දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පොත් ලිවීම මට හරියට ධර්ම දානයක් වගේ

පොත් ලිවීම මට හරියට ධර්ම දානයක් වගේ

පුෂ්පරාණි සිරිවර්ධන

කිවිඳියක්, ළමා පොත් රචිකාවියක, භාෂා ව්‍යාකරණ රචිකාවියක වන පුෂ්පරාණි සිරිවර්ධන විසින් රචිත නවතම භාෂා පුස්තකය 'හින්දි භාෂාව' දැන් නිකුත්ව තිබේ. ඇය මේ වන විට විවිධ භාෂා කිහිපයකින්ම කෘති කිහිපයක්ම රචනා කර ඇති අතර ඇය සමඟ යෙදෙන මේ කතාබහ ඒ නිමිත්තෙනි.

මුලින්ම ඔබ ගැන දැන ගන්න කැමැතියි?

මම ඉපදුණේ කෑගල්ලේ. පාසල් නම් පහකට හයකට විතර ගිහින් තිබෙනවා. මොකද මගේ පියා දුම්රිය ස්ථානාධිපතිවරයෙක් නිසා. මට දුවෙකුයි පුතෙකුයි ඉන්නවා. දුව වෛද්‍යවරියක්. ඇයගේ පදිංචිය

ඕස්ට්‍රේලියාවේ. පුතා පදිංචිය ජපානේ. මම හිතුවා මගේ දැනුම මේ රටේ ජනතාවට ලබාදිය යුතුයි කියලා. මම වයසට ගියාට පස්සේ තමයි ඔක්කොම පටන් ගන්නේ. වෘත්තියක් ලෙස මම කිසිම දෙයක් කළේ නැහැ. ඉදිරියට කරන්න ආසාවකුත් නැහැ. මම කැමැති බිරිඳක් මවක් ආච්චි අම්ම කෙනෙක් විදිහට ගෙදර ඉන්නයි.

ඔබ ලේඛනයට අත්පොත් තබන්නේ කොහොමද?

ලේඛනයට නැඹුරු වන්නේ මගේ පියා නිසා. තාත්තට කවි හදන්න ලියන්න අපූරු හැකියාවක් තිබුණා. මට මතකයි මම කුඩා කාලෙදි මගේ තාත්තා සිළුමිණ, සරසවි සඳරැස වගේ පත්තර අරගෙන පත්තරේ මුල ඉදළ අගටම මට ඇහෙන්න කියවනවා. එතකොට මට අවුරුදු තුනක් විතර ඇති. පුස්තකාලවලින් පවා පොත් ගෙනැවිත් මට කියවනවා. පාසල් කාලෙදිත් මොනව හරි ලේඛන කටයුත්තක් තිබෙනවා නම් මම එතන ඉන්නවාමයි. ගායන අංශයෙන් පවා හොඳ හැකියාවක් මට තිබුණා.

මම ඉස්සෙල්ලම කවි පොතක් කළා. මම ගොඩක් ආස කිවිඳියක් විදිහට මාව ලංකාව හඳුනාගන්නවා නම්. ඒ කවි පොතෙන් පස්සේ මට හිතුණා මගේ දැනුමෙන් මම ළමා පරපුරට යමක් දිය යුතුයි කියා. ඒ අනුව මම ළමා පොත් කිහිපයක් රචනා කළා. මේ විදිහට පොත් ලියමින් ඉන්න විට මට හිතුණා මගේ භාෂා දැනුමෙන් යම් ප්‍රයෝජනයක් ලැබිය යුතුයි කියලා. එයට බලපෑ ප්‍රධාන හේතුවක් තමයි මගේ පුතාගේ විවාහය. මගේ පුතා විවාහ වුණේ ජපාන යුවතියක් සමඟයි. එනිසා ජපන් භාෂාව සම්බන්ධ ගනුදෙනුවක් තිබුණා.

ඔබට මේ භාෂාවන් දරුවනට ලබා දීම පහසුද?

මම භාෂාවන් අධ්‍යයනය කරලා එය දරුවන්ට දෙන්න සරල ක්‍රමයක් සොයා ගන්නවා. ඒ අනුව මේ වන විට මම පොත් හැටපහක් පමණ රචනා කර තිබෙනවා. මේ අතුරින් විශාල වශයෙන් විකිණෙන පොත් නමයක් පමණ තිබෙනවා. ජපන් භාෂාව සම්බන්ධ පොත් 4කුත් කොරියන් භාෂාව සම්බන්ධ පොත් 4කුත් ඒ අතර වෙනවා. ඒ වගේම මම අලුතින් ලියූ හින්දි පොතත් ඒ අතර වෙනවා. මෙය මට හරියට ධර්ම දානයක් වගේ. මම නවකතාවක් ලිව්වත් කෙටි කතාවක් ලිව්වත් මම එය ඉතාම වැදගත්ව දරුවනට උචිත ලෙස තමයි එය රචනා කරන්නේ.

පාඨකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නිසයි මම මේ තරම් දුරක් එන්නේ. මම ජපන් භාෂාව රචනා කළාට පස්සේ මට කොරියන්, හින්දි , භාෂාවත් රචනා කරන ලෙසට මගේ හිතවතුන්ගෙන්, පාඨකයන්ගෙන් ඉල්ලීම් ඇති වුණා. එනිසා මම මේ කෘතීන් රචනා කළා. මම භාෂාවන් අධ්‍යයනය කරලා ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගැනීමට පහසු ආකාරයට මේ කෘති රචනා කර තිබෙනවා. මොකද අද සමාජයේ මිනිස්සු හින්දි වැනි භාෂා අධ්‍යයනය කරන්න කැමැතියි. මම භාෂාව ගැන ලියල තියෙන විදිහට එය අවබෝධ කර ගැනීමට ඇති පහසුව නිසා හින්දි පොතට ලොකු ඉල්ලුමක් තිබෙනවා.ඉදිරියටත් තව තවත් කෘති රචනා කිරීමයි මගේ අරමුණ.

භාෂාවක් අවබෝධ කර ගන්නේ කොහොමද?

අවට දකින හැම දෙයකම වචන ඒ භාෂාවෙන් ඉගෙන ගන්න. භාණ්ඩ වශයෙන් නම් වශයෙන් මතක තියා ගන්න. ක්‍රියාපද හා නාමපද තියෙනවා නම් එය ග්‍රහණය කර ගත්තම භාෂාවක් අධ්‍යයනය කරන්න පහසුයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්