කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

.25 වැනි වසර සපුරන තාරුණ්‍යයේ හඬ

ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල එෆ්.එම් නාළිකාව සිටි එෆ්.එම් 25 වැනි වියට පා තබයි

.25 වැනි වසර සපුරන තාරුණ්‍යයේ හඬ

සුවහසක් දෙසවන් ආනන්දයට පත්වේවා... යි කේ.ඩී.කේ ධර්මවර්ධනයන් ගේ අභිමානවත් හඬ ගුවන් ගැබ සිසාරා හමා ගොස් ශ්‍රාවක සවන්පත් අතර රැව්පිළිරැව් දුන්නේ මින් විසිපස් වසරකට ඉහතදීය. ඒ 1989 නොවැම්බර් 03 වැනි දා ය. එදා ශ්‍රාවක හදවත් ආනන්දයෙන් කම්පනය කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල එෆ්.එම් නාළිකාව ලෙස සිටි එෆ්.එම් ඉතිහාසයේ නව පිටුවක් සනිටුහන් කළේ ය.

යොකෝහමා. එය ජපානයේ තරුණයින්ගේ හදවත මත ඇඳී තිබෙනු දුටු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතා ගේ සිත කුතුහලයෙන් පිරී ගියේ ය. යොකෝහමා පිළිබඳව විමසූ ඔහු එය ඇසීමේ උවමනාව දෙසට වඩාත් නැඹුරු කළේ ය.

යොකෝහමා හදවතේ තැන්පත් කරගත් ඔහු පෙරළා ලංකාවට පැමිණියේ ය. පය තැබූ සැණින්ම ඔහු ගේ යටිසිතේ වූ අදහස වහා ක්‍රියාත්මක විය. ප්‍රයෝජනයට නොගෙන අත්හැර දැමූ ගොඩනැගිල්ලක කාමරයක් (ඩී මැදිරිය) නවීකරණය කරමින් සතිදෙකක් ඇතුළත මැදරියක් සකස් කිරීමේ කාර්ය්‍ය පැවරුණේ ඉංජිනේරු ලයනල් පින්තු මහතාටය. ඉලක්කගත කාලය නිමවීමට ප්‍රථම සියල්ල නිර්මාණය විය. වසර විසිපහකට ඉහතදී ගුවනට මුසු වූ සිටි එෆ්.එම් නාළිකාවේ පසුබිම සැකසුණේ එලෙස ය.

සිටි එෆ්.එම්. බිහිවීමට ප්‍රථම ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහන් විසුරුවා හැරියේ මධ්‍යම තරංග සහ කෙටි තරංග වලිනි. අත්හදා බැලීමක් ලෙස ඉංග්‍රීසි වෙළෙඳ සේවය ඔස්සේ සෙනසුරාදා පැය බාගයක් ස්ටීරියෝ වැඩසහනක් විකාශනයවූයේ ස්ටීරියෝ පර්යේෂණ විකාශයක් ලෙස සිංහල ගීත ද ඇතුළත්ව ය. මෙහි සිංහල

නිවේදිකාව වූයේ චන්ද්‍රා වයමන් ය. ඉංග්‍රීසි නිවේදිකාව ජිමි බරූෂා ය. ප්‍රවීණ ක්‍රියාකාරී සහායක සුගතපාල අධිකාරී මහතා එම වැඩසටහන නිෂ්පාදනය කළේ ය.

ප්‍රථම සිංහල එෆ්.එම් නාළිකාව ලෙස සිටි එෆ්.එම් ඉතිහාසගත වූවා පමණක් නොව එය සිංහල, දමිළ හා ඉංග්‍රීසි භාෂා තුනෙන්ම වැඩසහටන් විසුරුවා හැරීමෙන් සුවිශේෂී නාළිකාවක් බවට පත්ව ශ්‍රී ලාකේය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළේ ය.

සංගීත වැඩසටහන් සඳහා ප්‍රමුඛත්වය දුන් මෙම සේවාව සිංහල, දමිළ හා ඉංග්‍රීසි ගීත ප්‍රචාරය කළ අතර සියලු ගීත භාෂා ත්‍රිත්වයෙන්ම හ‍ඳුන්වා දුන්නේ ය. විශාරද අමරදේවයන් ගායනා කළ ජගන් මෝහිනී ගීතය සුභ මොහොතින් සිටි එෆ්.එම් නාළිකාවෙන් ප්‍රචාරය වූ පළමු ගීතය විය.

