X
Loading Image...
 
 

ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිළුමිණ: සත් මඬල - සිහින විජිතය

සිහින විජිතය

ඉක්මන් ගමනින් එන චංචලා හාත්පස කිසිවකට නෙත් නොරැඳුවාය. දැන් වෙලාව එකත් පහුවෙලා පරක්කු උණා වත්ද මන්දා. ඇගෙ හිත ඒ මේ අත යමින් ඇයටම දොස් තැබුවාය. පරක්කු උණත් මොකද මමත් පැය ගණන් තපින්නේ, මේ ඉඳල හිටලනේ. දෙකට කලින් යා ගන්න පුළුවන් වෙයි මයෙ හිතේ. ඈ බස් නැවතුම්පළට පැමිණියාය. ගෙල සිට දාඩිය බුබුළු දෙකකුත් වැටී ඇගේ බ්ලව්සයට උරා ගත්තත් මුළු පිට වැහෙන්නම ඇගේ බ්ලව්සය දාඩියෙන් තෙත බරිත විය. ඉක්මන් ගමනත් පපුව ගැහෙන වේගයත් වැඩි බැවිනි.

ඇගේ හිත පුරා දරා ගත නොහැකි සතුටකින් පිරී ඉතිරී ගියාය. මුළු හදවත ම ආනන්දයෙන් ඉතිරී ‍ෙගාසිනි. ඇයට සරත් මතක් උණාය. අද මොකක් ඇඳගෙන ඒවිද? හැමදාම අඳින මං කැමතිම කමිසය, නෑ. නෑ, පඩි ලැබුණනේ අලුත් කමිසයක් ඇඳන් ඒවි. ඒත් ඉතිං අර කළු කලිසම නැත්නම්, දුඹුරුපාට කලිසමට ම තමයි. ඇගේ හිත තුළ තිබුණු සිතුවිලි හැකිළුණාය. මිනිස්සුන්ගේ සිහින, බලාපොරොත්තු, ආසාවන් ඉතාමත් ඛේදනීය විදියට තමයි ආර්ථිකය පාලනය කරන්නේ. චංචලාගෙ හිත ගැස්සුණාය.

“ආනේ මේ චංචලානේ අඳුර ගන්නත් බෑ මහත් වෙලානේ.” “ආනේ මේ තුලානි නේ”

“මොකද බස් එකට නගින්නෙ නැත්තේ කොහාටද යන්නේ”. “මේකෙ සෙනඟ ඊළඟ එකේ නගිනවා”. “තාමත් අර පරණ කතන්දරේමද බං ටේප් එකේ දුවන්නේ”. තුලානි ඇඟ දෙපැත්තට නළවමින් ඇසුවාය. “නැතුව නැතුව ස්ථිර ආලේ නෑ දුක සෝකේ.” උඹ අහල නැද්ද?”

“දැන් කොහෙද බං සරත් වැඩ කරන්නේ”.

“තුලානිගෙ ප්‍රශ්නෝත්තර ගොන්නටම චංචලා චංචල වෙමින් ම යට උණා. ඒත් ඒ අකමැත්තකින් නෙමෙයි.

ඈ සරත් ගැන නොයෙක් දේ හිතුවාය. “රාංකිරිල්ලි මගේ නේද හැමදාම දෙන්නෙ නෑ මං කාටවත් අයිති වෙන්න”. “අනේ ඔයාගෙ විකාර මං දන්නෙ නැද්ද කොල්ලන් හරි දස්සයි චාටු කතාවලට.”

“නෑ ඇත්තමයි චංචලා” ඔහු ඇගේ දෑත ගෙන ආදරෙන් පිරි මැද්දාය. “තේරුම් ගන්න මේ ආදරේට මට වෙන කා ළඟවත් නතර වෙන්න තරම් අඩුවක් ඔයාගෙන් නෑ. මගෙ හොඳ කෙල්ල”. ඔහු ඇගේ නලල සිම්බාය. “ඔය ඇත්තමද? එහෙම නූනොත් එදාට මං මේ මහ ‍පොළව සෙලවෙන තරමට, හොඳයි ඔයා නෑ කියනවද”?

“ඒ එහෙම උණොත්නෙ කෙල්ලේ”? “මගෙ කෙල්ලට බුදු සරණයි. මං යනවා”. මෙහෙම ගෙවුණු දින කොතෙක් ද?

“වාරිමාර්ගෙ උන්නට කෙල්ලේ අපි අපේ මාර්ගය හදාගන්න ඕන උළුවහු ටික අල්ලගන්න තව කීයක් යයිද මන්දා ලොකු අයියා තව කීයක් හරි දෙයි. ඒත් ඉතිං මං මේ සේරම ණය කවදා හෝ ගෙවන්න එපැයි. ඒත් මයෙ හිතට හරි නෑ මිනිස්සුන්ට කරදර කරන්න, කරදරයක් වෙන්ට”. ඒ සරත්ගෙ හැටි ය. නෑ පිරිමි කවුරුත් ඔහොම්ම මයි. ඇයට ඇ‍ගේ අප්පච්චි මතක් උණාය. තනිවම ජීවිතේ පටන් ගෙන දියුණු වූ අපූරුව කිසිවෙකුට දණ නොනමන ගතියත්, කරදරයක් වන්ට ඇති අකමැත්තත් සිහි උණාය. ආතා කුඹුරු ටික බෙදන්න යන වෙලේ අම්ම කිව්ව දේ ඇයට සිහිවිය.

