සිනමා සක්විති ගාමිණී ජන්මදින වෙනුවෙන් හොඳම චිත්‍රපට 10 සංරක්ෂණයට
සිනමා සක්විති ගාමිණී ජන්මදින වෙනුවෙන්
හොඳම චිත්‍රපට 10 සංරක්ෂණයට

 අසහාය රංගධරයෙක්, අධ්‍යක්ෂවරයෙක්, ගී පද රචකයෙක් ලෙස සිංහල සිනමාවේ
සුවිශේෂි මෙහෙවරක් සිංහල සිනමාවේ සක්විති ගාමිණි ෆොන්සේකා රංගධරයන්ගේ පසු
ගිය 21 වන දාට යෙදුණු 80වන ජන්ම සංවස්තරය නිමිති කොට ගෙන ඔහු රංගනයෙන් දායක වූ
පරසතු මල් ඇතුළු සිංහල සිනමාවේ 50 වසරක තුළ බිහි වූ තවත් විශිෂ්ටතම සිනමා
නිර්මාණ 10 ක් සංරක්ෂණය කිරීමට ගාමිණි ෆොන්සේකා පදනම සූදානම් වෙයි. පනහ දශකයේ
මුල් භාගයේදි රේඛාව සිනමා නිර්මාණයෙන් සිය රංගන දිවිය ඇරැඹි ඔහු සංදේශය,
වැලිකතර, නිධානය, සූර චෞර්යා, චන්ඩියා, ආත්ම පූජා සහ හුලවාළි යන චිත්‍රපට ඔස්සේ
සිංහල සිනමාවේ නොමියෙන මතකයන් රැසක් සනිටුහන් කළේය.
 |
දමිත් ෆොන්සේකා |
සංරක්ෂණය කිරීමට නියමිත චිත්‍රපට අතරින් හොඳම නළුවාට හිමි සම්මානයෙන්
පිදුම් ලබමින් ගාමිණි ෆොන්සේකා සිනමා දිවියේ එක්තරා කඩඉමක් වූ බොනි මහත්තයා ගේ
චරිතය ඇතුළත් පරසතු මල් චිත්‍රපටයෙන් එම කර්තව්‍ය ඇරැඹීමට තීරණය කළ බව
ගාමිණි ෆොන්සේකා පදනම වෙනුවෙන් ගාමිණි ෆොන්සේකා ගේ පුත් දමිත් ෆොන්සේකා පවසයි.
වසර 50 තුළ බිහි වු හොඳම චිත්‍රපට මෙලෙස සංරක්ෂණය කිරිම ලෙහෙසි පහසු කර්තව්‍යක්
නොවන මුත් අනාගත පරපුර වෙනුවෙන් පසු කාලීන සිංහල සිනමාවේ බිහිවූ විශිෂ්ට සිනමා
නිර්මාණ පිළිබඳ දැන ගැනීමට මෙම සංරක්ෂණ වැඩපිළිවෙළ ඉවහල් වනු ඇති බව දමිත්
ෆොන්සේකා මහතාගේ අදහසයි. ගාමිණි ෆොන්සේකා පදනම ආරම්භයේ සිටම පැරැණි චිත්‍රපට
සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙළක් යොජනා වූවත් එය සැබැවින්ම ක්‍රියාවට නංවන්නට
හැකි වුයේ වර දහයකට පසුය.
මින් පෙර නිධානය චිත්‍රපටය සංරක්ෂණය කිරීමට යූරෝ අසුදහාක් වියදම් වී ඇති
අතර මෙවර මෙම චිත්‍රපට සංරක්ෂණය කෙරෙන්නේ ඉන්දියානු තාක්ෂණයට අනුවය. එක්
චිත්‍රපටයක් සංරක්ෂණය කිරීම සඳහා මිලියන තුනක් හෝ හතරක් වැය වන අතර සිංහල
සිනමාව වෙනුවෙන් කෙරෙන මෙම ජාතික කර්තව්‍යදී ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව සහ
ජනමාධ්‍ය අමාත්‍යංශය ඒ සදහා අත්වැල්
බැඳ ගනු ඇත බවට ගාමිණි ෆොන්සේකා පදනම බලාපොරොත්තු වෙයි.
|