දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

උණුසුමත් එක්ක විදුලි ඉල්ලුමත් නඟී

මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය මත ඉදිරි සති 2 - 3 ඇතුළත වැස්ස නොලැබුණහොත් මෙරට ජල විදුලි බලාගාර වසා දැමීමට ඉඩ ඇති බවත් ඒ තත්ත්වය මත විදුලි බලය සැපයීමේ බලවත් ගැටලු ඇතිවීමට ඉඩ ඇති බවත් අලුත්ම සමීක්ෂණවලින් හෙළි වෙයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ මාර්තු 24 වැනිදා වන විට මෙරට ජල විදුලි බලාගාරවලින් නිපදවන්නේ එහි උපරීම ධාරිතාවෙන් සියයට 40කටත් අඩු ප්‍රමාණයක් බවයි. ඉදිරියේදී ජල විදුලිය අඩුවුවහොත් තාප විදුලිය වැඩිපුර උපයෝගී කරගැනීමට සිදුවන බවත් ඔහු කියයි.

මේ මාසයේ පවතින අධික උෂ්ණත්වය නිසා රටේම විදුලි ඉල්ලුම වැඩිවී ඇති බවත් ඒ අනුව මේ වසරේ වැඩිම විදුලි ඉල්ලුම පසුගිය සතියේ දිනවල ගිගා වොට් පැය 40ක් ලෙස වාර්තා වූ බවත් සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

මාර්තු 24 වැනිදා වන විට වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 50කටත් වඩා අඩු වී තිබිණි. කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 75කින් අඩු වී ඇති අතර, රන්ටැඹේ ජලාශයේ මට්ටම ද විදුලිය නිපදවීමට අපහසු තත්ත්වයට අඩු වී ඇත.

ඊට අමතරව මාවුස්සාකැලේ ජල ධාරිතාව සියයට 30 දක්වා ද, කාසල්රී ජලාශයේ ජල ධාරිතාව සියයට 21 දක්වා ද, සමනළ වැව ජලාශයේ ධාරිතාව සියයට 25 දක්වා ද පසුගිය සිකුරාදා වන විට අඩුවී තිබිණි. මේ අතර මේ දිනවලදී පවතින උෂ්ණ කාලගුණය නිසා විදුලිබල ඉල්ලුම ගිගා වොට් පැය 40 දක්වා විශාල ලෙස වැඩිවී ඇති බව ද සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

ඒ සමඟම කාලගුණ විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා පවසන්නේ මේ තිබෙන කාලගුණ තත්ත්වය අනුව අප්‍රේල් මස මැද වන තෙක් ලොකු වැස්සක් ඇතිවීමට ඉඩක් නොමැති බවයි. ඊට අමතරව මේ දිනවල ඇති රස්නය ද අප්‍රේල් අවසන් භාගය වන තෙක් පැවැතීමට ඉඩ ඇති බව ද ඒ මහතා පවසයි.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තු ජල කළමනාකරණ අංශයේ දත්ත අනුව මේ වන විට කළු, කැලණි, මහවැලි, වලවේ යන ගංගා ද දැන් දරුණු ලෙස සිඳි යමින් පවතී.

මේ තත්ත්වයට මුහුණ දීමට සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වූ ජලය හා විදුලිය සුරැකීමේ කාර්යක්ෂම ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව විදුලිබල, වාරි හා කෘෂිකර්ම විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මෙරට වැඩියෙන්ම ජලය සපයන කලටුවාව හා ලබුගම ජලාශවල ද ජල මට්ටම් අඩුවෙමින් පවතින බව ද, කැලණි ග‍ඟේ අඹතලේ ජල පවිත්‍රාගාරය අසල ජල මට්ටම අඩුවෙමින් පවතින බව ද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසයි. රස්නය වැඩි නිසා ජල සංජනනය වැඩි නිසාත් ජලය සිඳී යාම වේගවත් වී ඇති බව ද වාරි විද්‍යාඥයෝ පෙන්වා දෙති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්