මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

රට සැබෑ වෙනසකට ලක් වී ඇත රට ආපස්සට යන වෙනසක් එපා

රට සැබෑ වෙනසකට ලක් වී ඇත රට ආපස්සට යන වෙනසක් එපා

වර්තමාන දේශපාලන කරළියේ ඇති වී තිබෙන උණුසුමත් සමග වෙනසක් පිළිබඳව ඇතමෙක් කථාකරති. එසේ වුවත් සියලූ ක්ෂෙත්‍රවල වෙනසක් සිදුවී ඇත්තේ සැබෑ වෙනසක් මගිනි. එහෙත් මෙහිදී වෙනස සිදුකරනුයේ කවුද? කා සමග ද? කවරෙකු අරඹයා ද? ඉන් කමක් වේවි ද? ආදී වශයෙන් විවිධ නයින් බුද්ධිමත්ව හා විමසිල්ලෙන් සොයා බැලීම වටී.

කබලෙන් ළිපට

දේශපාලන ක්ෂේත්‍රය තුළ වරින් වර බලයට පැමිණි ආණ්ඩු මාරු කොට ඒ වෙනුවට අලූත් වෙනස්කම් කරන්නට ගොස් කබලෙන් ළිපට වැටුණු අවස්ථා ලෝක දේශපාලන ඉතිහාසයෙන් මෙන්ම මෙරට දේශපාලන ඉතිහාසයෙන් ද ඕනෑතරම් උදාහරණ සපයා ගත හැක. වර්ෂ 1815 දී සිංහලයේ රජකර වූ රාජසිංහ රජු අධමයෙකු යැයි සලකා ඔහු බලෙන් පහ කොට ඉංග‍්‍රීසීන්ට මේ රට ගිවිසුමකින් ලියා අත්සන් කොට භාරදෙනු ලැබිණි. ඉන් ලැබුණු වෙනසේ මහත කෙතරම් ද යත් සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා අවුරුදු 66 ක් ගිය ද තවමත් එම ආධිපත්‍යයෙන් සම්පූර්ණයෙන් ම මිදීමට නොහැකි වී ඇත. 1948 න් පසු ප‍්‍රධාන පක්ෂ 02 ක් මගින් තට්ටු මාරු ක‍්‍රමයට අපේ රට පාලනය කරනු ලැබේ. 1970 දී බලයට පැමිණි සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව දේශීය ආර්ථියක් තුළින් පිටරැටියන්ට ගැති නොවී ස්වෝත්සාහයෙන් නැඟී සිටීමේ ආර්ථික ක‍්‍රමවේදයක් අනුගමනය කළේය.

මිනිසුන්ට දුෂ්කර වුවත් එම ක‍්‍රමවේදය කාලයක් පැවතුණි නම් ශ‍්‍රී ලංකාව අද ස්වයංපෝෂිත රටකි. එහෙත් 1977 දී මැතිනියගේ රජය බලයෙන් පහකොට ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා බලයට පත්කර ගත්තේ අලූත් වෙනසක් බලාපොරොත්තුවෙනි. එතුළින් සැබෑ ජනහිතකාමී වෙනසක් සිදුවූයේ දැයි අද අලූත් වෙනසක් ගැන කථාකරන අයම තමන්ගේ හෘදසාක්ෂියෙන්ම විමසිය යුතුය. එකල ලෝක දේශපාලනයේ ඇමෙරිකන් voice of America සහ රුසියන් යනුවෙන් බල කඳවුරු දෙකක් තිබුණි.

