Hollywood
Hollywood
මැඩෝනා
වෙරි වෙලා?
 ජනප්‍රිය ගායිකා මැඩෝනා මෑතකදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති සංගීත
ප්‍රසංගයකදී අධික ලෙස මත්පැන් බී රංගනයන් සහ ගීත ඉදිරිපත් කළැයි පැවසෙනවා.
මේ පිළිබඳව චෝදනා කරන්නන් පවසන්නේ සීමාව ඉක්මවා මත්පැන් පානය කළ මැඩෝනා,
ඉතාමත් අශ්ලීල අයුරින් වේදිකාවේ හැසිරුණු බවයි.
මෙයට ප්‍රතිචාර දක්වන මේ සුපිරි ගායිකාව පවසන්නේ ඇතැම් අය රංගනය යනු කුමක්දැයි
හරිහැටි වටහා නොගෙන මේ අයුරින් චෝදනා නඟන බවයි. “මට සහයෝගය දුන්නාට ස්තුතියි.
සමහරු දන්නේ නැහැ, රංගන කලාව මොකක්ද, චරිත නිරූපණය මොකක්ද කියලා. මම කවදාවත්
මගේ ප්‍රසංගවලදී මත්වෙලා හිටියෙ නැහැ.” මැඩෝනා එලෙස ප්‍රතිචාර දක්වා තිබුණේ තම
ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙන්.
කෙසේ වෙතත්, මෙල්බර්න් නුවරින් නිකුත් වූ මාධ්‍ය වාර්තාවක් මැඩෝනා එම
ප්රසංගයේදී වේදිකාවේ සිට ප්‍රෙක්ෂකයන්ට පැවසූ වදන් ඒ අයුරින්ම සටහන් කර
තිබුණා. “මම දැන් මේ වේදිකාවේදී මීට කලින් නොකරපු දෙයක් කරනවා... මම මේ වෙලාවෙ
ඇල්කොහොල් වගේ දෙයක් කාගෙන්වත් බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඒත්, දෙවියනි මට
බොන්න දෙයක් දෙන්න...” මැඩෝනා පැවසුවේ මේ වදන් යැයි එහි සටහන් වුණා.
ලින්ඩ්සේ
හොලිවුඩයෙන්
සමුගනී
හොලිවුඩ් සිනමාව තුළ දිදුලන නමක් හිමි කරගත් ජනප්‍රිය නිළි ලින්ඩ්සේ ලෝහන්
තම වෘත්තීය ජීවිතය අවසන් කරන්නට තීරණය කර ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ. නැවතත්
හොලිවුඩ්පුරයට පා තබන්නට කැමැත්තක් නැති බව ඇය මෑතකදී ප්‍රකාශ කර තිබුණා.
තමන්ට සුපුරුදු ලන්ඩන් නුවර නිෙවසට වී ඉදිරි කාලය ගත කරන්නටයි ඇය දැන් වඩාත්ම
කැමැත්තක් දක්වන්නේ.
ලින්ඩ්සේ ගේ අලුත්ම පෙම්වතා, ඉගෝර් ටරබාසොව්. ඔහු, රුසියානු ජාතික
ව්‍යාපාරිකයෙක්. ඔහු සමඟ ලන්ඩන් නුවර නිවෙසට වී සිටින බවයි දැනට 29 වැනි වියෙහි
පසුවන ලින්ඩ්සේ පැවසුවේ. “ලින්ඩ්සේ ආයෙමත් ලොස් ඇන්ජලීස් නුවරට ඇවිත්
චිත්‍රපටවල රඟපාන එකක් නැහැ.
සමහරු එයා හොලිවුඩ් සිනමාවට එනවට කැමැති නැහැ. ඒ බව ලින්ඩ්සේ දන්නවා. එයා
හොලිවුඩ්වලට ආපහු නොඑන්න ඒකත් එක හේතුවක් වුණා. දැන් ලින්ඩ්සේට ඕනැ වෙලා
තියෙන්නෙ සමහරුන් තුළ තමන් ගැන තියෙන ආකල්ප වෙනස් කරගන්නයි.” ලින්ඩ්සේගේ
හිතවතියක් එලෙස පැවසුවා.