සිටි එෆ්.එම් නාළිකාවෙන් ශ්‍රාවකයින් ඇමතූ මුල්කාලීන නිවේදක පිරිස අති දැවැන්යෝ වූහ. කේ.ඩී.කේ ධර්මවර්ධන, පාලිත පෙරේරා, අශෝක තිලකරත්න, තිස්ස ජයවර්ධන, චන්ද්‍රා වයමන්, ආරියසිරි විතානගේ, සමන් අතාවුදහෙට්ටි, ජයන්ත රෝහණ, දයා ද අල්විස්, සුජාතා ගුණවර්ධන, කුසුම් පීරිස්, පුණ්‍යා කුමාරී ලොකුලියන, තිලකා රණසිංහ, කමල් දේශප්‍රිය, චන්දන තිලකරත්න, අශෝක කරුණානායක, අජිත් ඉන්ද්‍රජි, ස්වර්ණ ගුණවර්ධන, වසන්ත රෝහණ, සේන වික්‍රමාරච්චි, ගාමිණි මෙරින්නගේ, මයුරි අබේසිංහ, චිත්‍රා කුමාරී කළුබෝවිල, රම්‍යා ශ්‍රියාණි පතිරණ, ගාමිණී මලවැන්නගමගේ වැනි ප්‍රවීණයින් සිංහල නිවේදක පිරිසේ වූහ. දමිළ

නිවේදකයින් වූයේ රේලංගි සෙල්වරාජ්, අබ්දුල් හමීඩ්, කැලිස්ටා ලූකස්, ගනේෂ්වරන්, නඩරාජා සිවම්, රාජේෂ්වරී ෂන්මුගම්, සීතා රාමන්, චන්ද්‍රමෝහන්, පූනලෝචනී, මහෙදි හසන්, එස් එස් නාදන්, ජයක්‍රිෂ්ණ රාජා වැනි ප්‍රවීණයන් ය. නිහාල් භාරතී, විජය කොරයා, අරුන් ඩයස් බණ්ඩාරනායක, නෙරංජන්, මහේෂ් පෙරේරා, ඉන්ද්‍රානී සේනානායක, කැරිස්ටෙලා, ෂර්ලි පෙරේරා, හැරල්ඩ් ප්‍රනාන්දු, තිලානි පීරිස්, ගයි බිබිලේ වැනි ඉංග්‍රීසි නිවේදකයින් ද මේ දැවැන්තයින් අතර වූහ.

අරම්භයේ දී කොළඹ, ගම්පහ කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, ගාල්ල, හම්බන්තොට, අම්පාර, මඩකලපුව ද කළුතර දිස්ත්‍රික්කයේ කොටසකට ද ශ්‍රවන කළ හැකි වූ සිටි එෆ්.එම් නාළිකාව අද වන විට මුළු දිවයිනම ආවරණ කරන අතර ජාත්‍යන්තරව ද ශ්‍රවණය කළ හැකිය. 2009 ඔක්තෝබර් 01 වෙනිදා දා සිට චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ වැඩසටහන් විසුරුවා හරිමින් ඔටෝමේෂන් ක්‍රමයද ක්‍රියාත්මක කළේ ය.

හරවත් තාරුණ්‍යය සහ නව්‍ය සිතුවිලි සහිත වැඩිහිටි පරපුරක් ඉලක්ක කරගත් සිටි එෆ්.එම්. නාළිකාවට අරමුණු රැසක් විය. නවපරපුරට ඉදිරිමග සකස් කරදීම, ශ්‍රාවකයා වඩා යහපත් රස වින්ඳනයකට යොමු කිරීම, සමාජ හා ආර්ථික ක්‍රියාවලියේ දී මෙන්ම තොරතුරු සැපයීමේ දී ප්‍රමුඛයා බවට පත්වීම, දිවයිනේ සහ ජාත්‍යන්තරයේ ප්‍රමුඛතම සිංහල ගුවන් විදුලි විකාශය බවට පත්කිරීම, ජනප්‍රිය හා විශිෂ්ටතම සන්නිවේදකයා

බවට පත්වීම අරමුණු කරගත් සිටි එෆ්.එම් නාළිකාවේ දර්ශනය වනුයේ “ශ්‍රී ලාංකීය ගුවන් විදුලි ක්ෂේත්‍රයේ වඩාත්ම ඵලදායී හා ජනප්‍රියම වාණිජ ගුවන් විදුලිය” යන්නයි.

සිටි එෆ්.එම් නාළිකාව හෙට නොවැම්බර් 03 වැනිදා සිය 25 වෙනි උපන් දිනය සමරයි. එදා මෙදාතුර සිටි එෆ්.එම් පැමිණි අභිමානවත් ගමන හා එහි ඉදිරි ගමන ද ගුවන් විදුලි නාළිකාවල වත්මන් තත්ත්වය පිළිබඳව ද අදහස් දක්වමින් අපට මුලින්ම හමුවූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා ය.

