දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

උණුසුමත් එක්ක විදුලි ඉල්ලුමත් නඟී

මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය මත ඉදිරි සති 2 - 3 ඇතුළත වැස්ස නොලැබුණහොත් මෙරට ජල විදුලි බලාගාර වසා දැමීමට ඉඩ ඇති බවත් ඒ තත්ත්වය මත විදුලි බලය සැපයීමේ බලවත් ගැටලු ඇතිවීමට ඉඩ ඇති බවත් අලුත්ම සමීක්ෂණවලින් හෙළි වෙයි.විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ මාර්තු 24 වැනිදා වන විට මෙරට ජල විදුලි බලාගාරවලින් නිපදවන්නේ එහි උපරීම ධාරිතාවෙන් සියයට 40කටත් අඩු ප්‍රමාණයක් බවයි. ඉදිරියේදී ජල විදුලිය අඩුවුවහොත් තාප විදුලිය වැඩිපුර උපයෝගී කරගැනීමට සිදුවන බවත් ඔහු කියයි. මේ මාසයේ පවතින අධික උෂ්ණත්වය නිසා රටේම විදුලි ඉල්ලුම වැඩිවී ඇති බවත් ඒ අනුව මේ වසරේ වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සතියේ දිනවල ගිගා වොට් පැය 40ක් ලෙස වාර්තා වූ බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි. මාර්තු 24 වැනිදා වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 50කටත් වඩා අඩු වී තිබිණි. කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 75කින් අඩු වී ඇති අතර, රන්ටැඹේ ජලාශයේ මට්ටම ද විදුලිය නිපදවීමට අපහසු තත්ත්වයට අඩු වී ඇත.

විස්තර »

මේ කොයි යන්නේ?

මං තීරු නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවට කොළඹ නගරයේ ප්‍රධාන මාර්ගවල දැන්වීම් පුවරු සවිකොට තිබේ. රථ වාහන තදබදය කොතරම් ඇතත් නීතිගරුක රියැදු‍රන් ප්‍රමාදය නොතකා දිගු වාහන පෝලිමට එකතු වී සිටියදී මේ සුපිරි වාහනය මං තීරු නොසලකා යන්නේ ‍‍රෝහලට අසාධ්‍ය රෝගියකු රැගෙන ද? නැතහොත් වෙනත් ආපදාවක් නිසා ද? අපේ ඡායාරූප ශිල්පී සමන් ශ්‍රී වෙදගේ මේ සිදුවීම කැමරා කාචයේ සටහන් කර ගත්තේ කොළඹ බෞද්ධාලෝක මාවතේ දීය.

පසුගිය රජය ණය ගත්තේ බැංකු නමට මුවාවෙලා

නියෝජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

පසුගිය රජය මඟින් විදෙස් ණය ලබා ගැනීමේදී රාජ්‍ය ණය ලෙස නොපෙනෙන පරිදි බැංකු හා වෙනත් රජයේ ආයතන නමින් විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇතැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ‘සිළුමිණ’ට කීය.මේ යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක මුදලක් ජාතික ඉතිරි කිරීමේ බැංකුව හරහා ලබාගෙන ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.

විස්තර »

යොවුන් පුරය 30 වැනිදා ඇරැඹේ

වසර 27කට පසුව මෙවර පවත්වන 2016 යොවුන් පුරය එතෙර මෙතෙර තරුණ තරුණියන් 5000කගේ සහභාගිත්වය ඇතිව මාර්තු 30 සිට අප්‍රේල් 3 දක්වා සීගිරිය ගුවන් හමුදා පරිශ්‍රයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව ඒකාබද්ධව සංවිධානය කරන යොවුන් පුරය 2016 ‘අනාගතය ඇරැඹුණා’ තේමාව යටතේ 30 වැනිදා සවස 5 ට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරැඹේ.

විස්තර »

අස්ගිරි මහ නාහිමියන් තෝරා ගැනීම එන 7 වැනිදා

සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහනාහිමියන් වහන්සේ පත්කර ගැනීම අප්‍රේල් මස 07 දා පස්වරු 3.00ට අස්ගිරි මහා විහාරයීය මංගල උපෝසථාගාරයේදී සිදු කෙරෙනු ඇතැයි අස්ගිරි මහා විහාරයිය කාරක සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහා විහාර පරිවේණාධිපති නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම ප්‍රමුඛ ...............

විස්තර »

ආණ්ඩු පක්ෂය

තොරතුරු ලබාදීම මඟහරින්න දැන් බෑ

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන

මහජනතාවට තොරතුරු ලබාගැනීමට පෙර පරිදි නිලධාරීන්ට විරුද්ධ විය නොහැකි අතර තොරතුරු දැනගැනීම සඳහා නීතියෙන් තොරතුරු ලබාදෙන නිලධාරියකු පත් කරන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ කටයුතු හා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා පවසයි. කිසියම් හේතුවකින් නිලධාරියා තමන්ගේ අභිමතය පරිදි තොරතුරු ලබාදීම . . . . .

විස්තර »

විපක්ෂය

සැබෑ තත්ත්වය පේන්නේ ක්‍රියාවට නැ‍ඟෙන විටයි

මහනුවර එජනිස මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල

තොරතුරු දැනගැනීමේ පනතේ සැබෑ තත්ත්වය දැනගත හැකි වන්නේ එය ක්‍රියාවට නැංවුණු පසුව බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. මේ පනතේ සඳහන් වන ආකාරයට තොරතුරු දැනගැනීමේ අයිතිය ඇත්තේ ආයතනයේ ප්‍රධානියාගේ නිර්දේශය මත ...................

විස්තර »

 
 

 

 
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o
o

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්