගුරුවරයා සමඟ

ප්‍රසන්න කරාතේ ක්ෂේත්‍රයේ අද වන විට ඉහළ පෙළේ සිටිය ද ඔහු තවමත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කරාතේ සංගමයේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන්නේය. ඔහු බන්ධනාගාර නිලධාරියකු ලෙස බන්ධනාගාර සේවයට බැඳුණේ එක්දහස් නවසිය අනූඑක වසරේදීය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් බන්ධනාගාර නිලධාරීන්ට කරාතේ ශිල්පය පිළිබඳව ඉගැන්වීම ඇරැඹීමත් සමඟම ඒ කාර්යය ප්‍රසන්න යටතට පැවැරුණේය. ඔහු මේ දක්වාම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ශිල්පය උගන්වන්නේය. ඔහුගේ පළමු ශිෂ්‍යයා වන්නේ මහර බන්ධනාගාරයේ සේවය කරන ජී. ඒ. ප්‍රේමතිලක ය. පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය දෙදහස් දහතුන වසරේ කරාතේ පුහුණු මධ්‍යස්ථානය ඇරැඹීමත් සමඟම රට වටා තිබෙන බන්ධනාගාරයන්හි නිලධාරීන් කැඳවා එහිදී පුහුණුව ලබා දෙනු ලැබේ.

මුදලට වඩා තමන් දන්නා ශිල්පය ගුරු මුෂ්ටිය ද නොතකා තම ශිෂ්‍යයන්ට ලබාදීමේ මෙහෙවර කරන ප්‍රසන්න තම දරුවන්ට ද මෙම ශිල්පය උගන්වන්නේය.

“කරාතේ කියන්නේ ආත්මාරක්ෂාවට ඉගෙන ගන්න සටන් කලාවක්. ඒ වගේම මේ කලාව ප්‍රගුණ කිරීමෙන් ලෙඩ රෝගවලින් මිදීමටත් මානසික ආතතියෙන් මිදීමටත් හැකියාව ලැබෙනවා.” ප්‍රසන්න කියන්නේය.

ප්‍රසන්නගේ මල් වත්තේ පිපුණ මල් ගැන මුලින්ම ඔබට කීවා මතක ඇති. ඒ මල් වත්තේ පිපි පිච්ච මල එනම් සෙනසි පවිත්‍රාට වයස අවුරුදු තුනකි. රෝස මල එනම් කියෝෂි ප්‍රශංසාට වයස අවුරුදු පහකි. ඇය පෙර පාසල් යන්නීය. රෝස මල එනම් හංසි පවිත්‍රාගේ වයස අවුරුදු දොළහකි. ඇය මාරවිල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ හය වසරේ ඉගෙනුම ලබන්නීය. හංසි මේවර කළුපටි පළමු ශ්‍රේණියට පෙනී සිටින්නීය. පවුලේ වැඩිමලා වූ ෂිහාන් ගෞරව දාහතර හැවිරිදිය. ඔහු මාරවිල ශාන්ත ශේවියර් විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබයි.ඔහු කළුපටි දෙවැනි ශ්‍රේණිය සමත් ය. එපමණක් නොව ප්‍රසන්නගේ බිරිය දිනුෂා සුරේෂිණි ද කරාතේ ශිල්පය හදාරා ඇත්තේය. ඇය පලඳින්නේ තැඹිලි පටියයි. ප්‍රසන්නගේත් දිනුෂාගේත් අතීත කතාව අපූරු ය.

“ඉස්සර මම පම්බල කරාතේ පන්ති කෙරුවා. ඒ මීට අවුරුදු පහළොවකට පෙර. තවමත් මම ඒ පන්තිය කරනවා. දිනුෂා මගේ පන්තියේ හිටපු ශිෂ්‍යාවක්. ගෙවල්වල අකමැත්තක් තිබුණේ නැහැ. අපි විවාහ වුණා. දරුවෝ ලැබුණා. මම මේ ක්ෂේත්‍රයේ ඉදිරියට ගියත් දරුවන් නිසා දිනුෂගේ ගමන අතරමඟ නතර වුණා. ඒත් දැන් මගේ දරුවෝ හතර දෙනාම ශිල්පය ඉගෙන ගන්නවා. පුංචිම දුවත් මේ ක්ෂේත්‍රයට කැමැතියි.”

