මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

මැණික් හා බැඳුණු රසකතා

මැණික් හා බැඳුණු රසකතා

සමන් දෙවිඳුන් මුළා කළ මුක්කරුවෝ

රත්නපුරය පුරාණයේ සිටම මැණික් පිළිබඳව ප්‍රසිද්ධියක් උසුලයි. එම ජනප්‍රවාද අනුව සමන් දෙවියන්ට පවා කපටිකම් කළ මැණික් කතාවක් පවතී. රසවත් වූ එම කතාව මෙසේ ය.

පුරාණයේ මුක්කරු යැයි හඳුන්වන ජන වර්ගයා විදේශයක සිට මැණික් සෙවීමට සබරගමුවට පැමිණ තිබේ. ඔවුන් මැණික් ගැරීමට පෙර සබරගමුවේ අධිපතිව පාලනය කළ සමන් දෙවියන්ට බාරයක් වී ඇත. මැණික් ගරා අවසානයේ මැණික් නැවක් සමන් දෙවියන්ට පූජා කිරීම එම බාරය විය. මෙසේ බාර වූ මුක්කරු සබරගමුවේ සැම ප්‍රදේශයකම පාහේ මැණික් ගරා තිබේ.

ඔවුන් අද මෙන් වට්ටි හෝ කූඩා භාවිත කර නැත. අපේ කාන්තාවෝ හාල් ගරන්නා සේ කොරහ සහ නෑඹිළිය උපයෝගී කර ඉල්ලම් සෝදා මැණික් ගරා තිබේ. ඒ බව මුක්කරු සිටියායැයි කියන ප්‍රදේශවල තිබී හමුවන පුරාණ මැටි භාජන කැබලි සාක්ෂි දරන්නේය.

ඔවුන් වෛරෝඩි, ආර්නූල් වැනි ගල් පණුවන් ගැසූ මැණික් යැයි හඳුන්වා ඉවත දැමු බව කියවේ. මෙසේ මැණික් හැරු මුක්කරු නමැති ජනයා දිගු කාලයක් මේ ප්‍රදේශයේ මැණික් ගරා නැව් හතක් පිරෙන සේ මැණික් එකතු කරගෙන තිබේ.

ඒ එක්කම මැණික් සමඟ තිබෙන කට්ට නමැති නොවටිනා ගල් වර්ගය ද නැවකට පුරවා එකතු කරගෙන ඇත.

ඔවුනට ඇති තරම් මැණික් ගරා නැව් හතක පුරවා තැබුවේය. මේ සමඟම කට්ට නැව ද පුරවා තැබුවේ කපටිකමක් කිරීමට අදහස් කරගෙනය. මුක්කරුන් මෙරටින් පිටවී ඔවුන්ගේ රටට යෑමට සූදානම්ව මැණික් නැව් හත දියත් කරනවාත් සමඟම සමන් දෙවියන්ට කට්ට නැව පූජා කළේ බාරය ඔප්පු කිරීමටය.

මෙසේ කට්ට නැව දෙවියන්ට පූජා කළ මුක්කරු පිරිස මැණික් නැව් හතට නැගී ඔවුන්ගේ රට බලා යාත්‍රා කර ඇත.

මෙසේ යාත්‍රා කරන අතරේ ඔවුන්ගේ කපටිකම ගැන කෝප වූ සමන් දෙවියෝ එම නැව් හත මුහුදුබත් කිරිමට සැලැස්වූහ.

නැව් තුළට මුහුදු ජලය කාන්දු වනවාත් සමඟම මුක්කරුන්ට සිහි වූයේ සමන් දෙවියන් ය.

දෙවියන් මුළා කළ නිසා මෙසේ නැව් හත මුහුදුබත් වන බව ඔවුන්ට තේරුම් ගියේය. දැන් ප්‍රමාද වැඩිය. කරන්නට කිසිම දෙයක් නැති තැන සමන් දෙවියන් විහිළු දන්නේ නැති බව මුක්කරු කියන ලද්දක් යැයි ජනප්‍රවාදයේ පවතී.

එසේ කියන ලද්දේ කට්ට නැව පූජා කරන ලද්දේ විහිළුවට බව හඟවමිනි. ඒ වගේම මුක්කරුන් සමඟම මැණික් නැව් හත මුහුදුබත් වූ බව ද ජනප්‍රවාදයේ එයි.

