කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?
කියුබාවත්
ඇමෙරිකාවේ
‘මිත්‍රත්වයේ දෑතට’
සිරවීද?
කියුබාවේ විප්ලවවාදී නායක ෆිදෙල් කැස්ත්‍රෝ මරා දැමීමට ඇමෙරිකා බුද්ධි අංශ
හයසියවතාවකට වඩා උත්සාහ දැරූ බවට සාක්ෂි තිබේ. එසේ වුවද ඒ එකද උත්සාහයක් හෝ
සාර්ථක නොවූයෙන් ෆිදෙල් මරා දැමීමට හෝ කියුබාව දණ ගැස්වීමට ඇමෙරිකාවට හැකි
වූයේ නැත.
එහෙත් අද ඔබාමා පාලනය කියුබාව තම මතවාදයන්ට නම්මාගැනීමට සමත් වී ඇති බවක්
පෙනේ. ලොව සියලු රටවල් ඇමෙරිකාව විසින් ව්‍යප්ත කරවන ධනවාදයට සහ නව
ලිබරල්වාදයට පක්ෂ වන විට සහ එරෙහිව යෑමට නොහැකිව යටපත්ව සිටින විට
හිතුවක්කාරයෝ තිදෙනෙක් පමණක් ස්වාධීන වීමට තරම් නිර්භය වූහ. ඒ ඉරානය, උතුරු
කොරියාව සහ කියුබාවයි. මේ තිදෙනා ද තම මතයට නම්මා ගැනීමට ඇමෙරිකාව දැරූ වෑයම
අතිමහත් ය. පසුගියදා කියුබාවේ සංචාරය කරමින් ඔබාමා නෙළා ගත්තේ ඒ දීර්ඝ කාලීන
වෑයමේ ඵලයක් බව පැවසිය හැකිය.
ඔබාමා කියුබාවේ සංචාරය කළේ එය හුදෙක් සංචාරයක් පමණක් බව ලෝකයට හැඟවෙන
පරිද්දෙනි. එහෙත් එය එසේ නොවන බව ලෝකයම දන්නේ ය. 1928දී කැල්වින් කූලිජ් හිටපු
ජනාධිපතිවරයාගෙන් පසු කියුබාවට පය තැබීමට තරම් වාසනාවක් උදා කරගත්තේ
ඔබාමා ය. තම සංචාරයේදී හවානා නගරයේ සිරි නැරඹූ ඔබාමා එහි ජාතික කලා
කෞතුකාගාරය ද නැරඹුවේය. ඇමෙරිකාව සහ කියුබාව මිත්‍ර කිරීමේ මෙහෙයුමේ
ප්‍රධාන චරිතයක් වූ කියුබාව පූජක කාදිනල් ජිමී ඔටේගා ද හමු වූයේ ය. රාවුල්
කැස්ත්‍රෝ සමග එක්ව බේස් බෝල් තරගයක්ද නැරඹූ ඔබාමා පසුව රූපවාහිනියෙන්
කියුබානු ජනතාව ඇමතුවේ ය.
දශක ගණනකට පසු කියුබානු රජයේ තූර්ය වාදක කණ්ඩායම ඇමෙරිකානු ජාතික ගීය වාදනය
කළ අතර, අදින් වසර කිහිපයකට පෙර දී එසේ කිරීම සිහිනයක්ම විය. එහෙත් එම සිහිනය
සැබෑ වී තිබේ. ඇමෙරිකාව තවත් හිතුවක්කාරයකු දණ ගස්සවා ඇත. අන් කවරදාකටත්
වඩා ශක්තිමත් ලෙස ලොවම වෙළාගෙන ඇති ධනවාදය තම මෙවලම් සංස්කෘතික කාර්තුව දියත්
කරමින් තවත් විප්ලවවාදීන් බිහිවිමට ඇති සියලු සිදුරු වසා දමමින් සිටිනු
පෙනේ. එබැවින් තවත් ෆිදෙල් ලා කවදා බිහි වන්නේදැයි දෙවියනුත් නොදන්නවා විය
හැකිය.
|