දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


විදෙස් රටවලටත් අපේ දේ රැගෙන යනවා

විදෙස් රටවලටත් අපේ දේ රැගෙන යනවා

සීගිරි අප්සරාවක ලෙස හැඩවුණ
අභිෂේකා විමලවීර

නිවේදිකාවක ගායිකාවක ලෙස ඔබ හඳුනා ගත් අභිෂේකා විමලවීර මේ දිනවල මුහුණු පොතේ හරිම කාර්යබහුලයි. ඒ මදිවට ඇගේ වෙනස්ම මාදිලියේ ඡායාරූප කිහිපයකුත් එහා මෙහා වෙනවා...මොකක් හරි අලුත් වැඩකට අතගහල වගේ දැනුණු නිසා මේ තමයි ඒ ගැන දැන ගන්න හොඳම වෙලාව කියලා අපිට හිතුණා.

අභිෂේකා මොකද පරණ තාලෙට හැඩවෙලා...?

අලුත් වැඩක් පටන් ගත්තා.. අපේ වැඩේට සීගිරි අප්සරාවන් කියන සංකල්පය කදිමට ගැළපෙයි කියලා හිතුණා. ඉතින් ඒ සංකල්පය අනුව ගත් ඡායාරුප කිහිපයක් තමයි ෆේස් බුක් එකේ එහා මෙහා වෙන්නේ

ඉතිහාස කතාවකටවත් සම්බන්ධ වුණාද?

අනේ නැහැ. අද කොල්ලුපිටියේ අප් ටවුන් බිල්ඩින් එකේ දෙවැනි

තට්ටුවට ආවොත් ඔයාලට හරියටම බලා ගන්න පුළුවන් වෙයි. මොකද්ද මේ අලුත් වැඩේ කියලා.

ඉතින් ඔච්චර අගේ නොකර කියමු නේද?

මම අලුත් රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළා. හිසේ සිට පාදාන්තය දක්වාම කාන්තාවන්ට පමණක්ම වෙන්වූ සියලු රූපලාවණය සත්කාර ඇතුළත් රූපලාවණයාගාරයක් ලංකාවේ පළමු වතාවට ආරම්භකළා..

ඉතින් මේ වැඩේට සීගිරි සංකල්පය එකතු වෙන්නේ කොහොමද?

සීගිරි බිතු සිතුවම් වල අපි දකින ඒ අප්සරාවන් අපේ රටේ හිටපු සුන්දරම කාන්තාවන්. ඉඟ සුඟ මිටින් ගත හැකි නිසි අයුරින් විහිදුණු පුළුල් උකුළක් හිමි ඔවුන් හරිම පිරිපුන් කාන්තාවන් ලෙස අපේ ඉතිහාසයේ හමු වෙනවා. නමුත් ඒ කාලේ ඒ සුන්දරත්වය ලබා ගන්න ඔවුන් කිසිම කෘත්‍රිම රූපලාවණ්‍ය සත්කාරයක් භාවිත කළේ නැහැ.

ඔවුන්ගේ රූපලාවණ්‍ය සත්කාර සියල්ල මුළුමනින්ම ස්වාභාවිකයි. ඉතින් අපේ රූපලාවණ්‍ය සත්කාරවලට භාවිත කරන්නෙත් අන්න ඒ වගේ ස්වාභාවික රූපලවණ්‍ය ක්‍ර‍මවේදයි. ඉතින් මේ සංකල්පය කදිමට ගැලපෙනවා යැයි මට හිතුණා. ඒ විතරක් නෙමයි. මේ රූපලාවණ්‍යාගාරයේ ඇතුළත නිර්මාණය වෙලා තිබෙන්නෙත් සීගිරියේ තිබෙන බිතු සිතුවම් අනුරූ කරගෙනයි. ඉතින් කොල්ලුපිටිය වැනි ජනාකිර්ණ නගරයක වුවත් අපේ රුපලාවණ්‍යගාරයට ඇතුළුවෙන ඕනැම කෙනෙක්ට යම් සුවයක් සැනසිමක් අත්විඳින්න පුළුවන්.

ප්‍ර‍චාරණයට ඔබම අප්සරාවක් වෙන්න හිතුණේ ඇයි?