“ඔයා පවුලෙ වැඩිමලා ඉතිං ඔයාට එපැයි ටිකක් හරි වැඩියෙන් ලැබෙන්න ඕන. මහගෙදරත් හීන් මලයට ම දුන්න එකේ අනික ඔයා කරබාගෙන ඉන්ට ඉන්ට අප්පච්චිත් සද්ෙදම නැතුව ඉඳීවී”. “අම්මගෙ බඩ ඇතුළේ සිටියෙ වෙන වෙනම උණාට අපි හැමෝම හිටියේ ඒ කුසේ. කිරි බිව්වේ එක ම විදියට ලොකුමහත් කරලා මෙහෙම තත්වයට ගෙන ඒමම මදිද මැණිකෙ. දෙන නොදෙන එක අප්පච්චිගෙ දෙයක් දෙන දෙයක් ගැනීම මගේ යුතුකමක්”. ඉන් එහා අම්මා වචනයක්වත් කිව්වේ නැහැ. ඒ කොහොම උණත් අප්පච්චිට කුඹුරු අක්කර 05 ක් ලැබුණා. ඔහු ඉන් සෑහීමකට පත් උණා. ආයෙ ආඩපාළි කියාගෙන ආතා ළඟට ‍මයෙ අප්පච්චි ගියේ නෑ. සරත් ගැන හිතද්දී ඇයට අප්පච්චී සිහිවන්නේ නිතැතිනි. සරත්ගෙ හිතත් සමහර වෙලාවට අප්පච්චිගෙ හිත වගේ මුරණ්ඩුයි. අම්ම කිව්වොත් තමයි ටිකක් නිවෙන්නේ. සරත් ඇවිත් අපේ අප්පච්චිත් එක්ක මේ සම්බන්ධෙ ගැන කීවාම අප්පච්චිගෙ මූණ කළුම කළු උණා බිමට බර උණා. මගේ පපුව ගැහෙන සද්දය වටපිටාවටම ඇහෙන්න ඇති. ඒත් ටික වෙලාවකින් උගුර පාදමින් වගතුග විමසුවා. යාන්තමින් චංචල වුණු සිත නිසංසල වුණා.

ගේ ඉතුරු වැඩ ටික කරගන්නට සරත් දරන මහන්සිය ගැන අප්පච්චිගෙ හිතේ තිබුණේ සතුටක්. ඒත් සරත් කැමති උණේ නෑ අප්පච්චිගෙන් උදව් ගන්න. ඒත් ඉතිං ඒ ම‍ගේ අප්පච්චිනෙ, ඒ ඉතිං මටනේ එයාට එහෙම නොසිතීමම නේ යථාර්ථය. පරිසර පද්ධති දෙකක සිතුවිලි, වයස් පරාස අතර ගැවසෙන විට ඇතිවන ඝට්ටනය සුළු පටු නෑ චංචලාගෙ හිත තේරුම් ගත්තාය. එක අතකට අප්පච්චි සතුටු වුණු එකම මදිද සෑහීමකට පත්වෙන්න.

කාමර තුනකුත් එක්කලා ගේ වැඩ ටික අවසන් කළාට සරත්ගෙ හිතේ තිබුණෙ ණය ටික කොහොම හරි ගෙවලා හිත නිදහස් කරගන්න. ඒත් අපි විවාහ‍ වෙලා මේ ගෙදරට ආවා. මම සතුට දෝතින්ම විඳ ගත්තා. ඉතිරිලා යයි කියන බයට කොහොමෙන් කොහොම හරි හිත ඇතුළටම තෙරපුවා මගේ සතුට. අපි ජීවිතේ පටන් ගත්තේ අඩුපාඩු එක්ක බව ඇත්ත. සර්ව සම්පූර්ණ ම ජීවිත ගමන පටන් ගන්න ලැබෙන්නේ වාසනාවකට මිසක් එහෙම හැමෝටම ලැබෙන්නෙ නැති බව බොහොම ප්‍රත්‍යක්ෂ සාධකයක්.

දින සති ගෙවුණා. සරත් නොයෙක් මැසිවිලි දිග හරිනවා. සමහරදාට එන්නේ හොඳටම රෑ බෝවෙලා. සමහරදාට පිටින් කාලා එනවා. සමහරදාට රෑ වැඩත් වැටෙනවා. තවත් දවසකට දුර යන්න වෙනවා. ඒ රස්සාවෙ හැටි තමා. ඒත් .......................................................................................................... මම.......................................?????????????????????????????????? අතර නිරුත්තර වෙනවා.

