ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


රසනදිය

සංස්කෘත කාව්‍යකරණය භාරතයට ම හිමි වූවක් සේ සැලැකිණ. එකක් හැර, සියලු සංස්කෘත මහා කාව්‍ය ලියැවුණේ භාරත වාසී කිවියන් අතිනි. ඒ එක නම් ජානකීහරණ මහා කාව්‍යය යි. ලංකාධිපති මහා රාවණයන් විසින් දශරථ පුත්‍ර රාමයන් ගේ භාර්යාව වූ සීතාව ලත්දිවට රැගෙන ඒමේ පුවත පසුබිම් කොට ජානකීහරණය ලියැවුණේ කුමාරදාසයන් විසිනි.

කුමාරදාසයෝ කවුරු ද යන්න මතභේදාත්මක වැ පවතී. පළමු වන මුගලන් රජු ගේ පුත්‍ර වැ නව වසරක් සිරිලක් සිහසුන හෙබැවූ කුමාර ධාතුසේනයෝ ම කුමාරදාසයෝ යැ යි එක් මතයෙකි. මහාවංසයෙහි නොදැක්වුණේ වී නමුදු පූජාවලියෙහි ඔවුන් කුමාරදාස නාමයෙන් ම දැක්වීමත් ඔවුන් ගේ මහාපාණ්ඩිත්‍යය හා කාලිදාසයන් සම්බන්ධ ප්‍රවෘත්තිය හා දැක්වීමත් ඒ මතය දරන්නෝ සාධක කොට ගනිති.

අනෙක් පක්ෂයට සාධක වනුයේ මහාවංසය යි. මහාවංසය කුමාර ධාතුසේන නාමයෙන් විනා කුමාරදාස නාමයෙන් මුගලන් පුත් රජු නොහඳුන්වයි. එයට ද වඩා ප්‍රබල සාක්ෂ්‍යයක් මෑත කල්හි දී මේ පක්ෂයට ලැබිණ. එ නම් මලබාරයෙන් සොයාගත් ජානකීහරණ පිට‍පතෙක එහි කර්තෘ කුමාරදාසයන් පිළිබඳ වැ තොරතුරු ඇතුළත් වැ තිබීම යි. එ අනුව, ඔහු වනාහි මානික නමැතියකු ගේ පුත්‍රයෙකි; මුගලන් පුත් රජහු නො වෙති.

ජානකී හරණ කර්තෘ කුමාරදාසයනට සංස්කෘත කාව්‍ය රසිකයන් ගේ සම්භාවනාව කෙතෙක් වී ද යත්

ජානකීහරණං කර්තුං - රඝුවංශෙ ස්ථිතෙ සති

කවිඃ කුමාරදාසශ් ච - රාවණාශ්ච යදිඃ සමඃ

යැ යි ඔවුහු, සංස්කෘත කාව්‍ය ලෝකයේ චක්‍රවර්තින් බඳු කාලිදාසයන් හා කුමාරදාසයන් හා සමාන කොට දක්වති.

ඒ භෝජ රාජ සමයය යි. භෝජ රජු කවීනට දැක්වූ අනුග්‍රහයෙන් තද් රාජ සභායෙහි වූ පණ්ඩිත නව රත්නයන් ගේ කීර්ති රාවයත් කුමාරදාස කවීනුදු දැන සිටින්නට ඇත. එ හෙයින් ඔහු ජානකීහරණය රචනා කොට භෝජ රජු වෙත යැවී ය. රජ තෙමේ රාජ සභා පණ්ඩිතයනට එය දැක්වී ය. මහා කවි කාලිදාසයෝ මේ මහා කාව්‍යයෙහි අගය මැනැවින් වටහාගත් හ; එය ලියූ කවීන් දක්නට ලක්දිව් සැපත් වූ හ.

