කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Hollywood News

හොලිවුඩ් ‘බලු මිතුදමක්’

‘බුල්ඩෝග්’ යනුවෙන් බොහෝ දෙනෙකු දන්නා කියන සුනඛ වර්ගය මිලෙන් වැඩි ඉතා වටිනා සත්ව කොට්ඨාසයක්. ඉතාම ශක්තිමත් හනු යුගලක් සහ පැතලි මුහුණකින් යුතු මේ සුනඛයෙකු දකින ඕනෑම අයෙකුට පුංචි බියක් නොදැනුණොත් පුදුමයක්.

මෙවැනි ප්‍රංශ සුනඛ පැටවෙකු පසුගිදා ජනප්‍රිය හොලිවුඩ් නිළි ජෙනිෆර් ලෝරන්ස් විසින් ඩොලර් 4500කට මිලදී ගනු ලැබුවා. ඒ, තවත් කෙනෙකුට තෑගි දීමටයි.

ජෙනිෆර්ගේ හොඳම මිතුරිය වන ලෝරා සිම්ප්සන්ට තෑගි දීමටයි, මේ සුනඛයා මිලදී ගෙන ඇත්තේ. අන්තර්ජාලයේ දක්නට ලැබුණු දැන්වීමකට අනුව කැලිෆෝනියා ප්‍රාන්තයේ සිටි සුනඛයන් අලෙවි කරන්නෙකුගෙන් මිලදී ගත් මේ සුනඛ පැටවා, ජෙනිෆර් සතුව දැනට සිටින සුනඛ පැටවා සමඟ හොඳ ‘මිත්‍රත්වයකින්’ කාලය ගත කරන බවයි ආරංචි.

මෙයින් උද්දාමයට පත්වූ ලෝරා සිම්ප්සන්, සුනඛ පැටවුන් දෙදෙනාගේ ඡායාරූපයක් ගෙන තම ට්විටර් වෙබ් පිටුවෙහි පළ කර තිබෙනවාලු.
 

‘ප්‍රිටි වුමන්’ ගේ මතකය අලුත් වේ

‘ප්‍රිටි වුමන්’, මීට වසර 25කට පමණ පෙර ලොව පුරා තිරගත වූ අතිශය ජනප්‍රියත්වයට පත්වූ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ‘90 දශකයේ මුල් භාගයේ දී ශ්‍රී ලංකාවේ ද තිරගත වුණා. ‘ප්‍රිටි වුමන්’ හි ප්‍රධාන චරිතය රඟපෑ ජූලියා රොබට්ස් ද ඒ සමඟම රසික හදවත් තුළ ලැගුම් ගත්තා.

මේ වන විට 46 වැනි වියෙහි පසුවන ජූලියා, විවාහ වී සිටින්නේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ඩැනී මොඩර් සමඟයි.

පසුගියදා මේ සුරූපී නිළිය ‘මානව හිතවාදී’ සම්මානයෙන් පුදනු ලැබුවා. මේ සම්මානය ඇය වෙත පිරිනැමුවේ GLSEN නම් වූ සමාජ සේවා ජාලයයි. ඇමෙරිකාවේ රීජන්ට් බෙවර්ලි විල්ෂයර් නම් වූ සුප්‍රසිද්ධ හෝටලයේ දී පැවැත්වූ සම්මාන උලෙළකදී ජූලියාට මේ ගෞරව සම්මානය පිරිනැමුවේ එක්තරා රූපවාහිනී චිත්‍රපටයක ඇතුළත්වූ ඇගේ රඟපෑම් වෙනුවෙන්.

‘ද නෝමල් හාට්’ යනුවෙන් නම් කර තිබූ මේ චිත්‍රපටයෙන් නිරූපණය තිබුණේ ‘80 දශකයේ දී ලොව පුරා ඒඩ්ස් රෝගය පැතිරී ගිය ආකාරයයි. මෙහි අධ්‍යක්ෂවරයා වූයේ ජූලියාගේ සැමියා වන ඩැනී මොඩර්.

ජූලියාට මේ සම්මානය පිරිනැමීම සිදුවූ හෝටලය ගැනත් විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එදා ‘ප්‍රිටි වුමන්’ චිත්‍රපටයේ දර්ශන රැසක්ම රූගත කර ඇත්තේ ද මෙම හෝටලයේදීමයි!