බිත්තියෙන් සොයාගත් රතු කැටය

මීට දසක දෙකකට පෙර රත්නපුරයට නුදුරු ප්‍රදේශයක ඉඩමක් ඉඩම් නැති දුප්පත් මිනිසුන් අතර බෙදා දුන්නේ එක් අයකුට අක්කර කාලක් පමණ හිමි වන ලෙසටය. එම ඉඩම්වල වරිච්චි බිත්ති බැඳ වහලයට පොල් අතු සෙවිලි කර කුඩා නිවාස තනාගෙන ඉඩම් හිමියෝ ජීවත් වූහ. ඔවුහු එදිනෙදාට කුලියක් කරමින් කීයක් හෝ උපයාගෙන ජීවිකාව ගෙන ගියහ.

මෙසේ මෙම නිවහනක සිටි එක් අයෙක් ඉඩමේ වැඩක් කරමින් සිට තේ කහට කෝප්පයක් බීමට නිවසට පැමිණියේය. බිරිය දුන් කහට කෝප්පය ඔහු බිව්වේ මිදුලේ තිබු ගලක් උඩ වාඩි වෙමිනි. ඔහු කහට කෝප්පය බොන අතරේ නැගෙනහිරින් පෑයූ හිරු සමනළ කඳු වළල්ලට උඩින් රැස් දහර විහිදා මේ පැල්පත දෙස බලා සිටියදී අපේ කතා නායකයාගේ පැල්පතේ බිත්තිය මතින් එළියක් විහිදෙන්නට විය.

කහට කෝප්පය බිම තැබු ඔහු එම එළිය විහිද වූ දෙය බැලීමට ගියේ වීදුරු කැබැල්ලක්දෝයි සිතමිනි. ඔහු එළිය විහිදවූ දෙය ගලවා අතට ගත්තේය. ඇඟිලි තුඩුවලින් පිරිසුදු කළේය.

හිරු එළියට අල්ලා බැලුවේය. පුදුමයකි. අදහා ගැනීමට බැරි තරම් පුදුමයකි. එය රතු මැණික් කැටයකි. රබර් ඇටයක ප්‍රමාණයේ රතු මැණිකකි. නිහඬව ගෙතුළට රිංගූ ඔහු රහසිගතව මැණික බිරියට පෙන්නුවේය.

පසුවදා රත්නපුර නගරයට ගිය ඔහු ලක්ෂ ගණනාවකට මැණික අලෙවි කර ඔහුගේ ගමට එන මාර්ගයේ නිවසක් මිලට ගෙන එහි පදිංචියට ගියේය. පසුව ඔහුට මැණික ලැබුණු ඉඩමේ නිවස තැනීමට මැටි කැපු වළ කම්කරුවන් දමා පතලක් ලෙස ඉල්ලම් ගොඩට ගත්තේය. එම ඉල්ලම් සෝදා ලක්ෂ ගණන් වටිනා මැණික් ලබා ගත්තේය. ඊට පසු ඔහුගේ ඉඩමට ආසන්නයේ ඇති අනෙක් ඉඩම්වල පතල් කපන්නට පටන් ගත්තේය. එම පතල්වල ද හොඳට මැණික් මතු විය. මේ ආකාරයට ඒ අවට සෑම තැනම පතල් කපන්නට පටන් ගත්තේය. එම පතල්වල ද හොඳට මැණික් මතු විය. මේ ආකාරයට ඒ අවට සෑම තැනම පතල් කපන්නට පටන් ගත්තේය. මෙම ප්‍රදේශයේ සෑම තැනම මැණික් මතුවීම නිසා එම ප්‍රදේශය බලා සිටියදී දියුණු විය.

ඇත්ත මැණික් හා කෘත්‍රිම මැණික්

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ යනුවෙන් කියමනක් තිබේ. මෙම කියමනෙන් අදහස් කෙරෙනුයේ කරන කර්මාන්තය හරිහැටි දැනගෙන කළ යුතු බවය. මැණික් ව්‍යාපාරයේ දී මැණික් මිලදී ගැනීම ද දැනගෙන කළ යුතු දෙයකි. එනම් මැණික නියමාකාරව හඳුනාගෙන මැණිකේ ප්‍රමාණයට මිල නියම කිරීමය. එයින් ප්‍රධාන වන්නේ මැණික හඳුනා ගැනීමය. එසේ නොමැතිනම් කෘත්‍රිම මැණික්වලට මුළා වීමට සිදු වේ.