දියණියන් පුහුණු කරමින්

මිල මුදල් පොදි නොබැන්ද ද, යාන වාහන ඇතිව ඉසුරුමත් දිවියක් නොගෙව්ව ද ඒ පවුල සුන්දරය. තම පියාගේ අඩි පාරේ යන්නට ඒ දරුවෝ සූදානම් ය. කොතරම් බාධක කම්කටොළු අගහිඟකම් තිබුණ ද සැමියාගේ ගමනට දරුවන්ගේ අනාගතයට ශක්තිය ධෛර්යයක් දීමට දිනුෂා සමත් ය.

“මහත්තයා නිතරම ගෙදර නැහැ. එයා රැකියාවට අමතරව කරාතේ පන්ති කරනවා. නිවෙසට ආව ගමන් අන්තර්ජාලය හරහා මේ ශිල්පය පිළිබඳව අලුත් අලුත් දේ සොයනවා. ඒ වගේම දරුවන් පුහුණු කරවනවා. එහෙම වුණාහම එයාටයි මටයි කතා කරන්නවත් අවස්ථාවක් නැහැ. වෙලාවකට දුක හිතෙනවා. ඒත් ඒ හැමදේම අපේ පවුල වෙනුවෙන් දරුවන් වෙනුවෙන් අපේ අනාගතය වෙනුවෙන් කියලා හිතනකොට හිත හදාගන්න පුළුවන්. දරුවෝ ලොකු වුණාම මම නතර කරපු තැන ඉඳලා ආයෙමත් ඉගෙන ගන්න පටන් ගන්නවා.” ප්‍රසන්නගේ බිරිය අනුෂා පවසන්නීය.

රැකියාව කරන අතරතුරම තම කටයුතු ද කරගෙන යාමට ලැබීමත්, තමා දන්නා ශිල්පය ප්‍රගුණ කිරීමට ලැබීමත් ඊට නිදහස ලබාදීමත් පිළිබඳව ප්‍රසන්න පුනරුත්ථාපන හා බන්ධනාගාර අමාත්‍යතුමා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුමා, පල්ලන්සේන බන්ධනාගාර අධිකාරි තුමා ඇතුළු සියලු දෙනාම සිහිපත් කරන්නේ කෘතඥ පූර්වකවය.

සටන් ක්‍රීඩකයකු ලෙස ද දක්ෂතා දක්වා ඇති ප්‍රසන්න ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද ශූරතා දිනා සිටින්නේය. එමෙන්ම ඔහු ලෝකයේ ප්‍රමුඛ පෙළේ ෂෝටෝඛාන් කරාතේ සංගමයේ නිල නියෝජිතයා ලෙස ද කටයුතු කරන්නේය. එමෙන්ම ඔහු ජාත්‍යන්තර කරාතේ සම්මේලනයේ කරාතේ කළුපටි හත්වන ශ්‍රේණිය ලබා ඇත්තේය. ශ්‍රී ලංකා කරාතේදෝ සම්මේලනයේ කරාතේ කළුපටි 5 වන ශ්‍රේණියත් ෂිතෝරියු නමැති කරාතේ ශෛලිය සඳහා කරාතේ කළුපටි පළමු ශ්‍රේණියත්, කොබුදෝ ආයුධ සටන් සම්බන්ධයෙන් කරාතේ කළුපටි පළමු ශ්‍රේණියත් ලබා ඇත්තේය. මේ සියලු සුදුසුකම් යටතේ ඔහුට අවශ්‍යනම් රට හැර ගොස් මීට වඩා සමෘද්ධිමත් ජීවිතයක් ගෙවීමට ද හැකියාව ඇත්තේය. එහෙත් ‘ඔබ ලංකාවේ කරාතේ පොරක්දැ'යි විමසු විට ඔහු අපට ලබා දුන්නේ නිහතමානී පිළිතුරකි.

