කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අපේ හොඳම දක්ෂකම තියෙන්නෙත් ජාත්‍යන්තර මට්ටමට හුඟක් පහළින්්

ජාතික ක්‍රීඩා පසු විපරම

අපේ හොඳම දක්ෂකම තියෙන්නෙත් ජාත්‍යන්තර මට්ටමට හුඟක් පහළින්්

ජාතික ක්‍රීඩා උලෙළේ සූරතාව කාටද යන්න තරගාවලිය ආරම්භයේදීම තීරණය වී අවසන්ය. ඒ විශාල භෞතික සම්පත් ප්‍රමාණයකට හිමිකම් කියන බස්නාහිර පළාත සහ සෙසු පළාත් අතර ඇති පරතරය හේතුවෙන්ය. ඒ අනුව යමින් මෙවර ද ජාතික ක්‍රීඩා උලෙළේ සූරතාව හිමි වුණේ බස්නාහිරට ය.

බොහෝ ක්‍රීඩාවන්ට මෙන්ම මලල ක්‍රීඩාව ගත් විට ද ජාත්‍යන්තර මට්ටමේ තරගයකට සමීප පහසුකම් ඇත්තේ බස්නාහිරය. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය සහ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ දෙකම ඇත්තේ බස්නාහිර පළාතේ කොළඹ ය.

නමුත් මලල ක්‍රීඩාවේ මූලික පුහුණුව සදහා අවශ්‍යය වටපිටාව සකසා ගැනීමට හැකි ඉඩක් අනෙකුත් ප්‍රදේශවල අඩු - පාඩු සහිතව තිබීම මෙන්ම, ජාතික මට්ටමට පැමිණි පසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට කොළඹ ආශ්‍රිතව රැදෙන්නට සිදුවන නිසා ද මෙහිදී අගනුවර අබිබවා දක්ෂතා දැක්විය හැකි විශාල ප්‍රමාණයක් සෙසු ප්‍රදේශවලින් මලල ක්‍රීඩාවට ප්‍රවේශ වී සිටිති.

එවැනි වට පිටාවක මලල ක්‍රීඩාවට උචිතම පොළොවක ජාතික ක්‍රීඩා උලෙළේ මලල ක්‍රීඩා තරග පැවත්වීමෙන් වඩාත් තරගකාරී වට පිටාවක මලල ක්‍රීඩාවේ දක්ෂතා සැලකිය යුතු තරමින් ඉහළ යාමට ඉඩ ඇතත් එම තරග දිවයිනේ විවිධ ප්‍රදේශවලට රැගෙන යාමට ක්‍රීඩා අමාත්‍යංශයේ නිලධාරීන් ගනු ලබන තීරණය නිසා අවශ්‍ය ප්‍රතිඵල නොලැබී යයි. මෙවරද අනුරාධපුරයේ ජාතික ක්‍රීඩා උලෙළේ අවසානයේ මලල ක්‍රීඩා වාර්තා පොත සැකිය යුතු මට්ටමෙන් වෙනසකට භාජනය නොවූයේ ඒ හේතුව නිසාය.

එම නිසා මෙවර ජාතික ක්‍රීඩා උලෙළේ බිහි වූ එකම ජාතික වාර්තාව ලෙස මිටිය වීසි කිරීමේ ඉසව්වේදී ඌව පළාතේ අයේෂා මධුවන්ති තැබූ වාර්තාව සටහන් වුණා. පළමු වරට ඉසව්වට ජාතික මට්ටමෙන් තරග වැදුණු අයේෂා, මීටර් 42.74 ක දක්ෂතාවක් දක්වමින් මෙම වාර්තාව පිහිට වූවාය.

මෙහි ලෝක වාර්තාව සහ යුරෝපා වාර්තාව මීටර් 79.58 ක් ද, උතුරු ඇමෙරිකානු සහ මධ්‍යම ඇමෙරිකානු වාර්තාව මීටර් 76.62 ක් ද වෙනවා. ආසියානු වාර්තාව වන්නේ මීටර් මීටර් 77.68 ක් වන අතර අප්‍රිකානු වාර්තාව මීටර් 69.70 ක් වෙනවා. ඕස්ට්‍රේලියානු වාර්තාව මීටර් 71.12 ක් වන අතර දකුණු ඇමෙරිකානු වාර්තාව සදහන් වන්නේ මීටර් 73.74 ක් ලෙසයි.

