මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

හෙටක් නොවූ රටක් රැගෙන ලොවක් දිනූ රටක් හැදූ ජනපති මහින්ද

හෙටක් නොවූ රටක් රැගෙන ලොවක් දිනූ රටක් හැදූ ජනපති මහින්ද

අතීතය අමතක කිරීම හෝ අමතක කිරීමට උත්සාහ කිරීම සිංහලයාගේ ජන්ම ගතියක් බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. සෑම සිංහලයකුටම මෙම කියමන ‍පොදු නොවූවත් අපේ ඉතිහාසය විමසීමේ දී විදේශීය බලවේග අප රට නතු කර ගත්තේ මේ ජාතික දුර්වලකම බලපෑ නිසා බව පැහැදිලි ය. ‘මරණයක දුක සිංහලයන් තුළ පවතින්නේ සතියක කාලයකට පමණයි. ඉන්පසු සියලු දේ අමතක වෙනවා යැ'යි කොටි නායක ප්‍රභාකරන් කියා සිටියේ ද? අපේ මේ ජාතික දුර්වලකම දුටු නිසා විය යුතු ය.

2005 නොවැම්බර් මස 19 වැනි දින ජනපති පදවියේ දිවුරුම් දෙමින් මහින්ද රාජපක්ෂ එම උත්තරීතර පදවියට පත්වන විට රටේ පැවැති දේශපාලනික, ආර්ථික, සාමාජික හා සංස්කෘතික පසුබිම අද සිහියට නඟා ගැනීම වැදගත් වෙයි.‍

එදා රටේ හැටි

මහින්ද රාජපක්ෂ ජනපති පදවියට පත්වන විට ජනතාව ඔහුට බාර දුන්නේ දෙකඩ වෙච්ච රටක්. ලෙයින් කඳුළින් තෙත්වූ බිමක භීෂණයෙන් පිරුණු රටක්, මිනිස් බෝම්බ, බස් බෝම්බ, කාර් බෝම්බ, ත්‍රීරෝද බෝම්බ, යතුරු පැදි බෝම්බ, පාපැදි බෝම්බ කොයි යම් තැනක, කොයියම් මොහොතක පුපුරා ගොස් මිනිස් ජීවිත මරු තුරුල‍ට යැවෙන රටක්. පයින් හෝ බස් රියකින්, දුම්රියකින් හෝ පෞද්ගලික වාහනයකින් හෝ බියෙන් සැකෙන් තොරව ගමන් කළ නොහැකි රටක්, රාත්‍රියට පැල් රකින්නට ගිය, ගොවිතැන් බතට කුඹුරට ගිය, බත පිසගන්නට දර ටිකක් සොයා කැලයට ගිය ගැමියන්, ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදීන්ගේ කඩු, කැති, පොරෝ පහරින් කැබලි වලට කැපී ‍මළවුන් අතරට යන රටක්. රෑ නිදි පැදුරේ දී ම අහිංසක ගැමියන්, මවු ඇකයේ කිරි බි බී සිටි දරුවන් පවා මළවුන් අතරට යැවෙන රටක්, නගර ගම් දනව් උණු ලෙයින් තෙත් වී මිනිසුන් නඟන විලාපයෙන් නගර ගම් දනව් දෝංකාර දෙන රටක්.

උණ්ඩයෙන් මිනිස් බෝම්බයෙන් මරා දැමුණු යුද පෙරමුණේ රණවිරුවන්ගේ දේහ සිය ගණනින් මුද්‍රා තැබූ පෙට්ටිවල ගමට එමින් තිබූ රටක්, ජීවිත සිය දහස් ගණනින් ආබාධිත වන රටක්, දිවා රෑ විලාප නැ‍ඟෙන රටක්.

රටේ සියලු ම ආර්ථික මධ්‍යස්ථාන, බැංකු, අත්‍යාවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන, වරාය, ගුවන් තොටුපොළ හා හමුදා කඳවුරු ආදී සෑම ස්ථානයක් ම කොයි මොහොතක හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් වැනසී යන, එසේ ම වනසන බවට තර්ජන තිබූ රටක්.

