ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මගේ පෙම බිඳී නැත

මගේ පෙම බිඳී නැත

මම ඇත්තට ම
කෝම්බයකට
පෙම් කරමි.
ඇය සුදු ය - උස ය.
හැඩය - ප්‍රිය ය.
ෂා! එතරම් ආදරයක්
කොතැනකවත් නැත.
ඈ කෙතරම් පිවිතුරු ද?
ඈ කෙතරම් මනහර ද?
සියක් දෙනෙක්
මා සමඟ කතා කළහ.
ඔව්හු කෝම්බයක් යැයි
ඇයට අපහාස කළහ.
ගිය තැන් ද - කළ දෑ ද
පුන - පුනා මට කීහ.
ඉතින් මට මොක ද?
ඒ උන්ය - මේ මම ය.
මගේ පෙම බිඳී නැත.
‍කෝම්බයකට පෙම් කිරීම
ඇත්තට ම වරදක් ද....?

කොළඹ එක්තරා අඳුරු තැබෑරුමක අපිරිසුදු මේසයක් වටා තරුණයෝ සිව් දෙනෙක් අසුන් ගෙන උන්හ. ඉන් එක් අයෙක් සෙස්සන්ගෙන් වෙනස් වූහ. ඔහු කිසියම් වේදනාවකින් තැවෙන බව පෙනෙන්නට තිබිණි. සෙස්සෝ කොක් හඬලා සිනාසෙති. ඔහු බිම බලාගෙන කිසිවක් කුරුටු ගායි. සෙස්සෝ ගී - සින්දු කියමින් අත‍්පොළසන් දෙති. ඔහු සිය හිස හෝ නාසය හෝ කසමින් කල්පනා කරයි. සෙස්සෝ තව තවත් බොති. ඔහු හිස් වීදුරුව කරකවමින් එහි හැඩ බලයි.

ඔව්හු තවත් පැය ගණනකට පසු එකිනෙකාට බැණ වදිමින් තැබෑ‍රුමෙන් පිට වී ගියහ. අපගේ අවධානය දිනාගත් අමුතු තරුණයා මා වෙනුවෙන් කිසිවක් ඉතිරි කර යන්නට ගියේ ය. ඒ බිල්පතක අනෙක් පැත්තේ කටු අකුරෙන් ලියා තැබූ උක්ත සටහන ය. එය කවියක් ලෙස මෝරා වැඩී නැත. සංස්කරණයක් නැති එම සටහන අමු ම අමු ප්‍රකාශයක් සේ සැලැකිය හැකි ය. රිද්මය පවා වරින් - වර කැඩී යයි. එහෙත් මේ සටහනට යටින් දිවෙන කතාව අප කාටත් වැදගත් ය.

මේ තරුණයා ළද බොළඳ පෙම්වතෙකි. ඔහුට ගැහැනිය පිළිබඳ අත්දැකීම් නැත. ජීවිතය පිළිබඳ පුළුල් වැටහීමක් ද නැත. ඔහු තරමක මෝඩ පෙම්වතකු ලෙස ද ගිණිය හැකි ය. තරුණයා නො ඉඳුල්, පිවිතුරු පෙම්වතියක අපේක්ෂා කරයි. මැස්සකුවත් නො වැසූ කෙල්ලක් ලෙස සමාජය හඳුන්වනුයේ එබඳු යෞවනියන් ය. එහෙත් එබඳු අය ලෝකයේ කොතැනකවත් නැත. තරුණයාට සමාජ යථාර්ථය වටහාගත නොහැකි ය. ඔහු මනෝ ලෝකයක සරමින් තම පෙම්වතිය ගැන ඕනෑවටත් වඩා සිහින මවයි.