මෙහෙම තමා තෘප්තිමත් ජීවිත, රැකියා අපිට ඕන විදියට සැකසෙන්නෙ නෑ. මං සුබවාදීව හිත හදාගන්න ගොඩාක් උත්සාහ කළා. මාස ගණනකින් අප්පච්චිවයි අම්මයි ඇහැට දැක්කෙ නෑ.

ඒ ගැන තියා මගෙ හිත ගැනවත් කියන්න මට වෙලාවක් හොයා ගන්න ගොඩාක් අසීරු වුණා. මහන්සිවෙලා ආවාම ඇඟපත හෝදං කතා නොකරම නිදා ගන්න දවස් අනන්තයි. ඒ මා එක්ක තරහටවත් නොවෙයි. මං වරදක් කළාටවත් නොවෙයි. මං එහෙමත් මගෙ හිත හදා ගන්නවා. ඒ මට සරත් නැතුව බෑ. මට සරත් නැතුව ගියාම ඇතිවන හිස්තැන සුළුපටු නැති නිසා. ඒක පුරවන්න පුළුවන් කාටද? මට එහෙම පිරවුණා කියලා දැනෙනවද? මං ගොඩාක් සිතුවිලි අතර චංචල වුණා. අතොරක් නොමැති සිතුවිලි දාමයක් මත යැපෙමින් සුවිසල් මනැස් ඝට්ටනයක නියැළී අවසානයේ සියල්ල පුපුරා ගියා.

“කවද වෙනකම් මං ඔයාගෙ මේ නිශ්ශබ්දතාවය විඳ ගන්නද? දවසක් ද? දෙකක් ද? මං කොච්චර ඉවසුවද මොකක්ද මේකේ තේරුම? “තේරුම මොකවත් නෑ මට වැඩ වැඩියි. ඒක ඔයාට තේරෙන්නෙ නෑ ඒකයි.”

“බොරු කියන්න එපා සරත් වැඩ ගැන නෙමේ මං කියන්නේ හැසිරීම ගැන. ඇයි දෙයියනේ මෙහෙම තඹයට මාව ඇදල දැම්මේ. කිරිල්ලියක් වගේ උන්නු මං නේද මේ අද සිරවෙලා අපා දුක් විඳින්නේ. කෝ ඔයා ළඟ තිබුණ ආදරේ................. මෙහෙම වෙන්න හේතුව මොකක්ද මට කියන්න.

“කිරිල්ලියක් වගේ නේද හිටියා කිව්වේ. මමනේ ඒක විනාස කළේ. අන්න තියෙනවා දොර ඇරලා යන්න පුළුවන් ඉගිල්ළිලා ඕනම දිහාවකට කිසිම බාධාවක් නෑ මගෙන්.”

“සරත් ........................ සරත් ........................ මේ ඔයාම ද?

ඔයා මට මෙහෙම කිව්ව ද?

රූරා වැටුණු කඳුළු අතරටම හිමි උණු ලොවක මා තනිව වැලපුණා.

****************

“මේ මිසීලා දෙන්නා බහින්නෙ නැද්ද?” “ආනේ ඇත්තනේ පිටකොටුවට ම ඇවිත්නේ.”

“ඒයි චංචලා මොකද බං උඹේ ඇස්වල කඳුළු උඹ ඇඬුවද? මට නින්ද ගිය ටිකට.”

“ආ................... ඇත්තමයි. එතකොට එහෙම මොකවත් උෙණ් නෑ සේරම මගේ හීන ද? ඒ මං දැකපු, අත්වින්ද දුකක්. ඒ වදන් මා තුළම බිහිව නැතිව ගියාය.

‍“ආන් සරත් ඉන්නවා උඹ එනකම්”.

“ආ මේ මොකද මේ ඇස් දෙක ම ඉදිමිලා ඇඬුවද?”

‍“මටත් බස් එකේ නින්ද ගියා ඒ ටිකට අඬලා.”

“මොනව හරි වල්බූතයක් ඔළුවට දාගෙන ඉන්න ඇති. අඩු ගානේ මං ආදරේ නෑ කිය කියා හරි හිතන්න ඇති. මේකි ඉතිං මගේ මෝඩිනේ. ඒ උණාට මං මේකිට පැලෙන්න ආදරෙයි. අහිංසක මගෙ කෙල්ලනේ. අපි යනවා තුලානි නුවර බස් එක ඇවිත් තියෙන්නේ.”

කල්පනාවට වැටෙන අප කාගෙත් කල්පනා දොරටු ඇරුණු ගමන් ම වැහෙන්නේ කලාතුරකිනි. ඒ ඇරී තිබෙන කල්පනා තුළ ගොඩ නැ‍ඟෙන විවිධ අනුභූතීන් මවන සිහින විමන අපට නිරන්තරව අත් දකින අත් විඳින සංවේදනා බව චංචලාගේ සිහින විමානයේ රැඳී තිබුණි. මේ හැමදේම අප කාගේත් ජීවිත ස්පර්ශ කරන පොදු වස්තූන් නොවෙ ද?


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්