කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන අලුත් කතාවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ගැන අලුත් කතාවක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කරළියේ කැළඹීමක් ඇති කළ ආන්දෝලනාත්මක පුවතක් පසුගියදා ක්‍රිකට් ක්ෂේත්‍රයේ දැඩි කතාබහට ලක්විය. ජාතික පුවත්පතක පසුගිය සතියේ පළවූ එම පුවතේ සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එක්වීමට නම් එහි කළමනාකාරීත්වයට සහ ඇතැම් තේරීම් කමිටු නිලධාරීන්ට ලිංගික අල්ලස් ලබා දිය යුතුව ඇති බවට තොරතුරු වාර්තාවන බවකි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ නළල රැළි ගැන්වූ මේ පුවත කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් ද, කාන්තා ක්‍රිකට් පිලේ කළමනාකරු සහ පුහුණුකරු ද, ක්‍රීඩිකාවන් ද දැඩි අපහසුතාවට පත් කළ එකකි. මේ පුවත සම්බන්ධව කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කළ ක්‍රීඩිකාවන්ගේ මවුපියන් ද දැඩි ලෙස විමතියට පත්ව සිටිති.

තවදුරටත් තම දියණිය ක්‍රිකට් ක්‍රීඩාවට යොමුකරන්නේ ද යන්න ද සිතාබැලිය යුතු ප්‍රශ්නයට ඔවූහූ මැදිව සිටිති. මේ හැරුණු විට අනාගතයේ දී ජාතික කාන්තා ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ සිහිනය දකිමින් සිටින මෙරට දහස් සංඛ්‍යාත පාසල් ක්‍රිකට් ක්‍රීඩිකාවන් ද මේ පුවතින් දෙගිඩියාවට පත්ව සිටිති.

ක්‍රිකට් බලධාරීන්ගේ ඉහමොළ රත් කළ මේ පුවත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ද වාර්තා වී තිබිණි. කවදත් ක්‍රීඩාව කෙරෙහි දැඩි ඇල්මකින් පසුවන ජනපතිවරයා මේ ගැටලුව විසඳීමට වහා මැදිහත් විය. ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමතා මේ සම්බන්ධව විමසා සිටි ජනපතිවරයා අනතුරුව අදාල කරුණ පිළිබඳ සොයා බලන ලෙස ක්‍රීඩා ඇමැතිවරයාට උපදෙස් දී තිබේ. ජනපති නියමයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත් ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කමිටුවක් පත්කොට අදාල කරුණු සොයා බලා සති දෙකක් ඇතුලත වාර්තාවක් සපයන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.

ක්‍රීඩා ඇමැතිවරයාගේ උපදෙස් මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මේ පිළිබඳ සොයා බැලීමට පත්කරනු ලැබූ කමිටුවට ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති මොහාන් ද සිල්වා, ලේකම් නිශාන්ත රණතුංග, උපලේකම් හිරන්ත පෙරේරා මහත්වරු සමග පිරිමි ක්‍රිකට් තේරීම් කමිටුවේ ප්‍රධානී නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය මහතා ඇතුලත්ව සිටිති. මේ කමිටුව මගින් ඉදිරියේ දී කාන්තා ක්‍රිකට් තේරීමේ කමිටුවේ නිලධාරීන්ගෙන් ද, කාන්තා ක්‍රිකට් පිලේ කළමනාකරු සහ පුහුණුකරුගෙන් ද කණ්ඩායමේ සියලුම ක්‍රීඩිකාවන්ගෙන් ද කරුණු විමසීමට නියමිතය.

කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය තුල මතුවී ඇති මෙවැනි ගැටලු මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වගකිව යුතු නිලධාරීන්ගේ අවධානයට ලක්නොවීම එක අතකින් විමතියට කරුණකි. අනිත් අතට මෙමගින් පෙන්නුම් කෙරෙන්නේ කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දක්වන උදාසීන ප්‍රතිපත්තියයි.

කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ කටයුතු සම්බන්ධව අවස්ථා ගණනාවකදීම මෙරට ජාතික පුවත්පත් විවිධ වාර්තා පළකොට තිබිණි. එහෙත් ක්‍රිකට් බලධාරීන් ඒ සම්බන්ධව අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. එබැවින් ජාතික කාන්තා ක්‍රිකට් පිලට එක්වීමට කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ ඇතැම් නිලධාරින්ට සහ කණ්ඩායමේ කළමනාකාරීත්වයට ලිංගික අල්ලස් ලබා දිය යුතුව ඇති බවට පළවූ පුවත එක් අතකින් ක්‍රිකට් බලධාරීන් අවදිකරවන්නට සමත්වූ එකකි.

මෑත කාලයේ මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය තුල මතුවූ ගැටලු රැසකි. ඉහත සඳහන් ලිංගික අල්ලස් සම්බන්ධ පුවත පළවූ දිනයේම තවත් ජාතික පුවත්පත් කීපයක් වාර්තා කොට තිබුණේ කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් අනවශ්‍ය ලෙස කණ්ඩායමේ අභ්‍යන්තර කටයුතුවලට අතපොවන බවකි. එමෙන්ම පුහුණුකරු සතු වගකීමක් වන කණ්ඩායමේ පිතිහරඹ ලැයිස්තුව සකස් කිරීමේ කාර්යයට ද කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් අනවශ්‍ය ලෙස බාධා කරන බවට තොරතුරු වාර්තා විය.

