මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

වෙනසක් ඇති කරන්න තවත් අය අවශ්‍ය නැහැ ජනපති මහින්ද අපේ අවංකම නායකයායි

වෙනසක් ඇති කරන්න තවත් අය අවශ්‍ය නැහැ ජනපති මහින්ද අපේ අවංකම නායකයායි

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ

භාෂා සංස්කෘතික අංශයේ

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා

ජ්‍යෙෂ්ඨ පර්යේෂක

ආචාර්ය අමල් ගුණසේන

අද අපේ රට නිදහස්ය. සාමකාමීය. නොබෙදුණු රාජ්‍යයකි. උතුරු ප්‍රාන්තයේ සිට දෙවුන්දර තුඩුව දක්වාත්, මඩකලපුවේ සිට වවුනියාව දක්වාත් මරණ බියක් නොමැතිව, මේ මගේ උපන් දේශය යන ප්‍රෞඪ සිතිවිලි පෙරටු කරගෙන ගමන් කිරීමට පුළුවන් වී ඇත. අපේ රටේ පෙර නුදුටු අන්දමේ සංවර්ධනයක්, නවෝදයක්, අන්තර්ජාතික වශයෙන් ඒකාබද්ධ වුණු මිත්‍රත්වයක් සහ දියුණුය යි පැවසෙන බටහිර රටවල්වල පවා දක්නට නොලැබෙන අන්දමේ ස්ථාවර සාමයක් පවතියි. අවුරුදු 30 ක් පුරා පැවැති ත්‍රස්තවාදීන් ගෙන ගිය අධි භීෂණ යුද්ධය හේතු කොට ගෙන, ඉතා අවදානම් සහ අනතුරුදායක රටවල් ලෙස ඉවත දමා තිබූ අපේ රට දැන් ‍ලෝක සංචාරකයින් පැමිණීමට කැමැති රටවල් අතුරින් ප්‍රමුඛස්ථානයකට පැමිණ ඇත. දහස් ගණන් සංචාරකයෝ දිනපතා පැමිණෙති. අපේ මෑණිවරුන්ට, පියවරුන්ට, නැන්දලාට, මාමලාට, සීයලා සහ ආච්චිලාට, කුඩා දරුවන්ට, වන්දනා ගමන්, නෑදෑ ගමන්, විනෝද ගමන්, පාසල් ගමන් ජීවිත හානියට බියක් නොමැතිව යා හැකි ය. රට පුරා උසස් මට්ටමේ පාරවල් තනා ඇත. රැකියා පහසුකම් සුලබ වී ඇත. 2009 වර්ෂයේ පටන් අපේ රට අපේම රටක් බවට පත් වී ඇත. මෙම තීරණාත්මක මොහොත දක්වා මුළු මහත් ශ්‍රී ලංකා අප සෑම දෙනා තුළ දැවෙමින් පැවතුණේ කිව නොහැකි බියකි. අප සැම දෙනාම එදිනෙදා කටයුතු කළේත්, සුපුරුදු ජීවිතය ගෙන ගියේත් මරණ බියෙන් යුතුවය. අප යළිත් අපේ රටේ ඉපදී ඇති ලෙසක් හැඟී යයි. මේ සියල්ල උදා වූයේ නොපසුබට ධෛර්යකින් හා අයෝමය අධිෂ්ඨානයකින් යුතුව අප රට පාලනය කරමින් භීෂණ ත්‍රස්තවාදය සහමුලින්ම බිඳ දැමූ අපේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අභිමානවත් නායකත්ව නිසාමයි. අප එය රැක ගත යුතුය.

අපේ රටේ අවුරුදු 30 කට වඩා පැවති මෙම භීෂණ තත්වය ඉතා අවදානම් සහ අනාගත අපේක්ෂා භංග කරන ආකාරයකින් වඩාත් බලපෑවේ තරුණ පරපුර කෙරෙහි බව පැහැදිලිය. මේ බව අපේ රටේ තරුණ පාසල් ශිෂ්‍යයෙකු ඔහු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා ලියූ රචනාවකින් මනාව ප්‍රකාශ වේ. ඔහු තම රචනාවට තෝරා ගනු ලැබුවේ ‘මගේ රට සහ මා ඒ ගැන ආඩම්බර වන්නේ ඇයි’ යන මාතෘකාවයි. පහත දැක්වෙන්නේ එහි සංක්ෂිප්තයකි.