දේශපාලනඥයන්ට, නිදහසේ දේශපාලන කටයුතුවල නිරත විය නොහැකි රටක්, රාජ්‍ය නිලධාරීන්ට හමුදා නිලධාරීන්ට හා පොලිස් නිලධාරීන්ට, සැකෙන්, බියෙන් තොරව රාජකාරී කළ නොහැකි රටක්, පන්සලකට, කෝවිලකට, පල්ලියකට ගොස් තම ආගමික කටයුතුවල නිරත විය නොහැකි රටක්.

කොටින් කියතොත් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්, ශ්‍රී ලංකා භූමියේ උතුරු කොණේ සිට දකුණු කොණ දක්වාත් නැ‍ඟෙනහිර සිට බටහිර දක්වාත් භීෂණයෙන් ඇළලී ගිය රටක්.

විධිමත් යුද සැලැස්මක්

දෙමටගොඩ මිහිඳු සෙන්පුර නව නිවාස යෝජනා ක්‍රමය

ලෙයින් කඳුළින් තෙත් වූ පොළොවක, භීෂණයෙන් තැති ගත් හදවතින් යුතුව සිටි මිනිසුන් 2005 ජනපතිවරණයට ඉදිරිපත්වූ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේ එකම දෙයකි. ඒ බියෙන් සැකෙන් තොරව, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජන කොටස්වලට සාමයෙන් සමඟියෙන් ජීවත්විය හැකි එක්සත් රටක් ලබාදෙන ලෙස ය.

ර‍ටේ ජනතාව ඉල්ලා සිටින සාමය, සැනසිල්ල ළඟා කර, භීෂණයෙන් තොර රටක් බිහිකර, ජන දුක් ගිනි නිවාලමින් ජනතා අපේක්ෂා ඉටුකර, හෙටක් ගැන සිතීමට ජනතාවට ඉඩ ලබාදීම පිණිස මවුබිමට ගෞරවනීය ජයග්‍රහණයක් හිමිකර දීමට අදිටන් කර ගත් සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, බිහිසුණු ත්‍රස්තවාදයට පිළිතුරු දීමට විධිමත් යුද සැලැස්මක් කෙරෙහි ප්‍රථම අවධානය යොමු කෙළේ ය. රණබිම හුරු සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් පත් කෙළේ ය.

යුද්ධය සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් ප්‍රමාදයකින් තොරව ලබාදී යුද පෙරමුණ ශක්තිමත් කිරීමට සේනාධිනායක වශයෙන් ජනාධිපතිතුමා කඩිනම් පියවර ‍ගත්තේ ය. ඒ අනුව යුද පෙරමුණට හිඟව පැවැති යුද අවි, විද්‍යුත් සංග්‍රාමික උපකරණ, රේඩාර් යන්ත්‍ර, කාලතුවක්කු, ට්‍රක් රථ, නැව්, ගුවන් යානා ආදිය මිලදී ගැනීමට පියවර ගත්තේ ය. මේ සඳහා යුද්ධයේදී අපට හිතවත්ව සිටි රාජ්‍යයන්ගෙන් ආධාර ලබා ගත්තේ ය. මෙයට අමතරව රණවිරුවන් සඳහා අවශ්‍ය ආහාරපාන, ඖෂධ, ආරක්ෂක පැළඳුම්, බූට්, හිස් ආවරණ ආදිය ද හිඟයකින් තොරව සැපයීමට ද පියවර ගත්තේ ය.

මේ සියලු පියවර මඟින් යුද ‍පෙරමුණ ශක්තිමත් කරනවිට මානව සම්පත් හිඟයට ඉදිරියට ආවේ ය. ඊට හේතු සාධක බොහෝ ය. මූලික හේතුව අතීතයේ සිටි සේනාධිනායකයන්ට කලාපයේ බලවතා වූ ඉන්දියාවේ හා බටහිර රටවල බලවතුන්ගේ බලපෑම් හා ඔවුන් විසින් මෙහෙයවනු ලබන රාජ්‍ය නොවන සංවිධානයන්හි ප්‍රචාරයන් හා ක්‍රියාකාරකම් ඉදිරියේ දණ ගසා වැරැදි තීරණ ගෙන යුද්ධය පාවාදීමට සිදුවීම ය.