අපේ සමාජයේ පුරාණ සම්ප්‍රදාය මෙහි දී සිහියට නැ‍ඟේ. රජුට අන්තඃපුරයක් තබා ගත හැකි ය. දකින - දකින සුන්දර යුවතියන් අන්තඃපුරය වෙත කැඳවීම රජුගේ සිරිත ය. එහෙත් රාජ්‍ය පාලනය බිසවක වෙත ගිය කල මේ කිසිවක් නැත. අපේ අම්මණ්ඩිලාගේ මතය වන්නේ පිරිමි දරුවා මොන ගුබ්බෑයමකට ගිය ද පැන් නහවා යළි ගෙදරට ගත හැකි බව ය. එහෙත් ගැහැනු දරුවාට එම වාසිය නැත. ඇය ගියොත් ගියා ම ය. නැවත ගෙට ගැනීමක් නැත. මේ පෙම්වතාට ද පුරාණ ගතියෙන් භාගයක් ඇත. ඔහු පෙම්වතියගේ පිරිසුදු බව ම ලොකුවට සිතන්නේ ඒ නිසා ය.

මේ රචනා වෙහි කැපී පෙනෙන යෙදුම් දෙකක් ඇත. එකක් “කෝම්බය” යන්න ය. අනෙක “ඉතින් මට ‍මොකද?” යන්න ය. කෝම්බය යනු ස්ත්‍රී විෂයයෙහි යොදන අපහාසාත්මක වචනයකි. අති'නත ගිය, පාවිච්චි කළ, සල්ලං වූ වැනි අදහසක් එහි ගැබ් වේ. ස්ත්‍රියකට කෝම්බයක් යැයි කියූ කල ඈ ගණිකාවකගේ තත්ත්වයට ඇද වැටේ. අවිවාහක තරුණියකට එම වචනය යෙදුවහොත් එතැන ඇති වන්නේ බරපතළ අර්බුදයකි. එක අතකින් තරුණියගේ චරිතයත්, අනාගතයත් අභියෝගයට ලක් වේ. පෙම්වතකු සිටී නම්; තවත් ආරවුලක් මතු වේ. මේ පෙම්වතාගේ හෙළිදරව්වට අනුව ඇය ද තරුණියකි. මනරම් - පිවිතුරු තරුණියකි.

ඇය කෝම්බයක් ලෙස හඳ­ුන්වන්නෝ පෙම්වතාගේ මිතුරෝ ය. මෙතැන සංසිද්ධි කිහිපයක් තිබේ.

(I) පෙම්වතිය කැපී පෙනෙන
කෙළිලොල් චරිතයක් වීම
(II) පෙම්වතා මනෝ ලෝකයක
ජීවත්වන කුළෑටි චරිතයක් වීම
(III) පෙම්වතියගේ ආලය සඳහා
විශාල පිරිසක් හඹායෑම

පෙම්වතිය කැපී පෙනෙන කෙළිලොල් චරිතයක් වීම නිසා ස්ත්‍රී - පුරුෂ සම්බන්ධතාවලට අතුරු ප්‍රශ්න පැන නඟී. ස්ත්‍රියකට විශාල මිතුරු සමාජයක් පැවතීම මේ සමාජය අනුමත කරන්නේ නැත. එය බමුණු මතයකි. ස්ත්‍රිය කුඩාකල මවුපියන් යටතේ ද, තරුණකල ස්වකීය පුරුෂයා යටතේ ද, මහලුකල දරුවන් යටතේ ද කල් යැවිය යුතු යැයි නියමයකි. ස්ත්‍රියගේ සමාජ සබඳතා මේ මගින් අවුරා ඇත. එය අයුක්තියකි. අප නොදුටු උක්ත තරුණිය ද බමුණු මතයෙන් බැටකයි.

සමාජයක් චින්තනය අතින් දියුණු වන්නේ මතවාද හා සංකල්ප ඔස්සේ ය. මේ තරුණයාට දියුණු සංකල්ප නැත. ඔහු ගතානුගතික කුළෑටි තරුණයෙකි. ඔහු දියුණු මිනිසකු වූයේ නම්; මිතුරනට එරෙහිව කරුණු දැක්විය යුතුය. එවැන්නක් සිදුවන්නේ නැත. ඔහු අතීරණාත්මක ය. ඔහු තුළ ද සැකය තිබේ. ඉතින් මට මොක ද? යැයි ඔහු ප්‍රශ්න කරන්නේ හිතට එකඟ ව නොවේ. ඔහු දෙගඩියාවකින් පසු වේ.

