රටක් නැති ලේඛකයෙක් වී. එස්. නායිපෝල්
රටක් නැති
ලේඛකයෙක්
වී. එස්. නායිපෝල්
සමහරු ඔහු හැඳින්වූයේ රටක් නැති ලේඛකයකු ලෙස ය. පසු කලක ශ්‍රීමත් නම්බු
නාමයෙන් පුද ලද “ශ්‍රීමත් විදාඨර් සුරාජ් ප්‍රසාද් නායිපෝල්” හෙවත් වී. ඇස්.
නායිපෝල් ය. නවකතාකරුවකු මෙන්ම සංචාරක කථා ලියූ ලේඛකයකු වන නායිපෝල්
බටහිර ඉන්දීය දූපත්වල ඉපැදී එංගලන්තයේ හැදි වැඩි ඉංග්‍රීසි බසින් ලේඛන කලාවට
පිවිසුණ ද මොහු ඉන්දියානු බ්‍රාහ්මණ වංශිකයකු බව අමතක නොකරයි.
නායිපෝල් නොබෙල් ත්‍යාගය දිනු ලේඛකයෙකි. ඔහුගේ නවකතා බොහෝමයක් හාස්‍යය දනවන
ඒවා විය. ඉන්පසු ලෝකය පුරා ඇවිද සිය චාරිකා සටහන් ග්‍රන්ථ වශයෙන් පළ කළේ ය.
නායිපෝල් ලේඛන කලාවට පිවිසීමට හේතුවක් වූයේ ඔහුගේ පියා එහි ඉංග්‍රීසි
මාධ්‍යවේදියකු ලෙස සේවය කිරීම නිසා ය. ට්‍රිනිඩෑඩ් ගාඩියන් පුවත්පතේ
මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ පියා තමාගේ ලේඛන කලාවට බොහෝ රුකුලක් වූ බව
නායිපෝල් සිය ස්වයං අපදානයේ කියයි.
නායිපෝල් ගේ විශේෂය වන්නේ හාස්‍යය උපදවන නවකතා කෙටිකතා මෙන්ම විවිධ චාරිකා
ලිපි ලිවීමේ ඔහුගේ ඇති දක්ෂතාවයයි. වසර 50 ක් පුරා ඔහු ලියු කෘති තිස් ගණනක්
ඉක්මවයි.
නායිපෝල්ට සිය සහකාරිය වන පැට්‍රිෂියා “ඈන් ගේල්” හමුවූයේ කේම්බ්‍රිජ් විශ්ව
විද්‍යාලයේ ක්‍රීඩා තරගයක දී ය. ස්පාඤ්ඤයට ගොස් ආපසු ආ ඔහු මානසික පීඩාවෙන්
මිදී ලියන්නට පටන්ගත්තේය. පැට් ඔහුගේ පළමුවන පාඨකයා විය. ඔහුගේ හොඳම මිතුරිය
වූ ඇය ඔහුට ජීවත්වීමට ද උපකාරී විය.
1954 දී ලන්ඩනයට ගිය ඔහුට එහිදී බී බී සීයේ නිෂ්පාදකයකු වන හෙන්රි
ස්වැන්සිගෙන් සතිපතා වැඩසටහන් ලිවීමට ආරාධනා ලැබිණ.
Caribbean Voices නම් වූ ඒ වැඩසටහන ඉදිරිපත් කරන්නා නායිපෝල් විය. එහෙත්
සතිපතා එයින් ලද ආදායම එතරම් සරු නොවීය. 1955 ජනවාරියේ නායිපෝල් හා පැට්
විවාහ වූයේ සිය පවුල්වලට හා මිතුරන්ට ද නොදන්වා ය.
සෑම සති අන්තයක ම නායිපෝල් සිය Caribbean Voices ලියා ඉදිරිපත් කරන අතර 1955
ඔහු තම Miguel Street කතා පෙළේ පළමුවන කතාව වන
Bogart ලිවීය. එය ඔහු වාසය කළ
පොර්ට් ඔෆ් ස්පේන් නගරයේ දන්නා දරුවකු පිළිබඳ කතාවකි. ඔහු Miguel
Street සති
පහක් පුරා ලිවීය.
මේ කතා කියැවූ Andre Deutsh නම් බ්‍රිතාන්‍ය ප්‍රකාශකයා ඔහුට නවකතාවක් ලිවීමට
ආරාධනා කළේ ය.