“මුලින්ම ලංකාවේ ‘ෂිහාන්’ කෙනෙක් හිටියේ මගේ ගුරුවරයකු වූ ලිවේරා මහතා. දැන් ජාත්‍යන්තර ෂෝටෝඛාන් සම්මේලනයේ ලංකාවේ ‘ෂිහාන්’ කෙනෙක් ලෙස ඉන්නේ මම. නමුත් මම කිසිම විටෙක හිතන්නේ නැහැ මම පොරක් කියලා. මම බන්ධනාගාර නිලධාරීන්ට උගන්වන්නේ නොමිලේ. ඒ ඔවුන් මගේ සහෝදර නිලධාරීන් නිසා. ඒ වගේම මම මනස සෙමෙන් වැඩෙන දරුවන්ටත් පන්ති කරනවා. මම කරාතේ පිළිබඳ ප්‍රවීණයෙක් වුණාට මම කොයිම වෙලාවකවත් මගේ දරුවෝ කරාතේ තරගවල ක්‍රීඩා කරද්දී ඔවුන් දිහා බලන්නේ නැහැ. අදාළ තරග තියෙන ස්ථානවලට ඔවුන් ගෙන යන එක පමණයි මම කරන්නේ. මේ ශිල්පයෙන් මුදල් උපයන්න පුළුවන්. නමුත් ඊට වඩා මම මේ කරන දේවල්වලින් මානසික තෘප්තියක් ලබනවා. මට ඕනෑම වෙලාවක ඇමෙරිකාවට යන්න පුළුවන්. මට අවුරුදු පහක මල්ටි වීසා ලැබිලා තියෙන්නේ. නමුත් මම හිතනවා මට මගේ රටට ඊට වඩා සේවයක් කරන්න තියෙනවා කියලා.”

ප්‍රසන්න පවසන්නේ හැඟුම්බරවය. අපි ඔහුගේ පුතු දෙස බැලුවෙමු.

“මට මගෙ තාත්තා ගැන ආඩම්බරයි. තාත්තා කැමැතියි අපි එයාවත් ඉක්මවලා ගිහිල්ලා මේ ක්ෂේත්‍රයේ ඉහළටම එනවා දකින්න. මගෙයි නංගිගෙයි සිහිනයත් ඒකයි. අනිත් නංගිලා දෙන්නවත් අපි යන පාරෙම අරගෙන යනවා.” ගෞරව පුතු කියන්නේය.

ඒ හැන්දෑවේ ප්‍රසන්න, දිනුෂා, ඇතුළු දරුවන්ගෙන් සමුගෙන අපි එන්නට ආවෙමු. ප්‍රසන්නගේ මුල්ම ගෝලයා ද අප සමඟ ආවේය. ඔහු ප්‍රසන්න පිළිබඳව කතා කරන්නේ ආඩම්බරයෙනි.

“සර් 1996 අවුරුද්දේ එල්ෆින්ස්ටන් එකේ සංදර්ශනයක් කළා යුද හමුදාවේ ආබාධිත සෙබළුන්ට ආධාර පිණිස. ඒ සඳහා රඟහලට විශාල මුදලක් වැය වුණා. සංදර්ශනය කරගෙන යද්දි මුදල් මදි වුණා. ඔහු මගේ අතට ඔහුගේ පඩි පැකට් එක දීලා කිව්වා මදි හරියට මේකෙන් වියදම් කරන්න කියලා. අපේ සර් කවදාවත් මුදල්වලට ගිජු කෙනෙක් නෙමෙයි. එහෙම වුණානම් අද සර් ඉන්නේ මීට වඩා ඉහළින්. ප්‍රේමරත්න පවසන්නේ තම ගුරුවරයා ගැන උපන් ගුරු ගෞරවයෙනි. ප්‍රේමරත්න ද කළුපටි දෙවන ශ්‍රේණියේය.

 

 

 

 

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්