කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මගේ පෙම්වතා මගේ ච්ත්‍රපට දැකලා නෑ

මගේ පෙම්වතා මගේ ච්ත්‍රපට දැකලා නෑ

පූජා උමාශංකර්

සුරූපී සිනමා නිළි පූජා උමාශංකර් මේ වන විට සැබෑ දිවියේ පෙම්වතියක බව ඇගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට රහසක් නොවේ. රිදී තිරයේ දහස් වර පෙම්වතියක වූ පූජා සැබෑ දිවියේත් දැන් ආදරණීය පෙම්වතියක බවට පත්ව සිටී. ඇය විවාහපත් වීමට අපේක්ෂාවෙන් පසුවන ඇගේ ආදරණීය පෙම්වතා නමින් ශ්‍රී ලාංකේය දෙමළ තරුණයකු වන දීපක් ශන්මුගනාදන් ය.

* පූජා, ඔබත් දැන් සැබෑ දිවියේ ආදරවන්තියක්. එහෙම නේද?

ඔව්. මගේ ජීවිතේ මෙතෙක් කාලයක් පිරී ඉතිරී තිබුණේ මගේ ෆෑන්ස්ලගේ ආදරයෙන්. ඔවුන් මට සතුට, ශක්තිය, ධෛර්යය නොඅඩුවම ලබා දුන්නා. මගේ ආදරණීය ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් මගේ විශ්වසනීය සමීපතමයන්. ඔවුන් ගෙන් ලැබුණු ඒ අසීමිත ආදරය නිසාම සැබෑ ජීවිතයේදීත් මම ප්‍රාර්ථනා කළ ආදරය මේ වන විට මට ලැබී තිබෙනවා.

* ඒ ආදර කතාවේ ආදරණීය පෙම්වතා කවුද?

ඔහු නමින් දීපක් ශන්මුගනාදන්. ඔහු නිදහසේ රැකියාව කරන කෙනෙක්. ප්‍රවීණ මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. ඒ වගේම ප්‍රකට මෝස්තර ඡායාරූප ශිල්පියෙක්. තවත් විටෙක ඔහු ඉතාම හොඳ ඩිසයිනර් කෙනෙක්. ඒ වගේම පේන්ටර් කෙනෙක්. මේවා ඔහු ඉදිරියේ දී ව්‍යාපාර ලෙස වැඩිදියුණු කර ගැනුමට බලාපොරොත්තුව සිටිනවා. ඔහු මා මෙන් ම ශ්‍රී ලංකාවේ උපන් දෙමළ ජාතිකයෙක්.

* දීපක් සහ ඔබේ හමුවීම සිදුවුණේ කොහොම ද?

මම ශ්‍රී ලංකාවේ වැඩ කරන අතරතුර මට හමු වූ හොඳම යෙහෙළියක් තමයි ස්ටෙෆිනි සිරිවර්ධන. ඇය තමයි 2011 වසරේ ශ්‍රී ලාංකේය රූ රැජන. ඇයත් සමඟ ගොඩනැඟුණු මිතුදම නිසා තමයි මට දීපක් හමුවුණේ. ස්ටෙෆිනිගේ හොඳම යහළුවා තමයි දීපක් ශන්මුගනාදන්. ඇය මට දීපක් ගැන කියමින් මුලදී මුලදී විහිළු තහළු කළා. නමුත් මම ඒවා එතරම් ගණනකට ගත්තේ නැහැ. ඒත්, ඇය වරෙක මට කියා සිටියා ‘පූජා මම ඇත්තටම සීරියස් මේ කියන්නෙ! ඔයාට හරියටම මේ ලෝකෙ ගැළපෙනවානම් ගැළපෙන්නේ දීපක් විතරමයි කියලා. අවසානයේ ඇය තමයි දීපක් සහ මා අතර ඇතිවූ මේ ආදර කතාව ගොඩනැඟුවේ.

* දීපක් ඔබ ගැන දැන සිටියා ද?