“මම ශ්‍රී ලංකාවේ කොළඹට නුදුරු ප්‍රදේශයක උපත ලද්දෙමි. මගේ වයස දැනට අවුරුදු 23 කි. මම අපේ පවුලේ වැඩිමලා වූයෙමි. 2009 වර්ෂය වන තෙක් මට ‍ජීවිතයක් හෝ රටක් තිබුණේ නැත. මා දැනගෙන සිටියේත්, මට ලැබුණු අත්දැකීම් වූයේත් එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් විනාශ වී ගෙන යන රටක් ගැන පමණි. දිනපතා උදේ සවස මට ඇසුණ් භයංකාර විපත්, අමු අමුවේ කපා කොටා දැමූ මළ සිරුරු, අහිංසක කුඩා පාසල් ළමුන්ගේ ඝාතන, අපේ මහ බැංකුව බෝම්බ ප්‍රහාරවලින් ගිනි ගත් අයුරු, භාවනාවේ යෙදී සිටි සිල්වත් භික්ෂූන් වහන්සේලා ඝාතනය කර දැමීම වැනි අති අමානුෂික සිද්ධීන් ගැන පමණි. මම රූපවාහිනිය ඉඳහිට හෝ බැලුවේ මහත් කම්පාවකිනි. අපේ තරුණ සිත්වල කිසිදු වෙලාවක විනෝදයක් නොවීය. තිබුණේ මානසික ගිනි දැල් ජාලාවකි.

මගේ පවුලේ අය එතරම් පොහොසත් පිරිසක් නොවේ. අප කොළඹට පදිංචියට ආවේ මගේත් නංගීගේත් අධ්‍යාපනය සඳහායි. මගේ පියා කොළඹ කාර්යාලයක ලිපිකරුවෙකි. මගේ මව රැකියාවක් කළේ නැත. එහෙත් ඇය අපේ පවුලේ සියලුම කටයුතු නොපිරිහෙලා ඉටු කළාය. මෙම යුද්ධය පවතිද්දී අපේ පවුලේ සියලු දෙනාම මරණ බියෙන් නොසැලී, තැති නොගෙන, කම්පා නොවී සිටි දවසක් මට කිව නොහැක. මමත් නංගීත් හැමදාම උදේ පාසලට ගියේ බස් රථයකිනි. මේ පාසල් ගිය හැම ගමනේදීම මගේ හිත ඇතුළේ රැව් දුන්නේ අපි‍ දෙන්නා කොයි මොහොතකදී හෝ බෝම්බ ප්‍රහාරයකට අසුවේය යන්නයි. එසේ වුණොත් අපේ අම්මාත්, තාත්තාත් ජීවත් නොවනු ඇතැයි මට මහත් බියක් සිතිණ.

මම උදෑසන නැගිට්ටේ ඉමහත් භයකින් සහ ව්‍යාකූල වූ මනසකින් යුතුවයි. අම්මා උදේ සවස ඇය දන්නා තරමින් පරිත්‍රාණ ධර්ම දේශනාව කියා අපට සෙත් පැතුවාය. ‍‍

සෑම මොහොතකම මගේ සිතේ මතුවී ආවේ අප ගෙවන මේ ත්‍රාසයෙන් සහ භීතියෙන් යුතු අවිචාර සමය කවදා කොතනකින් කෙළවරවේද යන්නයි. මගේ සිතේ නිතරම රැව් දුන්නේ මා ම‍ෙග් රට වන ශ්‍රී ලංකාවේ උපත ලබා ඇත්තේ ඉතාම අවාසනාවන්ත කාල පරිච්ඡේදයක බවයි.

අප පවුලේ හතරදෙනා කිසි විටෙකත් එකට ගමන් කළේ නැත. මගේ පියා හැම විටම උපදෙස් දුන්නේ තනි තනිව යාමෙන් හදිසියේ ත්‍රස්තවාදීන්ගේ බෝම්බ ප්‍රහාරයකට අසුවී මැරෙන්නට වුනොත්, පවුලේ එක් අයකු හෝ ඉතිරිවීමට ඉඩ ඇති බවයි.