නායිපෝල් වහා කටයුත්ත පටන්ගත්තේ ය. එය ඉතා අගය කළ ප්‍රකාශකයා පවුම් 125 ක් දී
එය මිලයට ගත්තේ ය. 1957 දී The Mystic Massear නමින් පළ වූ ඒ නවකතාව මහත්
ජනප්‍රිය විය.
1956 දී යළිත් ට්‍රිනිඩැඩ් කරා එන අතරමඟදී නැවේ දී සිදුවීම් අලළා ඔහු ඊළඟට
හාස්‍යජනක නවකතාවක් වූ The Suffrage of Elvira ලිවීය. ඔහු සිය ආර්ථිකය උදෙසා
වේගයෙන් ලියන්නට විය. 1957 දිනෙක ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතේ ඔහු ගැන මෙසේ
සඳහන් විය.
“වී. ඇස්. නායිපෝල් ඔක්ස්ෆර්ඩ් සුවඳ රැගත් තරුණ ලේඛකයෙකි.”
ඔහු සිය පොත්වලින් ලැබෙන කර්තෘ භාගය ලැබෙනතුරු සිටින අතරේ 1957 දීම සිමෙන්ති
නිෂ්පාදනාගාරයක් මඟින් නිකුත් කරනු ලබන “Concrets Quarterly නම් සඟරාවේ ද
කර්තෘ සහායකයකු ලෙස ස්ථිර රැකියාවක් ලැබිණ.
“Mr Stone's and the Knight's Companion ” නම් නවකතාව ඔහු ලීවේ මේ අතරය.
අනතුරුව ඔහුට New States man පුවත්පතේ පොත් පිළිබඳව විවේචන ලියන්නට ඔහුට
අවස්ථාව සැලසිණ.
1957 සිට 1961 දක්වා නායිපෝල් ඒ කටයුත්ත කරගෙන ගියේ ය.
මේ අතර ඔහුට 1958 දී ජෝන් ලෙව්ලිං රයිස් සම්මානය ලැබිණ. ඒ ඔහුගේ
The Mystic
Massear කෘතියට ය. 1961 දී ඔහුගේ Miguel
Street කෘතියට සමර්සට් මෝගම් ත්‍යාගය
පිරිනැමිණ. මේ ත්‍යාගය සඳහා යුරෝපියකු නොවන නායිපෝල් නිර්දේශ කළේ ද සමර්සට්
මෝම් ම ය.
මේ Miguel Street නවකතා 2001 දී එම නමින් ම චිත්‍රපටයකට නැඟිණ.
සිය පියාගේ ළමා කාලයේ බලාපොරොත්තු හා මතක සටහන් එකතු කොට 1961 දී
A Home for Mr
Biswas නවකතාව ලීවේ ය. එහි ඔහු විසු යටත් විජිත පාලන සමය පිළිබඳ බොහෝ විස්තර
සඳහන් වෙයි. එය ද අපූරු නවකතාවක් විය. එකල නීතිරිති යටතේ දියුණු වන්නට උත්සාහ
කළ පුද්ගලයකු ගැන ලියු එය බොහෝ දෙනාගේ විචාරයට පාත්‍ර විය. එය චාල්ස් ඩිකන්ස්
හා ටොල්ස්ටෝයිගේ නවකතාවන්ට හා සම තත්ත්වයේ එකක් ලෙසත් චරිත නිරූපණය අතින්
අතිවිශිෂ්ට එකක් ලෙසත් විචාරකයන්ගේ පැසසුමට ලක්විය. මේ කෘතිය ලියු පසුව ඔහු
සිය බිරිය පැට් සමඟ කැරිබියන් දූපත්වල පස් මසක කාලයක් විසීය.
මේ චාරිකාවේ ප්‍රතිඵලයක් ලෙස ඔහු සිය ප්‍රථම චාරිකා කෘතිය නිම කළේ ය. The
Middle Passage - Impressions of Five Societies - British Friench and Dutch in
The West Indies and South America.
දීර්ඝ නමකින් යුතු මේ කෘතිය බටහිර ඉන්දීය දූපත්වල හා දකුණු ඇමෙරිකාවේ විසු
බ්‍රිතාන්‍ය ප්‍රංශ හා ලන්දේසි ජාතිකයන්ගේ බලපෑම් හා හැසිරීම් පිළිබඳ ව
විමසීමකි.
ඉන් පසුව ඔහු සිය බිරිය සමඟ බ්‍රිතාන්‍ය ගයනාව, ජැමෙකියාව වැනි රටවල් කීපයක ද
සංචාරය කළේ ය.