ස්පිල්බර්ග්
හාවඩ් යයි
 ලෝක ප්‍රකට හාවඩ් විශ්ව විද්‍යාලයේ සමාරම්භක දේශනයක් පැවැත්වීමේ වරම
සුප්‍රකට හොලිවුඩ් සිනමාකරුවකුට හිමි වෙලා. ඔහු තමයි, ස්ටීවන් ස්පිල්බර්ග්.
මේ දේශනය පැවැත්වීමට නියමිතව ඇත්තේ මැයි 26 දායි.
ඔස්කා සම්මානලාභී ස්පිල්බර්ග් හට මේ ඇරයුම ලැබී ඇත්තේ 2016 වසරේ අධ්‍යයන
කටයුතු අරඹන උපාධි අපේක්ෂකයන් වෙනුවෙන් සමාරම්භක දේශනය පවත්වන්නටයි.
මෙය, හාවඩ් විශ්ව විද්යායලයේ 365 වැනි සමාරම්භක දේශනය හැටියට ඉතිහාසයට
එක්වෙනවා.
“ස්පිල්බර්ග්, අසමසම සිනමාකරුවෙක්. ඒ වගේම අපූර්වතම කතා නිර්මාණය කිරීමේ
හැකියාවක් ඇති කතන්දරකරුවෙක්. මම ඉතාම කැමැත්තෙන් ඉන්නෙ ඔහු හාවඩ් විශ්ව
විද්‍යාලයට පිළිගෙන ගෞරව පුදන්න.”
හාවඩ් විශ්ව විද්‍යාලයේ සභාපති ඩෲ ෆෝස්ට් එලෙස පැවසුවා. ස්පිල්බර්ග්ගේ පැමිණීම
වෙනුවෙන් එම විශ්ව විද්‍යාලය විසින් නිර්මාණය කරන ලද, ස්පිල්බර්ග්ගේ
චිත්‍රපටවල කොටස් එකතු කළ විශේෂ වීඩියෝ පටයක් ද නිකුත් කර තිබුණා.
ජූලියා
නීති ලෝගුව
පැලඳ ගනී
ප්‍රවීණ නිළි ජූලියා රොබට්ස් ළඟදීම අලුත චිත්‍රපටයක ප්‍රධාන චරිතයක්
නිරූපණය කිරීමට තෝරාගෙන තිබෙනවා.චිත්‍රපටයේ නම, ‘ට්‍රේන් මෑන්.’ ජූලියා මෙහි
රඟන්නේ නීතිඥවරියකගේ චරිතයයි.
‘ට්‍රේන් මෑන්’, නිව්යෝක් නුවරට විසූ ඩේරියස් මැක්කොලම් නම්වූ පුද්ගලයකු වටා
ගෙතුණු කතාවක් රැගත් චිත්‍රපටයක්. ඉතාමත් අසංවරව මෝටර් රථ ධාවනය කළ
ඩේරියස්, නීති විරෝධී අයුරින් රියැදුරන්ව පුහුණු කරන කටයුතුවල ද නියැළී
සිටියා. ඔහු කිසියම් මානසික ගැටලුවකින් පීඩා විඳි, එයට වෛද්‍ය ප්‍රතිකාර
ලබාගත් පුද්ගලයකු ලෙස ද හඳුන්වා දී තිබෙනවා. ඔහු, පොලිස් අත්අඩංගුවට පත්වී
සිර දඬුවම් ලැබූවෙක්. ඩේරියස්ගේ සත්‍ය කතාව පදනම් වූ ‘ට්‍රේන් මෑන්’
චිත්‍රපටයේ ජූලියා රොබට් නිරූපණය කරන්නේ ඩේරියස් වෙනුවෙන් දීර්ඝ කාලයක්
ඔහුගේ නඩුහබවලට පෙනී සිටි සැලී බට්ලර් නම්වූ නීතිඥවරියගේ චරිතයයි.
සුජීව තේවහෙට්ටිගේ
|