දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

.


'පාන් පිටි දේශපාලනය'

'පාන් පිටි දේශපාලනය'

පාන් යනු දුප්පතාගේ ආහාරය බව, තිරිඟු පිටි මිල ඉහළ යන සෑම අවස්ථාවක දී ම අසන්නට ලැබෙන අඳෝනාවකි. දුප්පතා වෙනුවෙන් දේශපාලනය කරන බව කියන දේශපාලකයන් මේ අඳෝනාවට පියාපත් ලබා දෙන්නේ, පාන්පිටි මිල ඉහළ යෑම තම දේශපාලන හඬ අවදි කරන්නට ලැබුණු මහඟු අවස්ථාවක් බවට තලු මරමිනි.

එහෙත් මේ දුප්පතාගේ ආහාරය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය වාර්ෂිකව රුපියල් බිලියන 70ක විදේශ විනිමයක් වැය කරයි. පොහොර සහනාධාරය මෙන් දෙගුණයක් වන මෙතරම් මුදලක් වැය කරන්නට රජයට සිදු වන්නේ තිරිඟු මෙරට වැවෙන භෝගයක් නොවන හෙයිනි; තිරිඟු විදේශයෙන් ගෙන්විය යුතු බැවිනි. මෙතරම් මුදලක් වැය කරමින් මෙරටට ගෙන්වන තිරිඟු පිටිවලින් නිෂ්පාදිත පාන් දුප්පතාගේ ආහාරය වන්නේ කෙසේ ද? අනෙක් අතට තිරිඟු වැවෙන රටක වුව ද සාමාන්‍යයෙන් ග්රෑම් 450ක පාන් ගෙඩියක් අඩුතරමින් ඩොලර් දෙකක් වත් - එනම් රුපියල් 300ට ආසන්න මුදලක් වත් වන බව පැවසේ. ඊට සාපේක්‍ෂ ව ඉතා අඩු මිලකට, තිරිඟු වැවෙන්නේ නැති රටේ දී පාන් ලබා ගැනීමට ඉඩ පෑදී ඇත්තේ, ඒ මිල අඩු වීම මෙරට දුප්තාගේ දුක දැක සිදු වූවක් නිසා ද?

අනෙක් සෑම දෙයක් මෙන් ම ආහාරය ද අප ජීවත් වන පොළොවට හා අහස යටට හෙවත් සොබා දහමට ගැළපුණේ නැති නම් සෞඛ්‍ය සම්පන්න ජීවිතය විකෘති වෙයි. 'අපේ ප්‍රධාන ආහාරය බත් යනුවෙන් පිළිගැනෙන්නේ ඒ අරුතිනි. මේ පොළොවට ගැළපුණේ වී වගාව යි. එයින් නිපදවා ගත හැකි සහල් දිනපතා ආහාර සඳහා යොදා ගන්නා විට සෞඛ්‍ය සම්පන්න ජීවිතයටත් රටේ ආර්ථිකයටත් එය පහසුවකි වාසියකි. කවර හේතුවක් නිසා හෝ සහල් නිෂ්පාදනය සඳහා දැනට ඉහළ මිලක් වැය වේ නම්, දුප්පතා වෙනුවෙන් සහනාධාරයක් ලබා දීමෙන් හෝ සහල් පාරිභෝජනයට පෙළඹවීම විදේශ විනිමය ඉතිරියටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයකටත් අනුබලයක් වේ. රටේ සහල් අතිරික්තයක් තිබියදීත්, ගබඩාවල ගොඩ ගැසී කල් ඉකුත් වූ පසු සත්ත්ව ආහාර සඳහා අඩු මිලකට වී විකුණද්දීත්, එවැනි පසුබිමක තවත් අවස්ථාවල විදේශයෙන් සහල් ගෙන්වද්දීත් පාන් පාරිභෝජනය ප්‍රධාන ආහාරයක් තරමට ව්‍යාප්ත වීම රටේ ආර්ථික සැලසුම්වල දුප්පත්කම බව පිළිගත යුතු යි.

පාන් ආහාරයට ගැනීම දියවැඩියාවට අතවැනීමක් නො ව, දියවැඩියාව වැලඳ ගැනීමක් වේ. ඊට හේතුව තිරිඟු මේ පොළොවට ආවේණික භෝගයක් නොවීමත් එසේ නොවන භෝගයක් ප්‍රධාන ආහාරය කර ගැනීමත් නිසා පමණක් නො වේ. ආහාර සැකසීමට පහසුවක් වී ඇති පාන් පිටිවල මුදු බව, එම මට්ටමේ තබා ගැනීම වෙනුවෙන් ඉතා කුඩා අංශූවලට තිරිඟු ඇට කුඩු කිරීම සිදු කළ යුතු අතර, දියවැඩියාවට ප්‍රධාන හේතුවක් වන්නේ පාන්පිටි එතරම් කුඩා අංශු ලෙස තිබීම යි. ඒ මුදු බවට පත් වීම සිදු වන්නේ එහි කුරුට්ට නැති ව වීම ද තවත් කාරණයකි. මෙය මුළුමනින් ම වෙළෙඳපොළ වෙනුවෙන් සැකසෙන්නනකි. ඉතිං එවැනි වෙළෙඳ වුමනාවක් මත ම ඉල්ලුම ඇති කළ, පිටරටකින් ගෙන්වන තිරිඟු පිටි දුප්පතාගේ ආහාරය ලෙස පිළිගත යුතු ද?

