Bollywood
Bollywood
වරුන් ධවාන්
නැටුමක් නිසා
අලකලංචියක්
බොලිවුඩ් පුරයේ තිරයෙන් පිටුපස ඇතිවන පෙම් බැඳුම්වල වගතුග හරිම ලස්සනට
ගලාගෙන යනවා. ඇතැම් අවස්ථාවලදී නොසිතූ අයුරින් ඒවා අවලස්සන වන්නේ වටපිට
දෙනෝදාහක් බලා සිටිද්දියි. ජනප්‍රිය නළු වරුන් ධවාන් සහ ඔහුගේ පෙම්වතිය වන
රුවැති නිළි නටාෂා දලාල් අතර ද එවැනි අමිහිරි දෙයක් මෑතකදී සිදු වුණා.
චිත්‍රපට නිෂ්පාදක කිශෝර් බජාජ්ගේ දියණිය, ක්රේවශාගේ විවාහ මංගල උත්සවයේදී
වරුන් සහ නටාෂා රණ්ඩු කරගත් බවයි පැවසෙන්නේ. මේ දබරයට මුල් වී ඇත්තේ නැටුමක්.
මංගල උත්සවයේ සංග්‍රහයෙන් පසුව නටන්න කැමැති ගැහැනු පිරිමි සියල්ලන්ම එම ශාලාවේ
ඉඩකඩ ඇති තැනකට එක්වුණා. සංගීත කණ්ඩායමේ වේග රිද්මයට මුසු වූ ගීත ගැයෙද්දී
සියලු දෙනාම නටන්න පටන් ගත්තා. වරුන් ධාවාන් ද ඒ අතරට එක්වුණා. මඳ වේලාවකින් ඔහු
සමඟ නටන්න එක්වුණේ ඔහුට වඩා වියපත් වූ රූමත් කාන්තාවක්. ඇය, වරුන් සමඟ හරි හරියට
නැටුවා. මේ කිසිවකට එක් නොවී පැත්තකට වී බලා සිටි වරුන්ගේ පෙම්වතිය නටාෂාට ඒ
නැටිල්ල ඇල්ලුවේ නැහැ.
ඇය එතෙක් හිඳගෙන සිටි අසුනෙන් නැගිට විදුලි වේගයෙන් ගියේ තම පෙම්වතා සමඟ නැටු අර
වියපත් කාන්තාව වෙතයි. ඇය වෙතට ගොස් ඇගේ අතකින් ඇද පැත්තකට කළ නටාෂා දිගට හරහට
බනින්න පටන් ගත්තා. මේ කෑ ගැසීමෙන් සෙසු පිරිසගේ නැටුම් ද මොහොතකින් නැවතුණා.
ඉන් පසුව වරුන්ගේ අතකින් ඇදගෙන වෙනත් පැත්තකට ගිය නටාෂා, ඔහුටත් දැඩි ලෙස දොස්
කියන්නට පටන් ගත්තා.
තවත් විනාඩි කිහිපයක් ගත වෙද්දී ඔවුන් දෙදෙනා අතර පුංචි
දබරයකුත් ඇතිවුණේ සියල්ලන්ම බලා සිටිද්දීයි. හැමෝම තමන් දෙදෙනා දෙස
විස්මයෙන් යුතුව බලා සිටින බව වරුන්ට සහ නටාෂාට දැනුණේ තවත් විනාඩියක් දෙකක්
ගතවෙද්දීයි. දෙදෙනා පියවි සිහිය ලැබුවාට පසුව ඉක්මනින්ම මංගල උත්සවයෙන් පිටවී
ගියා.
තරු දෙකක් ඇවිලෙයි
 
සුපිරි නළු, රිතික් රෝෂන් මේ දිනවල පැටලී ඉන්නේ සීතල යුද්ධයකයි. සීතල වුණත්
දැන් නම් එය උණුසුම් අතකට හැරිලා. රිතික් එක්ක මේ අයුරින් පැටලී සිටින්නේ තවත්
ජනප්‍රිය නිළියක්. ඇය තමයි, කන්ගනා රනාවුත්. මේ සුරූපී නිළිය සමඟ රිතික්
චිත්‍රපට දෙකක රඟපෑවා. එයින් එකක් ‘කයිට්ස්’. අනෙක් චිත්‍රපටය ‘ක්‍රීෂ් - 3’.
මේ දෙදෙනා තවත් චිත්‍රපටයක රඟපාන්න තෝරාගෙන සිටියා. ඒ චිත්‍රපටය, ‘ආෂික්වි -
3’. කෙසේ වෙතත් කන්ගනාව මේ චිත්‍රපටයෙන් ඉවත් කෙරුණා.
