කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


හිස සුන් අසරුවකු පසුපස ඉතිහාස මහාචාර්යවරයෙක්

හිස සුන් අසරුවකු පසුපස ඉතිහාස මහාචාර්යවරයෙක්

ඉකබොඩ් ක්‍රේන් සිවිල් යුද්ධයකය. ඒ 1781යි. හේ ජෙනරාල් ජෝර්ජ් වොෂින්ටන්ගේ හමුදාවේ චර පුරුෂයෙකි. හමුදා භටයෙකි. දැන් යුද්ධයේ කූටප්‍රාප්තියයි. කඩු ගාන්නට ඇති තරම් සතුරන් ඇති විට අශ්වයකුගේ පිට නැඟ ඉකබොඩ් සොයා එන්නේ හිස රහිත අසරුවායි. ඔබේ මනස නියමාකාරයෙන් දැන් පටලමි. හිස රහිත අසරුවා යැයි කීවාට අසරුවාට මරණයට පෙර හිස තිබුණි.

‘ස්ලග්’ හඬ නඟමින් ඉකබොඩ් ක්‍රේන් අසරුවාගේ බෙල්ල කඩු ගා දමන විටම අසරුවා ආදි කල්පිත ආයුධයෙන් ඉකබොඩ්ගේ ළයෙහි ගැඹුරු කැපුමක් ඇති කරයි. මරාගෙන මැරෙන මේ දෙපොළ එකම ලේ ගංගාවකින් මරණයෙන් එකිනෙකාට බැ‍ඳෙති.

‘ඉකබොඩ් එපා !!’

වැලපෙන ඔහුගේ ප්‍රියාම්බිකාව යක් දෙස්සකි. ඉකබොඩ් මිය යාම නො ඉවසන ඈ මායාකර්මයකින් මරණයෙන් ඔහුව නැගිට්ටවන්නට කාරණා යොදවයි. වසර 230ට පසුව ඉතාම මායාකාරී ලෙස කාලය ගැන වගක් නැතිව ඉකබොඩ් මරණයෙන් නැගිටියි. ඒ හිස සුන් අසරුවාද මරණයෙන් නැගිට්ටවමිනි. ඒ අසරුවා පසුපස තවත් අසරුවන් සිවු දෙනෙකි. බයිබලයේ නව තෙස්තමේන්තුවේ එන අසරුවන් හතර දෙනා එකිනෙකා පසුපස ඉකබොඩ් ක්‍රේන් සොයා පැමිණෙයි.

මරණයෙන් අවදි වූ ඉකබොඩ් ක්‍රේන් දැන් ඉන්නේ ‘ස්ලීපි හොලෝ'වේය. වසර 230ට පසුව ඉකබොඩ් ක්‍රේන් දකින්නේ විසාල ට්‍රක් රථයකි. අධිවේගී මාර්ගයකි. ඔහුගේ වමතේ වැදී කැ‍රැකැවී ගොස් නතර වන පොලිස් කාරයකි. කැලය බිඳගෙන දුවන ඉකබොඩ් ක්‍රේන්ය. කියවමින් සිටින පුවත්පත ඉරමින් වාර්තා එකතු කරන පොලිස් ලොක්කාය. ඔහු ඉදිරිපිට අසුනේ වාඩිගෙන කෝපි බොන ලුතිනන්වරිය ඇබීය. දැන් ඔබට මේ සියල්ල කලවම් මාළුවක් සේ රස් විඳිය හැකිය. වඩාත් භයංකාර දේ පැමිණීමට නියමිත ඉදිරියේදීය.

ලුතිනන්වරියක වූ ඇබී සහ ඉකබොඩ් ක්‍රේන් හෙළිදරව්වේ දැක්වෙන සාක්කිකරුවන් දෙදෙනා ලෙස පූර්වාපර සන්ධි ගලපා ගත යුතුය. අපායෙන් එල්ල වන සියලු දුෂ්ටකම් වළකන්නට හැකි මොවුන් දෙදෙනාටය. දැන් අපායත්-සාමාන්‍ය මිනිස් ජීවිතත් නිව් යෝර්ක් නගරයේ ස්ලීපි හොලෝවේය.

