දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කොළඹ ඇවිත් හෝටලයක වේටර් වැඩත් මං කළා

කොළඹ ඇවිත් හෝටලයක වේටර් වැඩත් මං කළා

වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාල

(‘දුකා’ ප්‍රණාම ප්‍රසංගය අප්‍රේල් 2දා ‘නෙළුම් පොකුණ’ රඟහලේදී)

ප්‍රතිභා සම්පන්න කලාකරුවකු වන වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාලගේ කලා ජීවිතයට 25 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය වන ‘දුකා’ නම් වූ ප්‍රණාම ප්‍රසංගය අප්‍රේල් 2 වැනි දින පස්වරු 6.30ට කොළඹ ‘නෙළුම් පොකුණ’ රඟහලේදී පැවැත්වෙයි. උ‍ලෙළේ ප්‍රධාන අමුත්තා වන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාය. මහාචාර්ය සුනිල් ආරියරත්න මුඛ්‍ය දේශනය පවත්වයි. ‘ඌ තමයි දුකා’ නම් වූ ස්වජීව ලේඛය (AUTO BIOGRAPHY) හා ‘මම සිංහයාට බයයි නංගියේ’ නම් වූ ගී සංග්‍රහය මෙදින එළිදක්වෙනු ඇත. මෙම ප්‍රණාම ප්‍රසංගයට ගීත 22ක් ඇතුළත්ය.

 අවුරුදු විසිපහක ගෙවුණු අතීතය දිහා ආපහු හැරිලා බලද්දි ‘දුකා’ ට මොකද ‍හිතෙන්නේ?

සතුටක් ඇති වෙනවා. ඒ කියන්නේ කියපු, කරපු දේවල් ගැන. මේක මම දකින්නේ බොහොම වෙහෙසකර අවුරුදු විසිපහක ගමන්මඟක් විදියට. මොකද; මම හුඟක් කළේ ප්‍රායෝගික දේවල්. නොයෙක් දුෂ්කරතා, අපහසුකම් මැදයි මං මේ ගමන ආවේ. මං වගෙ කෙනෙක් කහටගස්දිගිලියේ ඉඳන් එන එකම හරිම අමාරු වැඩක්. කන්න බොන්න නැතුව, තුන් වේල එක වේලකට ෂේප් කරගෙන, ඉන්න, හිටින්න තැනක් නැතුව බෝඩිම් කාමරවලින් එළවලා දාපු අතීතයක් තමයි මට තියෙන්නේ.

ඔබ විශ්වාස කරන එකක් නැහැ. මං හෝටලයක වේටර් වැඩ පවා කරලා තියෙනවා. මාත්තෙක්ක ගමේ හිටපු යාළුවා ඔහුගේ නම (සෝමපාල) අද වළං විකුණනවා. මිනිහට හරි ආඩම්බරයි, අද මං ඉන්න තැන ගැන. ඉස්කෝලෙදි සෝමපාලට ලියන්න පැන්සලක් නැතුව මං මගේ පැන්සල දෙකට කඩලා එක කෑල්ලක් ලියන්න දුන්නා කියලා ඔහු නිතර ම මට මතක් කරනවා.

ඔබ කවුද? මාධ්‍යවේදියෙක් ද? ගීත රචකයෙක් ද? නළුවෙක් ද? ප්‍රචාරක දැන්වීම් ශිල්පියෙක් ද?

මාධ්‍යවේදියෙක් කියන හැඳින්වීමට මං කැමැතියි. මගෙ ආත්ම ප්‍රකාශන මාධ්‍යය නම් සිනමාව. හැබැයි මට තවම එක චිත්‍රපටයක්වත් නිර්මාණය කරගන්න ලැබිලා නැහැ. ඒක අවුරුදු දහයක, පහළොවක කාලයක ඉඳන් හිතේ තියෙන දෙයක්.

දුකා කලාවට යොමුවුණේ කොහොමද?

ගමේ ඉස්කෝලේ පොඩි පොඩි ‘කලර්ස්’ පෙන්වලා තියෙනවා. විශේෂයෙන් ගැහැනු ළමයි ඉදිරියේ කැපී පෙනෙන්න. යෞවන සම්මාන නාට්‍ය උලෙළට නාට්‍ය කළා. ජයවර්ධනපුර සරසවියට එද්දි මට ‘වීසා’ එක ලැබුණා, කොළඹ දිගට ම ඉන්න. ඒක ලොකු දෙයක් වුණා මගේ ජීවිතයට.

ඔබ දැක්ක ‘ගමේ’ කලාව මොනවගේද?