අතීරණාත්මක බව, දෙගිඩියාව, අවිනිශ්චිතතාව, කවියට හොඳ නිමිත්තකි. Robert Frost ගේ ප්‍රකට කවියක් වූ “ගින්දර හා අයිස්” යන නිර්මාණය අප සිහියට නැ‍ඟේ. ලෝකය විනාශ වන්නේ ගින්දරෙන් ද නැතහොත් අයිස්වලින්දැ’ යි කවියා ප්‍රශ්න කරයි. එහෙත් නිශ්චිත පිළිතුරක් නැත. (Some Day the World, will end in Fire; Some Day in Ice) දෙකෙන් ම සිදුවන්නේ විනාශය බව කවියා අවසන් ලෙස කියයි. මේ කවියේ එන පෙම්වතාට ද තීරණයක් නැත. කෝම්බයට පෙම් කරමි යැයි කියූව ද ඊට හේතු නැත.

තවත් අතෙකින් ආදරයේ ඇති වේදනාවත් අන්ධභාවයත් මේ කවියෙන් ප්‍රකාශිත ය. ලෝකය හා සමාජය ගැන හරි හැටි නොදන්නා පෙම්වතා තරුණිය වෙතින් බොහෝ දේ අපේක්ෂා කරයි. පිරිසුදුභාවය ඉන් එකකි. නොඉඳුල්, පිවිතුරු යන වචනවලින් තරුණයා අපේක්ෂා කරන්නේ වෙනත් පුරුෂයකුගේ ස්පර්ශය නොලත් යෞවනියකි. එය සිදුවිය නොහැකි දෙයක් වන අතර එවැන්නක් අපේක්ෂා කිරීම ද මෝඩකමක් බව තරුණයාට වැටහෙන්නේ නැත.

මෙහි හාස්‍යය දනවන තවත් කරුණක් ද තිබේ. එනම්; අපේ පෙම්වතා ඔහු වෙත තොරතුරු ලබා දෙන මිතුරන් හා උරණවීම ය. ඔහු මිතුරන් කෙරෙහි කෝපයකින් පසුවෙයි.

“ඒ උන් ය - මේ මම ය”

“මගේ පෙම බිඳී නැත”

යන ප්‍රකාශවලින් ඒ බව පැහැදිලි වේ. එක අතෙකින් තම මිතුරනට වඩා ඔහුට සිය පෙම්වතිය විශ්වාසවන්ත විය හැකි ය. යහළුවන් කලණ මිතුරන් නොවන්නට ද පුළුවන. ඔවුන් පෙම්වතිය කෙරෙහි ද පෙම්වතා කෙරෙහි ද ඊර්ෂ්‍යාවකින් පසුවන්නටත් පුළුවන. “ඔව් මං කෝම්බයකට පෙම් කරනවා! පුළුවන් දෙයක් කරපල්ලා!” යන හැඟීමක් ද උක්ත කවිය තුළ තිබේ. එතැන දී තරුණයා තරමක් ඉදිරිගාමී ය. එඩිතර ය.

පෙම්වතාගේ මිතුරන් දක්වන අදහස්වලින් පෙනී යන්නේ ස්ත්‍රිය කෙරෙහි පුරුෂ සමාජය දක්වන ආකල්පය යි. ඔවුනට ආදරය ගනුදෙනුවක් වී තිබේ. තරුණිය කෙළි බඩුවක් වී තිබේ. එකිනෙකා මේ තරුණිය ඇසුරු කළ ආකාරය කියා ඇත්තේ තරගයකට මෙන් ය. ඔව්හු තරුණියගේ පහස උජාරුවෙන් අලෙවි කරන බවත් පෙනෙයි. මේ සිදුවීම් සත්‍යයක් නම්; පෙම්වතාගේ මිතුරෝ ස්ත්‍රීන් පාවා දෙන්නෝ ය. අපේ ප්‍රාදේශීය දේශපාලකයෙක් තරුණියන් සියයක් දූෂ්‍යකොට එය සැමරීම සඳහා විශාල සාදයක් පැවැත්වීය. එහෙත් ඔහුට එරෙහි වූ කෙනකු දැක ගන්නට නැත.