මගේ පියා ඉතාම ධාර්මික, එමෙන්ම භීෂණ ක්‍රියාවලට සැණෙන් සැලෙන සහ කම්පාවෙන මෘදු හදවතක් තිබුණු අතිශයින්ම අහිංසක ගුණවතෙකි. ඔහුගේ කෙට්ටු මුහුණේ නිතරම තිබුණේ මහා බියකි. මගේ දෙමාවුපියන් මේ විඳින දුක, කම්පාව සහ මානසික ගින්න දැක මා හැඬූ වාර අපමණය.

මා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනීමට මාස කීපයකට පෙර අපේ පියා හෘදයාබාධයකින් හදිසියේ මිය ගියේය. ඉතා මොළොක් හදවතක් තිබුණු අපේ පියාට අපේ ආරක්ෂාව ගැනම හිතමින් දිනපතා, සතිපතා, මාස්පතා, අවුරුදුපතා එල්ටීටීඊ ත්‍රස්තවාදයේ භීෂණය දරා ගැනීමට තරම් ශක්තියක් නොතිබිණ. කිසිදු පදනමක් නොමැතිව අපේ රට විනාශ කිරීමට ආරම්භ කළ එල්ටීටීඊ ත්‍රස්තවාදය මේ සියල්ලටම වග කිව යුතුය.

මේ අයුරින් වේදනාවත්, භයංකාරයත්, සුන්වුණු අනාගත අපේක්ෂාත් සමඟ අපේ ජීවිත ගෙවී ගියේය. 2009 වර්ෂය ද උදාවිය. මහා ප්‍රාතිහාර්යයක් සිදුවිය. ඒ මුළු ලොවම මවිත කරමින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ අයෝමය නායකත්වය යටතේ අපේ සුන්දර රටෙන් එල්ටීටී භීෂණ ත්‍රස්තවාදය මුළුමනින්ම අහෝසි කර දැමීමයි. එම ජයග්‍රහණය උදා වූ සුබ මොහොතේ නංගීත් මමත් එළියට පැන කෑ ගසමින් නැටුවෙමු. අපේ අම්මාගේ දුක් බර මුහුණේ අවුරුදු ගණනාවකට පස්සේ සිනාවක් මා දුටුවේ එදිනයි.

අතිගරු ජනාධිපති රාජපක්ෂතුමනි, ඔබතුමා අපට යළිත් අපේ රට හිමි කර දුන්නේ ය. මට දැන් රටක් තිබේ. එය නිවහල්ය. මම ඒ ගැන අතිශයෙන් ම ආඩම්බර වන්නෙමි. මා ඉපදුණු දවසේ සිට පැවතුණ අති භීෂණ ත්‍රස්තවාදය ඔබතුමා මුලින් උපුටා දැම්මේය. ඒ ඓතිහාසික මොහොතේ දී ඔබතුමාගේ දෙපාමුල වැටී නමස්කාර කිරීමට මට සිතුණි. ඔබතුමා රටට දුන් පොරොන්දුව එක හෙළා අභීතව ඉටු කළේය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, ඔබතුමා දිවිහිම් තෙක්ම අපේ ජන නායකයා වේවා. ඔබතුමා විශේෂයෙන් තරුණ අපට ජීවන යාත්‍රාව සකස් කොට ශක්තිමත් කර දුන්නේය. අපි සැවොම ඔබතුමාට සදා ණය ගැතිවෙමු.”

ඒ රචනාව මගේ සිතෙන් කවදාවත් මැකී යන්නේ නැත. ජනපතිතුමා ගැන මගේ අදහසත් මෙසේ දක්වමු.