තරගයක් සැලසුම් කිරීම සහ පිහිහරඹ ලැයිස්තුව සකස් කිරීම කණ්ඩායමේ නායිකාව සමග සාකච්ඡා කොට පුහුණුකරු විසින් ගනු ලබන තීරණයකි. කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව ඊට බලපෑම් එල්ල කිරීම මෙරට කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රය පිරිහීමට හේතුවක් වනු ඇතැයි හිටපු ක්‍රීඩිකාවන්ගේ ද අදහසය. කාන්තා ක්‍රිකට් තේරිම් කමිටු සභාපතිගේ සහ එහි සාමාජිකයන්ගේ ක්‍රියා කලාපය ක්‍රීඩිකාවන්ගේ ද කළකිරිමට හේතුවක් වී ඇතැයි වාර්තාවිය.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පසුගියදා පැවැති විස්සයි20 ක්‍රිකට් තරගමාලාවට කණ්ඩායම නම් කිරීමේ දී පුහුණුකරුගේ සහ නායිකාවගේ අදහස් නොසළකා හැරීමේ චෝදනාවක් ද තේරිම් කමිටුවට එල්ලවිය. කණ්ඩායමේ පුහුණුකරුගේ හා නායිකාවගේ අදහස් නොසලකා තමන්ට අවශ්‍ය පරිදි කණ්ඩායම තෝරාගැනීමට කාන්තා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කිරීම මත පුහුණුකරු සහ නායිකාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට පැමිණිලි කර තිබූ බවටත් වාර්තා විය.

මෙවැනි කරුණු ගණනාවක් හේතුවෙන් කාන්තා ක්‍රිකට් තේරීම් කමිටු නිලධාරීන් සහ කණ්ඩායමේ නිලධාරීන් අතර කාලයක් පුරා සීතල යුද්ධයක් හටගෙන තිබිණි. දේශීය කාන්තා ක්‍රිකට් ක්ෂේත්‍රයට කළු පැල්ලමක් එක් කරමින් ලිංගික අල්ලස් ගිනිබෝම්බය පුපුරා ගියේ මේ සියලු ගැටලු මැදය.

කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට මෙරට ක්‍රීඩාලෝලීන්ගේ වැඩි අවධානයක් සහ උනන්දුවක් යොමුවී නොමැති බව සැබෑය. එහෙත් අන්තර් සමාජ, පාසල් හා ජාතික මට්ටමේ දස්කම් දක්වමින් ඉදිරියට පැමිණෙමින් සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවෝ අපමණය. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවට පාසල් මට්ටමෙන් නිවැරැදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් එය මෙරට ක්‍රීඩාලෝලීන් අතර වැඩි ජනප්‍රියත්වයක් ලබනු නිසැකය. ප්‍රධාන පෙලේ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල මෙන්ම ත්‍රිවිධ හමුදාවේ ද රැකියා අවස්ථා ක්‍රිකට් ක්‍රීඩිකාවන් සඳහා විවෘතව පවතින බැවින් වර්තමානය වනවිට ඊට ඉහළ පිළිගැනීමක් ලැබී ඇති බව පෙනේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල මෑත වකවානුවේ අන්තර් ජාතික තලයේ දස්කම්පාමින් ඉදිරියට පැමිණි කණ්ඩායමකි. විශේෂයෙන් ආසියානු කාන්තා ක්‍රිකට් පිටියේ ඉහළ දස්කම් දැක්වීමට පසුගිය කාලයේ මෙරට ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඔවුන් ලැබූ ආසන්නතම ජයග්‍රහණය වන්නේ පසුගියදා දකුණු කොරියාවේ දී නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු ක්‍රීඩා උළෙලකට සහභාගීවූ පළමු අවස්ථාවේදීම පදක්කමක් දිනා ගැනීම විශාල ජයග්‍රහණයකි. එය වසර අටකට පසුව ආසියානු ක්‍රීඩා උළෙලක දි ශ්‍රී ලංකාවට පදක්කමක් හිමිවූ පළමු අවස්ථාව ලෙසත් ඉතිහාසයට එක්විය.

එබැවින් ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උද්ගතවී ඇති අර්බුද කඩිනමින් විසඳීමට කටයුතු කිරීම ක්‍රිකට් බලධාරීන්ගේ වගකීමකි. ක්‍රීඩිකාවන්ට අනවශ්‍ය පීඩනයකින් තොරව ඉහළ මානසිකත්වයකින් යුතුව තරගයට මුහුණදීමේ පසුබිම නිර්මාණය කළ යුතුවන්නේ ද ක්‍රිකට් බලධාරීන්මය.

එවිට 1996 එක්දින ලෝක කුසලානයත්, මේ වසරේ විස්සයි20 ලෝක කුසලානයත් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කරදුන් ඇන්ජලෝ මැතිව්ස් ප්‍රමුඛ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම චමරී අතපත්තු ප්‍රමුඛ කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ද අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකා ධජය ඉහළට ඔසවා තබන දිනය ඉක්මනින් එළැඹෙනු ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්