ආසියාවේ බොහෝ රටවල් රුසියන් කඳවුර තෝරා ගනිද්දී එතෙක් සිරිමාවෝ මැතිනිය අනුගමනය කළ නොබැඳි රාජ්‍ය ප‍්‍රතිපත්තියට මුළුමනින්ම විරුද්ධව ජයවර්ධන ජනාධිපතිතුමා ඇමෙරිකන් කඳවුර තෝරාගත්තේය. ඒ අනුව එකල ඇමෙරිකාවට ලංකාවෙන් අක්කර 500 ක ඉඩමක් සහ ත‍්‍රිකුණාමලයේ තෙල්ටැංකිවල පරිපාලන බලය ලබාදුන් බව නොරහසකි. ඉන් ඇති වූ අනිසි ප්‍රතිඵලය වූයේ ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි රජයේ ආශිර්වාදයෙන් LTTE ත‍්‍රස්ත සංවිධානය බිහිවීමයි. එයට පිළිතුරක් ලෙස ඇති කළ 13 වන ව්‍යවස්ථා සංශෝධනය අදත් රටට හෙනයකි. අද වෙනස් කරන්නට කෑ මොර දෙන මෙම ව්‍යවස්ථාවේ උත්පාදකයා එජාපය මිස වෙන කවරෙකු ද? අද අලූත් වෙනසේ ප්‍රධාන තේමාව විධායක බලතල අහෝසි කිරීමයි. එහි වරදක් නැත.

එහෙත් ඊට ප්‍රථම 13 වන ව්‍යවස්ථා සංශෝධයෙන් පළාත් සභා සඳහා ලබාදී ඇති ඉඩම් හා පොලිස් බලතල ඇතුළු සියලූ අනිසි බලතල ඉවත් කළ යුතුය. එසේ නොකොට විධායක බලතල පමණක් ඉවත් කිරීමට යෑම හැටදහසකට ආසන්න ජීවිත පූජා කොට දිනාගත් දේශය නැවත යුද්ධයකට තල්ලූ කිරීමකි.

අනෙක් අතට පවත්නා ආණ්ඩුවේ යහපාලනය පිළිබඳව පවත්නා යම් යම් ඌනතාවන් පදනම් කරගෙන යහපාලනයේ වෙනසක් ඇති කිරීමට ද කථා කරති. ඉතිහාසය පුරාම පිහිට වූ සියලූ ආණ්ඩු සර්වසාධාරණ, සුපිරිසිදු ඒවා නොවේ. හැම රජයකම හොඳ මෙන්ම නරක ද ඇත.

එහිදී මේ ගැන ද සිතා බැලිය යුතුය. මෙරට මෙන්ම ආසියාවේ හොර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූයේ LTTE ත්‍රස්ත සංවිධානයයි. ඒ හරහා ඔවුහු ඔවුන්ගේ අරමුදල් තරකර ගත්හ. එහෙත් මෑතකාලයේ දී විශාල වශයෙන් වැටලීම් කොට කුඩු හා එතනෝල් අල්ලා ගැනුණි. ඒවා අල්ලා ගැනීමට වැටලීම් නොකොට නිකං බලා සිටියේ නම් අද මේ රජයට මෙවැනි චෝදනාවක් නැ‍ෙඟන්නේ ද නැත.

වෙනස කා සමඟද

ඊළඟට වෙනස ඇති කරනුයේ කා සමගින් ද යන්නත් විමසිය යුත්තකි. අද අලුත් වෙනසක් සඳහා පේවී ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මියයි. ඇයගේ පාලනය යහපාලනය පිළිබඳ මෙරට ජනතාවට තවමත් අමතක වී නොමැත. සුනාමි සහන මණ්ඩලයක් ක්‍රියාත්මක කොට සුනාමියට ලැබුණු විදේශ ආධාර වියදම් කිරීමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් LTTE යට පිළිගැනීමක් ලබාදීමට ක‍්‍රියා කරන ලද්දේ ඇය විසිනි. එහිදී එයට විරුද්ධව දළඳා සමිඳුන් අභියස ජීවිතය පුදන්නට සූදානම් වූ හෙළ උරුමයේ නායක හාමුදුරුවන්ට එය අමතකවීම ජාතියේ අවාසනාවකි. එසේම විපක්ෂ නායකතුමා අගමැති සමයේ දී පාර්ලිමේන්තුවට ද නොදන්වා ප්‍රභාකරන් සමග රහස් ගිවිසුමක් ගසා රට දෙකඩ කිරීමට පිඹුරුපත් සැකසූවෙකි.

