කොස්ලන්දේ තව ප්‍රදේශ දෙකක නාය යාමේ ලකුණු

 
 

කොස්ලන්දේ විපත ගැන සිතමින්....

 
 

18 සංශෝධනයෙන් ජනාධිපතිතුමාට යළි තරග කිරීමේ බලය ලැ‍ෙබනවා

 
 

උන්හිටි තැන් අහිමි වූවන්ට නව නිවාස

 
 

මං පොරක් කියා කවදාවත් හිතන්නේ නෑ

 
 

මුල් පිටුව

 
 

ආණ්ඩු ඇති කරන්නත් නැති කරන්නත් පත්තරවලට පුළුවන්කමක් නැහැ

 
 

ම‍ගෙ නවකතාව කියවල දූවරු රියදුරන් එක්ක හාද වුණා කියල අම්මලා මට බැන්නා

 
 

BMW ගොල්ෆ් කප් ජයග්‍රාහකයන්ට ඕස්ට්‍රේලියාවේ ජගත් තරගාවලියට ඉඩ

 
 

තම ලෙයින් හැදුණු දරුවා තමාගේ නොවෙයි කී භූතයා

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

පස් කන්දේ සැඟවුණු දුක් කන්ද

මීරියබැද්ද නායයාමේ ඛේදවාචකය

පස් කන්දේ සැඟවුණු දුක් කන්ද

අමතක වීමෙන්  ජීවිතය බේරුණා

ළු ලෝකයම පෙරළෙනවා වගේ විශාල ශබ්දයක් ඇසුණා. කවදාවත් දැකලා නැති විදියේ විශාල දුමක් ඉහළ නඟිනවා වගේ දැක්කා. ඒ දුමක් නෙවෙයි. කඳුවැටියම පුපුරලා වගේ ඉහළට විසිවී ලයිම් කාමර, කෝවිල, මිනිසුන්, හරකුන්, එළුවන්, කුකුළන් මේ සියල්ල යට කරගෙන ඒ පස් කන්ද ඇදිලා ගියා. මම ඒ වෙලාවේ හිටියේ කන්ද මුදුණේ තේ දලු නෙළමින්, මොනවා කරන්න ද කියලා හිතාගන්නවත් බැරිවුණා. පහළ තිබුණු ගෙවල් දොරවල් කිසිවක් පේන්න නැහැ. කෑ ගහලා විලාප තියලා ඇඬුව එක විතරයි අපිට කරන්න පුළුවන් වුණේ” යැයි මෙම විපත තම ඇසින් දුටු කරුපයියා යෝගරාජන් කියා සිටියේය.

කොස්ලන්ද මීරියබැද්ද වතු යායේ පසුගිය 29 වැනිදා පෙරවරු 7.30 ට පමණ සිදුවූ නායයෑම තම ඇසින් දුටුව යෝගරාජාට මෙම විපතට බඳුන් වූ තම පවුලේ පිරිස බේරාගත නොහැකි විය.

මම ගෙදර ඉඳලා උදේ 6.30 ට වැඩට ආවා. මට එදා වැඩ තිබුණේ මීරියබැද්ද ඉහළ කොටසේ මම ඒ කන්දට වෙලා වැඩ කරගෙන ඉන්නකොට තමයි මේ සිද්ධිය වුණේ. මම උදේ වැඩට එනකොට මාගේ පවුලේ අම්මා තාත්තා අක්කා මල්ලි හතරදෙනාම ගෙදර හිටියා. උදේ 6.30 ට ගෙදරින් යන විට දැකලා ගිය මේ හතර දෙනාගේ ජීවිත 7.30 වන විට නැතිවෙලත් ඉවරයි.”

දෙවියන් ඇයි මාව ගෙදරින් පිටකරලා මේ දෙය සිදු කළේ. මමත් ඉන්නකොට මේ දේ වුණානම් මට කිසිම දුකක් නැහැ. මම ගෙදරින් යනකොට මේ අය දකින අවසාන මොහොත කියලා නිකමටවත් හිතුණේ නැහැ. දැන් මම විතරක් ජීවත්වෙලා මොකට ද යැයි අසමින් ඔහු විලාප තබයි.

මේ ආකාරයෙන් කොස්ලන්ද මීරියබැද්ද වතු යායේ සිදුවූ නායයෑමෙන් සැමියා අහිමි වූ භාර්යාවන්, මවුපියන් අහිමි වූ දරුවන්, සහෝදර සහෝදරියන් අහිමි වූ සහෝදර සහෝදරියන්, භාර්යාව අහිමි වූ සැමියන් දරුවන් අහිමි වූ මවුපියන් පමණක් ඉතිරි වූහ.

යෝගානන්ද රාජා

පී. කාමදේවන්

මේ නායයෑමෙන් ඉතිරි වූ පිරිස් රැඳී සිටින්නේ කොස්ලන්ද දෙමළ මහ විදුහල, මීරියබැද්ද දෙමළ විදුහල හා අම්පිටිකන්ද දෙමළ විදුහලේය. මේ සියලු ස්ථානවලින් ඇසෙන්නේ එකම විලාප හඬක් පමණි.