ජනාධිපති මහින්ද රාජපක්ෂතුමාට එල්ටීටී ත්‍රස්තවාදී යුද්ධය ජයගැනීමට ගතවූයේ අවුරුදු 4 කට වඩා කෙටි කාලයකි. එම ජයග්‍රහණයත් සමඟම ආරම්භ කළ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපාර මුලු රට පුරාම ව්‍යාප්ත විය. එතුමා බලයට පැමිණීමට පෙර අප රට පාලනය කිරීමට ජනාධිපතිවරු තිදෙනෙක් ද, ජනාධිපතිවරියක් ද වූහ. ඔවුහු රාජ්‍ය බලයේ අවුරුදු 30 ක් පමණ වැජඹුණහ. යුද්ධය තව තවත් භීෂණ වීය. ඊළාම් දේශ සීමාව මහනුවර අඩවිය දක්වා දිග් ගැසෙන්නට විය. උතුරු පෙදෙස තහනම් ප්‍රදේශයක් බවට පත්වී තිබුණි. පොරොන්දු සංවර්ධන ව්‍යාපාර එළි දකින ලෙසක් නම් පෙනෙන්නට නොතිබුණි. එවක බලයේ සිටි අපේ නායකයින්ගේ අභිලාෂය වූ බවක් පෙනුනේ විදේශ රටවල උපදෙස්වලට යටවී අපේ රටේ දැවෙමින් තිබුණු ත්‍රස්තවාදී අරගල ගැන අඩපණ වී සිටීමයි. මහින්ද රාජපක්ෂතුමා ජනාධිපති ධුරය බාර ගත් මොහොතේම අභීතව ප්‍රකාශ කර සිටියේ “මම මේ භීෂණ ත්‍රස්තවාදය සහමුලින්ම පරාජය කොට අපේ රට සම්පූර්ණ නිදහස්, නිවහල්, නොබෙදුණු රාජ්‍යයක් කරලා තමයි ඉදිරියට තැබූ මගේ පය ආපහු ගන්නේ” යනුවෙන්ය. මෙම නිර්භීත, අසාමාන්‍ය ප්‍රකාශය එක හෙලාම ඉෂ්ට විය. එපමණක් නොවේ, ජයග්‍රහණ ගැන පමණක්ම උදම් වෙමින්, ජය පානය බොමින් කාලය නොගෙවා, පමා නොවී අප රටේ වියළී තිබූ ජාතික සම්පත්, සංවර්ධනය, ආගමික හා සංස්කෘතික සංස්ථා පුනරුත්ථාපනයට ක්‍රියා මාර්ග යෙදවීය. මහින්ද චින්තනය යටතේ ආරම්භ කළ මේ බහු පරමාර්ථ සංවර්ධන ව්‍යාපාර ඇතැම් විදේශ රාජ්‍යවල ඊර්ෂ්‍යා සහගත ආකල්පවලට පවා හේතු වන්නට විය. එතුමාගේ මේ උදාර නායකත්වය අපේ රටේ විරුද්ධ පක්ෂවල ඇතැම් නායකයින්ගේ සහ උගතුන් යැයි පතළ කරන්නාවූ සමහර පිරිස්වල ද්වේශයට හේතුවීම පුදුමයක් නොවේ. විදෙස් රටවල උපදෙස්වලට, තර්ජනවලට, ඝෝෂාවලට බිය නොවී අපේ රටේ ස්වෛරී භාවය, නිවහල් බව නොකෙලෙසා අපේම නිර්භීත වූ බළකායන් යොදවා මේ බිහිසුණු යුද්ධයෙන් ජයගත් ඔබතුමාගේ අවංක, දේශප්‍රේමී නායකත්වය නිසාම අපේ රට අද නිදහස්, නොබෙදුණු වාසනාවන්ත දිවයිනක් වී ඇත.

