කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

හල්දුම්මුල්ල, කොස්ලන්ද, මීරියබැද්ද ප්‍රදේශවල සිදුවූ නායයාමෙන් නිවාස හා උන්හිටි තැන් අහිමි වූ ජනතාවට ස්ථිර නිවාස ඉදිකර දීමට රජය සූදානම් වේ. මේ පිළිබඳව සියලු විස්තර යොදා බලා වාර්තා සකස් කොට නිවාස අහිමි වූවන්ගේ තොරතුරු ලබාගෙන වෙනත් සුදුසු ආරක්ෂිත ස්ථානවල කඩිනමින් මේ නිවාස ඉදිකර දෙන ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නියෝග කර ඇත.

මැති ඇමැතිවරු කිහිප දෙනකු සමඟ මෙම නාය ගිය ප්‍රදේශ දැකබලා ගැනීමට සලසා දිය යුතු සහන පිළිබඳව කරුණු සොයා බැලීමට ජනාධිපතිතුමා ඉකුත් බ්‍රහස්පතින්දා (30) එහි ගිය අවස්ථාවේදී මෙසේ උපදෙස් ලබාදුන් බව ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා සිළුමිණට කීය.

මවුපියන් අහිමි වූ ළමයින්ගේ ආරක්ෂාව වහා සලසන්නට ළමා ආරක්ෂක කාර්යාංශයට ද උපදෙස් දුන් බව පැවසු ඇමැති මහින්ද අමරවීර මහතා මේ සිද්ධිය ගැන සම්පූර්ණ පොලිස් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි පොලිස්පතිවරයාට ද උපදෙස් දුන් බව පැවැසීය.

මේ සිද්ධියෙන් මියගිය අයගේ අවසන් කටයුතු සිදුකිරීම රජයේ වියදමින් සිදු කරන්නට සියලු වියදම් අදාළ නිලධාරීන්ට ලබා දී තිබෙන බව ද ඇමැතිවරයා කීය.

රජය මඟින් මෙහි අනාථ වූ පිරිස් වෙනුවෙන් තාවකාලික කඳවුරු ලෙස පාසල් ලබාගෙන ඒවායේ එම පිරිස් පදිංචි කරවා කෑම බීම ඉඳුම් හිටුම් සෞඛ්‍ය පහසුකම් සියල්ල ලබාදීමට කටයුතු කර ඇතැයි ද පැවැසීය.

රජය මේ ඛේදවාචකය ගැන බලවත් කනගාටුවට පත්වී සිටින බවත් අනාථ වූ පිරිස මෙන්ම මවුපියන් අහිමි දරුවන් වෙනුවෙන් ද සියලු සහන සලසා ඔවුන් රැක බලා ගන්නට පියවර ගන්නා බව ද සඳහන් කළේය.


පරිසර විපර්යාස මගින් නායයෑම් අවදානම් දැනගන්න පුළුවන්

පේ‍රාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ සම්මානිත

මහාචාර්ය කපිල දහනායක

හල්දුම්මුල්ල කොස්ලන්ද ප්‍රදේශවල නාය යෑම් සම්බන්ධයෙන් අප මීට වසර පහළොවකට පෙර කළ සමීක්ෂණ අනුව පැහැදිලිවම මෙම ප්‍රදේශවල ජීවත්වීම ඉතාමත් අවදානම් බව ප්‍රකාශ කොට තිබුණා. ඉපැරණි නාය යෑම් හඳුනා නොගෙන අවිදිමත් නිවාස ඉදිකිරීම් පස කැණීම් සිදු කිරීම තුළ මෙම නාය ය‍ැමේ තත්ත්වය ඇති වුණා.

භූ විද්‍යාඥයින් විසින් හල්දුම්මුල්ල ආශ්‍රිත නාකැටිය ප්‍රදේශයේ පසුගිය කාලයේ කළ සමීක්ෂණ අනුව මෙම ප්‍රදේශය ඉපැරණි නිවාස නායයෑම් වලට ලක්වී ඇති බවට හෙළිදරව් වී තිබෙනවා. ඒ නිසා අප මීට වසර පහළොවකට පෙර සිටයි මෙම ප්‍රදේශවල ජනතාව දැනුවත් කළේ මෙම ප්‍රදේශ නායයෑමේ තර්ජනයට ලක්විය හැකි බව. පැරණි මිනිසුන් නාකැටිය නාපාන, නාපාවල, නාවලපිටිය වැනි නම් යොදා තිබුණේ නාය යෑම් සම්බන්ධයෙන් ඔවුන් තුළ තිබුණ හසළ දැනුම නිසයි. නායකට හැඩතල තිබෙනවා උඩ ඉඳලා ගලන්නට පුළුවන් පහළ සිට ගලනවා නම් තිරස් තලයට වළක් හදනවා. මේ ආකාරයට නාය සඳහා හැඩයක් ඇති නිසා නාය යෑමේ ලක්ෂණ තිබෙනවා.”