නායයෑමෙන් අවසන් වරට බේරුණු පුද්ගලයා වූයේ මීරියබැද්ද කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයේ භාරකරු සුබ්‍රමනියම් යෝගානන්ද රාජා (42) තමන් මේ ඛේදවාචකයෙන් ගැලවුණු ආකාරය විස්තර කළේ මෙසේ ය.

“මම උදෙන්ම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයට ආවා. මිනිස්සු ගේන කිරි එකතු කරලා උදේ 7.35 ට විතර ආපු පළමුවන ලොරියට බාර දුන්නා. ලොරිය පිටත්වෙලා යන්න හදනකොටම රියදුරුට ලියුමක් දෙන්න තියෙනවා කියලා මතක් වෙලා කෑගහලා ලොරිය නතර කළා. ඉන් පස්සේ මම කිරි මධ්‍යස්ථානයට ගිහින් ඒ ලියුම අරගෙන එළියට එනකොට විශාල දුමක් වගේ අහස උසට නඟිනවා දැක්කා.

සින්නම්මාගේ දුක

මට තේරුණා ලොකු විනාශයක් කියලා මම කෑ ගහපු පාරට පස්ස හැරී බලපු රියදුරු තංගරාජා ලොරියෙන් පැනලා දුවන්න පටන්ගත්තා. අපි දෙන්නම බේරුණේ ඒ විදිහට දුවලයි. යම් හෙයකින් මට ඒ ලියුම අමතක වුණේ නැත්නම් මම ඉන්නේ කිරි මධ්‍යස්ථානය තුළ.”

මේ පස් කන්දට යටවූ කිසිවකුත් දිවි ගලවා ගැනීමට හැකි වූයේ නැත.

පාසල් කම්කරුවකු ලෙස කටයුතු කරන පී. කාමදේවන් (60) තමන්ට සිදුවූ හානිය විස්තර කරමින් මමත් මගේ භාර්යාවත් උදෙන්ම වැඩට ගියා. උදේ 8.30 ට විතර මට කෝල් එකක් ආවා මීරියබැද්දේ ලොකු නායයෑමක් වෙලා ගෙවල් ඔක්කොම විනාශ වෙලා කියලා. මම දුවගෙන ආපහු ඇවිත් බලනකොට ගෙයක් තියා එවැනි ගෙවල් දොරවල් තිබුණ ද කියලා හෝ හිතාගන්න බැහැ.

අපි වැඩට යනකොට ගෙදර හිටියේ මගේ දුවයි බෑනයි විතරයි. මේ දෙන්නා කසාද බැඳලා හරියටම අවුරුද්දයි. ඒ දෙන්නම අද නැහැ. හීනෙන්වත් නොහිතු දෙයක් තමයි මේ ගමට සිදුවුණේ යැයි කීවේය.

නායයෑමට ලක්වූ ප්‍රදේශයේ ආරක්ෂක හමුදාව විසින් ඩෝසර්, බැකෝ යන්ත්‍ර යොදාගෙන මෙහෙයුම් සිදුකරන ස්ථානයට පැමිණ විලාප නඟමින් හඬා වැලපුණු කාන්තාවක කියා සිටියේ මෙවැනි ශෝචනීය කථාවකි. ඇය සින්නම්මා (32).

මගේ අම්මයි තාත්තයි අයියයි මේ ගෙදර හිටියේ. මම කසාද බැඳලා තලවකැලේ පදිංචියට ගිහින් අවුරුදු 12 ක් වෙනවා. අද අම්මයි තාත්තයි මාව බලන්න තලවකැලේ එනවා කිව්වා. එහෙම තියෙද්දි තමයි මේ දෙය වෙලා තියෙන්නේ. අයියා එයාගේ බබා පාසලට එක්කගෙන යනකොට තමයි මේ නාය ගිහින් තියෙන්නේ. ඒකෙන් අයියාගේ බබාට තුවාල වෙලා දැන් දෙන්නම දියතලාව රෝහලේ.

මෙතන නාය යනවා කියලා හුඟාක් කල් ඒ නිසා උඩ ගෙවල් හදාගත්තා. ඒ ගෙදර ඉඳලා ළමයා ඉස්කෝලේ එක්කගෙන යන්න බැහැ කරදරයි කියලා අයියා අම්මලත් එක්ක මේ ගෙදරම පදිංචි වෙලා හිටියා. එහෙම නැතිව උඩ ගෙදරට ගිහින් තිබුණානම් අද මට මේ හැමෝම ඉන්නවා.

මේ ඛේදවාචකයෙන් විපතට පත් දරුවන් 75 දෙනකු කොස්ලන්ද හා අම්පිටිකන්ද පාසල්වල රඳවාගෙන සිටින අතර එහි සිටි නිරෝෂන්ගේ (7) දෙමවුපියන් දෙදෙනාම අහිමිය. ඒ දරුවා ද හඬා වැලපෙමින් සිටිනු පෙනිණි. ඔහු ළඟට ගොස් ඇයි බබා අඬන්නේ යැයි විමසු විට “මම ඉස්කෝලේ යනකොට තාත්තා කිව්වා ටවුමට ගිහින් මට චොකලට් ‍ගේනවා කියලා. තවම අම්මයි තාත්තයි ආවේ නැහැ. මට බයයි.” යනුවෙන් කීවේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්