මාධ්‍යට අපේ මුහුණ පෙන්වන්න බැරුව කොහොමද තව කෙනෙක්ව ලස්සන කරාවි යැයි විශ්වාසය ඇති කරන්නේ..ඒ වගේමඅපි ලස්සනට ඉන්නවා නම් තව කෙනෙක්ව නිරූපණයට යොදා ගන්න අවශ්‍යතාවක් නැහැ නේද? තව කෙනෙකුටත් අපේ සත්කාර ගැන පැහැදිමක් විශ්වාසයක් ඇති කරන්න පුළුවන් හොඳම මාර්ගය අපේ රූමත් භාවයයි. ඒ විතරක් නෙමෙයි මගේ රූපලාවණ්‍යගාරය තුළ මුහුණ හා සම්බන්ධ සියලු රූපලාවණ්‍ය සත්කාර කෙරෙන්නෙත් මගේ අතින් පමණයි.

ඒ නිසාමද අභි කියන නම එකතු වුණේ?

මගේ නමේ වගේම දුවගෙත් අභි කියන කෑල්ල තියෙන නිසා බොහො දෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන්.. නමුත් අභි කියන වචනේ අර්ථය ගැඹුර යන්නයි. අභි ධර්මය යි. රූපලාවණ්‍ය කියන වචනේ අද බොහොම සරලව ගත්තට එය හරිම ගැඹුරු විෂයක්. අන්න ඒ නිසයි ඒ නම යොදා ගත්තේ. මොකද කෙනෙක් තමන්ගේ රූපය ලස්සන කරගන්න අපි ළඟට එන්නේ, ඔවුන්ගේ මුහුණු අපිට දෙන්නේ අපි ගැන ගැඹුරු විශ්වාසයකින්. ඉතින් මේ රූපලාවණ්‍ය කියන විෂය කිසිම වෙලාවක සරළ දෙයක් ලෙස හඳුන්වන්න මං කැමැති නැහැ.

අභි සමඟ අභිෂේකා දැන් මුළුමනින්ම ව්‍යාපාරික කාන්තාවකට අනුවර්තනය වෙලා ද?

මේ දවස් වල් නම් සීයයට සියක්ම එහෙම තමයි. අනික අභි දැනට ලංකාවට සීමා වුණාට ඉදිරියේදී වෙනත් රටවලත් අපේ දේ අරන් යන්නයි කල්පනාව. ඉතින් ඒ වැඩ කටයුතු ටිකක් ස්ටේබල් වුණහම අනිත් දේවල් වලට වෙලාව වෙන් කර ගන්න පුළුවන් වෙයි.

ඔය කියන විදිහට සංගීතයට වෙලාවක් හොයා ගන්න පුළුවන් වේවි යැයි විශ්වාසද?

අනිවාර්යෙන්ම හොයා ගන්න වෙනවා. මොකද අපි මැෂින් නෙමෙයි නේ. අනික මියුසික් නැතිව අභිෂේකා නැහැ..

වේදිකා වල සිංදු කියන්නේ නැහැ කියපු ප්‍ර‍තිපත්තිය නම් පහු ගිය දවස් වල වෙනස් වුණා නේද?

කොහොත්ම නැහැ. එක්තරා රුපවාහිනී නාළිකාවකින් සංවිධානය කරපු සංගීත සංදර්ශනයකට ගීත පහක් ගායනා කරන්න මට ආරාධනා කළා තමයි. ඒ මම ඒ නාළිකාවෙහි විකාශය වන නාට්‍යයක තේමා ගීතය ගායනා කරන නිසා. නමුත් මගේ ප්‍ර‍තිපත්තිය ගැන තේරුම් කළහම ඒ තේමා ගීතය පමණක් ගායනා කරන ලෙස ඉල්ලීමක් කළා. ඉතින් ඒ නාළිකාවට වගේම ඒ සාධාරණ ඉල්ලීමට බැහැ කියන්න බැහැ. ඒ නිසා ඒ ගීතය පමණක් ගායනා කරලා මම මගේ ප්‍ර‍තිපත්තියත් එහෙම ම තියාගෙන වේදිකාවෙන් බැහැලා ආවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්