ඒක තමයි හොඳම කතාව. ස්ටෙෆිනි මා ගැන දීපක්ට කියත්දී ඔහු ස්ටෙෆිනිගෙන් විමසලා තිබෙන්නේ කවුද පූජා උමාශංකර් කියන්නේ කියලයි. මා සහ ඔහු දැන හඳුනාගන්නාතුරුම ඔහු මම නිළියක් ලෙසවත් මාගේ නමින්වත් මාව හඳුනන්නේ නැහැ. අඩුම තරමේ මම රඟපෑ එක චිත්‍රපටයක්වත් ඔහු නරඹලා නැහැ.

* දීපක් හමු වූ විට ඔබට හිතුණේ කුමක් ද?

අපි දැන හඳුනාගත් පසු මුලින්ම අපි අතරේ ඇතිවුණේ හොඳ මිත්‍රත්වයක්. පසුව එය ආදරයක් දක්වා දුර ගියා. ඔහුත් මාත් තවම දැන හඳුනාගෙන මාස පහක් වගේ කාලයක් තමයි ගතවී තිබෙන්නේ. ස්ටෙෆිනි කියන්නේ ඉතාම හොඳ ගතිගුණ තිබෙන, හදවතේ මිනිසත් බව උතුරා ගිය මගේ හොඳම මිතුරියක්. ඇගේ හොඳම මිතුරා වෙන දීපක් තුළත් ඒ හොඳ ගතිගුණ ඇති බව මට හැඟුණා. දීපක් කියන්නේ හොඳ රත්තරං හදවතක් තිබෙන ගුණ යහපත් මහත්මා ගතිගුණ ඇති කෙනෙක්.

* පූජා, ඔබේ ප්‍රාර්ථනය වුණේ මත්පැන්, දුම්වැටි පානයෙන් තොර වූ කෙනෙක්. දීපක් මේ දේවල්වලින් තොර ද?

මම දන්න තරමින් නම් ඔහු ඒ දේවල්වලින් තොර ඇති. ඒත් ඔහුගේ මිතුරන් සමග විනෝද වෙන අවස්ථාවලදී කොහොම ද කියා මම දන්නේ නැහැ. මොකද මට නම් දුම්වැටි මත්පැන් අසල රැ‍ඳෙන්න බැහැ. ඉතාම අපහසු බවක් දැනෙනවා.

* දීපක් ගේ පවුලේ තොරතුරු මොනවා ද?

දීපක් ගේ මවුපියන් වැවිලි ක්ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයන්. දීපක්ට වැඩිමහල් සොයුරෙක් සහ සොයුරියන් දෙදෙනෙක් සිටිනවා. පවුලේ බාලයා දීපක්. ඔහු ඔහුගේ පවුලට දක්වන්නේ පුදුමාකාර ආදරයක්.

* දීපක් ශ්‍රී ලාංකිකයෙක් නේද?

ඔව්. ඔහු උපන්නේ ලංකාවේ. ඒත් ඉගෙන ගත්තේ හැදී වැඩී ඇත්තේ නයිජීරියාවේ. වැඩිදුර අධ්‍යාපනයට මීට වසර කීපයකට පෙර ඔහු ලන්ඩන්වලට ගිහින් තිබෙනවා.

* ඔබේ මවුපියන් හා දීපක්ගේ මවුපියන් එකිනෙකා දැන හඳුනනවා ඇති?

ඔව්. මගේ පියා සමඟ ඔවුන් ළඟින්ම ආශ්‍රය කර තිබෙනවා. මොකද මගේ පියා ඌටිවල වතු අධිකාරිවරයෙක් ලෙසයි කටයුතු කරන්නේ. දීපක්ගේ මවුපියන් තේ වැවිලි කර්මාන්තයත් එක්ක ගොඩක් සම්බන්ධයි. විවිධ උත්සව අවස්ථාවලදී ඒ අය එකට මුණගැසී තිබෙනවා. මගේ අම්මා නම් පවසන්නේ කුඩා කාලෙ අපි එකට සෙල්ලම් පවා කර ඇති බවයි. දීපක්ගේ නැන්දා මගේ පියාව හොඳින්ම දැන හඳුනනවා.

* දීපක්, ඔබේ පෙම්වතා වීම ගැන මොකද හිතෙන්නෙ?