කුමාරදාසයෝ ලක්දිව් සැපත් භාරත මහා කවියාණන් සාදරයෙන් පිළිගත් හ. දෙ දෙනා අතර ඇති වූයේ සදාතන මිත්‍ර සන්ථවයෙකි. කාලිදාසයෝ මඳ කලක් මිතුරාණන් ගේ සංග්‍රහ විඳිමින් මෙහි නතර වැ සිටිය හ.

මාතොට බද පෙදෙසෙක කුමාරදාසයන් හා මිතුරු වෙසඟනක් වූවා ය. වරින් වර එහි ගොස් ඇය හා විනෝද සුවයෙන් කල් ගෙවුම ඔවුන් ගේ සිරිත විය. එ සේ ගිය එක් වරෙක ඇය ගේ ගෙහි බිත්තියෙක ඔහු ශ්ලෝක දෙ පාදයක් ලියූ හ.

කමලෙ කමලෝද්භූතිං

ශ්‍රෑයතේ නම දෘශ්‍යතේ

(පියුමෙක පියුමක් පිපුණු බව අසන ලදි. එහෙත් එය දක්නා නො ලදී.)

මේ ශ්ලෝකයෙහි ඉතිරි දෙ පාදය සම්පූර්ණ කරන්නකු හට වටනා ත්‍යාගයක් පිරිනමන බව ද කුමාරදාසයෝ පැවැසූ හ.

කාලිදාසයන් හා කුමාරදාසයන් හා අතර මිත්‍ර සන්ථවය කො තෙක් දැඩි වී ද යත් සිය යහළු වෙසඟන හා කාලිදාසයනට ද විනෝද සුව ලබන මඟ කුමාරදාසයෝ හෙළි කැර දුන් හ. එ සේ ගිය කල්හි කාලිදාසයෝ යට කී අර්ධ ශ්ලෝකය දුට හ; සැණෙකින් එය සපුරාලූ හ.

බාලෙ තව මුඛම්භෝජේ - දෘෂ්ටිමින්දීවර ද්වයම්

(මුහුණ නමැති පියුමෙහි ඇස් නමැති ඉඳුවර දෙකෙකි)

මෙහි කමල, මයෙන් පියුම්, ඉඳුවර (මානෙල්) දෙක ම ගැනුණු සේ ය.

වෙසඟන ගේ දැඩි ලොබ නැඟිණි. ඕ කුමාරදාසයන් දෙන ත්‍යාගය ලබාගනු වස්, ශ්ලෝකය තමා ම සැපිරූ බව දක්වනුව කාලිදාසයන් මරා සැඟැවූවා ය.

කුමාරදාසයෝ මිතුරාණන් සොයා ආ හ. තමා ශ්ලෝකය සම්පූර්ණ කළ බව වෙසඟන ගෙන් පැවැසිණ. එය කිසි සේත් නො විය හැකි බව දත් කුමාරදාසයන් ගේ තර්ජනය ඉදිරියේ ඇත්ත‍ හෙළි විණි.

සකු කව් ලොවෙහි මුඳුන් මල්කඩ වූ කාලිදාස මහ කිවියාණන් ගේ සිරුර විසිතුරු සෑයකට නැංවිණ. හළු කිස (සිරුර දැවීම) පිණිස ගිනි දැල්විණ. ගිනි දැල් බුර බුරා නඟිත් ම මිත්‍ර වියෝගයෙහි ශෝකය ද කුමාරදාස හෘදයයෙහි බුර බුරා නැඟිණ. ඔහු සදාතන මිත්‍රත්වයට ජීවිතය පූජා කරමින් කාලිදාසයන් ගේ සෑයට ම පිනූ හ. එයින් සොවට පත් ඔවුන් ගේ බිසෝවරුන් පස් දෙනකු ද එ සෑයට ම පැන දිවි පිදූ බව ද කියැවේ.

ඇජර කිවියර ජිනින් ජානකිහරණ ඈ මහ කව් බැඳී

කුමර දස් රජ කාලිදස් නම් කිවිඳු හට සිය දිවි පිදී

යි පැරැකුම්බා සිරිත් කරුවාණෝ මෙ පුවත සඳහති

රසික


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්