‘ද්වන්ධ යුද්ධය’ පටන් ගත්තේ එතැනින් පසුවයි. රිතික් පවසන්නේ කන්ගනා තමන් වෙත
ඊ-මේල් ඔස්සේ අසම්මත, විකාර රූපී පණිවුඩ එවූ බවයි. කන්ගනා පවසන්නේ රිතික් තමන්
වෙතට ද එවැනි ඊ-මේල් පණිවුඩ එවා, පසුව තම ඊ-මේල් ගිණුමට හොරෙන් ඇතුළු වී ඒවා මකා
දමා ඇති බවයි. ඔහු එවැන්නක් කළේ ඔහුට මතු දිනයකදී විඳින්නට සිදුවන
අවමානයෙන් ගැලවීමට බවත් ඇය පවසනවා. මෙයට ප්‍රතිචාර දක්වන රිතික් පවසන්නේ
කන්ගනා පසුගිය මාස කිහිපය තුළ තමන් වෙත එවැනි අසැබි පණිවුඩ 1439ක් එවා ඇති බවයි.
“කන්ගනාගෙ ඊ-මේල් එඩ්රස් එක මට දුන්නේ 2014 මැයි මාසයේදී, කරන් ජොහාර්ගෙ පාටි
එකේදි. ඒ නිසා මේ ඊ-මේල් එක කන්ගනාගෙ බව කිසිම සැකයක් නැතිව කියන්න පුළුවන්.”
රිතික්ගේ මේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන ඇය කියන්නේ රිතික්, තමන් සමඟ අදහස්
හුවමාරු කර ගැනීමට තමන් වෙනුවෙන්ම විශේෂ ඊමේල් ගිණුමක් විවෘත කරගත් බවයි. කෙසේ
වෙතත් දැන් මේ ‘තරු යුද්ධය’ නීතිය ඉදිරියටත් ගමන් කරලා. කන්ගනාට එරෙහිව
උසාවියේ පැමිණිල්ලක් කර ඇති රිතික් පවසන්නේ මෙතෙක් කන්ගනා විසින් තමන් වෙත කරන
ලද අපහාසවලට ඇය තමන්ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු ය කියලයි.
කරන් සිං
බිපාෂා විවාහය
දෙදරයි ද? බිපාෂා බාසු සහ කරන් සිං ග්‍රෝවර් අතර හාදකමක් පවතින බව බැලු බැල්මටම
පෙනෙනවා. ඔවුන් දෙදෙනා ගමන් බිමන් යන ආකාරයෙන්, කතාබහ කරමින් සිටින
විලාසයන්ගෙන් ඒ බව වටහා ගැනීම අපහසු නැහැ. මෑතකදී පැතිරී ගිය කතාවක කියැවුණේ
කරන් සහ බිපාෂා විවාහ ගිවිස ගත් බවක්. මේ විවාහ ගිවිස ගත් කතාව මතු වුණේ බිපාෂාගේ
සුරතෙහි ඉතා වටිනා දියමන්ති මුද්දක් පැලඳී තිබෙන බව මාධ්‍ය වේදීන්ට දැකගන්නට
ලැබීමෙන්. එයින් පසුව බිපාෂාගෙන් දිගින් දිගටම කවුරුත් විමසුවේ විවාහ මංගල
උත්සවය ගැනයි.
“කරුණාකරල ටිකක් ඉන්න. කට කතා පතුරුවන්න එපා. මම විවාහ වෙන දවස මම කියනවා.
විවාහ වෙන්න ඕනෙ නම් මම විවාහ වෙනවා. කටකතාවලින් ඔය වගේ දේවල් විහිළුවකට ලක්
කරන්න එපා.” බිපාෂා එලෙස පැවසුවා.
කෙසේ වෙතත් කරන් සිං සහ බිපාෂාගේ සම්බන්ධයට බිපාෂාගේ මව දැඩිව විරුද්ධ බවයි
ආරංචි. එයට හේතුව, කරන් සිං මීට පෙර විවාහ වී එය කඩාකප්පල් කරගත් අයකු වීමයි.
බිපාෂාගේ මව විතරක් නොවෙයි. පවුලේ අනෙකුත් සියලුම දෙනා ද මේ සම්බන්ධයට
විරුද්ධ යැයි පැවසෙනවා. බිපාෂාගේ මව නිතරම ඇයට පවසන්නේ කරන් සිං ගෙන් ඈත්වී
සිටින ලෙසයි.
මේ අතර කරන් සිං ගේ නිවසෙන් ද ඔහු වෙත දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
විශේෂයෙන්ම කරන් සිං ගේ මව ඔහුට පවසා ඇත්තේ බිපාෂා සමඟ පවත්වන සම්බන්ධය වහාම
නවතා දමන ලෙසයි. මේ ගැන කරන් සිං ගේ හිතවතුන් ඔහුගෙන් විමසූ විට ඔහු පවසා ඇත්තේ
තමන් නැවත විවාහ වන්නේ මවගේ ආශිර්වාදය ලැබෙන යුවතියක සමඟ පමණක් බවයි.
එහෙමනම්, කරන් සිං සහ බිපාෂාගේ විවාහයත් පෙම් සබඳකමත් මායාවක් වනු ඇති බවට
කිසිදු සැකයක් නැහැ.
සුජීව තේවහෙට්ටිගේ
|