කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අශෝක හෝටලයේ ප්‍රභාකරන් නවතාගෙන රජීව් ඉන්දු ලංකා ගිවිසුම සකස් කරයි

නට්වාර් සිං ගේ දේශපාලන හෙළිදරව්ව - 7 කොටස

අශෝක හෝටලයේ ප්‍රභාකරන් නවතාගෙන රජීව් ඉන්දු ලංකා ගිවිසුම සකස් කරයි

ජේ.ආර්.ගේ ඔපරේෂන් ලිබරේෂන් හේතුවෙන් තමා කොටුවන බව වටහා ගත් ප්‍රභාකරන් ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පතේ කර්තෘවරයා මාර්ග‍යෙන් තමා දේශපාලන විසඳුමකට කැමති බව දන්වා සිටියේ ය. ද හින්දු පුවත් පතේ කර්තෘ එන්.රාම් මේ බව දැනුම් දුන්නේ ගාමිණී දිසානායකටය.

නට්වාර් සිං පවසන්නේ එන් රාම් ට ගාමිණී දිසානායක සමග සුහද සබඳතා තිබුණු බවයි. එන්. රාම් ගාමිණීට පැවසුවේ ප්‍රභාකරන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කරන බවත් ඒ සම්බන්ධව ශ්‍රී ලංකා රජය සුභවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් ඔහු දේශපාලන විසඳුමකට කැමැත්ත පළ කරන බවත් ය.

නට්වාර් සිං තම චරිතාප‍දානයේ සඳහන් කරන පරිදි ප්‍රභාකරන් එදා ඉදිරිපත් කළ ඉල්ලීම් අතර එල්ටීටීයට එරෙහිව යාපනයේ කරන හමුදා මෙහෙයුම් නවත්වා රජයේ හමුදාව බැරැක්ක ගත කිරීම, උතුරු නැඟෙනහිර දෙපළාත එක් කොට එකම ප්‍රදේශයක් ලෙස සැලකීම, දෙසැම්බර් 19 යෝජනාවලට අනුව බලය බෙදීමක් කළ යුතු බව, දෙමළ භාෂාවද සිංහල මෙන්ම රාජ්‍ය භාෂාවක් බවට පත් කල යුතු බව, දෙමළ ජාතිකයෙක් ශ්‍රී ලංකාවේ උප ජනාධිපති කළ යුතු බව ද විය.

එන්. රාම් ගෙන් මේ තොරතුරු දැනගත් ගාමිණී දිසානායක ප්‍රථමයෙන්ම කළේ මේ සම්බන්ධව ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුම්වත් කිරීමය. නට්වාර් සිං පවසන්නේ ප්‍රභාකරන්ගේ යෝජනා සම්බන්ධව ශ්‍රී ලංකා රජය ධනාත්මක ප්‍රතිචාර දැක් වූ බවය. එසේම ඊටත් වඩා රජීව් ගාන්ධි මේ සම්බන්ධව සතුටට පත් වූ අතර ඔහු ප්‍රභාකරන්ට පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කර මේ ප්‍රශ්නයට විසඳුමක් ගෙන ඒමට තමා ක්‍රියා කරන බවයි. කෙසේ වුවද සටන් අතහැරීමට ප්‍රභාකරන් කැමැත්ත දැක්වීමත් සමග ඇති වූ වාතාවරණය බලාපොරොත්තු නොවූ තරම් වෙනස්කම් රාශියක් කළ බව නට්වාර් සිං පවසන්නේ ය.

මේ සිදුවීම්වලින් පසුව ගෙවුණු දවස් කීපයේ දී කොළඹ සහ නව දිල්ලිය අතර සිදුවන්නේ දෙරටටම වැදගත් වූ සිදුවීම් කිහිපයකි. ගාමිණී දිසානායක සහ ජේ.එන්.ඩික්සිත්ගේ මූලිකත්වයෙන් සාම ගිවිසුමක් කෙටුම්පත් කෙරිණි. ඒ සඳහා කේ.පී.එස්. මෙනන්, කුල්දීප් සහදව්, රොනන් සෙන් යන ඉන්දීය රජයේ ඉහළ නිලධාරීන් මෙන්ම එවකට රෝ‍ සේවාවේ අධ්‍යක්ෂවරයා සමග ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙක් ද සහයෝගය ලබා දී තිබේ.

ස්වර්ණම්, මහත්තයා, ප්‍රභාකරන්, යෝගී සහ ද හින්දු කර්තෘ එන්.රාම්

ප්‍රභාකරන් සහ එම්.ජී.රාමචන්ද්‍රන්

නට්වාර් සිං පවසන්නේ මේ පිරිස සාකච්ඡා අවසානයේ තමා මුණගැසීම නොකඩවා සිදු කළ බවයි. මේ පිරිස එක් වී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අස්සන් තැබීමට යෝජිත සාම ගිවිසුමේ කෙටුම්පත හොඳින් අධ්‍යයනය කළ බවත් අවසානයේ එය අනුමැතිය පිණිස රජීව් ගාන්ධිට ඉදිරිපත් කළ බවත් නට්වාර් සිං තම කෘතියේ සඳහන් කර තිබේ.

