දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සමන් ද සිල්වා ගීතයක අයිතිය දුන්නේ උතුම් මනුස්සකම නිසයි

සමන් ද සිල්වා ගීතයක අයිතිය දුන්නේ උතුම් මනුස්සකම නිසයි

සුපර් ස්ටාර් තරගාවලියේදී පොඩි සමන් ලෙසින් ජනප්‍රිය වුණු

එල්. එච්. වසන්ත

අපේ ර‍ටේ බයිලා සංගීත කලාව ගැන කතා කරන විට සමන් ද සිල්වා කියන නම අමතක කරන්නට බැහැ. ඔහුගේ නම ඉදිරියට ගෙනියන්න පොඩි සමන් කෙ‍ෙනක් බිහිවෙලා ඉන්නවා කියලා අපට දැනගන්නට ලැබුණා. සුපිරි තරු වේදිකාවෙන් ඉවත්ව ගිය අවස්ථාවේ ‘රසඳුන’ ට ගොඩවැදුණු ඔහු අප හා කළ කතා බහකි මේ....

 පොඩි සමන් ඔබේ සැබෑ නම දැනගන්නට කැමැතියි...?

එල්.එම්. වසන්ත තමයි මගේ සැබෑ නම... ඒත් මගේ රසිකයන් වගේ ම රටේ බොහෝ දෙනෙක් මාව හඳුනන්නෙ පොඩි සමන් නමින්...

ඔබේ ගම් පළාත...?

මගේ ගම වැල්ලවාය. මම අධ්‍යාපනය ලැබුවේ වැල්ලවාය මල්ලත්තාවල ජාතික පාසලෙන්... පුංචි කාලේ සිට ම සංගීතයට ගොඩක් ඇලුම් කළා... ඊට හේතුව මගේ පියා මැඬලින් වාදන ශිල්පියෙක් වීම.

තාත්තා මැඬලින් එක වාදනය කරද්දී මම ඒ දිහා බලා සිටියේ හරිම ආසාවෙන්... මෙතරම් සංගීතයට ආදරය කරන්න මගේ හිත ඇදී යන්නත් ප්‍රබලම හේතුව එය වෙන්න ඇති...

කුඩා අවධියේ තබ්ලා වාදනයට ද උපන් හපනෙක්

මම වයස අවුරුදු 9 – 10 පමණ ඉඳලාම තබ්ලා වාදනය කළා... ඊට පස්සේ ඩ්‍රම්ස් වාදනයට ආසාවක් ඇති වුණා පසුව සංගීත කණ්ඩායම් කිහිපයකම වාදකයෙක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබුණා. සංගීත කණ්ඩායම්වල වැඩ කරද්දී ඕගන් වාදනයටත් යොමුවුණා...

අපේ ගමේ මුල් ම සංගීත කණ්ඩායම ලෙස බිහිවුණු ‘පවරේන්ජ්’ සංගීත කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදක ශිල්පියා වූයේ මමයි. ඉන් අනතුරුව ‘චැම්පියන්’ සංගීත කණ්ඩායමත් පසුව තවත් සංගිත කණ්ඩායම් කිහිපයකත් වැඩ කළා... මේ අතරතුර තමයි අනුරාධපුරයේ සංගීත කටයුතු වලට සම්බන්ධ වෙන්නෙ.

ඔබ ආ මග දෙස ආපසු හැරී බැලුවොත්...?

මුලින් සඳහන් කළ සංගීත කණ්ඩායම්වල නිවේදකයකු ලෙස මා කටයුතු කළා... ඇත්තටම ඒ ගැන මම බොහොම නිහතමානී ලෙස ආඩම්බර වෙනවා... එය එක්තරා ආකාරයට මගේ වාසනාවක් කියන්න පුළුවන්... ඊට අමතරව විශේෂයෙන් කියන්න කැමැතියි මෙතෙක් මා ආ ගමන් මගේ මට ලොකු ම ශක්තිය වුණේ මගේ තාත්තා. ඔහු හොඳ මෙඬලින් වාදන ශිල්පියෙක්... මගේ අඩුපාඩු පෙන්වලා දුන්නෙ ඔහුයි...

ඒ වගේ ම මගේ පාසලේ චිත්‍රාංගනී බෝවල ගුරු මෑණියන් ඇතුළු සියලු ගුරු ඇදුරුතුමන්ලාගේ නිසි මඟ පෙන්වීම, හා ඔවුන් දුන් ශක්තිය නිසා තමයි පොඩි සමන් කෙනකු බිහිවීමේ මූලික අඩිතාලම බවට වුණේ...

ඔබ සිරස සුපර් ස්ටාර්වලට සම්බන්ධ වෙන්නෙ...?

මෙහෙමයි... මගේ බිරිඳ තමයි ඒ සඳහා අයඳුම්පත්‍රයක් දැමීමේ... ඉන් පසුව සිරස කෝල් කරලා තිබුණා... පළමු වටයේදීම මගේ හඬ හයිලයිට් වුණා... පසුව තමයි ක්ෂේත්‍රයේ ඉදිරියටම ඇවිත් ප්‍රේක්ෂකයන් අතරට එන්න හැකියාව ලැබුණේ.

අවසන් අට දෙනා දක්වා පැමිණි ඔබට ඉන් ඉවත්වීමට සිදුවුණේ ඇයි...?