අයේෂාගේ දක්ෂතා අවම ලෙස නොගත්තද මෙම ඉසව්ව අපේ රටේ ක්‍රියාත්මක වන තත්ත්වය තේරුම් ගැනීමට මෙම දත්ත ඉවහල් වන අතර ඒ නිසා එම දක්ෂතාව පිටියේ තත්ත්වය යහපත් යැයි කීමට ප්‍රමාණවත් සාක්ෂියක් නොවන බව පැහැදිලි කරනවා.

තරගාවලිය පුරාම කෘත්‍රිම ධාවන පථයක් සහ පැනීම් සහ වීසි කිරීම් ඉසව් වලට යටත් වූ ජාත්‍යන්තර තත්ත්වයේ බිමක් ද නොමැතිව ක්‍රියාත්මක වූ ක්‍රීඩා උලෙළේ දක්ෂතා වලට පිටිය කළමනාකරණයේ අපොහොසත්කම ද බෙහෙවින් බල පෑ බව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අදහස වූවා.

උදාහරණයකට දුර පැනීමේ ඉසව්වේ ධාවන ප්‍රදේශය වැසි දියෙන් ආරක්ෂා කරන ලෙස එම ඉසව්වට පෙර දිනයේම ඉල්ලීම් ලැබුණ ද, ලැබුණු යහපත් ප්‍රතිචාර වැසි දියේම සේදී ගිය වචන බවට පත් වුණා. ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි හොදම උදාහරණය ඉකුත් වසරේ දුර පැනීමේ ඉසව්වේ දක්ෂතා මීටර් 7.50 ඉක්මවා ගිය තිදෙනෙක් සිටිය ද මෙවර ජයග්‍රාහකයා තීරණය වූයේ මීටර් 7.04 ක දක්ෂතාවයකින් වීමයි.

කෙසේ වුවත් මෙම තත්ත්වය යටතේ මලල ක්‍රීඩා අංශයේ දී චන්ද්‍රිකා සුභාෂිණි උලෙළේ දක්ෂතම ක්‍රීඩිකාව වෙමින් වර්තමාන කෙටි දුර සූරිය ලෙස සිය කීර්ති නාමය රැක ගැනීමට සමත් වුණා. මංජුල කුමාර විජේසේකර උස පැනීමේ ඉසව්වේදී කළ දස්කම ඔහුගේ පෞද්ගලික දක්ෂතාවට බොහෝ මෙපිටින් වුව ද, ඔහුට එම දක්ෂතාව (මීටර් 2.15) උලෙළේ දක්ෂතම ක්‍රීඩකයා වන්නට ප්‍රමාණවත් සාක්ෂි සැපයූවා.

එමෙන්ම චන්ද්‍රිකා උලෙළේ මීටර් 200, 400 කේවල ඉසව් මෙන්ම 100 සහය දිවීමේ ඉසව්ව ද වයඹට දිනා දෙන්නට පෙරමුණ ගනිමින් රන් පදක්කම් ත්‍රිත්වයකට හිමිකම් කීවා. නමුත් දකුණු පළාතේ ඩබ් කේ එල් නිමාලි මූලිකත්වය ගනිමින් ඉකුත් වසරේ වයඹට අහිමි කළ මීටර් 400 සහය දිවීමේ රන් පදක්කම මෙවරත් වයඹට අහිමි කරන්නට නිමාලි ලා ට හැකියාව ලැබුණා පළපුරුදු ක්‍රීඩිකා එන්.සී.ඩී ප්‍රියදර්ශනී උලෙළේ වේගවත්ම ක්‍රීඩිකාව වෙමින් සිය ප්‍රධාන ඉසව් වන, දුර පැනීමේ ඉසව්වට සහ තුන් පිම්ම ඉසව්වට සහය පිණිස තෝරා ගෙන තිබෙන මීටර් 100 ඉසව්ව ජය ගත්තේ තමන්ගේ ප්‍රධාන ඉසව් දෙකේ රන් පදක්කම් ද සමඟ රන් පදක්කම් ත්‍රිත්වයකට හිමිකම් කියමින්.

චරිත් කපුකොටුව තමන්ගේ වීසි කිරීම් හැකියාව පසුගිය කාල පරිච්ඡේදය පුරා ඇ‍ෙමරිකාවෙන් වර්ධනය කර ගෙන පැමිණ ලංකාවෙ මලල ක්‍රීඩා පිටියේ වාර්තා පොත් අලුත් කළ ද, මෙවර පිටිය සමඟ ඔට්ටු වෙමින් එය කළ නොහැකි වුණා. නමුත් මිටිය වීසි කිරීම, යගුලිය සහ කව පෙත්ත යන ඉසව් ත්‍රිත්වයේම රන් පදක්කම අපහසුවකින් තොරව සිය කර පලදා ගැනීමට කපුකොටුව සමත් වුණා.