ඔහුට අවශ්‍ය වූයේ රට දෙකඩ කොට හෝ නොබෙල් තෑග්ග ලබාගැනීමයි. සැමදා ‍ෙෆඩරල් මතවාදී අදහස් කරපින්නාගත් රාජිත සේනාරත්න මහතා යුද්ධය ආරම්භයේ දී ම යුධ විරෝධී ජාතික පෙරමුණක් හදාගෙන NGO නඩයක් සමග පෙළපාලි ගිය අයෙකි. වික්‍රමබාහු කරුණාරත්න මහතා එංගලන්තයේ දී ජනඝාතක මිනීමරු ම්ලේච්ඡ ලේ පිපාසිත ප්‍රභාකරන් මහතෙකු කොට වීරයෙකු ද කළ අයෙකි. මෑතකාලීන මුස්ලිම් අන්තවාදී අදහස් සමාජගත කොට අලූත් වෙනස් අන්තවාදයක් ව්‍යාප්ත කළ අයෙකි අසාත්සාලි මහතා. මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් මහතා වන්නියට ගොස් ප‍්‍රභාකරන් සමග උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම සම්බන්ධව ගිවිසුමක් අස්සන් කළ අයෙකි. මෙවැනි පිරිසක් සමග වෙනසක් ඇති කළ හැකි දැයි වරක් නොව සියවරක් විමසා බැලිය යුතුය. මේ හවුලෙන් වෙනසක් සිදුවෙන බව හැබෑය. එහෙත් එය මේ රටට හිතකර එකක් නොවේ. නැවතත් රට අස්ථාවර අරාජික වන වෙනසකි.

දෙමළ ජාතික සංවිධානයත් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් අතර රටට අහිතකර ගිවිසුමක් තිබේ. ඒ ගිවිසුම දෙසැම්බර් 7 වැනිදා දිවයින පුවත්පතේ 10 පිටුවේ පළවී ඇත. ඒ අනුව අපේ උතුරු පළාත තුළ දෙමළ සන්ධානය යටතේ එල්ටීටීඊයට දෙමළ ඩයස්පෝරාවට උදව් දෙන කටයුතු රැසක් සිදුවේ. ඒ සමඟම සිරිසේන මහත්තයා මේ දිනවල උඩට අදින ඇඳුම කරුණානිධිගේ ඇඳුමට සමානයි. චන්ද්‍රිකා මහත්මිය දැන් ප්‍රභාකරන්ට කියන්නේ මිස්ට ප්‍රභාකරන් යනුවෙනි. රට බේරාගත් ජනපතිට කියන්නේ මහින්ද රාජපක්ෂ කියලා.

චන්ද්‍රිකා මහත්මිය වැනි අයට තවත් බලය නොදෙන්න අපේ රටේ සිංහල ජනතාව මතක තබාගත යුතුයි. ජනපති කළ කටයුතුවලට අපි කළ ගුණ දැක්විය යුතුයි.

මැදපෙරදිග උදාහරණ

ස්ථාවරව පැවැති රාජ්‍ය විනාශ කොට අලුත් වෙනස්කම් ඇති කිරීමට ගොස් මෑතකාලීනව සිදුවූ මහා ව්‍යසනයන් මැදපෙරදිගින් ඕනෑතරම් සොයා ගත හැක. ලිබියාවේ ගඩාෆි බලයෙන් පහකොට ඇති කළ වෙනස තවමත් ලේ වැගිරෙන සුලු ය. ඉරාකය ද එසේමය. ඊජිප්තුවේ මුස්ලිම් සහෝදර පක්ෂය වෙනස් කොට වෙනත් පාර්ශ්වයක් බලයට පැමිණිය ද මේ වන විට ලක්ෂයට ආසන්න සංඛ්‍යාවක් මැරී ඇත. එබැවින් අප රට තුළ ද එැවින් අවාසනාවන්ත තතත්වයක් ඇති නොකිරීම අප සැමගේ ම වගකීමයි.