මහින්ද රාජපක්ෂ ජනපති පදවියේ දිවුරුම් දීමට පෙර සිටි රණසිංහ ප්‍රේමදාස ජනාධිපති හා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියත්, අගමැති රනිල් වික්‍රමසිංහත් ප්‍රභාකරන් සමඟ ඇති කර ගන්නා ලද විවිධ සම්මුති හා අවබෝධතා ගිවිසුම් නිසාත්, සාමය සඳහා යයි කියමින් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනපතිනියගේ උපදෙස් මත මංගල සමරවීර හා රාජිත සේනාරත්න සුදු‍ නෙළුම් පටවා ගෙන තවලමේ ගිය නිසාත්, එම යුගයේ දී පාලක පක්ෂය සමඟ සමීපව කටයුතු කළ බටහිර ගැති රාජ්‍ය නොවන සංවිධානවල අනුග්‍රහය ලද විකල්ප පුවත්පත් ත්‍රස්තවාදීන් විමුක්තිකාමීන් ලෙසත්, රජයේ හමුදා සෙබළුන් කුලියට (මාසේ පඩියට) වැඩ කරන කුලී හේවායන් ලෙසත්, හඳුන්වා දෙමින් ‘යුක්තිය’ යැ’ යි කියමින් රාවය නැඟීම නිසාත් රජයේ හමුදා දැඩි කලකිරීමකින් යුතුව බුරුතු පිටින් හමුදා සේවයෙන් ඉවත්වන්නට විය.

මෙම පසුබිම යටතේ හමුදා සේවය ලජ්ජාවට කරුණක් විය. ආමිකාරයා, කුලී හේවායා යැයි නම් පටබඳිමින් උපහාසයට අපහාසයට ලක් කෙරිණි. මෙය බටහිර ගැති මාධ්‍ය හා මාධ්‍යවේදීන් හිතාමතාම හමුදාවේ සෙබළ බළ ඇණි සංඛ්‍යාත්මකව දුර්වල කර කොටි සංවිධානයට ශක්තිය ලබා දීමට ගත් පියවරක් විය‍.

අද මත්තල

මෙම තත්ත්වය තවත් උග්‍ර වීමට නෝර්වේ රාජ්‍යයේ උපදෙස් පරිදි 1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක, ප්‍රභාකරන් සමඟ අත්සන් කරන ලද එදිරිවාදිකම් අත්හිටුවීමේ සම්මුතිය හා 2002.02.23 දින අත්සන් තබන ලද රනිල් - ප්‍රභා සටන් විරාම ගිවිසුම ද හේතු විය‍. එම ගිවිසුම් අනුව ශ්‍රී ලංකා හමුදාවට කඳවු‍ෙර් සිට මීටර් 100 කින් එහාට යාම තහනම් විය. කොටි පාලන ප්‍රදේශ යනුවෙන් ඔවුනට අයත් ප්‍රදේශ නිර්මාණය විය. සිංහල ගම්මාන මායිම් ගම්මාන ලෙස කොටු කෙරිණි. කඳවුරින් පිටව කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වුවහොත් දඬුවම මරණය විය.

මෙම මහඟු අවස්ථාව ශ්‍රී ලංකා හමුදාව අපහාසයට හා උපහාසයට ලක් කිරීමට කොටි සංවිධානයට ලැබුණු වරප්‍රසාදයක් විය. මේ පිළිබඳ රාජ්‍ය නායකත්වය දැනුවත් කළ ද පලක් ‍නොවීය.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ප්‍රකාශයට පත් කළ ‘සාම විමර්ශී’ සඟරාවේ 2002 දෙසැම්බර් කලාපය සටහන් කෙළේ ඒ වනවිට 1,57,900 ක් පමණ වූ හමුදා සෙබළුන්ගෙන් 50,000 ක් දෙනා හමුදාවෙන් පැන ගොස් සැඟවී සිටින බවයි. මෙම සටහන් රජයට හිතවත්කම නිසා නොව රජයේ හමුදා ක්‍රියාමාර්ග අසාර්ථක බව පෙන්වා දීමට ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 ජනපතිවරණය දිනා රට බාර ගන්නා විට තත්ත්වය වඩාත් බැරෑරුම් අතට හැරී තිබිණි.

