ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පොත්පුවත්

ඩීමන් ආනන්ද මහතාගේ අවසන් කෘතිය

“ලෝන් රේන්ජර්” 17 දා දොරට වඩී

මීට වසර අටකට පෙර අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ලේඛක හා පරිවර්තක ඩීමන් ආනන්ද මහතා පරිවර්තනය කළ අවසන් කෘතිය ‘ලෝන් රේන්ජර්’ (FRAN STRIKER - THE LONE RANGER) මේ මස 17 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

ශ්‍රී ලංකාවේ සිටි මාරක කතා ලියන්නවුන් අතරේ ඔහු ප්‍රමුඛස්ථානය හිමිකර ගෙන තිබූ අතර “මාරක කතා චක්‍රවර්ති” යන විරුදාවලියෙන් ද හඳුන්වනු ලැබීය.

ඩීමන් ආනන්ද මහතාගේ ‘ලෝන් රේන්ජර්’ කෘතිය එදින දවස පුරා විශේෂ අඩු මිලකට පාඨකයන්ට දයාවංශ ජයකොඩි සහ සමාගමයෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.

නාරි සුවයට අත්වැලක්

කර්තෘ - ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය බී.ජී.ඒ. විද්‍යාතිලක

මිල - රු. 500

ප්‍රකාශනය - ඇස්. ගොඩගේ සහ සමාගම

ජීවිතයේ විවිධ අවස්ථාවලදී කාන්තාවට මුහුණදීමට සිදුවන සෞඛ්‍ය ගැටලු මෙම පොතෙහි ක්‍රමවත්ව පෙළ ගස්වා තිබේ. සෞඛ්‍ය ගැටලුවලට හේතුකාරක රෝග ලක්ෂණ වෛද්‍ය උපදේශනය ලබාගත යුතු අන්දම, නවීන ප්‍රතිකාර ක්‍රම පසු ප්‍රතිකාර විපරම ගැන දැනුවත් කොට තිබීම විශේෂයකි.

සුකුමාල සිංහාගමනයේ ජාන පූර්ණිකාව

කර්තෘ - සුජිත් අක්කරවත්ත

මිල - රු. 500

ප්‍රකාශනය - අගසර ප්‍රකාශන

සිංහාගමනයේ ජාන පූර්ණිකාව නමින් හැඳින්වෙන මෙය ලංකා ඉතිහාසයේ පූර්ව යුගය වෙත නිර්මාණාත්මකව ආපසු හැරී බැලීමකි. වංගදේශයේ සුසිමා කුමරිය හා සිංහ අතර හටගත් සම්බන්ධයෙන් උපන් පරපුර ලංකා ඉතිහාසය මෙහෙයවන අයුරුත් දීඝගාමිනී චිත්‍රාවන්ගේ සම්බන්ධයෙන් උපන් පණ්ඩුකාභයගෙන් ලංකා රාජ්‍යත්වයේ ඇරැඹීමත් නව මානයකින් කියාපාන කෘතියකි.

නාට්‍ය තුනක්

කතුවරු ආරියරත්න විතාන, ශක්තික සත්කුමාර

මිල - රු. 300

ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි.

වේදිකාවේ නිෂ්පාදනය නොවූ සුබ උපන්දිනයක්, ‘කළු’ හා ගොදුරු යන කාව්‍ය රචනා තුනක් මේ කෘතියට අඩංගු වෙයි. සුබ උපන්දිනයක් නාට්‍යයට පාදක වන්නේ මහලු යුවළක් උපන් දින සාදයක් සමරන විට අමුත්තන් පැමිණීමෙන් ඇතිවන සිදුවීම් පෙළ කළු ඓතිහාසික අර්ධ‍ ශෛලිගත නාට්‍යයකි. ගොදුරු වාර්ගික ප්‍රමුඛත්වය කම්පනයේ ඇතිවන දෝංකාරයයි.

බෝගහ ගාව කඩේ

කර්තෘ - සුනන්දා විජයලතා මුණසිංහ

මිල - රු. 300

ප්‍රකාශනය - ගොඩ‍ගේ ප්‍රකාශනයකි.

කතුවරිය විසින් විවිධ පුවත්පත් සඳහා ලියන ලද කෙටිකතා දහ අටක් මේ කෘතියට ඇතුළත් වෙයි.‍

සමකාලීන සමාජයේ පවත්නා ආර්ථික පීඩනය, අවිචාර තරගය, ගුණධර්ම පරිහානිය වැනි ලක්ෂණ කෙරෙහි නිරන්තර අවධානයකින් පසුවෙමින් ඒවා සමඟ බද්ධ වූ ජීවන අනුභූතීන් තම කෙටිකතා සඳහා වස්තුකර ගනී.

සසර යාත්‍රා

කර්තෘ - නවෝද්‍යා සුගන්ධිනී

මිල - රු. 300

ප්‍රකාශනය - සරසවි ප්‍රකාශනයකි

කවිතා නවකතා අත්පිටපත් තරගයේ ප්‍රථම ස්ථානය දිනාගත් නවකතාවයි.

ඈත පිටිසර ගමක විසූ රාහුල හිමි යසපාල මාලනී වැනි චරිත මූලික කොට යහ මිනිස් ගුණ පිළිබඳ කතා කරන කෘතියකි. සරල බස් වහර විශේෂ ය.

ලීලාරත්න කංකානම්ගේ ලියූ ක‍ෘති දෙකක්

සන්ථවය

ඇස් ගොඩගේ (සහෝදරයෝ) ප්‍රකාශන

මිල - රු. 350

මනුෂ්‍ය ජීවිතයට පොදු මානව අනුභූතීන් අනාවරණය කරන සිද්ධි විෂය කරගෙන කලාවේ ජීවගුණය, එහි පැවැත්ම මෙන් ම, සමාජ පැවැත්ම ද උදෙසා ගැඹුරින් සොයා බලා ජීවිතාබෝධය ලබාදීම පිණිස ලියන ලද කෙටිකතා සමුච්චයන් ලෙස මෙය හඳුන්වා දී ඇත.

සෙනෙහස විය ඔබ

මිල - රු. 450

නව දෘෂ්ඨි කෝණයක් ඔස්සේ උපේක්ෂා සහගතව ජීවිත පරිඥානය ලබාගැනීමට අවකාශ සැලැසීම් වස් දරන ලද ප්‍රයත්නයක් ලෙස මේ නවකතාව හඳුන්වා දිය හැකිය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්