දොස් නිදොස්
දොස් නිදොස්
ආප්තෝපදේශ
උපදේශාත්මක කියමන, ප්‍රස්තාව පිරුළ
ආපෝ
ආපය - ජලය
තේජෝ
තේජ - ප්රතාපවත් බව (තේජක)
තේජා
උෂ්ණය ඇති බව - උෂ්ණය පිට කරන බව
පඨවි
පොළොව
වායෝ
ධාතුවක් වශයෙන් සලකනු ලබන වායුව.
වාලුක
වැලි (වාලුකාරාමය - වැල්ලේ පන්සල)
අවලංගු
තුබුණු බලයක් නැතිව ගිය කල්හි යෙදෙන වදන අවලංගු නම් වේ. වටිනාකමක් නැති යන
අරුතෙහි ද යෙදේ.
අවලම්
දඩාවතේ යන - ගෙන් ගෙට ඇවිදින - රස්තියාදු වන - අශික්ෂිත
රස්තියාදුකාරයා - පාදඩයා, සල්ලාලයා, නැහැදිච්චි පුද්ගලයා (අවලමා)
කරුක්කන්
බුලත් විඩ හා හපන්නට ගන්නා පුවක් විශේෂයකට යෙදෙන නමකි. මෙය කරුංකා ලෙසද
ව්‍යවහාර කැරේ.
කරුක්කල්
දෙමළෙන් ‘කරුක්කල්’ ය කියන්නේ ලුණු දමා වේළාගත් මස්වලට ය.
ප්‍රතිදාන
නිෂ්පාදනය කරන, පිට කරන,
1. දුන් දෙය වෙනුවට වෙන දෙයක් පෙරළා දීම, හුවමාරුව
2. ආපසු දීම
3. කිසියම් ද්‍රව ප්‍රමාණයක් යොදවන ජනකයකින් නිපදවන ප්‍රමාණය
4. යම් භාණ්ඩයක් විශාල ප්‍රමාණයෙන් මිලට ගැනීම වැනි අවස්ථාවකදී නියමිත
මිලෙන් අඩු කරන මුදල (වට්ටම)
වල්ලභ (බ)
සෙනෙහෙවන්තයා, පක්ෂපාත තැනැත්තා,
ස්වාමි පුරුෂයා.
අභිමාන
මානයෙන් යුක්ත, අභිමානය ඇති බළලකු පිට ගමන් කරමින් ලෙඩ ඇති කරවන මිටි කළු
යකකුගේ නම අභිමාන හෙවත් අභිමානා යකා නම් වේ. 2. මානය, දර්පය, අහංකාරකම,
ගර්වය, තේජස්, ස්වභාවය.
ඩොමීනියන්
රජ බලයට යටත් වූවද ස්වාධීන පාලනයක් ගෙන යෑෙම් නිදහස ලැබුණු රට. බ්‍රිතාන්‍ය
අධිරාජ්‍යයේ රටවල් සම්බන්ධයෙන් විශේෂයෙන් ව්‍යවහාර වේ.
නිදහස ලැබීමට පෙර ලංකාවද ඩොමීනියන් රාජ්‍යයක් විය.
ප්‍රතිනිධි
යමකු වෙනුවෙන් පෙනී සිටින්නා - නියෝජිතයා. 2. ඇපය - අනුපූරකය - වෙනුවට
ඉදිරිපත් කරන දෙය 3. ප්‍රතිබිම්බය 4. යමක් වෙනුවට එහි කාර්යය පිරිමැෙසන සේ
යොදාගන්නා ඊට අනුරූප ගතිගුණවල ස්වරූප ඇති දෙය.
නියමිත ඖෂධය නැතිවිට යොදාගන්නා විකල්ප ඖෂධය. (නිදසුන් - වැල් මී නැති විට
ඔලිඳ මුල්)
කුප්පමේනිය
පුනෝබියාසේ කුලයට අයත් ඖෂධීය පැළයක්.
මේවායින් හදන කැඳ සෙම අමාරුවට ඉතා ගුණදායකය. බළලා, කුප්පමේනිය කොළ
වෙසෙසින් ප්‍රිය කරයි.
දොස්තරවරු
‘දොස්තරවරු මුදලට ගෙන රෝගීන් ගොදුරට ගන්නා ඖෂධ මාෆියාව’
මෙහි දොස්තරවරු උක්ත නොවන හෙයින් එය නිවැරැදි විය යුත්තේ ‘දොස්තරවරුන්’
යනුවෙනි.
වැරැදි උක්තයක්
“විධායක බලතල මන්ත්‍රීවරු 225 අතර බෙදා දෙනවා” යන්න පුවත්පත් සිරසෙකි.
‘මන්ත්‍රීවරු 225 අතර’ යන්න වැරැදියි.
1. ‘මන්ත්‍රීවරු’ යන උක්ත රූපය එතැනට නො ගැළපේ. එය ‘මන්ත්‍රීවරුන්’ යනුවෙන්
අනුක්ත විය යුතු ය.
2. ‘225 අතර’ යන්න ද සුදුසු නැත. ‘225 අතර’ යනුවෙන් කියනු හැක්කේ අජීවී දෙයක්
සම්බන්ධයෙනි.
‘මන්ත්‍රීවරුන් 225 ක්’ යනුවෙන් කියනු වැරැදි ය.
ඉලක්කම් නො දාම බැරි නම් එය මෙසේ විය යුතු ය. ‘මන්ත්‍රීවරුන් 225 දෙනා අතර'.
ඩී. එෆ්. කාරියකරවන
|