“මෙහෙ හිටිය ප්‍රධාන ඉංජිනේරු ලයනල් පින්තු මහත්මයත් මමත් ජපානෙට ගිය අවස්ථාවක, අපි දුම්රියක යනකොට මට පෙනුණා තරුණ අය ඇඳගෙන හිටිය බැනියම් වල ‘යොකෝහමා ස්ටීරියෝ එෆ්.එම්‘ කියලා එහි ෆ්රීක්වෙන්සි එකත් සමඟ මුද්‍රණය කරලා තිබුණා. මං මේක ගැන තරුණයෝ කීපදෙනෙක්ගෙන් ඇහුවා. මෙච්චර ටීවී හදන රටේ යොකෝහමා රේඩියෝ එක

තරුණ අය අතර හරිම ජනප්‍රියයි. ඒ කාලෙ වෙනකොට අපේ රටේ තිබුණෙ මීඩියම් වේව් මධ්‍යම තරංග). ඉතිං මං ‍යොකෝහමා නාළිකාව අහලා බැලුවා.

එෆ්.එම්. ට්‍රාන්ස්මීටර්ස් ලේසියෙන් විකාශනය කරන්න පුළුවන් විදිහට මැදිරිය සකස් කරලා දුන්නා..

ඒ කාලෙ අපිට ලොකු ප්‍රශ්නයක් වුණේ ගීත නැතිඑක. හින්දි සහ ඉංග්‍රීසි ගීත තිබුණා. නමුත් සිංහල ගීත හොයාගන්න එක බොහොම අමාරුවුණා. ක්‍රමානුකූල ස්ටීරීයෝ රෙකෝඩින් තිබුණ ඒවා සොයාගැනීමයි, මේක පවත්වාගෙන යෑමයි බොහෝ දුරට පැවරු‍ණෙ පාලිත පෙරේරා මහත්මයටයි කේ.ඩී.කේ. ධර්මවර්ධන මහත්මයටයි. ”

“ සිටි එෆ්.එම් කියන්නෙ තවත් ගුවන් විදුලි නාළිකාවක් නෙමෙයි. මේක අලුත් මාදිලියේ ගුවන් විදුලි සේවයක්. මම දැනගත්තා සිටි එෆ්.එම් සේවය තරුණ පරපුර

ආදරෙන් අල්ලා ගන්නා බව. ඇත්තෙන්ම එය අල්ලා ගත්තා. මේක කොයිතරම් දුරට තරුණ අය අතරට ගියාද කිව්වොත් සමහර නම් පවා තිබුණා සිටි එෆ්.එම් සැලූන් කියලා.

ඒ යුගයෙ හිටපු සියලුම නිවේදකයො මහ විශාල වනස්පති වෘක්ෂ වගේ පිරිසක්. අපි වැඩිපුර කාලය වෙන් කළේ සංගීතමය වැඩසටහන් වලට. නිවේදන විදිහට ඉදිරිපත් කළේ බොහොම කෙටි නිවේදන. ප්‍රවෘත්ති වලට වුණත් වැඩි කාලයක් වෙන් කළේ නෑ. අන්තර්ගතය ඉතා කුඩයි. නිවේදන ඛණ්ඩ වශයෙන් ඉදිරිපත් කළා. සංගීතයට තමයි වැඩිම ඉඩක් වෙන් කළේ. අපිට හැකිවුණා සිටි එෆ්.එම් මිනිසුන් වැළඳගන්නා ඉතාම ජනප්‍රියම නාළිකාව කරන්න.

අද ගුවන් විදුලි නාළිකා අතර ප්‍රබලම නාළිකාව බවට සිටි එෆ්.එම් පත්වෙලා. ඒ මට්ටමේම තියෙනවා ස්වදේශීය සේවයත්. විවිධ වයස් වල විවිධ මට්ටමේ උගත්කම් තියෙන පිරිස් මේවට බෙදිලා ඉන්නෙ. අපේ සේවාවන්හි ධර්ම දේශනා ප්‍රචාරය කරනකොට වයස් භේදයකින් තොරව රටේ විශාල පිරිසක් අහනවා. උදේ තියෙන රට යන අත වැඩසටහන කිසිම නාළිකාවකට ළඟකටවත් එන්න බැරි වැඩසටහනක්. මේක වෛද්‍යවරුද, ඉංජිනේරුවරුද, මැති ඇමැතිවරුද ආදී විවිධ අය අහනවා.