මේ සියල්ල සම්බන්ධීකරණය කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එහා මෙහා යමින් ගිවිසුම සම්බන්ධව වැඩි වැඩ කොටසක් ඉටු කිරීමට කටයුතු කළේ කොංග්‍රස් පක්ෂයේ ප්‍රභලයකු වූ පී.වී.නරසිංහ රාඕ ය. එහෙත් දී ඔහුට ද ගිවිසුමට අන්තර් ගත වූ ඇතැම් දේ සම්බන්ධව තිබුණේ අසතුටුදායක මතයකි. අවසානයේදී ගිවිසුම රජීව් ගාන්ධිගේ අනුමැතියට ඉදිරිපත් කරන අවස්ථාව වන විට එහි වූ යම් යම් දේ ගැන තමා තුළ ගැටලු පවතින බව නරසිංහ රාඕ පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ ය.

එහෙත් කෙටුම් පත සංශෝදනය කිරීමට ඒ වෙන විට වෙලාවක් ඉතිරි වී තිබුණේ නැත. නට්වාර් සිං පවසන්නේ ඒ වන විට ගිවිසුම සම්බන්ධව සියලු පාර්ශවයන් අතර සහනශීලී හැඟීම් ඇති වෙමින් තිබුණු බවත් ගිවිසුම හේතු කොට ගෙන අර්බුදයට කිසියම් විසඳුමක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු මෝදු වෙමින් තිබුණු බවත් ඒ හේතුවෙන් යළිත් සංශෝදන වෙනුවෙන් කාලය කැප කිරීම නිසා කිසියම් කලකිරීමක් හෝ බලාපොරොත්තු බිඳ වැටීමක් ඇති විය හැකි ව තිබු බැවින් සංශෝදන ගැන ඇති වූ අදහස ක්‍රියාවට නොනැගූ බවයි.

මේ අතර ජනාධිපති ජයවර්ධන ගාමිණී දිසානායකට උපදෙස් දෙන්නේ ප්‍රභාකරන් සම්බන්ධ කර ගෙන ඔහුට ගිවිසුම සම්බන්ධව දැනුම් දෙන ලෙසයි. එමෙන්ම එන්. රාම් මාර්ගයෙන් ඔහු පැවසූ දේ පදනම් කර ගනිමින් ගිවිසුම සකස් කෙරුණු බවද ප්‍රභාකරන්ට අවධාරණය කරන ලෙස ජේ. ආර්. ගාමිණීට පවසා තිබේ.

මේ අනුව ශ්‍රී ලංකාව පැත්තෙන් ගත් කළ ගිවිසුම හේතු කොට ගෙන සාමයේ සහ සැනසිල්ලේ අරුණලු උදා වෙමින් පැවතිය ද ඉන්දියාව පාර්ශවයෙන් උදා වෙමින් පැවතියේ අනවශ්‍ය මැදිහත් වීමක් හේතුවෙන් ඇති බව ගැටලු රැසකි.

නට්වාර් සිං පවසන්නේ මේ තත්ත්වය මත ඉන්දියාවේ දෙපාර්තමේන්තු සහ ආයතන රැසක් නිරායාසයෙන්ම ශ්‍රී ලංකාවේ අර්බුදයට මැදිහත් වෙමින් සිටි බවයි.

අගමැති රජීව් මාස කීපයකට සැරයක් ශ්‍රී ලංකාව හා සම්බන්ධ කටයුතුවල යෙදුණු නියෝජිතයන් අලුත් කිරීමට කටයුතු කළේ ය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ විදේශ අමාත්‍යංශය ද ඉක්මවමින් අගමැති කාර්යාලයේ නිලධාරීන් කොළඹ සිටින මහ කොමසාරිස් ඩික්සිත් සමග ඍජු සබඳතා පැවැත්වීමට පටන් ගැනීමයි. නට්වාර් සිං තම චරිතාපදානයේ සඳහන් කරන්නේ මේ හේතුවෙන් ගිවිසුම සම්බන්ධ බොහෝ දේ සිදු කෙරුණේ තමා මග හැර යමින් බවයි. එය තමාට රාජකාරි කිරීමට ඉතා අපහසු වාතාවරණයක් උදා කර දුන් බවද නට්වාර් සිං පවසයි.