ඇත්තටම ඒක විනිශ්ච මණ්ඩලයේ තීරණයක්... හේතුව කුමක්ද කියලා මා දන්නේ නැහැ... විනිසුරු මඬුල්ලේ සිව් දෙනාගේ ම හොඳ ප්‍රතිචාර මට ලැබුණා. ඒ වන තෙක් ම කිසිම අඩුවක් නොමැතිව ගායනා කළ තරග කරුවා බවට පත්වෙලා හිටියේ මමයි.

කොහොම වුණත් මට ඉන් ඉවත් වෙන්න සිදුවුණා... මේ කාටවත් මඩ ගැසීමේ අරමුණින් කියන දෙයක් නෙමෙයි. නමුත් මගේ අදහස අනුව එක් දෙයක් කියන්න කැමැතියි.

අපේ රටේ බයිලා ශිල්පීන්ට ඉදිරියට එන්න තියෙන ඉඩ කඩ අල්පයි. ශිල්පීන් ගත්තත් අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන් ඉන්නෙ. ඔවුන්ගෙන් පස්සෙ නව පරපු‍රක් බිහි කරන්න වුවමනාවක් නැතිදෝ කියලා මට හිතෙනවා. ක්‍රිකට් ටීම් එකේ ප්‍රවීණ ක්‍රීඩකයන් විශ්‍රාම ගියා කියලා ටීම් එක නතර වෙන්නේ නැහැනේ. ඒ වගේ බයිලා ශෛලියක් ලංකාවේ තියෙන්න ඕනි.... ඒ සඳහා හොඳ හඬක් තියෙන්නට අවශ්‍යයි. ඒ හැකියාව තියෙන අයකුට වුවත් විනිසුරු මඬුල්ල දෙන කමෙන්ට්ස් වලට පුදුමත් හිතෙනවා.

කෙසේ වුවත් සිරස ආයතනයටත්, සමන් ද සිල්වා මහත්මාටත් විශේෂයෙන් මේ වෙලාවේ මා ස්තුති කරන්න කැමැතියි. මෙතෙක් මා පැමිණි ගමනට දැක්වූ සහය අගය කොට සලකනවා.

ඔබ සමන් ද සිල්වා මහතාගේ ගීත පමණක් ගායනා කිරීමට හේතුව කුමක්ද...?

මටත් ඒ ගැන හිතා ගන්නට බෑ... ඔහුගේ හඬට එදා සිටම මා ආදරය කළා... ඔහුගේ ඒ සංගීත ශෛලියට මා ගොඩක් ඇලුම් කළා... ‍මම ගොඩක් ආශාවක් උනන්දුවක් දක්වන්නේ කපිරිඤ්ඤා ‍ෛශලියට. බයිලා ගීත ගායනා කරන ගායන ශිල්පීන්ගේ ඇඳුම ද හරිම පිළිවෙළයි... අන්න ඒ දේවලට මගේ හිත ඇඳී ගියා...

සමන් ද සිල්වා ඔබට ඔහුගේ ගීතයක අයිතිය ලබා දෙනවා. මෙවැනි දෙයක් සිදුවුණු පළමු අවස්ථාව මෙයයි.

ඇත්තටම මටත් ඒක හිතාගන්න බැරි තරම්. අපේ රටේ සිටින දක්ෂ, ජනප්‍රිය හා ප්‍රවීණ ගායකයෙකු වන සමන් ද සිල්වා මහතා එවැනි පරිත්‍යාගයක් කිරීමට තරම් එතුමාගේ තියෙන සැබෑ මනුෂ්‍යත්වය. මනුසත් කෙනකු නම් නොව සැබෑ ලෙස ම දෙවියෙක් හැටියටයි මා සලකන්නෙ. ඒ නිසා මම ඔහුට ගෞරව පූර්වක ස්තුතිය පුද කරනවා.

ඔබ සමන් ද සිල්වා මහතාගේ ගීත අනුකරණය කරනවා කියලා චෝදනා කළොත්...?

එහෙම චෝදනාවකට මම ලක්වන්නේ නැහැ‍. මොකද මම එතුමා දෙන ගීත පමණයි ගායනා කරන්නෙ. මම ඉදිරියට ඔහුගේ ගීත ගායනා කළොත් එතුමාගේ පූර්ණ කැමැත්ත මත පමණයි ගායනා කරන්නෙ...

නරකද ඔබේ ම නිර්මාණවලින් ඉදිරියට ආවොත්...

ඔව්... ඇත්තටම මගේ ම ගීතවලින් ඉදිරියට යෑම තමයි මගේ අරමුණ.

ඔහු‍ගේ ගීත දිගින් දිගටම ගායනා කිරීමට මගේ බලාපොරොත්තුවක් නෑ... ඒක මම ඔහුට කරන අසාධාරණයක්. දැනට ගීත 2 ක් විතර ලැබිලා තියෙනවා. මේ වනවිට 75% විතර පසුබිම හදාගෙන අවසන්... ළඟදීම මගේ ම අලුත් නිර්මාණ කීපයකින් මම රසිකයින් අතරට එනවා. එදා මෙදා තුර මේ වෑයමට සහය දුන් සෑම අයෙකුටම මේ වෙලාවේ තුති පුදනවා...


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්