උගත්ම පංතියේ පිරිස් වගේම පාර අතුගාන මිනිස්සුත් අහනවා. ඉතිං ඒ වගේ මට්ටමක තියෙන වැඩසහන් අපෙත් තියෙනවා. ඉස්සර අමරබන්දු රූපසිංහලා, ප්‍රේමකීර්ති ද අල්විස් ලා, ඩී.එස්. දයාරත්න ලා වගේ අති දක්ෂ නිවේදකයොනෙ හිටියෙ. දැන් ඒ වගේ අය නෑ. අපි ගුවන් විදුලියෙන් පෝයට සම්පූර්ණයෙන් ම පෝය වැඩසටහන්වලට නැඹුරුවක් තියෙනවා. ඒ වගේම අපේ සංරක්ෂිත ගබඩාව දිහා බැලුවහම පේන දෙයක් තමයි

අපි ඉස්සර කරපු වැඩසටහන්. විචිත්‍රාංගයක් කළොත් වැදි ජනතාව පිළිබඳව. එහෙම නැත්නම් වනාන්තරය ගැන. මෙවැනි ඒවා අහන් ඉන්න පුළුවන් වැඩසටහන්නෙ. සුගතපාල සිල්වාගෙ නාට්‍ය, දයානන්ද ගුණවර්ධනලා නිර්මාණය කළ නාට්‍ය, එදිරිවීර සරත්චන්ද්‍රයන් පී. වැලිකලලා එකතු වෙලා නිර්මාණය කළ නාට්‍ය. ඒවා ඉස්පිල්ලක් පාපිල්ලක්වත් කරන්න පුළුවන් අය ඉන්නවද පෞද්ගලික නාලිකාවල. . අද හෙට නෙමේ මේවගේ ප්‍රතිඵල එන්නෙ නව අධ්‍යක්ෂ ජනරාල් සමන්ත වැලිවේරිය මහතා ද මෙහි දී අදහස් දක්වමින් මෙසේ කී ය.

දැන් අපට ට්‍රාන්ස්මීටර් ස්ටේෂන් 7 ක් තියෙනවා. ඒ හතෙන් තමයි මුළු ලංකාවම අපි ආවරණය කරන්නෙ. මෙපමණ කාලයක් අපි කිලෝ වොට් 5ක ධාරිතාවකින් යුතු ට්‍රාන්ස්මීටර්ස් තමයි දාලා තිබුණෙ. අපි 2012 යටියන්තොට සවිකළා කිලෝ වොට් 10 ක ධාරිතාවෙන් යුතු එකක්. ඊළඟට අපි කිලෝ වොට් 10 සවි කරන්න බලාපොරොත්තුව කරගහතැන්නෙ. ඒකට සියලු කටයුතු සූදානම්. අපේ සලැසුම ලංකාව පුරාම ප්‍රබල තරංග මාලා ඔස්සේ වැඩ සටහන් විසුරුවා හරින්න‍. දැනට මේක කවුරුත් කරලා නෑ කරන්නත් බෑ.

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ටී.ඩී.කේ ජයන්ත මහතා ද මෙහිදී අදහස් දැක්වී ය.

අද අපේ ප්‍රධාන නාළිකා 12ක් ක්‍රියාත්මක වෙනවා. විදේශ සේවාවන් දෙකක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රදේශීය සේවා 8ක් ගෙනියනවා.

අපේ මේ නාළිකා 22 අතර තිබෙන සිටි එෆ්.එම් නාළිකාවත් අභියෝග ජය අරගෙන ඉදිරියට ආවා. මේ අවුරුදු 25 තුළ සිටි එෆ්.එම් නාළිකාව රටට සමාජෙට විශාල මෙහෙවරක් කළා. මේක අද ශ්‍රාවකයින් ආදරයෙන් වැළඳගන්න නාළිකාවක්.

සිටි එෆ්.එම් පාලක අරුණ ප්‍රියන්ත එදිරිසිංහ මහතා ද අදහස් දක්වමින් මෙසේ කීය.

ලස්සන උදෑසනින් තමයි අපි වැඩසටහන් පටන් ගන්නෙ. එය පෙ.ව. 7.00 සිට 08.30 දක්වා විකාශනය වෙනවා. පෙ.ව. 8.30 සිට 09.30 දක්වා රට යන අත හා පෙ.ව. 09.30 සිට 12.00 දක්වා විකාශනය වන රිදම් ඔෆ් සිටි එෆ්.එම් වැඩසටහන්ද වඩාත් ජනප්‍රියයි. විශාරද අමරදේවයන් ගේ සිට නන්දා මාලිනිය දක්වා ද එඩ්වඩ් ජයකොඩි වැනි ප්‍රවීණ ගායන ශිල්පීන්ද මේ රටට දායාද කලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව. අපට ජාතික වගකීමක් තියෙනවා.