තමා නොදැන සිටියද නව දිල්ලියට පැමිණෙන ලෙස ප්‍රභාකරන් පොළඹවා ගන්නා ලෙස ඩික්සිත්ට උපදෙස් ලැබී තිබුණු බව ද නට්වාර් සිං පවසයි. ඔහු සඳහන් කර සිටින්නේ තමා එය දැනගත්තේ පසුකාලීනව බවයි. කෙසේ වුවද නට්වාර් සිං පවසන්නේ ප්‍රභාකරන් සමග වැඩි වශයෙන්ම සමීපව කටයුතු කළ මහ කොමසාරිස්වරයා ලෙස ජේ.එන්.ඩික්සිත් අවිවාදයෙන් සඳහන් කළ හැකි බවයි.

ගිවිසුම කෙටුම්පත් කිරීමේ අවසාන දින කීපය උදා වෙමින් තිබිය දී අගමැති සහ සෙසු නිලධාරින් සමග සාකච්ඡාවකට සහභාගී විමට නට්වාර් සිං ටද ආරාධනා ලැබිණි. ඒ ජූලි 25වැනිදාව විය. සාකච්ඡාව පැවතියේ අංක හත තුරඟ තරග පිටිය ස්ථානයේ දී ය. සාකච්ඡාව ආරම්භ වී සුළු මොහොතකින් හෙළි වූයේ ජූලි 26වැනිදා කොළඹ දී ගිවිසුම අස්සන් තැබීමට රජීව් ගාන්ධිට අවශ්‍ය බවයි. මේ සම්බන්ධව කොළඹ අදහස වී තිබුණේ ගිවිසුම අස්සන් තැබීමට යොදා ගෙන ඇති දිනය මදක් කල් වැඩි බවයි. කොළඹ බලධාරින්ට අවශ්‍ය වී තිබුණේ ජූලි 29වැනිදාට ගිවිසුම අස්සන් කිරීම යොදා ගැනීමට ය.

නට්වාර් සිං සඳහන් කරන්නේ මේ වන විට ප්‍රභාකරන් නව දිල්ලියේ අශෝක හෝටලයේ රැඳී සිටින බව තමා දැන ගත්තේ මේ සාකච්ඡාව අතර තුර දී බවයි. එමෙන්ම මෙලෙස හෝටලයේ රඳවා ගෙන සිටීම සම්බන්ධව පසුකාලීනව ප්‍රභාකරන් ඉන්දීය බලධාරීන්ට චෝදනා කළ බව ද ඔවුන් තමා නිවාස අඩස්සියේ තබා ගෙන සිටියේ යැයි ප්‍රභාකරන් පැවසූ බවද නට්වාර් සිං සඳහන් කර සිටින්නේ ය.

අශෝක හෝටලයේ ප්‍රභාකරන් රඳවාගෙන සිටිය දී රජීව් නිතර ඔහු මුණ ගැසුණූ බවත් සාකච්ඡා පැවතිය ද ප්‍රභාකරන් කිසිඳු බුරුලක් නොදැක්වූ බවත් නට්වාර් සිං පවසයි. එහිදී රජීව් එම්.ජී.රාමචන්ද්‍රන් කැඳවා ප්‍රභාකරන්ගෙන් කිසියම් බුරුලක් ලබා දෙන ලෙස පැවසූ බවත් එම්.ජී.ආර්. එය සාර්ථකව කළ බවත් කෘතියේ සඳහන් ය.

එහෙත් නට්වාර් සිං පවසන්නේ තම පෞද්ගලික මතය නම් කිසිදා රජීව් ප්‍රභාකරන් මුණ නොගැසිය යුතු ව තිබූ බවයි. පසුව රජීව් හමුවූ අවස්ථාවක නට්වාර් විමසන්නේ ප්‍රභාකරන් ඔහුට කිසියම් ලිඛිත පොරොන්දුවක් ලබා දුන්නේ ද යන්නයි. එම පැණයෙන් මහත් කැළඹීමට පත් වූ රජීව් පවසන්නේ 'නට්වාර් ඔහු මට ඔහුගේ වචනය දුන්නා.

ඒ මදි ද? ' යනුවෙනි. එවිට නට්වාර් සිං රජීව්ට පවසා ඇත්තේ ප්‍රභාකරන්ගේ වචනය යනු කිසිඳු අර්ථයක් නොමැති දෙයක් බවයි. ඔහුගෙන් කිසියම් ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීම කළ යුතුව තිබුණූ බවත් ඔහුට අවශ්‍ය දෙය ලැබුණූ වහාම ඔහු පහසුවෙන්ම අපව නොතකා හරිනු ඇති බවත් නට්වාර් සිං රජීව්ට පවසා ඇත. මේ ක්‍රියාව ප්‍රභාකරන් විසින් අවස්ථා කිහිපයක දී ම කර ඇති බවට අත්දැකීම් තමා සතුව තිබූ බව ද නට්වාර් සිං වැඩිදුරටත් තම කෘතියේ සඳහන් කරයි.

ලබන සතියේ ආචාර පෙළපාලියේ දී රජීව්ට ප්‍රහාරයක්

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්