මට හිතෙන්නෙ, දීපක් දෙවියන් මට දුන්නු විශාලම තෑග්ග. මගේ ස්වභාවයට ගැළපෙනම කෙනා ඔහුයි. අනෙක දීපක් හැම වෙලාවෙම හිනාවුණ ගමන් ඉන්නේ. මට ඔහුත් එක්ක කොච්චර කතා කළත් එපා වෙන්නේ නැහැ. හැමදේම ඔහු දකින්නේ සුබවාදී විදිහට. ඔහු හොඳ පොසිටිව් තින්කර් කෙනෙක්.

* දීපක් ගෙන් දකින හොඳ ගතිගුණ මොනවා ද?

දීපක් හරිම අවංකයි. ඔහු බොරු කියනවාට, බොරු කරනවාට කිසිම විටෙක කැමැති නැහැ. මම මගේ අම්මට විහිළුවටවත් බොරුවක් කියනවා දකින්න දීපක් කැමැති නැහැ. ඒ වෙලාවට ඔහු මට දොස් කියනවා. සමහර දවසට මම දීපක්ව හමුවෙන්න යන්න මගේ අම්මට පුංචි බොරුවක් කියනවා. ඒක දැනගත්ත ගමන් දීපක් මට බැනලා අම්මට කෝල් කරලා ඇන්ටි, මම පූජාත් එක්ක ඩිනර් එකකට යනවා කියලා ඇත්තම කියනවා. මම දීපක්ගේ ඒ ගතිගුණයට හරිම කැමැතියි. ආදරෙයි.

* දීපක් හමුවන්නට පෙර පූජාගේ හිතේ වෙනත් කෙනෙක් ගැන ආදරයක් ඇතිවෙලාම නැත්ද?

මෙහෙමයි, මගේ අත පතාගෙන මා පස්සේ ඕනතරම් ඇවිත් තිබෙනවා. ඒත් මට ගැළපෙන කෙනෙක් මගේ හිතට දැනිලා නැහැ. එහෙම දැනුනනම් අද මම විවාහ වෙලා.

* ඔබ දෙදෙනා ලබන මස විවාහ ගිවිස ගැනුමට නියමිත බවට කතාවක් තිබෙනවා?

කවුද කියන්නෙ, තවම එහෙම දිනයක් වෙන් කරගෙන නැහැ. එය කාලයට බාරදීලයි තිබෙන්නේ. ඒ අනුව මේ කතාවේ ඇත්ත නැත්ත දැන්ම කියන්න බැහැ. ඒත් පසුගිය 17 වැනිදා දීපක්ගේ උපන් දිනය යෙදී තිබුණා. මම ඔහුට තෑගි දිය යුතුව තිබුණත්, දීපක් මට රත්තරන් මුදුවක් තෑගි කළා. ඒ හැමදාටම පූජා ඔයා මගේ කියලා. එය සිහිවටනය ආදරෙන් තවමත් මා ළඟ තිබෙනවා.

* දීපක් ඔබට ගැළපෙනම කෙනා ද?

ඇත්තටම ඔව්. ඔහු මා මෙන්ම ඉතාම සරල කෙනෙක්.

* විවාහයෙන් පස්සේ රංගනයෙන් සමුගන්නවා ද?

අනේ නැහැ. මම හරිම වාසනාවන්තයි. දීපක් මේ ක්ෂේත්‍රයට ආගන්තුක නැහැ. ඔහුත් මේ ක්ෂේත්‍රය ගැන ඉතාම හොඳින් දන්නවා. ඔහු හැම විටම මට කියන්නේ පූජා ඔයා ඔයාගේ සිහිනය ජය ගන්න. ඒ පිටුපස යන්න කියලා ඔහු මාව දිරිමත් කරනවා.

* විවාහයෙන් පසු ඔබ දෙදෙනාගේ පදිංචිය මෙරට ද නැතිනම් පිටරට ද?

ලංකාවෙම තමයි. මම විවාහ වෙන්නේ ශ්‍රී ලාංකිකයෙක් සමඟ නිසා අපේ පදිංචියත් ලංකාවේම තමයි.

* ඔබ හමුවීමට පෙර දීපක්ට පෙම්වතියක් හිඳ තිබෙනවා ද?

ඒ ගැන මම දන්නේ නැහැ. මට ඔහුගේ අතීතය වැදගත් නැහැ. මට ඒ ගැන ගාණක් නැහැ. මට අවශ්‍ය වර්තමානය සහ අනාගතයයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්