මානව සම්පත් හිඟයට විසැඳුම්

යුද ජයග්‍රහණය සඳහා සැලසුම් සකස් කරමින් අවශ්‍ය යුද උපකරණ ආදියෙන් හමුදාව ශක්තිමත් කරන්නට හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට සුදානම් වනවිට හමුදාවේ මානව සම්පත් හිඟය (සෙබළුන් ගේ හිඟය) අර්බුදකාරී තත්ත්වයක් උදා ‍ෙකළේය. මෙයට විසැඳුම් සෙවීම සේනාධිනායක වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්වරයාට උපදෙස් දුන්නේ ය. හමුදාපතිවරුන් හා පොලිස්පති ආරක්ෂක ලේකම්වරයාගේ සම්බන්ධීකරණයෙන් සාකච්ඡා ඇති විය.

හමුදා සේවයේ වැටුප් වැඩි කිරීමට, දිරි දීමනා වැඩි කිරීමට, අවදානම් දීමනා වැඩි කිරීමට, තුවාල ලබන හා ආබාධිත වන සෙබළුන් සඳහා ප්‍රමාණවත් වන්දි ලබාදීමට පියවර ගත යුතු විය. ජීවිත හානි වන සෙබළුන් ගේ පවුල් ආරක්ෂා කිරීමට වන්දි හා වරප්‍රසාද ලබාදීමට පියවර ගත යුතු ය. ඒ සඳහා ප්‍රමාණවත් මූල්‍ය ප්‍රතිපාදන ලබාදිය යුතු විය. ඊට සේනාධිනායකයාගේ පූර්ණ එකඟතාව පළ විය. මේ අතර වඩාත් ම වැදගත් වූයේ අගෞරව කිරීම, උපහාසයට හා අපහාසයට ලක් කිරීම නිසා සේවය හැර ගිය සෙබළුන් ද, නවක තරුණ තරුණියන් ද ත්‍රිවිධ හමුදා සේවයට බඳවා ගැනීමයි.

මේ සඳහා ගත් ඉතා වැදගත් පියවර වූයේ මෙතෙක් සෙබළා, ආමිකාරයා, කුලී හේවායා යනුවෙන් ඇමතුම් ලද පිරිස් රණවිරුවා යන ගෞරව නාමයෙන් ඇමැතීමට පියවර ගැනීමයි‍. තම දූ දරුවන් මවුබිම රැකීමට රණබිමට යන රණවිරුවන් පිරිසක් බවත්, ඔවුනගේ අනාගතය, ඔවුන්ගේ පවුල්වල අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය සෑම පියවරක් ම ගන්නා බවටත් ජනපති සහතික විය. සෑම රණවිරුවෙකුටම පෙර මෙන් නොව අවශ්‍ය සියලු යුද උපකරණ ආරක්ෂක මෙවලම්, ඖෂධ හා ආහාරපානාදිය අප්‍රමාදව හා නොඅඩුව ලබා දෙන බවටත් සහතික විය. එමෙන් ම, යුද්ධය සඳහා පෙරට තබන පය මොන ජගතෙකුගේ හෝ බලපෑමට බියේ පෙර ජනාධිපතිවරුන් මෙන් පස්සට නොගන්නා බවත්, තිර අදිටනින් යුතුව කියා සිටියේ ය. දකුණේ තරුණ තරුණියෝ යුද පෙරමු‍ණට යෑමට තීරණය කළහ. නිවාඩු ගෙන ගමටවිත්, සැඟවී සිටි තරුණයෝ යළි ක්‍රියාන්විතයේ රාජකාරියට වාර්තා කරන්නට වූහ. පාබළ, නාවික හා ගුවන් හමුදා මූලස්ථාන්හි හමුදා සේවයට වාර්තා කිරීමට සැතපුම් ගණන් දිග පෝලිම් දක්නට ලැබිණි.