පළාත් මට්ටමෙන් නොවුණත් කලාප ලෙස බෙදා හෝ අන්තර් ජාතික මලල ක්‍රීඩා පිටි කිහිපයක් මේ රටේ විවිධ දේශගුණික කලාප වලට වෙන් කර තැනෙනවා නම් ක්‍රීඩාව තව වර්ධනය කළ හැකි බව මේ ක්‍රීඩා උලෙළ හරහා නිහඩවම කියා පෑවා. ඒ අතරින් ආසියාතික යොවුන් තරගාවලියට සූදානම් වන හම්බන්‍තොට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය ඉදි කිරීමට නියමිත ප්‍රදේශයට ඉතාම ආසන්නයේ වෙසෙන ඩබ්ලිව්.කේ.එල්.ඒ නිමාලි, ගයන්තිකා තුෂාරි අබේරත්න සහ එරංගා දුලක්ෂි පිළිවෙළින් මීටර් 800, මීටර් 1500 සහ මීටර් 400 කඩුලු ඉසව් ජය ගැනීමට අමතරව ඉහත නම් සදහන් ආකාරයටම මීටර් 800 ඉසව්වේ ප්‍රථම,දෙවන සහ තෙවන ස්ථාන සදහා ඔවුන් හිමිකම් කීම ද අවධානයට ලක් විය යුතු කරුණක්.

ඒ අනුව ක්‍රීඩා උලෙළ ඉලක්ක පිරිසට ඒ ප්‍රදේශය පුහුණුවෙන් හොද ප්‍රතිඵල ලැබිය හැකි බවට(මැදි දුර විශේෂයෙන්) ලැබෙන මෙම ඉඟිය තරගාවලිය ඉලක්ක කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් එම ප්‍රදේශයේ පුහුණු පහසුකම් සැකසීමට ලබා දුන් යහපත් ඉඟියක් බව කිව යුතුයි.

එමෙන්ම මලල ක්‍රීඩාව වෙන් කර වෙනත් ක්‍රීඩා ගත්ත ද, ඇතැම් ක්‍රීඩා ඉසව් වල දක්ෂතා සඳහා සුවිශේෂී වූ ප්‍රදේශ තිබෙන බව මෙම තරග උලෙළේ දී ද පැහැදිලි කළා. ඒ තත්ත්වයන් ද ක්‍රීඩා බලධාරීන් හඳුනා ගත යුතු අතර ජාතික සංචිත නම් කර එම පරිසරයන්හී සහ එම පරිසරයන් හී පුහුණුකරුවන්ගේ සහය ද ඇතිව පවත්වා ගෙන යාමේ වැදගත්කම මේ හරහා හදුනා ගත යුතු වෙනවා.

ක්‍රීඩා උලෙළේ පසු විපරමේ දී තාක්ෂණික අඩු ලුහුඩුකම් වැඩි අවධානයකින් කතා කළ යුතු වෙනවා. එහිදී පොළොව ද ප්‍රධාන කොට සැලකිල්ල දැක් විය යුතු කාරණයක් බවට පත් වන්නේ නිතැතින්. නිලධාරීන් සාමාන්‍යයෙන් ක්‍රීඩා උලෙළේ ලස්සන කියා පෑමට වර්ණවත් සංදර්ශන ගැන කතා කිරීමට නොයන්නේ නම් මේ මොහොතේ එය ක්‍රීඩාවට කළ යුතු විශාල සේවයක් ලෙස සැලකිය හැකියි.

වඩා වැදගත්ම දේ ක්‍රීඩා ජයග්‍රහණ බව රජය මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ද සිතන බව පැහැදිලියි. දැන් තිබෙන අභියෝගය පුරන් වී තිබෙන ජය බිමෙන් ජයග්‍රහණයේ අස්වනු නෙළා ගැනීමයි. ඊට අවශ්‍යය දිය පොහොර කවරේද යන්න නිරීක්ෂණාත්මක ප්‍රතිඵල සමඟ සාකච්ඡාවට ගැනීම හෙට දවසේ ක්‍රීඩාවේ වගකීමයි.

2016 ජාතික ක්‍රීඩා උලෙළ සරු අස්වනු නෙළා ගත හැකි කෙත් යායක් වේවා යන්න සිළුමිණ ප්‍රාර්ථනයයි.පුරන් බිමෙන් සරු අස්වනු ‍නෙලා ගැනීමේ අභියෝගයට සූදානම් වෙන්න!


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්