මගේ තාත්තා කැලෑ මහත්තයෙක්. හරිම සැරයි රළුයි. අම්මා ගුරුවරියක්. නුවර හිඟුල්වල තමයි ගම. ගමේදි මං කිරිඅත්තලා පාන අඬහැර, කවි එහෙම අහන් ඉන්නවා. සොකරි බලනවා, ජහුටා බලනවා.

මොනවද ‘ජහුටා’ කියන්නේ?

දෙබස් කථන මුද්‍රා නාට්‍ය විශේෂයක්. නළුවෝ රඟපානවා. දෙබස් කියන්නේ වෙනත් අය. අවුරුදු පහේදි විතර අපි යනවා මහ වන්නියට. සීතල පරිසරයක ඉඳන් මහා ආෂ්ටකයකට. නුවර කලාවියේ ජනශ්‍රැති මං අතපත ගාන්න පටන්ගන්නවා.

ගමෙන් ඔබ කොළඹට මොනවද ගෙනාවේ?

නිර්ව්‍යාජත්වය, නිර්භීතකම, උච්ච ස්වරය මම ගමෙන් ගෙනාපු දේවල්. මට කිසිම දෙයක් හිතේ තියන් ඉන්න බැහැ. කියලා දානවා. මං හරි නිර්භීතයි. ඒ නිසානේ ගුටි කකා වැඩ කරන්නේ.

‘උච්ච ස්වරය’ කියලා කිව්වෙ මොකක්ද?

මගේ ස්වරය වෙනස්. අපි හෙමින් කතා කරන අය නෙමේ. අද ළමයි කෑගහන්නේ නැහැ. මොකද, ඉස්කෝලේ ‘ඩිසිප්ලින්’ උගන්වලා. අද ගැහැනු ළමයෙක්ව දූෂණය කළත් කෑගහන්නේ නැහැ. අපේ ගෙදරට නයෙක් එහෙම ආවොත් අක්කලා කෑගහන්නේ ගමට ම ඇහෙන්න.

ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කොතැනද?

ජැක්සන් ඇන්තනි. නාට්‍යකරුවන් විදියට අපි වරක් කැරැල්ලක් ගැහැව්වා. අපි නාට්‍ය වර්ජනය කළා. ජැක්සන් මේ දිහා බලන් හිටපු කෙනෙක්. එතකොට ඔහු ‘සවන’ ගුවන්විදුලියේ. චිත්‍රපට වැඩමුළුවකදි මං ජැක්සන්ව ප්‍රශ්න කරනවා. ඔහු යද්දි මට ‘විසිටිං කාඩ්’ එකක් දීලා ගියා ‘ඇවිත් හම්බවෙයන්’ කියලා. මම මාධ්‍යවේදියෙක් වුණේ ඒ හමුවූ තීරණාත්මක ගමනින්.

මම ඔබව දකින්නේ පිටස්තරයෙක් විදියට. ඒ කියන්නේ සන්නස්ගලලා, හර්බට් රන්ජිත් පීරිස්ලා, ඩබ්ලිව්. ජයසිරිලා, ජිප්සීස් සුනිල්ලා වගේ.

ඒ වචනයට මං කැමැතියි. සමාජය මාව පිළිගන්නෙත් පිටස්තරයෙක් විදියට තමයි. මගේ ප්‍රකාශ, මගේ නිර්මාණ අනික් ඒවාට වඩා වෙනස්. පිටස්තරයන්ට මං ආදරෙයි. සයිමන් නවගත්තේගමට මං ආදරෙයි. ඒ නිසාම මට එයා පොරක්. දීප්ති ගුණරත්න ළඟ මං එකඟ නොවන දේවල් තියෙනවා. නමුත් මට ඔහු පොරක්. එහෙම පොරවල් තමයි සමාජය වෙනස් කරන්නේ. පතෝල කරල් වගෙ ඉඳලා වැඩක් නැහැනේ.

ඔබේ ඇතැම් නිර්මාණවලට දරුණු විවේචන එල්ල වී තිබෙනවා?

ඔය කියන්නේ ‘කංසා’ ගීතය ගැන වෙන්නැති. වික්ටෝරියානු සදාචාරයට අනුව කංසා ‍බොනඑක අසංස්කෘතික වුණාට මේක ඖෂධයක්. පානයක්. මිනිහෙක් කංසා බීලා මිනිමරා ගත්තා කියල කොහෙවත් සඳහන් වන්නේ නැහැ. ස්ත්‍රී දූෂණයක් කළා කියලා කොහෙවත් අහන්න ලැබිලා තියෙනවද? අපේ අය රේන්දය ආරක්ෂා කරගන්න අරක්කු නීතිගත කළා. කංසා තහනම් කළා. ගම්වල ගිනි තියන කංසා පිටරටට වික්කොත් අයවැය පරතරය පියවගන්න පුළුවන්. මං අහන ප්‍රශ්නය මේකයි. අපේ මිනිස්සු අරක්කු බොනව නම්, සිගරැට් බොනව නම් කංසා බිව්වම මොකද කියන එකයි.