කාන්තා විමුක්තිය සඳහා නොයෙක් ව්‍යාපාර දක්නට ලැබුණ ද, කාන්තා කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාත්මක රාජ්‍ය - ආයතන පැවැතිය ද ශ්‍රී ලංකාවේ කාන්තාව තවදුරටත් අනාරක්ෂිත ය. ඇයට රැකවරණය දීමට හා සහයෝගය ලබාදීමට ඉදිරිපත් වන බොහෝ දෙනාගේ යටි අරමුණ ද වෙනත් එකකි. පිරිමියා ස්ත්‍රියට විවිධ උපාය මාර්ග ඔස්සේ ආදරය කරයි. එහෙත් මේ සියල්ල නවතින්නේ එක තැනක ය. ඒ ස්ථානය ස්ත්‍රියගේ ශරීරය යි. ස්ත්‍රි‍යගේ ශරීරයට පමණක් ආදරය කරන පුරුෂයා කිසිකලෙක හොඳ ප්‍රේමවන්තයකු වන්නේ නැත.

තරුණයාගේ අමු ම - අමු කවිය මේ ගැන නැවත සිතන්නට ඉඟියක් ලබා දෙයි. තවත් අතකින් මෙය තරුණයාගේ ප්‍රකාශයකි. ඔහු ම ඉදිරිපත් වී කරන හෙළිදරව්වකි. මේ සිද්ධියට සම්බන්ධ තරුණියගේ සැබෑ තත්ත්වය අප දන්නේ නැත. මිතුරන් බොරු කියනවා වෙන්නට පුළුවන. තරුණිය අමුතු තරුණයාට පවා ප්‍රේම නොකරනවා වෙන්නටත් පුළුවන. මෙය තරුණයාගේ ඒකපාර්ශ්වීය, මනෝමය ප්‍රේමයක් වන්නට ද පුළුවන.

කුමක් වුව මේ කවිය ඔස්සේ දිග හැරෙන්නේ තරුණ පෙම්වතා තුළ නැ‍ඟෙන ක්ෂණික කම්පනය යි. හෙවත් වේදනාවයි. කවියක එක් අර්ථයක් වන්නේ තමන්ගේ සංවේදනා අනෙකාට ද හැඟවීම ය. එය පහසු කටයුත්තක් නොවේ. ප්‍රතිභාව, පරිණතභාවය, සංසුන්කම භාෂා භාවිතයෙහි හැකියාව ඈ සාධක සාර්ථක කවියකු කෙරෙහි බලපායි. ප්‍රතිභාව යනු විස්මිත නිර්මාණයක් කිරීමට ඇති හැකියාව ය. එවැන්නක් මේ කවියෙන් දැකගත නොහැකි ය. එය සිද්ධියක් පිළිබඳ හුදු වාර්තාවක් පමණි. එය කාව්‍යානුභූතියක් බවට ද පත් වී නැත. මෙය විමැසිය යුත්තේ කවියක් හැටියට නො ව; කවිය පසුබිමෙහි ඇති කතාන්දරයක් ලෙස සලකාගෙන ය.

එම කතාන්දරය නූතන තරුණ පරපුරේ ආදරය පිළිබඳ එක්තරා පැතිකඩක් අපට හෙළි කරයි. ස්ත්‍රී විෂයයෙහි පුරුෂ දෘෂ්ටිය පිළිබඳ හැඟීමක් ද ඒ මගින් ලබා ගත හැකි ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්