රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය
රටේ අනාගතය
තීන්දු කරන
වචන දෙකක බලය
'සන්ධාන' යනුවෙන් හැඳින්වෙන්නේ එකතු වීම යි.
'ප්‍රතිසන්ධාන' යනු නැවත එකතු වීම යි. ජාතීන් අතර තබා එක ම ජාතියක, එක ම පවුලක,
වුව ද එකිනෙකාගේ එකතු වීම හෝ
සමඟිය ගැන කතා කරන විට නැවත එකතු වීම හෝ නැවත
සමඟි වීම හෝ ගැන කතා කිරීම කොහෙත්ම ම සුදුසු නො වේ. අවශ්‍ය වන්නේ එකතු කිරීමට හෝ
සමඟි කිරීමට හෝ නම්
'නැවත' යනුයෙන් අතීතය සිහිපත් කිරීම ම එකතුවට,
සමඟියට බාධාවක් කරන බැවිනි. පෙර බිඳීම් අමුතුවෙන්
මතු කිරීමට 'ප්‍රතිසන්ධාන' යන වචනය හේතු වන අතර,
එවිට එකිනෙකාගේ සිත්වල යළි අවිඥානක ව ම මතු වන්නේ
පෙර විරසකය යි; පෙර බිඳීම යි.
සංහිඳියාව යන වචනය දේශපාලනිකරණය වීම ඇරඹෙන්නේ වර්ෂ 2010ට පසු ව යි. ඒ
LLRC කොමිසම පිහිටුවාට පසු ව යි. කොටි ත්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කළාට
පසු එවැනි ආරවුලක් නැවත රටේ ඇති නොවීමට, අතීත පාඩම් ඇසුරෙන් ජාතික සමඟි මාවතක්
සැකසීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කෙරිණි. Lessons Learnt and Reconciliation
Commission (LLRC) යනුවෙන් ඉංග්‍රීසියෙන් නම් කෙරුණු මෙහි නාමය සිංහලට නැඟ=නේ
'උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම යනුවෙනි. මේ කොමිසමේ සාමාජිකයන් අතර
සිටි ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නිලධරයකු වූ සිරිපාල පලිහක්කාර මහතා
'ප්‍රතිසංධාන' යන වචනය එතැනට නොගැළපෙන්නක් ලෙස සැලකූ අතර සුදුසු වචනයක්
යෝජනා කරන්නැයි විටෙක ඉල්ලා සිටියේ ය. 'ප්‍රතිසන්ධාන' යන්නට නොගැළපෙන නමුත්
කොමිසමේ අරමුණට ගැළපෙන වචනය හැටියට 'සංහිඳියාව' සුදුසු බව මම යෝජනා කළෙමි.
ශ්‍රී ලංකාවේ සංස්කෘතික පදනමටත් කොමිසමේ අරමුණටත් හොඳින් ම ගැළපෙන වචනය
වූයේ 'සංහිඳියාව' යි. එතැන් සිට සිංහල භාවිතයේ දී 'උගත් පාඩම් හා සංහිඳියාව
පිළිබඳ කොමිසමÓ ලෙස පලිහක්කාර මහතා විසින් එය යොදා ගන්නා ලදි. 'ප්‍රතිසංධාන'
වෙනුවට 'සංහිඳියාව' භාවිතයට එක් වීම එතැන් සිට වැඩිණි. ක්‍රමයෙන්
'සංහිඳියාව' දේශපාලන වේදිකාව මතටත් ගොඩ වූ අතර 2015 ජනවාරි 8 වැනිදාට පසු
එය දේශපාලන කතාවල ප්‍රධාන වචනය බවට පත් විණි. ජනවාරි 8 විප්ලවය උදෙසා යොදා
ගත් අනෙක් වචනය වන්නේ 'යහපාලනය' යි.
ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ සංහිඳියාව හා යහපාලනය යන වචන දෙක මත බව
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැන් කිහිප අවස්ථාවක දී ම අවධාරනය කර
තිබේ. ජාතික සමඟිය සඳහා දකුණේ සංහිඳියාව පළමු ව අවශ්‍ය බවත්, සංහිඳියාව
සම්බන්ධයෙන් දේශපාලකයන්, ලේඛකයන්, මාධ්‍යවේදීන්, විද්වතුන් ආදී වශයෙන්
කියැවෙන ඒ ඒ ක්ෂේත්‍ර නියෝජනය කරන්නන් වෙතින් ඉටු වන කාර්යභාරය ප්‍රමාණවත්
නැති බවත් ජනාධිපතිතුමා අවධාරණය කරයි. ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුදයේ
ස්වභාවය හා ඉන් ගොඩ ආ හැකි මාර්ගය යන, ප්‍රශ්නය මෙන් ම විසඳූමත්
ජනාධිපතිතුමාගේ ඒ අවධාරණය කිරීමට අයත් ය. විශේෂයෙන් ම මේ කාරණය වටහා ගත
යුතු වන්නේ දකුණ වීම හෝ සංහිඳියාව පළමු ව අවශ්‍ය වන්නේ දකුණට වීම හෝ රටේ ඉදිරි
අනාගතය සම්බන්ධයෙන් වන තීරණාත්මක කරුණකි. මේ කතාව වඩාත් හොඳින් පැහැදිලි
කරගැනීම සඳහා, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ අරමුණට (LLRC)
'ප්‍රතිසන්ධාන' යන වචනය නොගැළපීම හා 'සංහිඳියාව' ගැළපෙන්නේ කෙසේ ද, යන්න
ගැන වටහා ගැනීම වැදගත් ය.
'සන්ධාන' යනුවෙන් හැඳින්වෙන්නේ එකතු වීම යි. 'ප්‍රතිසන්ධාන' යනු නැවත එකතු වීම
යි. ජාතීන් අතර තබා එක ම ජාතියක, එක ම පවුලක, වුව ද එකිනෙකාගේ එකතු වීම හෝ
සමඟිය ගැන කතා කරන විට නැවත එකතු වීම හෝ නැවත සමඟි වීම හෝ ගැන කතා කිරීම කොෙහත් ම
සුදුසු නො වේ. අවශ්‍ය වන්නේ එකතු කිරීමට හෝ සමඟි කිරීමට නම් 'නැවත' යනුයෙන්
අතීතය සිහිපත් කිරීම ම එකතුවට, සමඟියට බාධවක් කරන බැවිනි. පෙර බිඳීම්
අමුතුවෙන් මතු කිරීමට 'ප්‍රතිසන්ධාන' යන වචනය හේතු වන අතර, එවිට එකිනෙකාගේ
සිත්වල යළි අවිඥානක ව ම මතු වන්නේ පෙර විරසකය යි; පෙර බිඳිම යි. එබැවින් එකතු
වීමක්, සමඟියක් ගොඩ නඟන්නට අදහස් කරනවා නම් පෙර බිඳීම්, බෙදීම් සිහිපත් කිරීම
කොහෙත් ම සුදුසු නො වේ. එය එක ම නිවෙසක, පවුලක අය අතරට මෙන් ම එක් එක් ජාතීන්
අතරටත් අදාළ යි. ඒ අනුව 'ප්‍රතිසන්ධාන' යන්න ජාතික සමඟිය ගොඩ නැඟීම අරමුණු
කරන අවස්ථාවකට, නාමයකට, කොහෙත් ම ගැළපෙන්නේ නැත. උතුරට හා දකුණට
අමුතුවෙන් 'සාම පාලම්' බැඳීම නුසුදුසු වන්නේ ද මේ අරුතිනි.
එකතු වීමක්, සමඟියක්, ගැන ඍජුව ප්‍රකාශ නොවෙන, 'සංහිඳියාව' යන වචනය ජාතික
සමඟිය ගොඩනඟන ව්‍යාපාරය හැඳින්වීමට සුදුසු වන්නේ කෙසේද? ඇත්තට ම සංහිඳියාව
යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? මවිසින් රචිත 'ආදර නිල් මැණික මිහිර' ගී කවි
සරණියට ලියන ලද දීර්ඝ පෙරවදනට අයත් කොටස් හතරින් දෙවන කොටස වන 'හිතේ මිහිරÓ
යටතේ 'සංහිඳියාව' යන්න ගැන මෙසේ පැහැදිලි කළෙමි;
'දසත දුවන හිත මොහොතකට එක තැනක නවතිනවා නම් එය හිත සංසිඳීමට පත් වීම යි. මේ
අවස්ථාව හිත සන්සුන් වීම ලෙස ද ගත හැකි යි. සන්සුන් හිතට ගැටලුවක් දිහා සන්සුන්
ව බලන්නට ඉඩ පෑදෙයි. එවිට ගැටලුවට පිළිතුරු සොයා ගැනීම ද පහසු වෙයි.
