දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


අධ්‍යක්ෂණයෙන් ඉදිරියට ඒම මගේ අරමුණයි

අධ්‍යක්ෂණයෙන් ඉදිරියට ඒම මගේ අරමුණයි

හේමාල් තිරිමාන්න

ඔහු හේමාල් තිරිමාන්න. වෘත්තියෙන් පෝෂණවේදියකු වන හේමාල් රංගනයට මෙන් ම අධ්‍යක්ෂණයට ද දක්වන්නේ නොමඳ ඇල්මක් සහ දක්ෂතාවක්. තම කලා දිවියේ ආරම්භයත් මේ දිනවල නිරතවී සිටින කලා කටයුතු පිළිබඳවත් විස්තර හේමාල් අප සමඟ පැවසුවේ මේ අයුරින්.

“මගේ ගම පානදුරේ. පාසල් ගියේ පානදුරේ ශ්‍රී සුමංගල විද්‍යාලයට. පුංචි කාලේ ඉඳලා කලාවට ආශාවක් දැක්වූවත් පාසලේදි කලා කටයුතුවල නිරත වෙන්න අවස්ථාවක් ලැබුණේ නෑ. උසස් පෙළ සමත් වුණාට පසුව ඉංග්‍රීසි භාෂාව පිළිබඳව වැඩිදුර ඉගෙන ගන්න බොරැල්ල ඇක්වයිනාස් විද්‍යාලයට ගියා. එහිදී පාඨමාලාව අවසානයේදී ෂේක්ස්පියර් ගේ නාට්‍ය කීපයක් රඟදක්වන්න තිබුණා.

පළමුවෙන් ම කළේ රෝමියෝ ජුලියට් නාට්‍යය. එහි රෝමියෝ ගේ චරිතය නිරූපණය කළේ මම. ඒක තමයි මගේ පළමු වේදිකා නාට්‍ය රංගනය. ඉන් කලකට පසුව ටෙලිවිව් ආයතනයට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. එහිදී මට හොඳ පුහුණුවක් ලැබුණා. වෙළෙඳ දැන්වීම් කීපයකට ම දායකවීමේ අවස්ථාව එහිදී හිමි වුණා. ඇන්ටන් ජලනළ වෙළෙඳ දැන්වීම ඉන් විශේෂයි. ඒ වගේ ම “භවත්‍රා” ටෙලි නාට්‍යයේ රඟපාන්නත් අවස්ථාව හිමිවුණා.”

“ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටිගම මහතාව හඳුනාගන්න ලැබෙන්නේ ඉන්පසුව. එහි ප්‍රතිඵලයක් හැටියට ඔහ‍ුගේ ටෙලිනාට්‍ය මාලා කීපයක ම රඟපෑමේ අවස්ථාව උදාවෙනවා. ඒ එක්කම සනත් අබේසේකර, එරංග සේනාරත්න වැනි ප්‍රවීණයින්ගේ අධ්‍යක්ෂණයන් යටතේ රඟපාන්නත් අවස්ථාව ලැබුණා. ලංකාවේ ඓතිහාසික චිත්‍රපට මාලාවේ ආරම්භය ලෙස සැලකෙන සනත් අබේසේකරගේ මහින්දාගමනය චිත්‍රපටයේ බන්ඩුක උපාසකගේ චරිතය නිරූපණය කිරීමේ භාග්‍ය මට හිමිවුණා. එතැනින් ඇරැඹුණු චිත්‍රපට රංගන ජීවිතයේ මේ වන විට මම චිත්‍රපට කීපයකට ම රංගනයෙන් දායක වෙලා තියෙනවා.”

“අවුරුදු කීපයක් ම හින්දි සිනමාව සහ ඉංග්‍රීසි සිනමාව පිළිබඳව මම අධ්‍යයනයක් කළා. එහි ප්‍රතිඵලයක් හැටියට පැරැණි සිංහල චිත්‍රපටවල ගීත ප්‍රතිනිර්මාණය කරමින් සිටිනවා. ඒ සඳහා තිස්ස නාගොඩවිතාන මහතාගේ සහයෝගය මට උපරිමයෙන් ලැබෙනවා. එම ගීත ප්‍රතිනිර්මාණය කිරීමේදී ඒවා අධ්‍යක්ෂණය කරන්නේ මම. නවක නළු නිළියන් සමඟ ඒ වායේ මම රඟපානවා. නවක නළු නිළියන්ට අපි මෙහිදී හොඳ පුහුණුවක් ලබා දෙනවා.”

“ටෙලිනාට්‍ය නිෂ්පාදන ආයතනයක් පිහිටුවා ගන්න මේ වන විට මට හැකියාව ලැබී තියෙනවා. එයින් ගීතවලට ඉතාම නිර්මාණාත්මක රූප රචනා කරනවා. එලෙස කළ ගීත නිර්මාණ අද රූපවාහිනී නාළිකාවල විකාශය වෙනවා. ‘ආදර රිද්ම’ ‘ශ්වේතා’ වැනි ටෙලිනාට්‍ය වලට මම රංගනයෙන් දායක වුණා. ඉදිරියේදී එම කොටස් විකාශය වේවි.”

“මා නිර්මාණය කළ බෞද්ධ තේමාවක් රැගත් ටෙලිනාට්‍යයක් ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය වුණා. පසුගිය දවස්වල හොල්මන් කතාවක් ඇසුරින් ටෙලි චිත්‍රපටයක් නිර්මාණය කළා. එය ලඟදීම ඩීවීඩී පටයක් ලෙස වෙළෙඳපොළට ඉදිරිපත් කරනවා. “ප්‍රීති ජෝයි” සහ “උයනට මල් ගෙනැවිත්” මම ඉතාම කැමැත්තෙන් රංගනයේ යෙදුණු චිත්‍රපට දෙකක්. උයනට මල් ගෙනැවිත් චිත්‍රපටයේ මම රඟපාන්නේ උමයංගනා වික්‍රමසිංහ සමඟ. ඉදිරියේදී අධ්‍යක්ෂණය පිළිබඳව හොඳින් හදාරා හොඳ සම්භාව්‍ය චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි මගේ අරමුණ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්