දසක දෙක තුනක සිට කෘත්‍රිම මැණික් වෙළෙඳ පොළට ඒමට පටන් ගෙන තිබේ. මෙම මැණික් නිර්මාණය කරන්නේ තාක්ෂණ දැනුම උපරීමයෙන් ඇති පුද්ගලයෝ වෙති. කෘත්‍රිම මැණික, ස්වභාවික මැණික මෙන්ම බර, වර්ණය මෙන්ම සුළු සුළු දෝෂ පළුදු සහිතව නිපදවා තිබේ. පළපුරුදු මැණික් ව්‍යාපාරිකයෝ ද මෙම කෘත්‍රිම මැණිකට මුළා වී ලක්ෂ ගණන් පාඩු ලැබු අවස්ථා තිබේ. බොහෝ විට නිධන්වලින් ගත්තා යැයි කියා රහසිගතව මෙම මැණික් අලෙවි කිරීමේ ජාවාරමක් පවතී.

මේ එසේ කෘත්‍රිම මැණිකකට මුළා වී අමාරුවේ වැටුණු සත්‍ය කතාවකි.

කරුණේ පෙදරේරුවෙකි. කොළඹ කොන්ත්‍රාත්කරුවෙකු යටතේ ගොඩනැඟිල්ලක වැඩ කරමින් සිටියේය. නොයෙක් පළාත්වලින් පැමිණි කම්කරුවෝ මෙතැන වැඩ කළහ. එතැන පොලොන්නරුවේ යයි කියා එක් බාස් කෙනෙක් සිටියේය. ඔහු ජිනදාස ය. කල් යෑමේ දී ජිනදාසත් කරුණේත් ගජ මිතුරෝ වූහ. කරුණේ රත්නපුරේ අයකු නිසා පොලොන්නරුවේ ජිනදාස ඔහු සමඟ නිතර නිතර මැණික් ගැන කතා කළේය. පොලොන්නරුවේ නිධන් හෑරීම ගැන ද කතා කළේය. එසේ හැරූ නිධානයකින් ගත් මැණික් කැට දෙකක් ඔහුගේ මිතුරෙකු ළඟ තිබෙන බව දිනක් කරුණේ සමඟ කීවේය. ඔහු වටිනාකම නොදන්නා නිසා අඩු මුදලකට ඒවා ගත හැකි බව ද කීවේය.

මෙම නිදන් මැණික ගැන හිත ගිය කරුණේ බාස් ඔහුගේ මිතුරකුට පොලොන්නරුවේ මැණික් ගල් දෙක ගැන කීවේය. කරුණේගේ මිතුරා මැණික් ගැන දැනුම ඇති අයෙකි. ඔහු කරුණේ සහ ජිනදාස සමඟ පොලොන්නරු ගියේ මැණික් ගල් බලා මිල ගණන් කතා කර ගැනීමටය. නිල් මැණික් ගල් දෙක පරීක්ෂා කර බලා රුපියල් ලක්ෂ දෙකකට මිල නියම කරගෙන පැමිණියේ තව දින දෙකකින් මුදල් රැගෙන එන බවට පොරොන්දු වෙමිනි.

දින දෙකකට පසු කරුණේ මිතුරාත් සමඟ මුදල් රැගෙන පොලොන්නරු ගියේ ජිනදාස හමු වීමටය. ඔහු මැණික් හිමියා සමඟ ගල් විහාරය ළඟට පැමිණ සිටියේය. රහසිගතව වෙළෙඳාම කළහ. මැණික මිලදී ගත් දෙදෙනා ලොකු ලාභයක් ඇතිව මැණික අලෙවි කරගත හැකි බව කියමින් එවෙලේම රත්නපුරයට ගියේ මැණික් මුදලාලි කෙනෙකුට මැණික අලෙවි කිරීම පිණිසය.

ඔවුන් ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයකුට මැණික් ගල් දෙක පෙන්නුවේ රුපියල් ලක්ෂ පනහක් අවශ්‍ය බව කියමිනි. මැණික් ගල් දෙක පරීක්ෂා කර බැලු ව්‍යාපාරිකයා මේවා කෘත්‍රිම මැණික් බව කීවේය. ඔවුන් වංචාවක් කිරීමට පැමිණි කපටියන් බව සිතු මැණික් ව්‍යාපාරිකයා මේ දෙදෙනා පොලීසියට බාර දුන්නේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්