එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


‘කන්දක් සේ මා’ නවකතාව සිනමාවට නැ‍ඟෙයි

‘කන්දක් සේ මා’ නවකතාව සිනමාවට නැ‍ඟෙයි

නූපාගේ චරිතයට නිරෝෂා පෙරේරා

ඇය ලියන්නේ මනුෂ්‍යත්වය පිළිබඳවය. අපි වැඩිපුර නොලියන දේ ගැනය. නොලියවෙන අය ගැනය. හරයෙන් මෙන් ම ගුණයෙන් ද ඉහළ නිර්මාණ ශක්තියකින් යුතු ඇයගේ නව කතා සියල්ලක්ම පාහේ සිනමා මාධ්‍යයට හෝ ටෙලි නාට්‍ය මාධ්‍යයට ප්‍රති නිර්මාණය වී ඇත. සුමිත්‍රා රාහුබද්ධ නම් වූ මෙම අසහාය ගත් කතුවරියගේ ‘කෙළිමඬල’, ‘බුමුතුරුණු’, ‘අග පිපි මල්’, ‘ඉටිපහන්’ වැනි සම්මානනීය නවකතා මෙන්ම මෙහි නොලියවුණු බොහෝ නවකතා ඊට කදිම නිදසුන්ය.

මේ දිනවල යළිත් වරක් ඇගේ නවකතාවක් සිනමා පටයකට නැඟීමේ කතාබහක් ඇරැඹී තිබේ. මෙය ශ්‍රී ලංකාව සහ ජපානය යන රටවල් ද්විත්වය තුළ නිර්මාණය කෙරෙන්නකි. ඒ පිළිබඳ සුමිත්‍රා රාහුබද්ධ සහ මෙම කාර්යයට දායක වන ජපානයේ නගාඕකා, නීගතා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරුන් වන අසු මාරසිංහ, කනෝ මිට්සුරු, තාඕ නෂිමොටෝ සමඟ යෙදුණු කතාබහක් ඇසුරින් මේ ලිපිය සැකසෙයි. මේ පිළිබඳ මුලින්ම අදහස් දැක්වූයේ ජපානයේ වෙසෙන මහාචාර්ය අසු මාරසිංහයි.

“මමත් නෂිමොතෝ සහ කනෝ මහාචාර්ය වරුන් ජපානයේ ‘නීගතා’ වල ‘නාගාඕකා’ තාක්ෂණ විශ්ව විද්‍යාලයේ එකට සේවය කරන්නේ. සුමිත්‍රා අක්කාගේ ‘කන්දක් සේ මා’ කෘතිය පළ වුණාට පසුව එය මට කියවන්නට ලැබුණා. මම තුන් වතාවක් පමණ ඒ පොත කියෙව්වා. ඉන් පසුව ජපානයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන නෂිමොතෝ මහාචාර්යවරයාත් සමඟ මේ ගැන කතාබහ කළා. මෙය චිත්‍රපටයකට හෝ ටෙලි නාට්‍යයකට සුදුසු කතාවක් බව අපිට දැනුණා. කොහොමින් හෝ මම ලංකාවට ආ වෙලාවක අහම්බෙන් සුමිත්‍රා රාහුබද්ධ මුණ ගැසුණා. මේ අහඹු හමුවීමත් සමඟ ඇයත් සමඟ මේ ගැන කතා කරන්න මම කටයුතු කළා.

ඉන් පසුව මහාචාර්ය කනෝ මෙම කෘතියේ ස්ක්‍රිප්ට් එක ජපන් භාෂාවට පරිවර්තනය කළා. එය මහාචාර්ය නෂීමොතෝ අතට පත් කළා. පසුව ඔහු පැවැසුවා, මේ පිටපත විතරක් කියවා මදි කෘතියත් ඔහුට කියවීමට අවශ්‍ය බව. ඒ අනුව මහාචාර්ය කනෝ ‘කන්දක් සේ මා’ කෘතිය ජපන් බසට පරිවර්තනය කළා. මේ වැඩ කටයුතු සඳහා අපට වසර එකහමාරකට වැඩි කාලයක් ගතවුණා. ඉන් පසුව මේ තිර රචනය ‘නගාඕකා’ නගරයේ තිබෙන චිත්‍රපට කොමිසමට ඉදිරිපත් කර චිත්‍රපටයක් නිර්මාණය සඳහා අනුමැතිය ලබා ගත්තා. මේ වන විට චිත්‍රපටයේ ඉදිරි කටයුතු සඳහා අපි සූදානම් වෙනවා.”

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ, මහාචාර්ය ‘තාඕ නෂිමොටෝ’ ය. ඔහු පවසා සිටියේ,

“මේ නවකතාවේ තිබෙන අර්ථවත් බව, හරබර බව, ඒ තුළින් කතාබහට ලක් කෙරෙන දේශපාලනික, සංස්කෘතික, සමාජමය පැතිකඩ ඔහුගේ සිත් ගත් බවයි.

