කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කවුළුව අතරින් සුමුදුට කේන්ති ගිහින්

කවුළුව අතරින් සුමුදුට කේන්ති ගිහින්

ටෙලිනාට්‍ය නිළියක ලෙස ජනප්‍රියත්වයට පත් වූ තාරකාවක් තමයි සුමුදු ප්‍රසාදිනී. සුමුදු රංගනයෙන් දායක වෙන ටෙලිනාට්‍යයක් මේ දිනවල විකාශනය වෙනවා.

පසුගිය දවසක එක්තරා රූගත කිරීමකදී සුමුදුට හොඳට කේන්ති ගිහින්. ඒ එතැන සිටි පුද්ගලයකු කියූ කතාවක් නිසා. මේ ගැන සුමුදු අපිත් එක්ක කිව්වේ කනගාටුවෙන්.

“මම එදා ඒ ටෙලිනාට්‍ය රූගත කිරීමට ලොකේෂන් එකට ගියේ මම විවාහ වෙන්නට සිටින මගේ පෙම්වතා සමඟයි. මම සාමාන්‍යයෙන් හැමදාමත් ඔහුව එතැනට එක්කගෙන යන්නෙ නැහැ. මොකද මගේ පෞද්ගලික ජීවිතය ගැන ප්‍රසිද්ධ කරන්න මට අවශ්‍ය නැති නිසා.

කොහොම හරි එතැන සිටි කෙනෙක් මගෙන් ඒ කවුද කියලා විමසුවා. මම කිව්වා ඒ මම විවාහ වෙන්න සිටින කෙනා කියලා.

එකපාරටම ඔහු ‘ඕගොල්ලො ඉතින් නිළියොනෙ. අද ඉන්න කෙනා නෙමෙයිනෙ හෙට ඉන්නේ. එක එක අය දවසින් දවස එක්කගෙන එනවනේ” කියලා කිව්වා. මට මොනව වුණාද කියල හිතාගන්න බැරුව ගියා. මගේ තරහට මම මොනව කිව්වද කියල මතක නැහැ. මම එයාට එක දෙයක් මතක හිටින්න කිව්වා.

‘මම අවුරුදු ගාණක් තිස්සේ ආශ්‍රය කරන්නේ මෙයා. ඔයා හොඳට මූණ බලාගන්න. හෙටත් හැමදාමත් මම එන්නෙ මෙයා එක්ක තමයි. අනෙක් නිළියන්ගේ තත්ත්වෙට මාව දාන්න එපා කියලා’ මම ඔහුට දොස් පැවරුවා.

කලා ක්ෂේත්‍රයේ විවිධ චරිත තිබෙන අය ඉන්නවා. ඒත් හැමෝම එක වගේ නැහැ කියන එක මෙතනදී එහෙම හිතන අය තේරුම් ගනීවි.

ඕෂධීට ‘අලි‘ සහයෝගය ලැබිලා

දක්ෂ නිළියක වන ඕෂධී හේවාමද්දුම පසුගිය දිනකී දරුණු රිය අනතුරකට මුහුණ පෑවා. උණුසුම මැකී යන්නත් කලින් ඕෂධී අලියෙක් එක්ක රඟපාලා කියා අපිට ආරංචියක් ලැබුණා. ඇත්තට ම මේ කතාවෙ සුලමුල හොයා ගන්නත් එක්කම අපි ඕෂධීට කතා කළා.

“මම මුහුණ දීපු රිය අනතුර නම් තවමත් මතක් වන විට කනගාටුවක් දැනෙනවා. බීමත්ව රිය පැදවූ පුද්ගලයෙක් නිසා මමත් මගේ මහත්තයාත් නිකරුණේ රිය අනතුරකට මුහුණ දුන්නා.

තවමත් ශරීරයේ තැලීම් තුවාලවලට සිංහල බෙහෙත් ප්‍රතිකාර ලබනවා. ඇත්තට ම වැරැද්දක් කරපු ඒ පුද්ගලයා තවමත් නිහඬවම සිටිනවා. ඔහුට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග අරගෙනයි තිබෙන්නේ.

නීතියෙන්වත් මෙවැනි පුද්ගලයින්ට විරුද්ධව නිසි‍ ලෙස දඬුවම් ක්‍රියාත්මක වෙයි කියා මම විශ්වාස කරනවා. පසුගිය දවස්වල ‘සුදු සමනලී’ කියන ළමා චිත්‍රපටයේ මම චරිතයක් නිරූපණය කළා.

කුඩා කාලේ කැලේ අතරමං වන දරුවෙක් ගැන කියවෙන පුවතක් එය. ඇගේ හොඳම මිතුරා වන්නේ රාජු. මම කොහොමත් සතුන්ට ආදරෙයි.

අලින්ට ගොඩාක් ම ආසයි. ඒත් රඟපාත්දී පොඩි චකිතයක් හිතේ නොතිබුණා නෙමෙයි. ඒත් මම ඒ අලියාව දුටු ගමන් මිතුරු කර ගත්තා. ඌත් හරිම හීලෑ සතෙක්.

ඉතින් සාර්ථකව ඒ චරිතය මට රඟ දක්වන්න ඒ සතාගෙනුත් ලොකු සහයෝගයක් ලැබුණා.

