තරු තොරතුරු
තරු
තොරතුරු
අඳුන ගන්න
බැරි තරමට
කළු වෙලා පියුමි ශානිකා බොතේජු මේ දවස්වල නිවේදනයට, ටෙලිනාට්‍යවලට වගේම චිත්‍රපට
සඳහා නැතිවම බැරි නිළියක්. පසුගිය දවස්වල පියුමි අලුත්ම ටෙලි නාට්‍ය
කිහිපයකටම දායක වුණා. මේ අතර ඇය රඟන 'සබ්බ සකලමනා' ටෙලි නාට්‍යය
ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. පසුගිය දවසක මේ ටෙලි
නාට්‍යයේ රූගත කිරීම් බොල්ගොඩ ගඟ අසල සිදුවුණා. ගඟේ බෝට්ටුවල නැඟීගෙන සිදු කරන්න
වූ රූගත කිරීම් නිසා ඇය නොහිතපු අන්දමේ අද්දැකීම් වලටත් මුහුණ දුන් බව අපිට
දැනගන්න ලැබුණා.
'මම රංගනයෙන් දායක වු 'සබ්බ සකලමනා' ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක්ම පසුගිය
දවස්වල රූගත කළේ බොල්ගොඩ ගගේ. මේ දවස්වල හොඳටම අව්ව සැර නිසා නොසිතපු විදිහට
අව්වට අපි හැමටම මුහුණ දෙන්න සිදු වුණා. දැඩි අව් රශ්මිය මධ්‍යයේ රූගත කිරිම් සිදු
වු නිසා මට මාවම අඳුන ගන්න බැරි තරමට මගේ මුළු මුහුණම කළු වෙලා. කොහොම වුණත්
දර්ශන තලයට එනකොට අපි හැමදෙනාම අවුවේ පිච්චෙනවා. පුදුමය කියන්නේ ඇක්ෂන්
කියත්දී ඒ පිච්චිලි ඉබේම අමතක වෙනවා. ආයෙත් චරිතයට අනුගත වෙලා රඟපානවා.'
රන්ජන් ගැන
කියන්න අවස්ථාවක් මේ දවස්වල ජනප්‍රිය නළු රංජන් රාමනායක ගැන අලුත්ම ආරංචියක් පැතිර යනවා.
ඔහු ගැන මේ ආරංචිය පතුර වන්නේ රන්ජන්ගේ ජීවිත කතාව පොතකට නඟන ජේෂ්ඨ මාධ්‍යවේදී
අර්නස්ට් වඩුගේයි. අපිට ලැබුණු මේ ආරංචිය ගැන වඩුගේ ගෙන්ම අපි විමසා බැලුවා.
'මම මේ දවස්වල ලියාගෙන යන රන්ජන්ගේ ජීවිත කතාව වෙනුවෙන් තමයි මේ ඉල්ලීම කරන්නේ.
මේ කෘතියේ රන්ජන්ගේ ජීවිතයේ විවිධ පරිච්ජේද ඇතුළත් වෙනවා. රන්ජන් ගමේ ගෙවූ
ජීවිතය, සිනමාවට එක් වූ අයුරු, ඔහුගේ පෙම් කතා වගේම ඔහු ගේ දේශපාලන දිවියත්
මෙයට ඇතුළත් වෙනවා.
ඒ වගේම රන්ජන්ට ලංකාව පුරාමත් විදෙස්රටවලත් රසිකයන්,
ප්‍රෙක්ෂකයන්,මිතුරන් රැසක් සිටිනවා. මේ අතරතුරු රන්ජන් උදව් උපකාර කළ බොහෝ
පිරිසක් සිටිනවා. ඉතින් ඒ අයට රන්ජන් ගැන බොහෝ දේ මතක ඇති. විශේෂයෙන් රන්ජන්ගේ
රසිකයන්ට රන්ජන් ගැන නොමැකෙන මතකයන් රැසක් ඇති. වැදගත් සිදුවීම් ඇති. මේ
තොරතුරු මට දැනුම් දෙන්න කියලා මම රන්ජන්ගේ රසිකයන්ගේන් ඉල්ලා සිටිනවා. මොකද
රන්ජන්ගේ ආදරණිය රසිකයන් වෙනුවෙන් මම රන්ජන්ගේ ජීවිත කතා පොතේ පරිච්ජේදයක්
වෙන් කරනවා.
මව්වරුනට
උපහාරයක් ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියෙන් ජනප්‍රියත්වයට පත් ගායිකාවක් තමයි කමනි
ලසන්තිකා. පසුගිය දවසක කමනි හා හා පුරා කියලා ඇගේ නවතම ගීතයක් රසිකයන් අතරට
ගෙන ආවා. ඒ ගීතය කමනි ආදරෙන් ගැයූ මව් ගුණ ගීතයක්. මේ ගීතය වෙනුවෙන් මේ වන විට
කමනි ලස්සන රූප රචනාවක්ද නිර්මාණය කර තිබෙනවා. නිතර මාධ්‍ය නාළිකා
කිහිපයකින්ම ඇසෙන මේ ගීතය ගැන කමනිගෙන් අපි විමසා බැලුවා.
කමනි ඇතුළු ප්‍රඩක්ෂන් කෲ එකට අපූරු සිදුවීමකට මුහුණ පාන්නත් සිදුවෙලා තිබුණා.