අනෙක් පැත්තෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන අය ළඟ එැවැන්නක් තිබේදැයි ද විමසා බැලීම වටී. මැතිවරණ සිතියම හැකිලීම, ලාම්පු කළගෙඩි සෙල්ලම, ඉල්ලා අස්වීමේ ලිපි ලියවාගෙන පාර්ලිමේන්තුව මෙහෙයවීම, ධාර්මිෂ්ට සමාජයක් වෙනුවෙන් කථාකළ සරත්චන්ද්‍රයන්ට හා සෝභිත හාමුදුරුවන්ට කාණුවේ දමාගෙන පහරදීම, භීෂණය ව්‍යාප්ත කිරීම ආදිය එජාපයේ යටගිය නායකයන්ට එල්ලවෙන ප්‍රති චෝදනාවන් ය. එසේම එජාපයේ වර්තමාන නායකත්වයේ ප්‍රජාතන්ත‍්‍රවාදය අභියෝගයට ලක්කළේ එම පාක්ෂිකයන්ම ය. චන්ද්‍රිකා යුගයේ වයඹ පළාත් සභා මැතිවරණය ප්‍රජාතන්ත‍්‍රවාදයට එල්ලකළ අතුල් පහරකි. විරුද්ධ පාක්ෂිකයන්ට හිරිහැර කිරීම යුක්තිගරුක සමාජයකට නොගැලපෙන්නකි. මෛත‍්‍රීපාල මැතිතුමාගේ සහෝදර පර්ෂදය සිදුකරන ඒකාධිකාරී ජීවන රටාව ද යහපාලනයට අහිතකර ය.

වෙනසක් සිදු වී ඇත

අද රට තුළ වෙනසක් නොව සැබෑ වෙනසක් සිදුව ඇත. එය කිසිවෙකුටත් නැතැයි කිව නොහැක. මීට වසර 5 කට පෙර තැන තැන බෝම්බ පිපිරුණු යුගය අද නැත. අද රටේ සියලූ දෙනාම සතුටින් හා සාමයෙන් කල්ගත කරති.

අද රට තුළ අලූතින් ගුවන් තොටුපළ, වරාය, ගුවන්පාලම් ඉදිව. ඇත. ගම් නියම් ගම් නගර යා කරමින් පුළුල් මං මාවත් ඉඳිව ඇත. නැණසල වැනි ව්‍යාපෘති හරහා තොරතුරු තාක්ෂණය හා පරිගණක දැනුම ගම්වලට ද සේන්දු වී ඇත. මහින්දෝදය පාසල් හරහා ගමේ තිබෙන පාසල් පද්ධතිය මුළුමනින්ම යහපත් දිශානතියකට හැරවී ඇත. විශ්වවිද්‍යාල තුළ නව දියුණුවක් ඇති වී ඇත. ඇතැම් දේශපාලනඥයන් ඇතිවන දේශපාලන අවාසි සහගත තතත්වය මත කිරීමට අකැමැති වූ ඉහළ කොත්මලේ විදුලි ව්‍යාපෘතිය, උමාඔය ජල ව්‍යාපෘතිය, නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වැනි යෝධ ව්‍යාපෘති ජනාධිපතිතුමාගේ අභීත නායකත්වය යටතේ සිදු වී ඇත. මෙය සැබෑ වෙනසක් නොවන්නේ ද? යහපාලනය නැමැති දුහුල් බාල සළුපිළිවලින් වසා සිදුකිරීමට අපේකෂා කරන පොදු අපේක්ෂකයාගේ වෙනස තුළ සිදුවන්නේ රට නැවත වතාවක් ආපස්සට වෙනස් වීමයි. එබැවින් දුරදක්නා නුවණින් කල්පනා කොට සැබෑ වෙනස හඳුනාගනිමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්