සුනිල් සාන්තට තාම කැමැතියි

හැමදාමත් කලා ලොවේ අපේ දේ රැක ගන්න වෙහෙසෙන, අපේ දේ වෙනුවෙන් කතා කරන, ඒවා අගය කරන, ඒ වෙනුවෙන් වෙහෙසවන්නෙක් තමයි කුමාර් කොතලාවල කියන්නේ.

සිනමාවේත්, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේත් බොහෝ දේ ඔහු අනාගත පරපුර වෙනුවෙන් සුරැකීමට උත්සාහ ගන්නේ අද ඊයෙක සිට නොවේ. පහුගිය දවසක කුමාර් කොතලාවලට අපූරු ආරාධනා පත්‍රයක් ලැබුණා.

ඔහු එය ඉතාම සතුටින් භාර ගෙන එහි තිබුණු දිනයේ වේලාවට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලට ගොඩවැදුණා. එය සංවිධානය කර තිබුණේ මෙරට සිටි අසහාය සංගීතවේදියෙක්. ගායකයෙක් වෙන සුනිල් ශාන්තයන්ගේ අනූනම වන ජන්ම දිනය ගුණ සමරුව වෙනුවෙනුයි.

සුනිල් ශාන්තයන් වෙනුවෙන් සංවිධානය කළ ‘වරෙන් හීන් සැරේ රිදී වලාවේ’ ගුණ සමරු ප්‍රසංගය ඉතාමත් වටිනා දෙයක් ලෙස මම දකිනවා. විශේෂයෙන් ම අද අපි මුහුණපාල තිබෙන ආර්ථික සමාජ සංකීර්ණතා එක්ක බලන විට මේක හරිම අගය කළ යුතු කාරණයක්.

සුනිල් සාන්තයන් ගැන තවමත් අපේ රටේ ජනතාව අතර මොනතරම් කැමැත්තක්, ආදරයක්, රසිකත්වයක් තිබෙනවාද කියන එක එදා නෙළුම් පොකුණට ගොඩවැදුණු ජනතාවගෙන් ම මට තේරුම් ගන්නට හැකි වුණා.

එතැන සිටි පිරිසගෙන් සියයට 80 ක් පමණ සිටියේ වයස 60 ක් 65 ක් අතර අය. එවැනි පිරිසකට මෙවැනි ප්‍රසංගයක් නොමිලයේ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්තුවා කියන එක සතුටින් අපි අගය කළ යුතු දෙයක්. මටත් මේ ප්‍රසංගයට ආරාධනා ලැබීම ගැන ඇත්තට ම මම හදවතින් ම සතුටු වෙනවා.

විස්සට පන්සීයක්ම දීලා

චිත්‍රපට සහ ටෙලිනාට්‍ය සටන් නළුවෙක් විදිහට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් තමයි කුමාර රණපුර පසුගිය දවසක කුමාර රණපුර අමතක නොවන සිදුවීමකට මුහුණ පෑවා. ඒ යාචකයෙක් නිසා බවයි අපිට දැනගන්නට ලැබුණේ.

“මේ සිදුවීම වුණේ මගේ වාහනේ කැඩුණු වෙලාවකයි. මම හිටියේ රූගත කිරීමකට සහභාගි වෙන්න යන්නයි. කොහොම හරි මගේ වාහනේ බොරැල්ලේ දී කැඩුණා.

ඉතින් මට ෂූටින්වලට යන්න පරක්කු වෙන නිසා මගේ සහෝදර ශිල්පියෙකුට එතැනට මාව එක්ක ගෙන එන්න කිව්වා. ඉතින් මෙයත් හා කියලා කිව්වා. මම ඔහු එනකං බලාගෙන හිටියා හිටියා දැන් එයි දැන් එයි කියලා. මට තරමක් බඩගිනියි එක්ක.

මමත් ඉතින් බලා ඉන්න බැරිම තැන පුංචි ඩ්‍රින්ක් එකකුත් අරගෙන කෑමත් කාලා එතනින් එළියට ආවා. එතකොට ඒ අසල යාචකයෙක් සිඟමන් අයදිනවා. හැම මනුස්සයාටම පින් දෙනවා. ඉතින් මමත් කීයක් හරි දෙන්න ඕන කියලා සාක්කුවට අත දාලා කොළයක් යාචකයාට දිගුකළා. ඇත්තට ම මම හිතුවේ රුපියල් 20 ක් විතර වෙන්න ඇති කියලා. ඒ කොළේ දැක්ක යාචකයා මෙතෙක් වෙලා කියමින් සිටි පින් සිද්ධ වෙනවා කියන වචනය වෙනස් කරලා මට මහත්තයා බුදු වෙන්න ඕන කිව්වා.

මම බැලුවා ඇයි අනේ මේ මනුස්සයා එහෙම කියන්නේ කියලා. බලන කොට මම දීලා තියෙන්නේ රුපියල් පන්සීයේ කොළයක්. මොනව කරන්නද? ආපහු ඉල්ලන්නයැ. ඉතින් හදවතින් ම දෙන දේනෙ කියලා මම රුපියල් පන්සීයම ‍යාචකයාට දුන්නා. මෙන්න එතකොට ම මගේ මිතුරා මාව රැගෙන යන්න ඇවිත්. එයාටත් මම මේ සිද්ධිය කිව්වා. මිනිහා බඩ අල්ලගෙන හිනාවෙන්න ගත්තා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්