.
පුංචි පැළේ ගසවෙනා
උණු කඳුළු
ගිනි කාස්ටකේ වැපිරූ ගොයමේ
ශේෂ වූ කරල් දෑතෙහි රුවා
වියළුණු දෙනෙතින් මදෙස බලා
හිනැහී පසුව
හොරෙන් ඇස් පිහිදා ගත්,
නුඹ හසරැලි නුබ ගැබ සේ ගත සිත
සැනසුමට අත්වැලයි මාගේ,
සුදු කොඩි වැල තවම වැට මායිමෙන්
වෙන් ව නැති සේ ම
නිසරු දෑසින් පිරිපුන් හදවතින්
නොළා ඇසිපිය මා දෙස බලා
අම්මා තවමත් ඈත සිට
ඉන්නවා මට පේනවා
එම්.ජී. ඩිල්කි නවෝදා
13 ශ්‍රේණිය,
අනුලා විද්‍යාලය,
නුගේගොඩ.
සැමට පිහිට
දවසක් මම පාසල් යන විටකදී වයසක
මිත්තණියක පාර පැනීමට නොහැකිව සිටිනු
දුටුවෙමි. වාහන ඉතා වේගයෙන් තරගයට මෙන්
එහා මෙහා යයි. මගීන් ගැන කිසි සැලකිල්ලක්
ඔවුන් නොදක්වන බව පෙනිණි. මම ආච්චි අම්මාගේ
අතින් අල්ලාගෙන කහ ඉර හරහා අනෙක් පසට
මාරුවීමට උදව් කළෙමි. ඉන්පසු ඇය මගේ ඔළුව
අතගා ‘‘මගේ හොඳ පුතාට බුදු සරණයි” යැයි
කීවාය.
මා කළ යහපත් ක්‍රියාව ගැන සතුටුවෙමින් මම
පාසලට ගියෙමි.
විහඟ සුලක්ෂණ
09 ශ්‍රේණිය,
ගුරුගෙදර,
සපුගස්කන්ද.
සන්දේශ කාව්‍යය රස කැටි වූ සැලළිහිණි
සන්දේශය
ලෝක සාහිත්‍යයට ප්‍රථම සන්දේශ කාව්‍ය
එකතු කරන ලද්දේ මහා කවි “කාලිදාස” විසිනි. එම
කෘතිය මේඝදූතය යි. ඉන්දියානු සාහිත්‍යය
ඇසුර ලබා ගෙන අප රටෙහි ද සන්දේශ කාව්‍ය රචනා
වීම ඇරඹිණි. ලක්දිව හමුවන පැරැණිම සන්දේශ
කාව්‍ය ද්වය වන්නේ “තිසර සන්දේශය” හා “මයුර
සන්දේශය” යි. සිංහල සාහිත්‍යයේ ස්වර්ණමය
යුගය වන්නේ කෝට්ටේ යුගය යි. එසමයෙහි දී
සන්දේශ කාව්‍ය පහක් රචනා වූ අතර ඒවා පෙරවි
සන්දේශය, සැලළිහිණි සන්දේශය, ගිරා
සන්දේශය, කෝකිල සන්දේශය, හංස සන්දේශය නම්
වේ.
ඒ අතරින් සැලළිහිණි සන්දේශ කාව්‍ය සිංහල
සාහිත්‍ය ඉතිහාසයේ ලියැවුණු විශිෂ්ටතම
සන්දේශ කාව්‍ය යි. එහි රචකයා වන්නේ රාජගුරු
තොටගමුවේ ශ්‍රී රාහුල හිමි ය. උන්වහන්සේ
පාලි, සංස්කෘත, ප්‍රාකෘත, පෛශාවි, ශෞරසේන,
අපභ්‍රංශ යන භාෂා හයක විශාරදයෙකි.
උන්වහන්සේගේ දෙවන සන්දේශ කාව්‍යය සැළලිහිණි
සංදේශයයි. මෙහි කවි 108ක් ඇතුළත් වේ.