“මේ සම්ප්‍රදායික දැනුම පැරණි උදවිය අතර තිබුණා. දැන් මේ වතු ආශ්‍රිතව පදිංචි වෙලා ඉන්න පිරිසට මේ සම්බන්ධයෙන් ඒ තරම් දැනුමක් නැහැ. භූ විද්‍යා පර්යේෂකයන් සහ ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් ද මේ සම්බන්ධයෙන් නිර්දේශ නිකුත් කර තිබෙනවා.”

නාය ය‍ෑම ස්වාභාවික විද්‍යාත්මක ක්‍රියාවලියක්. ලංකාවේ කඳුකර ප්‍රදේශ බොහොමයක නාය යෑම් සිද්ධ වෙනවා. නමුත් මේ හල්දුම්මුල්ල ආශ්‍රිත ප්‍රදේශවල සිදුවූ නාය යෑම අතිශයින් ම විනාශ කැරිණි.

“නාය යෑම් සිදුවූ සමහර ප්‍රදේශ ස්ථාවරයි. එහෙත් එසේ නොවන ප්‍රදේශවල නායයෑම් සිදුවීම්වලට පෙර යම් යම් භූ විෂමතා ලක්ෂණ හට ගන්න පුළුවන්.

“යම් ස්ථානයකින් හිටි අඩියේ බොර ජලය සහිත ජල උල්පත් මතුවීම, යම් ස්ථානයක හිටි අඩියේ පැලුම් ඇතිවීම, තිබෙන පැලුම් විශාල වීම, යම් ස්ථානයක හදිසියේ සිදුවන ගිලා බැසීම් සිදුවීම, තිබෙන කුඩා ජල ධාරාවල ජලය හිටි හැටියේ අතුරුදන් වීම හා බෑවුම්වල ඇති ශාක, දුරකථන හා විදුලි රැහැන් කණු අසල ඇති ඇළකට, දොළකට හෝ ගංගාවක් දෙසට කඳු බෑවුම් දිගේ ඇලවීම ආදිය නායයෑම් පූර්ව ලක්ෂණ ලෙස හඳුන්වාදීමට පුළුවන.‍ ඊට අමතරව කඳු බෑවුම්වල ඇති පොල් පුවක් වැනි ශාක හිටි අඩියේ මැරීයාම, ගොඩනැඟිලිවල හදිසියේ ම පැලුම් ඇතිවීම ද නායයෑමේ පූර්ව ලක්ෂණ වේ.

යම් ස්ථානයකට පැය 1 - පැය 5 ක් ඇතුළත මිලි මීටර් 100 කට අධික වර්ෂාපතනයක් ලැබේ නම් ඒ ස්ථානය නාය යෑමට ඉඩ ඇති බවත්, වනාන්තර ඉවත් කිරීම, අංශක 45 ට වැඩි බෑවුම් ප්‍රදේශවල වගාකිරීම කඳු බෑවුම් ගිනි තැබීම ආදිය නායය‍ෑම ඉක්මන් කරන බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි.

කොස්ලන්ද ප්‍රදේශයේ සිදුවූ නායයෑම් සිදුවී ඇත්තේ තිබුණු නාය යෑම උඩ නිවාස ඉදිකිරීම නිසා බවත්, එම ස්ථානවල එළවළු වගාකිරීම ඇතුළු මානව ක්‍රියාකාරකම් බහුලව තිබී ඇති බවත් කෙසේ වුවත් දැනුවත් කිරීම් තිබුණා නම් මොවුන්ට ඉවත්වීමට ඉඩ තිබුණු බවත් මහාචාර්යවරයා කියයි.

මේ අනුව යම් ප්‍රදේශයක් නාය යෑමට ඉඩදී ඇති ප්‍රදේශයක් බවට අදාළ බලධාරීන් පැවසූ විට අධික වර්ෂාවක් ලැබෙන කාලවලදී නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව අවධානය යොමු කළ යුතු යි.


මේ අවදානම ගැන කල් තියා අනතුරු ඇ‍ඟෙව්වා

ජාතික ගොඩනැඟිලි පර්යේ ෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ

කුමාරි වීරසිංහ

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ලෙස අප විසින් 2005 වසරේ හල්දුම්මුල්ල ආශ්‍රිත ඇති වූ සුළු නාය යෑමක් අනුව කළ පර්යේෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මෙම ප්‍රදේශවල ජීවත්වන වතු කම්කරුවන්ගේ පේළි නිවාසවලින් ඔවුන් ඉවත්වී විකල්ප නිවාස ඔවුන්ට වෙනත් ප්‍රදේශවලින් ලබාදෙන ලෙස නිර්දේශ කළා. එයට හේතුව විශාල නාය යෑමේ තර්ජනයක් එම ප්‍රදේශවල පවතින බව අපගේ පර්යේෂණවලින් හෙළිදරව් වූ නිසයි.