ප්‍රශ්නයක් ඇති වූ හිතකට ම විසඳූමත් සොයා ගත හැකි නම් එය සාර්ථක පියවරකි.
පැහැදිලි විසඳූමක් කල්පනා වන්නේ සංසිඳූණු, සන්සුන් හිතකට යි. මේ සන්සුන් හිත,
සංසිදීමට පත් හිත, බෞද්ධ සංස්කෘතියේ හැඩගැස්වීමට අනුව හැඳින්වෙන්නේ පහන්
සංවේගයට පත් හිත ලෙස යි. පහන් සංවේගය යනු ප්‍රසාදයත් සංවේගයත් මිශ්‍ර වූ,
නැත හොත් ඒ දෙක අතර පවත්නා සංවේදී තත්ත්වයට පත් හිත ලෙස දැක්විය හැකි යි. මේ හිත
මොළය හා හදවත අතර සමබර ව පවතින්නකි. තර්කයෙන් සියල්ල නොවිමසන, හදවතට
නැඹුරු තීන්දුවලට ඉඩ දෙන, සමබර හිතක ස්වභාවය තමාට මත් අනෙකාටත් හානියක් වීමට
ඇති ඉඩ අඩු වීම යි.'
හිතක් සංසිඳීමට පත් වීම හෝ එසේ සංසිඳුණු හිත් එකතුවකින් ඇති කරන සමාජීය
බලපෑම හෝ සංහිඳියාව ලෙස ගත හැකි යි. අනෙකා ගැන ඉවසීමෙන්, කරුණාවෙන් බලන්නේ
සංහිඳියාවට පත් හිතකිනි. ඉතින් ජාතික සමඟිය සඳහා, අප එකිනෙකාගේ හිතේ ඇති වන
සන්හිඳියාව තරම් වටිනා අන් යමක්, අවස්ථාවක් තවත් තිබේද? සංහිඳියාවට පත් හිතක
නිරවුල් බව, එවිට මතු වන ආදරණීය හැඟීම, අනෙකා ගැන ඉවසීමෙන් බැලීම, වැනි
මානුෂීය වටිනාකම් තරම් බලවත් ඔසුවක් බිඳුණු සමඟිය සුවපත් කිරීමට තවත් නැත.
අනෙක් වැදගත් කාරණය වන්නේ එය මෙරට සංස්කෘතියේ ඇති වටිනාකමක් ද වීම යි. අද කළ
යුතු වන්නේ යට වී ඇති ඒ වටිනාකම් පාදා ගැනීම යි. සියලු ශ්‍රී ලාංකිකයන් අතර
ජාතික සමඟිය තහවුරු කිරීමේ දී දකුණ සංහිඳියාවට පත් වීම ගැන ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂයෙන් අවධාරණය කරන්නේ ඇයි ද යන්නත් එහි කාලීන
වටිනාකමත් කොතරම් දැයි ඒ අනුව පැහැදිලි වනු ඇත.