“මම මෙහි ස්ක්‍රිෆ්ට් එක කියවලා වසර එකහමාරක් විතර වෙනවා. නමුත් මට අවශ්‍ය වුණා ‘කන්දක් සේ මා’ කෘතිය සම්පූර්ණයෙන්ම කියවන්න. එයත් කියවා අවසන් කළා. මේ කෘතිය කියවා තමයි මෙයින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට මම ලංකාවට පැමිණියේ. මේ කෘතිය හරබරව ලියු කතාවක්. සමාජයේ ප්‍රශ්න, ලාංකේය සමාජයේ ගැටලු ගැන කතා කරන ජපානයේ ගැටලු ගැන කතා කරන කෘතියක් මෙය. ජපානයේ හා ශ්‍රී ලංකාවේ දී නිර්මාණය වෙන චිත්‍රපටයක් විදිහට මෙය මම දකින්නේ. ජපානය කියන්නේ ආර්ථික වශයෙන් ඉහළටම දියුණු වුණත් මිනිසුන් ආධ්‍යාත්මික වශයෙන් දියුණු වෙලා ද කියන ගැටලුව ඇතිව තිබෙන රටක් . මිනිසුන්ගේ හදවත් තුළ ආධ්‍යාත්මික වශයෙන් යම් සටනක් තිබෙනවා. නමුත් ලංකාව ගත්තම ආර්ථික වශයෙන් ජපානයට වඩා බොහොම දුප්පත්. නමුත් ලංකාවේ හදවතින් පොහොසත් මිනිසුන් සිටිනවා. මේ තත්ත්වය මේ කෘතියෙන් එළිදැක්වෙනවා.

ජපන් ජාතිකයන්ට වඩා මේ කෘතියේ එන ‘නූපා’ චරිතය හදවතින් පොහොසත් චරිතයක්. ඊට අමතරව ‘මසායා’ චරිතයත් මෙහි ප්‍රබලව නිරූපණය වෙනවා. වියපත් ජපන් ජාතික සැමියකු හා විවාහ වී ජපානයට ගොස් ජීවත්වන ලංකාවේ පහළ පාන්තික පවුලක සාපේක්ෂ වශයෙන් නූගත් තරුණියක් තමයි නූපා. ඇගේ ධෛර්යවත් බව මේ ඔස්සේ නිරූපණය වෙනවා. ඒ අනුව මේ කතාවට ආසාවක් මගේ සිතෙත් ඇති වුණා. මට හිතෙනවා ‘කන්දක් සේ මා’ නමින්ම මේ කතාව ඔස්සේ හොඳ චිත්‍රපටයක් නිර්මාණය කරන්නට හැකි වේවි කියා.”

‘කන්දක් සේ මා’ කෘතියේ කතුවරිය වන සුමිත්‍රා රාහුබද්ධ ද අදහස් දක්වා සිටියා.

“මට දෙන්න පුළුවන් මේ පිළිබඳ පුංචි උත්තරයක් පමණයි. මොකද මම මේ කාර්යය සඳහා මහන්සි වුණාට වැඩිය ලොකු කාර්ය භාරයක් ජපානේ මහාචාර්යවරුන්ගේ දායකත්වයෙන් සිදුවුණා. මම සිදු කළේ සිංහල භාෂාවෙන් නවකතාව රචනා කරලා තිර රචනය ලියූ එකයි. එය අතැඹුලක් සේ මගේ අතේ තිබුණ දෙයක්. ඉන් පසුව මෙය ජපන් භාෂාවට පරිවර්තනය කළේ කනෝ මිට්සුරු මහාචාර්යවරයා. ඔහු ඉතාම සාර්ථකව ඒ දේ සිදුකර තිබෙනවා. මම මේ කෘතිය රචනා කළේ මීගතාවේ ජීවත්වෙලා. මේ හැම දෙයක් පිටුපසම ජපන් ජාතිකයන්ගේ සංස්කෘතිය, කලාව, අනන්‍යතාව ගැබ් වී තිබෙනවා. මට කරන්න පුළුවන් මේ හැම දේම ලියන එක. නමුත් මෙයින් චිත්‍රපටයක් නිර්මාණය වෙනවානම් එය කළ යුතු වන්නේ ජපන් ජාතික අධ්‍යක්ෂවරයකු විසින් බවයි මගේ හැඟීම. මේ චිත්‍රපටයෙන් 75% ක් පමණ රූගත වෙන්නේ ජපානයේ.

මේ වන විට රූගත කිරීම් අරඹන්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා. මෙහි ප්‍රධාන චරිත වන නූපා සහ මසායා චරිත සඳහා නළු නිළි යුවළක් තෝරාගෙන තිබෙනවා. ජපානයේ ජනප්‍රිය නළුවෙකු වන කුනී මේතාමුරා මෙහි ‘මසායා’ චරිතයත් ‘නූපා’ චරිතය සඳහා නිරෝෂා පෙරේරාත් තෝරාගෙන තිබෙනවා. මේ චිත්‍රපටය රූගත කිරීම එක දිගට දවස් ගණනකින් නිම කරන්නට අධ්‍යක්ෂවරයා සූදානම් නැහැ. නූපා මුහුණ දෙන වසන්ත, හේමන්ත, සිසිර සෘතුවලට අනුව මෙය පියවරෙන් පියවර රූගත කෙරෙනවා. ඇත්තටම, මේ චිත්‍රපටය ෂෙඩුල්ස් කීපයකටම කරන්න සිදු වේවි. කොහොම නමුත් මම හිතන විදිහට මේ චිත්‍රපටය නිර්මාණය වුණොත් ප්‍රේක්ෂකයාගේ කතාබහට ලක්වෙන ජනප්‍රියත්වයේ මුදුන් පෙත්තටම යන චිත්‍රපටයක් වේවි කියා මං හිතනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්