එහෙත් මුලු ලොවම පුරා පැතිරී සිටින දෙමළ ඩයස්පෝරාව ඔවුන්ගේ ඊළාම් රජය කවදා හෝ පිහිටු වීමේ අභිලාෂය ඉවත දමා නොමැත. මෙසේ ඉතා දුෂ්කරතා සහසක් මැද දිනාගත් මේ ස්වෛරී භාවය රැක ගත හැකිවන්නේ ඔබතුමාගේ කැපවුණු නායකත්වය මත බව අපේ රටට හිතැති සෑම පුරවැසියකුම මනාව පසක් කරගෙන ඇත. පසුගිය නොවැම්බර 28 වැනිදා හදිසියේම ඕපපාතික වූත්, ‘මහින්ද රාජපක්ෂ යුගය ඉතිහාසයේ අමරණීය යුගය’ ලෙස ප්‍රශස්ති මුඛයෙන් නිරන්තරවම ප්‍රකාශ කළාවූ ත් තරගකරුවකුට ඔබතුමාට පිටුපෑම අවංකවම කළ හැකිද? වසර 45 කට නොඅඩු කාලයක් මහින්ද රාජපක්ෂතුමා දේශපාලන ක්ෂේත්‍රයෙහි යෙදී සිටින අවංක, ජනතාවට කැපවුණු ජනප්‍රිය නායකයෙකි. එතුමා පැවතගෙන එන පරම්පරාව දරිද්‍රතාව, අසාධාරණය සහ අධිරාජ්‍යවාදයෙන් පෑගුණු අහිංසක ගැමි ජනතාව වෙනුවෙන් සටන් කළ එමෙන්ම සාමාන්‍ය ජනතාව සමඟම ජීවත්වුණු උතුම් පිරිසකි. මහින්ද රාජක්ෂතුමා තුළ ද පිහිටා ඇත්තේ මේ උතුම් ගුණාංගමය. එතුමා අප රටේ පසුගිය අවුරුදු 66 තුළ සිටි ජන නායකයින් අතුරින් මුළු මහත් රටවැසියන්ටම අපේම නායකයා යැයි අවංකවම කිවහැකි එකම දේශපාලනඥයා ය.

ජනවාරි මස 8 දා ට යෙදෙන ජනාධිපතිවරණයේ දී අප ඡන්දදායකයින් මෙය සනාථ කරන බවට සහතිකය. මේ පසුගිය සහ ඉදිරි දවස් කීපය තුළ නානා අන්දමේ පොරොන්දු, නව ජීවන මාර්ග, සුරංගනා කථාවල අඩංගු වන අන්දමේ සම්පත්, එතුමාට විරුද්ධ යැයි කියන පාර්ශ්වයේ නොයෙක් ප්‍රචාර මාර්ගවලින් වේදිකාවල, පුවත්පත් සඟරා ආදියෙහි අපට දක්නට ලැබෙනු ඇත. එහෙත් අපේ රටට ලැදි එමෙන්ම 2005 වර්ෂය තෙක් මෙබඳු මුසාවලට නිරන්තරව රැවටී, මුලාවී සිටි මුළු මහත් ජනතාව යළිත් එසේ රැවටීම අතිශයින් දුෂ්කරවන බව ඔවුන්ට සක් සුදක්සේ පැහැදිලි වනු ඇත.

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලාංකික ආචාර්ය මහාචාර්යවරු මෙන්ම එහි ජීවත් වන රැකියාවන් කරන ශ්‍රී ලාංකිකයෝ පවසන්නේ ශ්‍රී ලංකාවේ පසුගිය අවුරුදු 5 ඇතුළත සැබෑ වෙනසක් සංවර්ධනයක් ඇතිවී ඇති බවයි. එමෙන්ම ශ්‍රී ලංකා‍වට එන ලන්ඩන් විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් ද පවසන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවාහන හා මාර්ග ක‍්ෂේත්‍රයේ හා පාරිසරික සංවර්ධනයේ ඉමහත් දියුණුවක් ඇති වී ඇති බවයි. අප ද දකින්නේ මෙහි සත්‍යතාවයි. ඒ වෙනස ශීඝ්‍රයෙන් තවදුරටත් සිදුවෙයි. වෙනත් අයකුට කිරීමට වෙනසක් නැත.

ඒ අනුව මේ වෙනස ඇති කළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරියටත් රට දියුණුව කරා ගෙනයන බව අපට පැහැදිලියි. මීට පෙර පැවැති එජාප හෝ වෙනත් කිසිම රජයකින් රටේ මේ තරම් වෙනසක් ඇති නොවූ බවයි.

ඒ අනුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යළි පත් කර ගැනීම කෘතවේදී එතෙර මෙතෙර සැමගේ යුතුකමකි. ජනාධිපතිතුමනි ඔබ දිවි ඇති තෙක්ම අ‍පේ ජනපති විය යුතුයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්