කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


රොබෝවරුන්ගේ වික්‍රම Big Hero - 6

රොබෝවරුන්ගේ වික්‍රම Big Hero - 6

‘ෆ්‍රෝසන්’ හා ‘රෙක් - ඉට් - රැල්ෆ්’ වැනි සජීවීකරණ ත්‍රිමාන චිත්‍රපට ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූයේය. එම චිත්‍රපට නිපැයූ ‘වෝල්ට් ඩිස්නි සජීවීකරණ චිත්‍රාගාරයේ’ නවතම නිමැවුම ‘බිග් හීරෝ 6’ යනුවෙන් දැන් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ.

දොන් හෝල් හා ක්‍රිස් විලියම්ස් අධ්‍යක්ෂණය කර ඇති මෙම ත්‍රිමාණ පරිගණක සජීවීකරණ චිත්‍රපටයට පසුබිම් වී ඇත්තේ ‘බිග් හීරෝ 6’ නමින්ම යුත් මාවල් චිත්‍රකතාවකි. වෝල්ට් ඩිස්නි සජීවීකරණ චිත්‍රපට පෙළේ 54 වැන්න මෙය වෙයි.

ඇමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ හා ජපානයේ ටෝකියෝ යන නගරයන්හී ස්වභාවයන් මිශ්‍ර කරගත් මනඃකල්පිත නගරයක් වූ සැන් ෆ්‍රැන්සොකියෝ මෙම චිත්‍රපටයේ කතාවට පසුබිම් වෙයි. එම නගරයේ වෙසෙන අර්ධ රොබෝ හා අර්ධ මනුෂ්‍ය ගැටවරයකු වූ හිරෝ හමාඩා සහ ඔහුගේ රොබෝ මිත්‍රයා බේමැක්ස් සොයාගන්නේ එම නගරයේ පාතාල කල්ලියක අපරාධ වැලක් පිළිබඳ සැලසුම්ය.

හිරෝ වහා අපරාධයන්ට එරෙහිව සටන් කරන එහෙත් අඩු අත්දැකීම් සහිත රොබෝවරුන් සිවුදෙනකු කැඳවාගනියි. වසාබි, හනි ලෙමන්, ගෝගෝ ටොමගෝ සහ ෆ්‍රෙඩ් එම සිවුදෙනාය. ඔවුන් සමඟ හිරෝ සහ ඔහුගේ මිතුරු බේමැක්ස් එකතු වූ විට කණ්ඩායමට සයදෙනෙකි. හිරෝ මෙම කණ්ඩායමට ‘බිග් හීරෝ 6’ යන නම ලබා දෙයි. ඔවුහු එක්ව සැන්ෆ්‍රැන්සොකියෝ නගරයේ අපරාධ මැඬීමට කටයුතු කරති.

පසුගිය ඔක්තෝබර් 23 දා මෙම චිත්‍රපටය ටෝකියෝ ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ද ප්‍රදර්ශනය වූයේය. එය ප්‍රේක්ෂක චිචාරක අවධානය දිනාගත් අතර මෙතෙක් මෙම චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වා පළවී ඇති විචාරයන්ගෙන් 82%කින්ම චිත්‍රපටය වර්ණනා කර ඇති බව අන්තර්ජාලයේ සඳහන් වෙයි.

රයන් පොටර්, ස්ෆෙට් අඩ්සිට්, ජෙමී චුන්ග්, ඩේමන් වයන්ස්, ජෙනෙසිස් රොඩ්‍රිගුස්, ටී.ජේ.මිලර්, මායා රුඩොල්ෆ් හා රොබට් කැලහැන් යන නළු නිළියෝ ‘බිග් හීරෝ 6’ හී ඒ ඒ චරිතවලට හඬ කැවීම සඳහා දායක වී තිබේ.

හෙන්රි ජැක්මන් සංගීත අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය සමඟ වෝල්ට් ඩිස්නි සජීවීකරණ චිත්‍රාගාරයේ තවත් නිර්මාණයක් හා කෙටි චිත්‍රපටයක් වූ ‘ෆීස්ට්’ ද තිරගත වෙයි. ලොව පුරා මහත් ජනප්‍රියත්වයක් අත් කර ගනු ඇතැයි අපේක්ෂිත මෙම සිනමාපටයේ චරිත ඇතුළත් වීඩියෝ ක්‍රීඩාවක් ද මේ වන විට වෙළෙඳ පොළට පැමිණ තිබේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්