එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

.


ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

ඒ ආරංචිය හොඳ ආරංචියක් නොවේ. එල් ටී ටී ඊ ය නැවත රට තුළ හිස ඔසවන්නට උත්සාහ කරන්නේ ය, යන පුවත සාමය කැමැත්තන්ට අසුබ පුවතකි. අද අපේ පුවත්පතේම පළවන විශේෂාංග ලිපියකට අනුව එය ඇත්තක් මිස හිතලුවක් නොවේ.

එසේ වුවද එල් ටී ටී ඊ ය නැවත ප්‍රතිසංවිධානය කෙරෙන්නේ යැයි යන කතාව අලුත් කතාවක් නොවේ. යුද්ධ භූමියේ දී කොටි සංවිධානය පරාජය කළ දවසේ පටන්ම ඒ ගැන නොයෙක් වර අසන්නට ලැබිණි. එහෙත් බුද්ධි අංශවලට නම් විශ්වාස කටයුතු කිසිම තොරතුරක් ලැබී තිබුණේ නැත.

උතුරු නැ‍ඟෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත වීමත් සමඟ නොයෙකුත් ආණ්ඩු විරෝධී ව්‍යාපාර නම් ප්‍රසිද්ධියේම ක්‍රියාත්මක වනු දැකගන්නට ලැබෙයි. එහි, දකුණේ දක්නට ලැබෙන ආණ්ඩු විරෝධී ව්‍යාපාරවලට වඩා වැඩි වෙනසක් පෙනෙන්නට තිබුණේ නැත. ආණ්ඩු විරෝධී ස්වරූපයක් මිස රාජ්‍ය විරෝධී මුහුණුවරක් ඒවායේ දක්නට නොවීය.

එතෙකුදු දැන් දැන් බුද්ධි අංශවලට ලැබෙන වාර්තා අනුව මතු නොව ප්‍රසිද්ධ ක්‍රියාකාරකම්වලින් ද එල් ටී ටී ඊ ය නැඟී සිටින්නට උත්සාහ දරන බව වාර්තා වෙයි. නැවත සංවිධානය වෙමු යන පණිවුඩය සහිත අත් පත්‍රිකා, පෝස්ටර් පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ. ඊට සම්බන්ධ පුද්ගලයන්ගෙන් ලැබුණු ඔත්තු අනුව සඟවා තිබු අවි ආයුධ තොගයක් ද සොයා ගෙන ඇත. මේ පිටුපස සිටින ප්‍රධාන පුද්ගලයා වන ජේ. ජී. සෙල්වනායගම් නොහොත් ගෝබි සොයා ගිය ගමනේදී උප පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තබා ඒ පුද්ගලයා පැන ගොස් තිබේ.

මේ නිසා උතුරේ තත්ත්වය දැන් මෙතෙක් පැවතුණාට වඩා වෙනස් අතකට හැරී තිබේ. උතුරේ ආරක්ෂාව යළි තර කෙරී ඇති අතර ආරක්ෂක අංශ මඟින් සියලු වාහන නැවත පරීක්ෂා කරන්නට පටන්ගෙන තිබේ. නිදහසේ සුවඳ ආස්වාදය කරමින් සිටි උතුරේ ජනතාවට එහි අමුත්ත වහා දැනෙන්නට පටන්ගෙන ඇතිවාට සැක නැත. ඉතා කෙටියෙන් කියතොත් එල් ටී ටී ඊ ය නැවත සංවිධානය වන්නට පටන් ගතහොත් මේ රටේ පුරවැසියාගේ පෞද්ගලික ජිවිතය යළිත් වරක් 2009 ට පෙර යුගයට ගමන් කරනවා ඇත.

දෙමළ ඩයස්පෝරාවේ ක්‍රියාකාරකම් දෙස බැලූ කල ඔවුන් නැවතත් මේ රට තුළ ත්‍රස්තවාදයට පණ දෙන්නට කළ හැකි සෑම දෙයක්ම කරන බවට අනුමානයක් නැත. යුද්ධයෙන් එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් මේ රට තුළ නැති කර දමන්නට ආණ්ඩුව පොහොසත් වුවද දෙමළ ඩයස්පෝරාවේ වැඩ කටයුතුවල අඩුවක් සිදු වී නැත. දැනට අපේ රට අන්තර්ජාතික වශයෙන් මුහුණ දී ඇති ප්‍රශ්න පිටුපසින් සිටින බලවේගය එයයි.

2009 න් පසු අපේ රටේ ජන ජීවිතය සාමකාමී වුවද අපට අප ජීවත්වන ලෝකය තුළ සමාදානයෙන් සිටින්නට දෙමළ ඩයස්පෝරාව ඉඩ දෙන්නේ නැත. ඔවුන්ගේ වැඩ කටයුතු එතෙකින් නැවතී නැත. නැවතත් මේ රට අඩපණ කිරීමට ඔවුන් නොරට සිට වෙර දරන්නට පටන් ගෙන ඇත. එල් ටී ටී ඊ ක්‍රියාකාරකම් උතුරේ හිස එසවීම පිටුපස සිටින ආසන්නම පුද්ගලයා මෙරටින් ස්විට්සර්ලන්තයේ පදිංචියට ගිය පුද්ගලයකු බව හෙළිවීම එය සනාථ කරයි.

ශ්‍රී ලංකාවෙන් බැහැරව සිටින්නන්ට නැවතත් මේ රටේ ත්‍රස්තවාදයට පණ දෙන්නට ඇති ඕනෑකම ගැන අප පුදුම විය යුතු නැත. එහෙත් මේ රටේ ජීවත්වන්නන් නම් නැවතත් 2009 න් පෙර යුගයට ආපසු යෑමක් ගැන නැවතත් හිතන්නේ නැත. එසේ හිතන්නේ නම් ඒ ත්‍රස්තවාදියකු පමණක්මය. ත්‍රස්තවාදයට යළි හිස ඔසවන්නට ඉඩ දිය යුතු නැත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්