ඉන් අනතුරුව නැවත සුළු නාය යෑමක් මේ ප්‍රදේශ ආශ්‍රිතව සිදුවූ නිසා 2011 වසරේදීත් අප නැවත පෙර 2005 වසරේදී අප විසින් ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කරන්නැයි එවකට සිටි ප්‍රාදේශීය ලේකම්තුමා දැනුම්වත් කළා. එයට හේතුව මෙවැනි නිර්දේශ ලබාදී තිබියදීත් එම ප්‍රදේශවල ජනතාව ඉවත්වී නොසිටි නිසයි.

අපි 2009 වස‍ෙර්දී විශාල වශයෙන් මේ ප්‍රදේශවල ඇති අවදානම සම්බන්ධයෙන් ප්‍රදේශවල ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළා. විශේෂයෙන් රතු කුරුස සංවිධානය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, සහ අප සංවිධානය වන ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් අදාළ ප්‍රදේශවල ජනතාව අතුරින් ප්‍රජා ආපදා කළමනාකරණ කමිටු පිහිටුවා එම අදාළ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ඔවුන්ගේ ප්‍රදේශයේ ඇති අවදානම් තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැනුම්වත් කිරීම් රැසක් සිදුකර තිබෙනවා.

ඊට අමතරව රතු කුරුස සංවිධානය විසින් සරල වර්ෂා මානයක් නිර්මාණය කර දී වර්ෂාව වැඩිවන ආකාරය පිළිබඳව ඉතා සරල ලෙස පැහැදිලිව දැනගැනීමට කටයුතු යොදා තිබුණා. වර්ෂා පතනය වැඩිවන අවස්ථාවලදී එම ප්‍රදේශවලින් ඉවත් වන්නැයි අප ඔවුන් දැනුම්වත් කැර තිබුණා.

එම ප්‍රජාව තුළින් ම පුහුණු කරන ලද පුද්ගලයන් විසින් අවදානම් අවස්ථාවලදී එම අවදානම් ප්‍රදේශවල සියලු දෙනාටම ඉවත් වීම සඳහා දැනුම් දීමට මෙගා දුරකථන ලබාදී තිබෙනවා. එලෙස විශාල දැනුම්වත් කිරීම් ප්‍රමාණයක් අප සංවිධානය හරහා සිදු කෙරුණා.

අප ආයතනය විසින් විශේෂයෙන් නාය යෑම් ආපදා අවදානම් තත්ත්වය පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙන අතර ම රජය හෝ වෙනත් පෞද්ගලික ඉඩම් පරික්ෂාවන් සිදු කරනවා. තවද නාය යෑම් අවදානම අඩු කිරීම් සම්බන්ධයෙන් කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධ නිර්දේශ නිකුත් කිරීම, සිදු කෙරෙනවා. ජාතික මට්ටමේ නාය ය‍ෑම් පූර්ව අනුතරු ඇඟවීම් කිරීම ද තෝරාගත් නාය යෑම් ප්‍රදේශ ස්ථායි කිරීම ද සිදු කෙරෙනවා.

විශේෂයෙන් මහා මාර්ගයක් අසල ඇති පස් කන්දක් නාය යෑමට ලක් වුවහොත් එය ඍජුවම ගමනා ගමනයට බාධා වන නිසා එවැනි අවස්ථාවලදී නාය යෑම වැළැක්වීමට රැඳවුම් තාප්ප ස්ථායි කිරීම් මෙවැනි වැඩසටහන් සඳහා දැරීමට සිදුවන වියදම සම්බන්ධයෙන් ඵලදායිතාවය කොතෙක් දැයි විශ්ලේෂණය සිදු කරනු ලබනවා.

අප හල්දුම්මුල්ල ආශ්‍රිතවත් මෙවැනි ම ක්‍රියාමාර්ග රැසක් සම්බන්ධයෙන් පර්යේෂණය කර විශ්ලේෂණ ඉදිරිපත් කළා. දැනුම්වත් කිරීම් සිදු කළා. කෙසේ වෙතත් මේ අවාසනාවන්ත තත්ත්වයකට එම ප්‍රදේශවල ජනතාවට මුහුණ පෑමට සිදුවුණා.

තවම එම ස්ථානවල අවදානම ඇති බව සඳහන් කළයුතුයි‍. ඒ නිසා ජනතාව ඉතා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතුයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්