ඔබේ උත්සවයේදි ඔබ ලියපු ස්වයං ලිඛිත චරිතාපදානය එළිදකිනවා. ජීවිත කතා පොතක් ලියන්න තරම් ඔබ ‘පොරක්’ ද?

මීට අවුරුදු අටකට, දහයකට විතර කලින් මම උසස් පෙළ ළමයින්ට ජීවිතය ගැන, සමාජය ගැන දේශන පැවැත්වුවා. මම ඔවුන්ට මගේ ජීවන අත්දැකීම් කියලා දුන්නා. ඒක අහන් හිටපු ගුරුවරුයි ළමයිනුයි කිව්ව දෙයක් තමයි මේ ජීවන අත්දැකීම් පොතකට ලියන්න කියන්න. මොකද ඊළඟ පරම්පරාවටත් මේක වටිනවා කියලා ඔවුන් කිව්වා. අපි පන්සල් විතරක් ගිහිල්ලා මදි. අපි ගණිකාවෝ, පිම්පියෝ, පාතාල මැරයන් පවා ඇසුරු කරන්න ඕනැ. විභාග පාස් වුණාට මිනිස්සු හැදෙන්නේ නැහැ. අපි සමාජයෙන් දැනුම ලබාගන්න ඕනැ. මගේ පොත ඒ අවශ්‍යතාව උදෙසා ලියූවක්.

ඔබ ගම විකුණගෙන කන, සංස්කෘතිය විකුණගෙන කන, ජනශ්‍රැතිය විකුණගෙන කන කෙනෙක් කියලා කවුරු හරි කිව්වොත්?

හැම මිනිහෙකුට ම මිලක් තියෙනවා. දවසක් පිකාසෝ ළඟට ගෑනියෙක් ආවා චිත්‍රයක් ඇඳගන්න. පිකාසෝ විනාඩි පහෙන් ඒ ගෑනිගේ පෝට්රේට් එකක් හරියට පණ පිහිටුවල වගේ ඇඳලා දුන්නා. ගෑනි ඇහැව්වා කීයද ගාන කියලා. පිකාසෝ ඩොලර් ලක්ෂ ගාණක් කිව්වා. එතකොට ගෑනි ඇහැව්වා විනාඩි පහෙන් ඇඳපු චිත්‍රයට මොකද එච්චර ලොකු ගාණක් කියලා. දන්නවද පිකාසෝ දුන්න උත්තරේ? මම විනාඩි පහේ චිත්‍රය අඳින්න අවුරුදු විස්සක් පුරුදු වුණා කියලා කිව්වා. ඒකටත් එක්ක තමයි ගාන කිව්වෙ කියලා පිකාසෝ කිව්වා.

ඔබට ඔබේ ජීවිතය ආශ්චර්යක් ද?

මම පොඩි දෙයින් වුණත් සෑහීමකට පත්වන කෙනෙක්. ඒනිසා මට ලොකු දේවල් පවා දරා ගන්න පුළුවන්. ‘ලුම්බිණියේ’ නාට්‍ය බලලා මං විජේරාමට පයින් යනවා. අද ප්‍රාඩෝ එකෙන් යනවා. අදටත් මට පුළුවන් 138 නැඟලා ගෙදර යන්න. ඒක තමයි මගේ ජීවිතය.

ඔබේ උත්සවයෙදි ඔබ ලියූ අලුත් ම ගීතයක් ගැයෙන බව ආරංචියි?

ඔව්. අපිට හන්තානේ ගැන ප්‍රේම ගීත ඕනෑතරම් තියෙනවා. ඒත් ‘ජපුර’ සරසවියට එක ප්‍රේම ගීතයක්වත් නැහැ. ඉතිං මම ලියපු මේ අලුත්ම ගීතය ‘ජපුර ප්‍රේමය’ කියා මා හඳුන්වලා තියෙනවා. ගීතය ගයන්නේ කසුන් කල්හාර. මං ආරාධනා කරනවා ‘ජපුර’ ආදි විද්‍යර්ථින්ට එන්න මගේ ‘ජපුර’ ප්‍රේම ගීතය අහන්න කියලා.

ඔබේ කලා ජීවිතයේ අවුරුදු 25ක් ගෙවුණා. ඉතිරි අවුරුදු 25 කොහොම වෙයිද?

ශරීර සෞඛ්‍ය අනුව මං ගොඩක් කල් ජීවත් වෙන එකක් නැහැ. ඒ නිසා අනාගතය ගැන මං හිතන්නෙ නැහැ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්