තිරිඟු වගා නොකරන රටේ මෙතරම් අඩු මිලකට පාන් මිල දී ගැනීමට හැකි වීම කෙරෙහි බලපාන එක් හේතුවක් වන්නේ තිරිඟු මත පනවන ආනයන බදු නියමිත ලෙස අය නොකිරීම යි. එය සහනාධාරයක් ලබා දෙනවාට සමාන ක්‍රියාවලියකි. තිරිඟු මත නියමිත ආනයන බදු පැටවීම සිදු නොවීම කෙරෙහි හේතු වන විශේෂ කාරණයක් ලෙස සැලකෙන්නේ, අඩු ආදායම්ලාභී කම්කරු ප්‍රජාව සිය ප්‍රධාන ආහාරය ලෙස පාන් හෝ පාන් පිටිවලින් හෝ සකසා ගන්නා කෑමක් ආහාරයට ගැනීම යි. තිරිඟු පිටි මිල වැඩි වීම ඔවුන්ට දරා ගත නොහැකි වීම වෙනුවෙන් එසේ බදු අඩු කිරීම යනු කවර ක්‍රමයකට හෝ විදේශයෙන් ගෙන්වන පාන් පිටිවලට සහනාධාරයක් ලබා දීමකි. එවිට එය දුප්පත් පොහොසත් භේදයකින් තොර ව පාන් ආහාරයට ගන්නා සැම දෙනාට ම හිමි වෙයි.

මෙවැනි ගැටලු මතු වන්නේ තිරිඟු පිටි වෙනුවට සහල් පිටි මෙරට නිෂ්පාදනය කිරීමට දැන් හැකියාව තිබිය දී ය. පවතින හැකියාව ප්‍රමාණවත් නැති නම් ඒ සඳහා ක්‍රමවේද පුළුල් කිරීම රජයේ වගකීමකි. ආහාර නිෂ්පාදනය පහසු කරවන, තිරිඟු පිටිවල මුදු බව සහල් පිටිවලටත් ආදේශ කළ හැකි අතර, පිටි මුදු වන විට හෙවත් සහල් ඉතා කුඩා අංශුවකට බිඳෙන විට ඇති විය හැකි දියවැඩියා අවදානම තිරිඟු පිටිවලට වඩා සහල් පිටිවල දී අවම වන බව ද මෙහි දී වාසියකි. ඒ, තිරිඟු පිටිවල කුරුට්ට නැති වීම හා සහල් පිටි කරන්නේ කුරුට්ට ඇති ව වීම නිසා ය. මේ අනුව පාන් මත යැපෙන අඩු ආදායම්ලාභී පිරිසට වෙන ම සහනාධාරයක් ලබා දුන්නත් එය රටේ ආර්ථිකයටත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයටත් රුකුලක් මිස 'සහනාධාර ආර්ථිකයක්, නඩත්තු කිරීමක් වන්නේ නැත. අනෙක: එය දුප්පතා වෙනුවෙන් අර්ථවත් සහනයක් සැලසීමකි.

තිරිඟු පිටි වෙනුවට සහල් පිටි ආදේශනය වැළකී ඇත්තේ 'අඩුවට පාන්, කියන ලාබ සටන් පාඨයට මුවා වූ 'පාන් පිටි දේශපාලනයÓ නිසා ය. පාන් පිටි සඳහා රුපියල් බිලියන 70ක විදේශ විනිමක් වැය කරන අතරේ, වැඩි ගානට මිල දී ගත් වී කල් ඉකුත් වන තුරු ගබඩාවල තබා ගෙන, පසු ව අඩු ගානට සහල් කොට සත්ත්ව ආහාර ලෙස ගබඩා හිස් කෙරෙන්නේ 'පාන්පිටි දේශපාලනයේ තරම කියා පාන්නට යි. මෙරට නිෂ්පාදනය ගැන රටේ ආර්ථිකය පැත්තෙන් හෝ ජන ජීවිතයේ සෞඛ්‍ය සම්පන්නභාවය පැත්තෙන් කල්පනා කරන්නට 'පාන්පිටි දේශපාලනයට' හැකියාවක් නැත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්