එදා සෙබළා, කුලී හේවායා, ආමිකාරයා යනුවෙන් ගැරහුම් ලද තරුණ තරුණියෝ අද යුද බිමේ රණවිරුවෝ වෙති. සමස්ත සමාජයෙන්ම ගෞරව ලබති. මේ තත්ත්වය ඇති කෙළේ සේනාධිනායක මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මිස අන් කවරෙක්ද? මීට පෙර සිටි ජනාධිපතිවරු එක් වරක් හෝ මෙවන් ගෞරවාන්විතව ඒ විරෝදාර තරුණ තරුණියන් අමතා තිබේ ද?

මේ ආකාරයෙන් නොපසුබසින යුද මෙහෙයුමකට සැලසුම් සකස් කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, යුද්ධයෙන් නොව සාමයෙන් උතුරු - නැ‍ෙඟනහිර බෙදුම්වාදී ගැටලුවට විසැඳුම් සෙවීම සඳහා සාම කතාබහට දොරටුව විවෘත කර තිබිණි. එහෙත් කොටි නායක ප්‍රභාකරන් සාම කතා හා සටන් විරාම යෝජනා තමන්ගේ යුද ශක්තිය වර්ධනය කර ගැනීමට උපයෝගී කොට ගැනීම නිසා සාකච්ඡාවෙන් විසැඳුම් සෙවීමේ පලක් නැති බව අවබෝධයට ගෙන එම බලාපොරොත්තුව අත් හළේ ය.

කොටින්ගේ විනාශය ඇරැඹේ

එදා කටුනායක

ශක්තිමත් ත්‍රිවිධ හමුදාවක් ස්ථාපිත කරමින් කලාපයේ බලවතා වූ ඉන්දියාව සමඟත්, ආසියා, අප්‍රිකා, යු‍රෝපා හා මැද පෙරදිග විශ්වාසවන්ත රාජ්‍යයන් සමඟ සහයෝගිතාව වර්ධනය කර ගත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සාර්ථක යුද මෙහෙයුමකට අවශ්‍ය පරිසරය සකස් කර ගත්තේ ය.

ගම් දනව් රැසක පවුල් 30,000 කගේ ජීවිත බිලි ගන්නට සැලසුම් කරමින් කොටි නායක ප්‍රභාකරන් ගේ අණින් වැසුණු මාවිල්ආරු සොරොව්ව විවෘත කිරීමට මානුෂික මෙහෙයුමක් ආරම්භ කිරීමට නියෝග දෙමින් නැ‍‍ඟෙනහිර පළාත සම්පූර්ණයෙන් කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමට පියවර ගන්නැ'යි ජනපති නියෝග දුණි. 2006 අගෝස්තු 08 වැනි දින මාවිල්ආරු සොරොව්ව ආරක්ෂක හමුදා අතට පත්වීමත් සමඟ කොටි සංවිධානයේ විනාශය ද ආරම්භ විය. දිගින් දිගටම ජයග්‍රහණ ලබමින් ඉදිරියට ගිය රණවිරුවෝ නැ‍ඟෙනහිර පළාත කොටි ග්‍රහණයෙන් මුදා ගැනීමෙන් අනතුරුව උතුරු පළාතේ කොටි බලය බිඳ දැමීමට බිහිසුණු සටනකට අවතීර්ණ වූහ.

උතුරේ කොටි ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතිද්දී කොටි සංවිධානයට පරාජය අත්වන බව දුටු නෝර්වේ, ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ බටහිර රටවල බලවතුන් විවිධ හේතු දක්වමින් යුද්ධය නතර කිරීමට බලපෑම් එල්ල කරන්නට විය. මෙයට රජයට ජය ගත නොහැකි යුද්ධයකැ’ යි කියමින් යුද්ධය නතර කරන්නට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මානව හිමිකම් කොමිසන් බලපෑම් හරහා නැ‍ඟෙනහිරත් ඉන් අනතුරුව උතුරේ හමුදා මෙහෙයුම් නතර කරන්නට බලපෑම් එල්ල කරන්නට විය. ඒ බලපෑම් කිසිවකටත් තර්ජනයකටත් නොසැලී නොබියව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අවසාන ජයග්‍රහණය දැක මිස හමුදා මෙහෙයුම් නතර නොකරන බව දැඩිව ප්‍රකාශ කෙළේ ය. කොටි හිතවාදී බලවේගවලට අපේ රටේ දේශද්‍රෝහී දේශපාලනඥයන් ගේ හා දේශද්‍රෝහී රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිකයන්ගේ සහයෝගය බටහිර බලවතුන්ට ලැබිණි. එහෙත් චීනය, පාකිස්ථානය වැනි ප්‍රබල රාජ්‍යයන් ද කලාපයේ බලවතා වූ ඉන්දියාව ද යුද මෙහෙයුම්වලදී ශ්‍රී ලංකා රජය සමඟ සිටීම මහින්ද රාජපක්ෂ මහතාගේ රාජ්‍යතාන්ත්‍රික බව ප්‍රකට කෙළේ ය.