සැලළිහිණි සන්දේශය රචනා කරන ලද්දේ හයවන
පැරකුම්බා රජුගේ කනිටු දියණියන් වූ
උලකුඩය (ලෝකනාථා) දේවියට පුත් කුමරෙකු
ලබාදෙන ලෙස කැලණියේ විභීෂණ දෙවියන් යදිනු
සඳහා ය. සැළලිහිණි සන්දේශයේ සියලු කවි රචනා
වී ඇත්තේ සමුද්‍රඝෝෂ විරිතෙනි.
උත්පලා අංජලී සෙනෙවිරත්න
7 ශ්‍රේණිය ‘එෆ්’,
රත්නාවලී බාලිකා විද්‍යාලය,
ගම්පහ.
උඩඟුකම විනාශයට මුල වේ
එකමත්
එක කාලයක දුෂ්කර ගමක රන්වන් කරලින් බරවුණු
ලස්සන වෙල්යායක් තිබුණා. ඒ වෙල් යාය ළඟම උණ
පඳුරකුයි, ගෙඩි පිරුණු උසම උස පුවක් ගසකුත්
තිබුණා. මේ ගස් දෙක ටික කාලයක් යද්දී ගොඩක්
හිතවත් වුණා. සැබැයි හැමදාම පුවක් ගහ උණ ගහට
සමච්චල් කරන්න පටන් ගත්තා. උණ පඳුර ඒවා ගණන්
ගත්තෙ නෑ. එයා ඒවා අහලා එවලේම අමතක කරලා
දැම්මා.
පුවක් ගහ :- ඔයා නම් පොඩි සුළඟක් ආවත් බිමට
පහත් වෙනවා. ඒත් මම බලන්නකෝ ලොකු සුළඟක්
ආවත් කෙළින් ඉන්නවා. පොඩ්ඩක් වැනෙනවා
විතරයි. අනික මම ඔයාට වඩා ශක්තිමත්. ඔයා වගේ
නැවෙන්නෙ නෑ.
උණ පඳුර :- කමක් නෑ මම බිමට පහත් වෙලා ආපහු
ශක්තිමත් වෙනවා.
ඉතින් හැමදාම මේ විදිහට පුවක් ගස උණ ගසට
විහිළු කරන්න පටන් ගත්තා.
එක දවසක් හිතාගන්නවත් බැරි තරම් සුළඟක්
හැමුවා. ඒත් පුවක් ගස කැඩිලා ගියේ නැහැ. ගෙඩි
හැළිලා කොළ අතු ටිකක් බිමට නැවිලා. ඒත් පුවක්
ගසට ලජ්ජා නැහැ. උඩඟුකමින් උණ ගසට සමච්චල්
කරන එක නවත්තලත් නැහැ. ඒත් තවම උණ ගස නම්
පුවක් ගහට මුකුත් කීවේ නැහැ. එක දවසක් එදා
වගේම තද සුළඟක් හැමුවා. හැබැයි පුවක් ගහ
පෙරදා සුළඟට දුර්වල වෙලා තිබුණු නිසා නැමී
දෙකට මැදින් කැඩිලම ගියා.
උඩඟු පුවක් ගසට වුණු දේ අපත් මතක තියා ගන්න
ඕනැ. කවදාවත් අපත් උඩඟු වෙන්න හොඳ නැහැ.
අනිත් අය වගේ ම සමානව හිතන්න පුරුදු වෙන්න
ඕනෑ.
විනදි ඔමෙත්මා
(පන්තිය සඳහන්ව නැත)
ශ්‍රී චන්ද්‍රජෝති ම.වි., යක්කල.
මගේ පැතුම කවදා හෝ කොරියාවට යෑමයි
2016 වසර අධික අවුරුද්දකි. මේ වසරේදි
මගේ එකම පැතුම වන්නේ දකුණු කොරියාවට යෑමයි.