සාරා ගෝඩන් ඩ්‍රැකියුලාගේ බිරිඳ වෙලා

‍මේ දිනවල ලොව පුරා තිරගත වන ‘ඩ්‍රැකියුලා අන්ටෝල්ඩ්’ චිත්‍රපටය මීට පෙර තිරගත වූ සම්මත ගණයේ ඩ්‍රැකියුලා චිත්‍රපටයක් නොවෙයි. තමන්ගේ පවුල සහ තමන් වෙසෙන නගරය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් ඩ්‍රැකියුලා කෙනෙකු වූ පුද්ගලයෙකු පිළිබඳ කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වී තිබෙන්නේ.

මෙහි ඩ්‍රැකියුලා ලෙස රඟන්නේ ජනප්‍රිය නළුවකු වන ලුක් එවන්ස්. ඔහුගේ සුරූපී බිරිය ලෙස රඟන්නේ යොවුන් නිළියක වන සාරා ගෝඩන්. මේ වන විට 27 වැනි වියෙහි පසුවන සාරා, වත්මන් හොලිවුඩ් සිනමාව තුළ ඉදිරියට එමින් සිටින නිළියක් හැටියට හැඳින්විය හැකියි.

කැනඩාවේ ටොරොන්ටෝ නුවර ඉපිද හොලිවුඩයට පා තැබූ සාරා ගේ මුල්ම රැඟුම් ඇතුළත් වුණේ ටෙලි වෘත්තාන්තවලයි. ඇය රඟපෑ මුල්ම චිත්‍රපටය ‘ද අමේසින් ස්පයිඩර් මෑන් - 2'. ඉන්පසුව ඇගේ රඟපෑම් මුසුවූයේ ‘ඇන්ටිවයිරල්’, ‘අ ඩේන්ජරස් මෙතඩ්ස්’, ‘කොස්මොපොලිස්’ සහ ‘මැප්ස් ටු ද ස්ටාර්ස්’ වැනි චිත්‍රපටවලයි.

සාරා මේ දිනවල ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ සිනමා පාඨමාලාවක් හදාරමින් සිටිනවා.

වියැකුණු සිනහව යළි මතුවෙයි

මුළු ලොවම සිනහ රසයෙන් කුල්මත් කරන ප්‍රවීණ නළු එඩී මර්ෆිට පසුගිය කාලයේ දී අත්විඳින්නට සිදුවුණේ සිත රිදවන අන්දමේ අත්දැකීමකටයි. ඔහුට, තවත් ජනප්‍රිය නළුවෙකු නිසා නීතිය ඉදිරියට යන්නට සිදුවුණා. ඒ, ඔහුට එරෙහිව තවත් ‘මර්ෆී’ කෙනෙකු නඩුවක් ගොනු කර තිබූ නිසයි.

එඩී මර්ෆිට එරෙහිව නඩු පැවරුවේ හොලිවුඩ් නළුවෙකු වන බ්‍රැන්ඩෝ මර්ෆියි. ඩොලර් මිලියන 50ක වන්දියක් ඉල්ලමින් එඩී මර්ෆිට එරෙහිව නඩු පැවරූ බ්‍රැන්ඩෝ පැවසුවේ, එඩීගේ විවේචන නිසා තමන්ගේ රංගන දිවියට හානියක් සිදුවූ බවයි.

බ්‍රැන්ඩෝ තවදුරටත් ප්‍රකාශ කළේ එඩී සහ ඔහුගේ පිරිවර තමන්ට තර්ජනයන් පවා සිදු කළ බවයි. කෙසේ වෙතත් මේ වන විට බ්‍රැන්ඩෝ පැවරූ නඩුව සමථයකට පත්වී ඇති බවයි ආරංචි.

මේ නඩු කටයුත්තෙන් හෙම්බත්ව සිටි 53 වියැති එඩී මර්ෆි, නැවතත් අලුත්ම චිත්‍රපටයක රංගනයකට සූදානම් වෙමින් සිටිනවා. මේ චිත්‍රපටයේ නම තමයි, ‘කුකු'. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ බෲස් බෙරෙස්ෆෝඩ්.

මේ අධ්‍යක්ෂවරයාගේම ‘ඩ්‍රයිවින් මිස් ඩේසි’ නම් වූ ටෙලි වෘත්තාන්තයෙහි රඟපාන්නටත් එඩී මර්ෆි එකඟ වී සිටිනවා.

‘කුක්’ චිත්‍රපටයේ රූ ගත කිරීම් ලබන මෙම මාසයේ දී ඇරඹෙනු ඇතැයි පැවසෙනවා. ඒ සමඟම එඩී මර්ෆිගේ හිතට යළිත් සිනහව පිවිසෙනු ඇතැයි ඔහුගේ හිතවතුන් පවසනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්