1962 දී නායිපෝල් හා පැට් ඉන්දියාවට වසරක චාරිකාවක් සඳහා ආහ. ඒ ඔහු තම මුතුන්
මිත්තන්ගේ රටට පැමිණි මුල් වතාවට ය. මේ චාරිකාවේදී ඔහු ඉන්දියාව වටහා ගන්නට
උත්සාහ කළේ ය.
ඉන්දියාවේ දුප්පත්කම ඔහුගේ සිත සසල කළේය. ඉන්දියාවෙන් යන්නට පෙර
Illustrated
weekly of India සඟරාවෙන් ඔහුට ඇරයුමක් ලැබුණේය. ඒ “ලන්ඩනයෙන් ලියුමක්” නම්
ලිපියක් මාසික ව ලියන්නට ය. යළිත් ලන්ඩනයට ගිය ඔහු An Area of Darkness කෘතිය
සම්පූර්ණ කළේ ය. 1964 දී ඔහුට ඇමෙරිකානු චිත්‍රපටයක් සඳහා තිරකතාවක්
ලියන්නට ඇරයුම් ලැබුණි. ඒ “A Flag on the Island ” නමින් ඔහු ලියු ඒ
තිරනාටකයෙන් චිත්‍රපටිය නිපදවුණේ නැත.
එහෙත් ඔහු ඒ තිරනාටකය නවකතාවක් ලෙස යළි සකස් කළේය. ඔහුගේ ඊළඟ කෘතිය
The Mimic
Men නම් කතාවයි. එහි ප්‍රථම වරට ලිංගික කරුණු ඇතුළත් විය.
1966 දී බ්‍රිතාන්‍යයට ගිය නායිපෝල්ට ‘පෝට් ස්පේන්’ නගරය පාදක කොට නවකතාවක්
ලියන්නට ඇරයුම් ලැබිණ. ඒ ඇමෙරිකානු සමාගමකිනි.
ඒ අනුව ඔහු ට්‍රිනිඩෑඩ් නගරය ඉතිහාසය අළලා The Loss of ELDorado නවකතාව
ලියුවේය. එහි ට්‍රිනිඩෑඩ් හි වතු වගාව හා වහල් ක්‍රමය පිළිබඳවත්
බ්‍රිතාන්‍යයේ යටත් විජිත වාදය පිළිබඳවත් දැඩි විමසීමක් ඇතුළත් ය.
ඔහු පසුව අප්‍රිකානු මහාද්වීපයේ රටවල් කීපයක සංචාරය කළේය. උගන්ඩා රුවන්ඩා
කොංගෝ ටැන්සානියා වැනි රටවල සංචාරය කළ ඔහු තම ඊළඟ කෘතිය වූ In
a Free
State
ලිවුවේ ඒ අත්දැකීම් ඇසුරිනි. අප්‍රිකානු මහාද්වීපය හරහා ගමන් කරන
යුරෝපියයන් දෙදෙනකුගේ අත්දැකීම් එහි අඩංගු විය. ඔවුන් ගමන් කළ තැන් පිළිබඳව
ඔහුගේ බිරිය තබාගත් දින වාර්තා ද ඔහු සිය කෘතින් සඳහා ඉවහල් කර ගත්තේ ය.
1971 දී ඔහු ලියු In a Free State කෘතියට බුකර් සම්මානය හිමි විය. බ්‍රිතාන්‍යයේ
කේම්බ්‍රිජ් සරසවියෙන් හා නිව්යෝර්ක් හි කොළොම්බියා සරසවියෙන් සම්මාන ආචාර්ය
උපාධිය ලත් ඔහු මේ වන විට එංගලන්තයේ විල්ට්ෂයර් හි වාසය කරයි.
1989 දී බ්‍රිතාන්‍ය රජයෙන් නායිපෝල්ට නයිට් නාමයක් පිරිනැමීය. එතැන් සිට ඔහු
ශ්‍රීමත් වී. ඇස්. නායිපෝල් වෙයි. 1996 දී ඔහුගේ පළමු බිරිය පැට්‍රිෂියා මිය ගියා
ය. යළිත් ඔහු විවාහ වූයේ පකිස්තානු මාධ්‍යවේදිනියක් වූ නදීරා සමඟ ය. තවමත්
ලිවීමේ යෙදෙන ඔහුගේ වයස අවුරුදු 83 කි.
දයා ඩී. ෆොන්සේකා