'මම මේ ගීතයට හරිම ආදරෙයි. බොහෝ කාලයක සිට මෙවැනි ගීතයක් නිර්මාණය කිරීමේ බලා
පොරොත්තුව මගේ හිතේ තිබුණා. මම මගේ මවට හුඟක්ම ආදරෙයි. ඇය වෙනුවෙන් වගේම ලෝකයේ
සෑම මවක් වෙනුවෙන්ම මේ ගීතය උපහාරයක් වේවා කියා මම පතනවා. මේ දවස්වල ටීවී
නාළිකාවලට මගේ ගීතය රිලීස් කර තිබෙන නිසා ඒ ගීතය අහන හුඟ දෙනෙකුගෙන්ම මට හොඳ
ප්‍රතිචාරයක් ලැබෙනවා.'
මෙහෙමත් ගීත ගැයිමක්
කුමාර රණපුර කියන්නේ දක්ෂ සටන් නළුවෙක් වගේම ගායකයෙක්. මේ දවස්වල කුමාර
ටෙලි නාට්‍ය කීපයකටම වගේම නවතම චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වෙනවා.
පසුගිය දවසක කුමාර ටී.වී රියැලිටි වැඩසටහනකට සහභාගි වී සිටිත් දී මුහුණ පෑ
අපූරු පුවතක් අපිට ආරංචි වුණා. ආරංචියේ හැටියට නම් කුමාර තිබුණේ ගීතයක් ගායනා
කරන්නයි. කුමාරට හොඳටම ගායනා කරන්න පුළුවන් ගීත දෙකක් පමණයි තිබෙන්නේ.
ඔහු
කොතන ගියත් ලස්සනටම ගායනා කරන්නේ මේ ගීත දෙකයි. ඒ තමයි ප්‍රවීණ ගායක සමන් ද
සිල්වා ගයන 'නියරේ පිය නගලා... ' සහ 'තණ නිල්ල දිගේ..' ගීත දෙක. අනෙක් ගීත ගැයීම
නම් කුමාරට හරිම අපහසුයි. තාලය වචන පටලැවෙනවා. කොහොම වුණත් මේ වැඩ සටහනේ දී
කුමාර නොහිතපු අකරතැබ්බයකට මුහුණ පෑවා. ඒ ගැන කුමාරගෙන්ම අපි විමසා බැලුවා.
'මේ වැඩසටහනට මාත් සමඟ මගේ මිතුරන් කිහිප දෙනෙකුත් සහභාගි වුණා. යාළුවො
වුණහම උදව් කරනවට වඩා කරදරමනෙ දාන්නේ. මේ අය හොඳමට දන්නවා මම ගායනා කරන්න
සූදානම් වෙලා ආපු ගීත දෙක. කොහොම හරි මම ගායනා කරන්න සුදානම් වෙලා ආපු ගීත දෙකම
මේ දෙන්නා ගායනා කළා. මොනව කරන්නද මම කල්පනා කරලා කල්පනා කරලා වචන මතක් කරලා තවත්
ලස්සන ගීතයක් ගැයුවා. මම අමාරුවෙන් ඒ අභියෝගය ජයගත්තා. ඒත් ඉතින් මේ අයගේ
විහිළුවලින් නම් තවමත් අඩුවක් නම් නැහැ'
සන්ධ්‍යා ගේ ගුරු බැතිය
අග හිඟකම් මැද ජීවත්වන දරුවන් පිරිසකගේ අධ්‍යාපන කටයුතුවලට ආධාර පිණිස
පැවැත්වූ සංගීත ප්‍රසංගයක් පසුගියදා සිද්ධමුල්ල සංඝාරාම විහාරස්ථානයේ දහම්
පාසල් ගොඩනැඟිල්ලේදී පැවැත්වුණා.
විශාරද සන්ධ්‍යා බුලත්සිංහලත් එයට සහභාගි වී ගායනා කළා. ගායක මිත්‍ර කපුගේ ද
ඊට එක්වුණා.
සන්ධ්‍යා, විශාරද මාලිනී බුලත්සිංහලගේ නැගණියක්. ප්‍රසංගය නිමවූ
පසුව සන්ධ්‍යා අසලට පැමිණි වයෝවෘද්ධ ගුරු මාතාවක් ඇයට කතා කළා. ඒ,
බොරලැස්ගමුව මහා විද්‍යාලයේ ඉගෙන ගත් කාලයේදී තමන්ට ඉගැන්වූ රත්නාවලී
ගුරුතුමිය බව හඳුනා ගන්නට සන්ධ්‍යාට වැඩි වෙලාවක් ගතවුණේ නැහැ.
සන්ධ්‍යා පමණක් නොවෙයි. වැඩිමල් සොයුරිය මාලිනී ඇතුළු පවුලේ කිහිප දෙනෙකු ම මේ
ගුරුතුමියගෙන් සිප් සතර හදාරා තිබෙනවා. සන්ධ්‍යා මොහොතක් හෝ පමා නොවී
ගුරුතුමියට දණ ගසා වැන්දේ කීකරු සිසු දියණියක් විලසින්.
“මේ ටීචර් එදා වගේ ම අදත් ලස්සනයි.” සන්ධ්‍යා අවට සිටි විශාල පිරිසට කිවා. “දුවේ,
ඔයා ඒ කාලෙ අවුරුදු කුමාරිටත් තේරුණා නේද?” යි ගුරුතුමිය, සන්ධ්‍යාට අතීත
සිදුවීමක් ඒ සමඟම සිහිපත් කළා.
තුෂාරි නේරංජා
|