කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


භික්ෂු චරිතයක් රඟපෑමට කැමැතියි

භික්ෂු චරිතයක් රඟපෑමට කැමැතියි

කලාවෙන් මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ජනතාව අතර සිටින විට ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සහ සහයෝගය දිහා බලද්දී, ඒ දැනෙන තෘප්තිය මුදලට සීමා කරන්න බැහැ. ඒ නිසයි මම කලාවට මෙතරම් ආදරය කරන්නේ.

මේ දිනවල විකාශය වන 'ආදර දෑසක්' හි තිවංක වන ඔහු එතෙක් වඩාත් ප්‍රේක්ෂක ප්‍රතිචාර දිනා තිබුණේ කෝපි කඩේ හි වික්‍රම මහත්තයා ලෙසයි. නමුත් ඔහු ගේ සෑබැ නම නිශාන්ත ජයවික්‍රමාරච්චි ය.

ඔබේ කලා දිවියේ ඇරඹුම මතක් කරමු?

2003 වසරේදී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ 'සිත නිවන කතා' ටෙලි නාට්‍ය මාලාවේ එක් කතාවකටයි මම මුලින්ම සම්බන්ධ වෙන්නේ. එම වසරේදී ආසියාවේ දිර්ඝතම ටෙලි නාට්‍ය ලෙස සැලකෙන 'කෝපි කඩේ' නාට්‍යයේ වික්‍රම මහත්තයාගේ චරිතයට පණ පොවන්න අවස්ථාව උදා වෙනවා. එතැන් සිට මේ දක්වා ඒ චරිතය අඛණ්ඩව කරගෙන යනවා.

කලාවට යොමුවන්නේ කුඩා කල සිටම තිබු කැමැත්ත මතද ?

පාසල් යන අවධියේදි සංගීතයට තමයි වැඩි නැඹුරුවක් තිබුණේ. ඒ දවස් වල පාසල් මිතුරන් එකතු වෙලා ආරම්භ කරපු සංගිත කණ්ඩායමක මම ඩ්‍රම්ස් වාදන ශිල්පියෙක් ලෙස කටයුතු කළා. ඊට අමතරව ගායකයෙක් විදිහට ආධුනික ගීත ප්‍රසංගවලටත් සහභාගි වුණා. දැනට දෙරණ නාළිකාවේ විකාශය වන මගේ නිෂ්පාදනයක් වන 'මනු සත් උයන' පෝය නාට්‍යයේ තේමා ගීයටත් දායක වී තිබෙනවා.

මෙතෙක් රංගනයෙන් දායක වුණු නිර්මාණ ගැන කතා කළොත්?

ඒකාංගික සහ දීර්ඝ නාට්‍ය 40 කට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා.

ඉන් ඔබ සිතන විදිහට වඩාත් ප්‍රේක්ෂකයන් සිත් ගත් චරිතය?

'කෝපි කඩේ' නාට්‍යයෙහි වික්‍රම මහත්තයාගේ චරිතය සහ 'පබා' ටෙලි නාට්‍යයේ 'ලාල්' නමැති නගරාධිපති ගේ චරිතය මාව වඩාත් ප්‍රේක්ෂකයාට ළං කළ චරිත ලෙස හඳුන්වන්න පුළුවන්.

ප්‍රධාන චරිත බාර නොගන්නේ ඔබේ වෘත්තිය සමග කාල වේලාව වෙන් කර ගත නොහැකි නිසාද?

අද පෙම්වතා ප්‍රධාන කොට ගෙන කෙරෙන නිර්මාණ වටා තමයි ප්‍රේක්ෂකයින් වඩාත් ග්‍රහණය කර ගෙන තිබෙන්නේ. නමුත් ඉදිරියේ දි විකාශය විමට නියමිත 'නිබ්බිදාව' නාට්‍ය 'කළු විජය' කියන තරමක් වෙනස් ස්වරූපයක් ගන්නා ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුණා.

රංගනයට යොමු වීමේ අභියෝගයට ඔබ මුහුණ දුන්නේ කෙසේද?

අද බෙහොමයක් කලා කරුවෝ බිහි වෙන්නේ කලාවට සම්බන්ධ පවුල් පසු බිමක් ඇතුවයි. නමුත් මට එවැනි කලා පසුබිමක් තිබුණේ නැහැ. මගේ ගම විර කැටියේ. අම්මා තාත්තා සහෝදයෙක් සහ සහෝදරියකුගෙන් යුතු පවුලක හැඳුණු වැඩුණු මට කුඩා කල සිට තිබුණේ කලාවෙන් ජාතික තලයේ නිර්මාණ වලට දායක වීමේ කැමැත්තයි. ඉතින් ගමෙන් කොළඹ ඇවිත් ඒ වැඩ කටයුතු කර ගෙන යෑමේ අපහසුවක් සහ යම් යම් අභියෝග නොතිබුණා නෙමෙයි. නමුත් කොළඹට ඇවිත් මම කලා කරුවෙක් විදිහට මගේ අනන්‍යතාව හා පැවැත්ම ගොඩනඟා ගැනීමේදී අති ගරු ජනාධිපති තුමාගේ කාර්ය මණ්ඩලයේ සිට ඒ ගමන ආරම්භ කිරීම ලොකු පහසුවක වුණා. අතිගරු ජනපති තුමන්ගෙන් සහ නාමල් රාජපක්ෂ මහතාගෙන් ලැබුණු සහාය කලාකරුවෙක් ලෙස මගේ අනන්‍යතාව ගොඩ නැඟීමට මහත් රුකුලක් වුණා.

රංගනයෙන් දායක වූ චරිත අතර ඔබට අභියෝගයක් මතක් කළොත්?

චරිත කිහිපයක්ම තිබෙනවා. ඉන් එකක් විශේෂිතයි. පියතුමකුගේ චරිතයකට පණ පොවන වරක් මට සිදු වුණා. බෞද්ධයෙක් ලෙස හැදි වැඩුණු මට පල්ලියක පියතුමකුගේ ඒ හැසිරිම් රටාව, කතා විලාසය සහ ඒ ආගමික වටපිටාව ගැන එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. එය සැහෙන අභියෝගයක් වුණත් මම දන්න හඳුනන පියතුමන්ලා කිහිප දෙනෙකුගේම සහාය ඇතිව ඒ චරිතයට සාර්ථක කර ගන්න පසුව මට හැකි වුණා.

රංගන ශිල්පියෙකු වශයෙන් ලැබෙන ඕනෑම චරිතයක් භාර ගැනිම සුදුසුද?

ඇත්තටම චරිතයක් බාර ගැනීමේදී එය ප්‍රේක්ෂකයා ග්‍රහණය කර ගනිවි ද, අපේ සංස්කෘතියට ගැලපේවි දැයි මම බොහෝ දුරට කල්පනා කරලා බලලා තමයි තීරණය කරන්නේ. ඒ සීමාව තුළ සිට ඕනෑම චරිතයකට පණ පෙවිමේ හැකියාව තිබෙනවා.

රංගනයෙන් දායක වෙන්න කැමැති චරිතයක් තිබේද?

මම කැමැති ස්වාමින් වහන්සේ නමකගේ චරිතයකට.

රංගනය ඔබේ විනොදාංශයයි. එහෙම නේද?

කලාවෙන් මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. ජනතාව අතර සිටින විට ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සහ සහයෝගය දිහා බලද්දී, ඒ දැනෙන තෘප්තිය මුදලට සීමා කරන්න බැහැ. ඒ නිසයි මම කලාවට මෙතරම් ආදරය කරන්නේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්