සන්හිඳියාව යනුවෙන් අදහස් කරන්නේ එක් එක් ජාතීන් ගැන, එක් එක් ආගම් ගැන, ඒ ඒ
සංස්කෘතීන් ගැන එකට ඈඳා කතා ලිවීම, චිත්‍රපට තැනීම, නෑගම් යෑම, සංස්කෘතික
සන්දර්ශන පැවත්වීම, ආදියට වඩා පුළුල් පදාසයක පැතිරෙන මහ අරුතක් බව අප පළමු ව
වටහා ගත යුතු යි. එය දේශපාලන වචනයක් නො ව, ජාතිය ගොඩ නඟන සංකල්පය බව දැන ගත
යුතු යි. හුදෙක් ආර්ථික සමෘද්ධිය ඇති වූ පමණින්, නීතිය කාටත් සමාන වූ පමණින්
සංහිඳියාව ඇති නොවන බව ද අප තේරුම් ගත යුතුයි. ඒ සෑම මාර්ගයක් ම, අවස්ථාවක් ම
සංහිඳියාවට බලපාන 'හිතේ මිහිර' ඇති කරන්නට හේතු වන බව සෑබෑවකි. එහෙත්
සංහිඳියාව එකිනෙකාගේ හිත්වල ඉපදී සමාජයට පැතිරෙන පුදුමාකාර බලයක් බව අප
වටහා ගත යුතු යි. මේ බලය හිත්වල උපදින්නට හේතු වන අවස්ථා හෝ උපාය මාර්ග සැලසීම
ශිෂ්ට සම්පන්න ජනසමාජයක් පතන සෑම කෙනකුගේ ම වගකීමකි.
ජාතිය ගොඩනැඟීම වෙනුවෙන් වගකිව යුතු ක්ෂේත්‍රවලින් සංහිඳියාවට සාධාරණ
දායකත්වයක් නො ලැබෙයි. පාසලේ සිට වැඩබිම දක්වා ම, තනි පුද්ගලයාගේ සිට පවුල
දක්වා ම එකිනෙකා පරයන තරගයත්, දේශපාලන ඇවිළවීමත් පෙරට ගෙන ජාතික වගකීම
දිගින් දිගට අතපසු කරමින් තිබේ. ඒ පැහැර හැරීමේ දී දේශපාලන ක්ෂේත්‍රයට
නොදෙවැනි ව මාධ්‍ය භාවිතයත් ක්‍රයාත්මක බව අප පිළිගත යුතු යි. තම පක්‍ෂ තනි ව
බලයට ආවොත් රටේ ප්‍රශ්න විසඳන්නට හැකි යැයි කීමෙන් හෝ 'බැරි නම් දෙන්න කරල
පෙන්නන්නම්' යැයි විහිළු කතා කීමෙන් අද රටට අත්‍යවශ්‍ය සංහිඳියාව ඇති කළ නොහැකි
යි. ඒ දේශපාලන ඕපාදූප සමඟ අපරාධ කතා දිස්නය දමන වත්මන් මාධ්‍ය භාවිතය
සංහිඳියාවට මහා බාධකයක් බව පුනපුනා ම කිව යුතු යි.
වත්මන මාධ්‍ය භාවිතයට තව මත් කෙලෙසන්නට නොහැකි වූ, ගමක් ගමක් ගානේ හිතුමතේ
පැවත්වෙන 'පැදුර' සංගීත මේලාව සංහිඳියාවට මඟ පාදන හිතේ මිහිර ඇහැරවන
අවස්ථාවක් බව 'ආදර නිල් මැණික මිහිර' කෘතිය මඟින් මම යෝජනා කරමි. එවැනි පැදුරු
සංගීතයට බහුලව යොදා ගන්නේ 60, 70, 80 යන දශකු තුනේ ගීත වේ. ජාතික
ගුවන්විදුලියෙන් අප ඇසූ පැරණි රසාංග ද මේ 'පැදුර' නම් සංගීත මේලාවට ගායනා කරන
අවස්ථා ඉඳහිට හෝ තවම අසන්නට ලැබේ. ඒ.එම්.යූ. රාජ් ගායනා කරන එවැනි එක්තරා ගීතයක්
ඔබේ මතකයට නඟන්නට කැමැතියි;
'ගුණ දහම හොඳ නරක කණපිටට පෙරළුණා - ජීවිතේ දුක සැපත කාසියක සැඟවුණාÓ මෙයින්
කියැවෙන්නේ ශිෂ්ට සම්පන්න ජන සමාජය අශිෂ්ට මඟකට වැටීම පිළිබඳ කණගාටුදායක
කතාව යි. සංහිඳියාව ඇති කිරීමට දායක වීම යනු ගිලිහී ගිය හෝ ඇහිරී ගිය හෝ ශිෂ්ට
සම්පන්න මඟ යළි පාදා ගැනීම යි. යහපාලනය යනු ඒ මඟ යන ගමන යි.
ලක්ෂමන් පියසේන
|