2006 අගෝස්තු මස 8 දින මාවිල්ආරු සොරොව්ව විවෘත කරමින් ඇරැඹි ත්‍රස්ත විරෝධී හමුදා මෙහෙයුම් 2009 මැයි 18 වැනිදා මුලතිව් හි නන්දිකඩාල් කලපුවේ දී බිහිසුණුම ත්‍රස්ත නායකයා ලෙස ලොවම හැඳින්වූ වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයේ පළමු පෙළ, දෙවැනි පෙළ හා තෙවැනි පෙළ සියලු කොටි ත්‍රස්ත නායකයන් අවසන් ගමන් යවා හමුදා ක්‍රියාන්විතයේ ජය තහවුරු කෙළේ ය.

නෝර්වේ සාම නියෝජිතයන්ගේ උපදේශකත්වයෙන් 2002.03.23 දින කිලිනොච්චියේ දී අත්සන් තබන ලද රනිල් - ප්‍රභා සාම ගිවිසුමෙන් කොටි පාලන ප්‍රදේශ ලෙස වෙන්කර දුන් උතුර - නැ‍ඟෙනහිර භූමිය යළි සිංහ ධජය සෙවණට ගෙන ශ්‍රී ලංකා දැන් ඒකීය එක්සත් රටක් යැයි ලොවට හඬ ගා පැවසූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, වසර තිහක් පුරා අප රට වෙළාගත්, ‍ෙකාටි භීෂණය නිමා කරමින්, පරාජය කරන්නට බැරි යැයි වහසිබස් දෙඩුවන් නිරුත්තර කර මහා කොටි ප්‍රභාකරන් ඇතුළු කොටි ‍රැළ අවසන් නින්දට යවමින් ශ්‍රී ලංකාවේ රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය හා රණශූරත්වය මේ යැයි ලොවට ප්‍රදර්ශනය කෙළේ ය.

රට අස්තාවර කිරීමේ තැත

දෙස් විදෙස් අභියෝග රැසක් මැද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටට ලබා දුන් නිදහස උදුරා ගැනීමටයි එදා ඒ නිදහසට එරෙහිව සිටි දෙස් විදෙස් බලවේගයන් අද එක්වන්ව නැඟී සිටී. යුද්ධය නවත්වන්න යැයි බලපෑම් කළ නෝර්වේ, බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව වැනි රටවල් ප්‍රධාන කොටි ඩයස් පෝරාවට දිරි දෙන රටවල උත්සාහ කරන්නේ, ජනවාරි 08 වැනි දින පැවැත්වෙන ජනපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජයට පත්කර, මානව හිමිකම් කඩකිරීම් චෝදනා ඉදිරිපත් කර නෙදර්ලන්තයේ හේග් නුවර යුද්ධාධිකරණය ඉදිරියට පමුණුවා, ඉරාකයේ සදාම් හුසේන්ට, ලිබියාවේ ගඩාපි ට කළ දේ කිරීම ය.

