එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සන්ජේ ගේ තාවකාලික නිදහසට නානා උරණ වෙයි

සන්ජේ ගේ තාවකාලික නිදහසට නානා උරණ වෙයි

නානා පතේකර් ජනප්‍රිය සිනමා‍වෙන් බැහැර වූ නළුවෙකු හැටියටයි බොහෝ දෙනෙකුගේ මතකයෙහි රැඳී තියෙන්නෙ. බොලිවුඩ් සිනමාවේ ඉවසිලිවන්තව ඉදිරියට පා නඟන මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා දැන් 63 වැනි වියෙහි පසුවෙනවා. මුද්‍රිත හෝ විද්යුත් මාධ්‍යයන් හි පුවත් මවන්නෙකු නොවන නානා පසුගියදා පැවසූ කරුණක් කාගේත් අවධානය දිනාගත්තා. ඔහු කීවේ මෙන්න මේ කතාවයි...

“මම පසුගිය අවුරුදු 22 දී සන්ජේ දත් එක්ක කිසිම චිත්‍රපටයක රඟපෑවේ නැහැ. මින් මතුවටත් එයත් එක්ක රඟපාන්නෙ නැහැ කියල මම හිතාගත්තා.” නානා ගේ මේ සිතුවිල්ලට හේතුව වුණේ පසුගියදා සන්ජේ දත් ලැබූ තාවකාලික නිදහසයි. 1993 දී ඉන්දියාවේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවට සම්බන්ධයක් ඇතැයි චෝදනා ලද සන්ජේ සය අවුරුදු සිර දඬුවමක් ලැබුවා. සිරගතවී මාස 18ක් ගත වෙද්දී සන්ජේ‍ෙග් බිරිය වන මන්යාටා ගේ අහිතකර සෞඛ්‍ය තත්ත්වය සලකා ඔහුට තාවකාලික නිදහසක් ලැබුණා. එම කාලය ගත කළ සන්ජේ නැවතත් සිරගෙදරට පිටත්ව ගියා.

ඒ වුණත් නානා මේ තාවකාලික නිදහසට මුළුමනින්ම විරෝධය පෑවා. ඉන්පසුවයි ඔහු සන්ජේ සමඟ චිත්‍රපටවල රඟපෑමෙන් වැළකී සිටීමට තීරණය කළේ. “ආණ්ඩුව කරන්නෙ ඒ අයට ඕනැ දේ. ඒගොල්ල කියන්නෙ සන්ජේට තාවකාලික නිදහසක් දීම නිත්‍යානුකූලයි කියලයි. අපිට ඒගැන මොනවත් කියන්න බැහැ. හැබැයි මම මට පුළුවන් දේ කරන්න තීරණය කළා. අපේ රසික රසිකාවියො, මාධ්‍යවේදීන් අපි හැමෝම සන්ජේ රඟපාපු චිත්‍රපට බලලා එයාව වී‍රයෙක් කළා. එයාට තාවකාලික නිදහසක් ලබා දුන්නම ඒකට විරුද්ධ වෙනවා. ඒක වැරැදියි කියනවා. එහෙම කියල විතරක් මදි. විරුද්ධ නම් ක්‍රියාවෙන්ම ඒ බව පෙන්නන්න ඕනෙ. තමන්ට පුළුවන් දේ කරන්න ඕනෙ. මිනිස්සු හිතාගෙන ඉන්නෙ සන්ජේ විතරයි නළුවා කියලා.” නානා පතේකර් තමන්ගේ විරුද්ධත්වය එලෙස ප්‍රකාශ කළා.

සන්ජේට තාවකාලික නිදහස ලබා දිය යුතු යැයි මුලින්ම ප්‍රකාශ වූ දවසේ නානා පැවසුවේ නළුවෙකු වූ නිසාම සන්ජේට විශේෂ වරප්‍රසාද ලබා නොදිය යුතු බවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්