ප.ව.1.30 සිට 4.00 දක්වා විකාශනය වන හිත මිතුරු

සුළඟ පොදු අසන්නා ඉලක්ක කරගත් වැඩසටහනක්. ප.ව. 4.00 සිට 5.00 දක්වා මියුරු සර. එයින් ඉදිරිපත්වෙන්නෙ ජනප්‍රිය ගීත වල අනුවාදන. එවැන්නක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්නෙ අපටම පමණයි. අපට දක්ෂ වාද මඩුල්ලක් සිටීම ඊට හේතුවක්. සවස 6.30 සිට 7.30 දක්වා හැන්දෑවට කලින් එන්න සඟරාමය වැඩසටහන. වේදිකා නාට්‍ය ගීත, පැරණි චිත්‍රපට ගීත, කලා තොරතුරු ආදිය ඉන් ඉදිරිපත් කරනවා. රාත්‍රී 7.30 සිට 9.00 දක්වා ආරාධනා ස්වර දැහැන.

එය දශකයකට අධික කාලයක් තිස්සේ විකාශනය වන අතිශ්‍ය ජනප්‍රිය වැඩසටහනක්. රාත්‍රී 10.00 සිට 12.00 දක්වා මැදපෙරදිග අසන්නන් ඉලක්කරගත් මැදපෙරදිග සේවය. මධ්‍යම රාත්‍රී 12.00 සිට පාන්දර 4.00 දක්වා ධීවර ප්‍රජාව වෙනුවෙන්ම සැකසුණ සයුර. ජනප්‍රිය මෙන්ම ඉතා හරවත් වැඩසටහන් රාශියක් සිටි එෆ්.එම් තුළින් විකාශනය වෙනවා.

පිරිසක් තෝරාගෙන දුම්රියෙන් යාපනේ යනවා. අනුග්‍රාහකයින් තෝරාගෙන ගුවන් මගින් මත්තල යනවා. 03 වෙනිදා කුමාරතුංග මැදිරියේ ප්‍රසංගයක් පවත්වනවා. ඒ වෙනුවෙන් ගායක ගායිකාවන් 25 දෙනෙක් සහභාගි වෙනවා. එදාමෙදාතුර සිටි එෆ්.එම් එකේ කටයුතු කළ නිවේදක නිවේදිකාවන් 25 දෙනෙක් සහභාගි වෙනවා. මේ ප්‍රසංගයෙදී සිටි එෆ්.එම් නාළිකාවේ නිර්මාතෘ හඩ්සන් සමරසිංහ මහත්මයට සම්මානයක් ප්‍රදානය කරනවා.

නිවේදක හා පාලක ඉදිරිපත් කිරීම් සුජීව හරිස්චන්ද්‍ර මහතා දඅදහස් දක්වමින් මෙසේ කීය. ගොඩක් තියෙනවා. ගායකයෝ විශාල සංඛ්‍යාවක් මේ හරහා බිහි කරලා තියෙනවා. නිර්මාණාත්මක වින්දනයක් අසන්නට ලබාදෙන්නට අවකාශය ලැබිලා තියෙනවා. දැන් එය තවදුරටත් ඉදිරියට රැගෙන යන්නට අපට නවක නිවේදක පරපුරක් ඉන්නවා. ඔවුන් ඉතා දක්ෂයි. මේ අය හරහා අපට ඉදිරියේ දී පුළුවන් සිටි එෆ්.එම් සේවාව තව තවත් දියුණු කරගන්න.

(පැරණි ඡයාරූප හා ඉතිහාස තොරතුරු ලබාගැනීමේ දී සහයෝගය දුන් සමදරා කෝට්ටගේ, ගුවන් විදුලියේ සංරක්ෂණ පුස්තකාලයේ ජ්‍යෙෂ්ඨ සංවිධායිකා ජයලතා ධනවලවිතාන, චන්ද්‍රිකා ජයකාන්ති (පාලක වාචික වැඩසටහන්), ශ්‍රවන පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ දේවිකා හා වැඩබලන සිංහල සේවා අධ්‍යක්ෂ සුනිල් අබේසිරි, රේණුකා අලුත්ගේ යන මහත්ම මහත්මීන්ට විශේෂ ස්තුතිය.)

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්