එසේත් නැතිනම් රටේ භීෂණ වාතාවරණයක් ඇති කොට මානව හිමිකම් කඩ කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාපි මෙන් මහින්ද ජනපති විරෝධී වෛරී දේශපාලන ගැත්තන් ලවා වධ දී මරා දැමීම ය. එම මාවත විවෘත කර ගැනීමට උන් දැනටමත් සැලසුම් සකස් කරන බව පෙනී යයි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග හා රාජිත සේනාරත්න දත් දොස්තර මීට සැලසුම් සකස් කරන බව ඔවුන්ගේ හැසිරීම් රටාව අපට පසක් කරයි. ඒ සමඟ ම ආර්ථිකව බලවත් වෙමින්, නැඟී සිටින ලංකාව දේශපාලන අස්ථාවරත්වයට පත් කර, දියුණු රාජ්‍යයන් ලෙස බලවත්ව සිටි ඉරාකය හා ලිබියාව වැනි රටවල් අන්ත අසරණ දරිද්‍රතාවෙන් පිරුණු රටවල් බවට පත් කළාක් මෙන් ශ්‍රී ලංකා බටහිර රටවලින් යැපෙන අන්ත අසරණ රටක් බවට පත් කිරීම ද බටහිර රටවල අභිප්‍රාය වෙයි.

මේ සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපති පදවියෙන් ඉවත් කර බෙදුම්වාදී අරගලයට යළි පණ දී රට දෙකඩ කිරීම මඟ විවෘත කිරීම ද මූලික පරමාර්ථය යයි.

1995 ප්‍රභාකරන් සමඟ අත්සන් කළ එදිරිවාදිකම් අත්හිටුවීමේ සම්මුතියෙන් අන්දමන්ද වී, 1998 දී ප්‍රභාකරන්ට වසර 10 කට උතුරු නැඟෙනහිර ඊළාම් පාලනයකට බාරදීමට සුදානම් ව සිටි චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනියත්, 2003 සටන් විරාම ගිවිසුමෙන් උතුරු - නැ‍ඟෙනහිර ප්‍රදේශ කොටි පාලනයටත් බාර දුන් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාත්, ඕනෑම ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියමින් රණවිරුවන් ගොන් රැළ කැයි කියූ පාර්ලිමේන්තු මන්ත්‍ර‍ී ලක්ෂ්මන් කිරිඇල්ලත්, කිලිනොච්චි යනවා කියමින් මැදවච්චි යනවා, අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා කියමින් හමුදා මෙහෙයුම් බාල්දු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකත්, තවලමක සුදු නෙළුම් පටවාගෙන චන්ද්‍රිකා කුමාරතුංග ජනපතිනියගේ අණට අනුව බෙදුම්වාදය දිරිමත් කරමින් හමුදාව බාල්දු කරමින් රට වටේ ගිය මංගල සමරවීර හා රාජිත සේනාරත්නත් මෙම දේශද්‍රෝහී මෙහෙයුමට උර දී සිටිති.

ශ්‍රී ලාංකික බුද්ධිමත් ජනතාව තීරණය කළ යුත්තේ, අතීතයේ මෙන් බෝම්බ පිපිරෙන අස්ථාවර රටක මරණ බියෙන් ජීවත් වෙනවාද, එසේත් නැත්නම් 2005 දී ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් රටත් ජනතාවත් භීෂණයෙන් මුදවාගෙන, 2010 ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දු ඉටු කරමින් සිරිලක පෙර නොවූ විරූ සංවර්ධනයක මාවත ගමන් කරවා ආශ්චර්යවත් දේශයකට මඟ විවෘත කර දුන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා, මෙවර මැතිවරණ ප්‍රකාශයෙන් දී ඇති පොරොන්දු පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුළ, ආර්ථික, දේශපාලනික, සාමාජික හා සංස්කෘතික ඉතා වැදගත් ප්‍රතිලාභ හිමිකර ගන්නවාද යන්න ය.

කරන දේ කියන, කියන දේ කරන රාජ්‍ය නායකයෙක් වෙත පූර්ණ විශ්වාස තබා හෙටක් නොවූ රටක් ගෙන ලොවක් දිනූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විශිෂ්ට ජයග්‍රහණයකින් තෙවැනි වරටත් අපේ ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම කෘතගුණ දත් ජනතාව‍කගේ යුතුකම නොවේද?

රටක් රටක් ඉසුරු රටක්
දුක සංකා නොමැති රටක්
සිංහ ධජය ලෙළෙන රටක්
ලොවක් දිනූ දියුණු රටක්

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්