මේ නම් මනස විකල් කරවන සුලුුය. බයිබලය සමඟ කල්පිතයන් ගැට ගසන හුයෙන්ම වර්තමානයද ගැට ගසන ස්ලීපි හොලෝ රූපවාහිනී කතා මාලාව වොෂින්ටන් අර්වින් විසින් රචිත ‘ද ලෙජන්ඩ් ඔෆ් ස්ලීපි හොලෝ’ කෙටිකතාව ඇසුරින් සැකසූවකි. සුප්‍රකට ෆොක්ස් නාළිකාවේ 2013 සැප්තැම්බර් 16 වැනිදා සිට සෑම සඳුදාවකම රාත්‍රී 9.00ට විකාශය වුවකි. මේ වන තෙක් එපිසෝඩ 19ක් එනම් වෙළුම් දෙකක් විකාශනය වී අවසන්ය. අයි.ය. අයි.එම්.ඩී.බී ශ්‍රේණිගතකිරිම්වල 7.7ක් හිමි කරගෙන සිටින ස්ලීපි හොලෝ රූගත කර ඇත්තේ උතුරු කැරොලිනාවේ විල්මින්ටන්, නිව් බර්න්, සෝල්ස්බරි ආදී ස්ථානවලය.

ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාස මහාචාර්යවරයකු වන ඉකබොඩ් ක්‍රේන්ට රඟන්නේ ටොම් මිසොන්ය. ලුතිනන් ඇබී මිල්ස්ට රඟන්නේ නිකෝල් බිහේරීය. ඕර්ලැන්ඩෝ ජෝන්ස් රඟන්නේ කැප්ටන් ෆ්‍රෑන්ක් අර්වින්ය. ඉකබොඩ් ක්‍රේන්ගේ ප්‍රියාදර භාර්යාව වූ කැත්‍රිනා ක්‍රේන්ට රඟන්නේ කේටී වින්ටර්ය. මොවුන් සියලු දෙනාගේම රංගනය ඉහළ මට්ටමක තිබෙන්නේ කතා සාරායත් සමඟ ඔවුන් බැඳී සිටින බවක් හැ‍ඟෙන නිසා විය හැකිය.

ඇලෙක්ස් කර්ට්ස්මන්, රොබර්ටෝ ඕර්චි, පිලිප් ඉස්කෝව්, ලෙන් වයිස්මන් අධ්‍යක්ෂණය කළ ස්ලීපි හොලෝ හි නිෂ්පාදකවරු සහ විධායක නිෂ්පාදකවරු බොහෝ ගණනකි.

සම්මාන ගැන සොයා බැලුවහොත් එන්.ඒ.ඒ.සී.පී ඉමේජ් සම්මාන උළෙල, පීපල්ස් චොයිස් සම්මාන උළෙල, සැටර්න් සම්මාන උළෙල සහ ටීන් චොයිස් සම්මාන උළෙල සඳහා විවිධ අංශ යටතේ ‘ස්ලීපි හොලෝ‘ රූපවාහිනී නාටකය නිර්දේශ වී ඇත.

වර්තමාන තත්ත්වය ඉතා භයානකය. එහෙන් හිසසුන් අශ්වාරෝහකයා ඉකබොඩ් ක්‍රේන්ගේ බිරිය සිරකරගෙනය. ඉකබොඩ් ක්‍රේන්,කැත්‍රිනාට දාව උපන් දරුවා පව් සමා කරන්නෙකි. අපායේ අභිමතාර්තය මුදුන් පැමිණවීමට උපකාරී වන්නෙකි. අපායෙන් එන තවත් අය බොහෝය. මේ සියල්ල මැද ඉකබොඩ් ක්‍රේන් හා ඇබී මිල්ස්ය. ස්ලීපි හොලෝය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්