මම කැමති ම රට වන්නේ දකුණු කොරියාවයි. දකුණු
කොරියාවේ අගනුවර සියොල්ය. මම එරටට ආශා
කරන්නේ රූපවාහිනියේ මා දුටු කතා 2 ක්
නිසයි. එනම් අභීත දියණිය හා ජනහිතකාමී
රැජනයි. එම කතාවේ සිටින ඩියොක්මාන් කුමරිය
සහ දොංයි බිසව යන දෙදෙනාම දුප්පත් මිනිසුන්ට
සේවය කළහ.
දකුණු කොරියාවේ මිනිසුන් ඉතා
ආචාරශීලීය. දකුණු කොරියාව සීතල රටකි. මම
සීතලේ සිටීමට ඉතා ආශා කරමි. කෙදිනක හෝ මම
මගේ පැතුම ඉටුකර ගනිමි.
සෙනෙත්මි තිරන්යා
8 ශ්‍රේණිය,
ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය,
බම්බලපිටිය.
පොල් රොටිය
ගෙදර තිබුණ පළියට
කොච්චි දමල හරියට
අම්ම හැදුව රොටියට
දැවිල්ල දෙයි කනවිට
නැන්ද හදන රොටියට
කොච්චි දැම්මෙ පදමට
හදනව කිව් පළියට
කන්නට බෑ අද මට
මෙනුක ලක්වින් ගුණවර්ධන
3 ශ්‍රේණිය ‘ඩී’,
වේළුවන වි., කොළඹ 09.
මම මී මැස්සෙක් වෙමි
මා අයත් වන්නේ කෘමි සතුන් ගණයට ය. මගේ
ප්‍රධාන ආහාරය සොයා ගැනීම සඳහා මල්
කුමරියන් වෙත පියඹා යන්නේ මහත් සෙනෙහසිනි.
මම මගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් සමඟ
එක්ව සමඟියෙන් විශාල මී වදයක් බඳිමි. මගේ
කඩිසරකම ආදර්ශයට ගන්නා ලෙස ගුරුවරු
ළමයින් ට උපදෙස් දෙති.
ආර්.ජී. චාරු හංසනා
3 ශ්‍රේණිය,
මාලිගාතැන්න ප්‍රා.වි.,
උස්සාපිටිය.
මියුරු උදෑසන
ඉර මාමා හෙමින් එබෙයි
සඳ මාමා දුකෙන් පෙළෙයි
ගස්වල අතු සුවය ගෙනෙයි
සීත සුළං ගත සනසයි
මල් පිපිලා සුවඳ බෙදයි
ඵල දරලා රසය ගෙනෙයි
සුළං ගතට සිසිල ගෙනෙයි
ඉර මාමා උණුසුම දෙයි
කුකුල් හාමි කෑ මොර දෙයි
කුරුලු රංචු පියඹා යයි
පුංචි ළමයි පාසල් යයි
මියුරු උදෑසන එළඹෙයි
සෙනුරි තීක්ෂණා
6 ශ්‍රේණිය,
යට්ටපාත ක.වි.,
යට්ටපාත.

කුරුණෑගල වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයේ
අභිනවයෙන් පත්වූ ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය
නායක නායිකා මණ්ඩලය සේයාරුවකට පෙනී සිටි
අන්දම. විදුහල්පති ඩී.එම්.ටී.බී.
දිසානායක, ප්‍රාථමික අංශයේ විදුහල්පතිනී
එස්.එල්.ඩබ්.එම්. ගුණසිංහ, ශිෂ්‍ය නායක
නායිකා මණ්ඩලය බාර ආචාර්යවරියන් වන
ඒ.එන්.ආර්. ජයතිලක සහ පද්මා ඇතුගල ගුරු
මහත්ම මහත්මීහු ද සේයාරුවේ වෙති.

අවුරුද්දත් ළඟයි!
පුංචි දුවේ පුතේ සිංහල දෙමළ අලුත් අවුරුද්ද
ළඟම එනවා. ඒ වෙනුවෙන් ඔබ ලියන ගද්‍ය පද්‍ය හා
චිත්‍ර නිර්මාණ ඉක්මනින් ළමා පිටුවට යොමු
කරන්න.
ළමා පිටුව, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10.
|