ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


බස් ළැදියෝ කවරහු ද?

බස් ළැදියෝ කවරහු ද?

මවුබසට ළැදි, අප ද එ සේ බැවින් අපට ද සිතැති, මෙ තතු හෙයින් ම අපගේ ද හරසරයට නිබඳ බඳුන් වන ඇතැම් දෙටු වියත් සුරුවකු නිතැත් වහර පිරික්සුමෙහි ලා අප තැත දැක තරමක් මුසුප්පු ව ගොස් ඇති සෙයකි. ‘එක’ බඳු ඈඳුම් පද කෙරෙහි අපගේ නැමිසුලු බව එයට හෙය වෙයි. ඒ පද සහිත වදන් අමිහිරි බව ය ඔවුන්ගේ අදහස.

‘බස් එකට’ වඩා ‘බසය’ මිහිරි බව අපි දු පිළිගනුමු. ඒ වුව බසය මෙහි ඇදෙන කල තතුවත්, අද තතුවත් කෙසේ සමයන්න ද... අහසට පොළොව සේ ය!

මෙතෙක් කරුණු සිදු වෙමින් එන යුරු ඉකුත් පෙබරවාරි 22 ලිපිය මඟින් අපි පිඬු කොට දැක්වූමු.

ඒ අවසන ‘පවත්නා සම කල් වහර ඒ හැටියෙන් ම පිළිගත යුතු ය’ බඳු සම්ප්‍රදාය විරෝධ මතයකට අනුබල නොදෙනු පිණිස නිතැත් වහර සියුමු ව නිරික්සුම ද, එහි ලකුණු හැඳිනගැන්ම ද, එ ලකුණු සියබස් නියර තුළ පිහිටන නොපිහිටන බව පිරික්සුම ද යන තුන් පියවරින් ඇති තතු විමසූමු.

මේ නිරික්සුමෙහි පල අනුව ‘මෙ තෙක් කරුණු සිදු ව ඇති පිළිවෙතට නො එකඟ බවක් නව තතුවෙහි නුදුටු’ අපි විසැඳුම ‘කාලයා’ වෙත ම ඉතිරි ක‍ළමු.

මෙය ‘වන්නක් වේ වා!’ යි අත් බැඳ දෑස පියා උකටලී ව සිටුමක් සේ වරදවා ගත යුතු නැත.

දරුවකු යන මඟ වැරැදි නම් එය නිවරද කරනු විනා, ඔහු අපට ඕනෑ අතට ම යැවීමට තැත් දැරුම එකඟ වනුයේ කවර දහමට ද? බසට ද එ සේ ම ය.‍

‍එ ගැන එ පමණි.

කට වහරට සබල වියරණයක් පවතී. එය ගත් වහර සකසා මතු කැරැගත් ‘මා - යනවා’ අන්දමේ එකක් නො ව, ඊට ම අනුහුරු ලකුණු දරන්නකි.

මෙ ලකුණු නොහැඳින කට වහර මත ගත් වහර පටවනුව තැත් දැරුම නිඹුල් දරුවන් දෙදෙනකුගෙන් එකකු යන මඟ පසසා අනෙකා ද එ අතට ම යවන්නට වෑයම් කිරීමක් නො වේ ද?

නො දරුවකු ‘මා යමි’ යි ලියනු දුටු කල ළඟට ගෙන හිස අත ගා සෙනෙහසින් වරද වටහවා දීමත්, ඒත් සිතට නොගනිතොත් සුදුසු සැටියකින් ම ඔහු හරි මඟට දැක්කීමත් එකකි.

නිසි අරුත් වැසි අරුත් දනවමින්, වක්කඩක් කැඩුවා සේ නිදහසේ බෙණෙමින් සිටින්නකු වළක්වා ‘හා හා! ඇතෙක් බරට වස්තුව නො වේ; ඇතකු බරට වස්තුව!’ යි ඔහුගේ කියමනක් ‘නිවරද’ කරන්නට මැදිහත් වීම ඉඳුරා ම අනෙකකි.

බස් ළැදියෝ නම් මේ වහර මිහිර නිසි යුරු හඳුනන්නෝ ම වෙති.

ජයත් පියදසුන්


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්