එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මට හැමදේම අහිමි වුණේ කලාවට තිබෙන ආදරය නිසා

මට හැමදේම අහිමි වුණේ කලාවට තිබෙන ආදරය නිසා

මනීෂා නාමල්ගම

‘රන්තරු’ ටෙලිනාට්‍යයේ වන්දනාගේ සැරපරුෂ නැන්දනිය ඔබට මතකද? එම චරිතය නිරූපණය කළ රංගන ශිල්පිනිය මනීෂා නාමල්ගම. මනීෂා වේදිකාව, ටෙලිනාට්‍ය, මෙන් ම සිනමාව ද එකසේ ජයගත් රංගන ශිල්පිනියක්. ඇය මෙවර තම උපන්දිනය වෙනුවෙන් අගනා සමාජ සද්කාර්යයක යෙදෙන්නට සූදානමින් සිටින බව අපට දැන ගැනීමට ලැබුණා. “තරුවක් සමඟ වරුවක්’ විශේෂාංගයට අද අප මනීෂා නාමල්ගමව එක්කරගත්තේ ඇයගේ මෙවර උපන්දින උත්සවයේ තොරතුරුත්, කලා දිවියේ තොරතුරුත් දැනගැනීමේ අදහසින්.

ඉතින් කොහොමද මනීෂා, මොනවද අලුත් තොරතුරු...?

හොඳින් සතුටින් ඉන්නවා. මම මේ දවස්වල ටෙලිනාට්‍ය දෙක තුනකට රූපගත කිරීම් වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේ ම වේදිකා නාට්‍ය කීපයකටමත් දායක වෙනවා. මම රඟපෑ ටෙලිනාට්‍ය 10 ක් විතර තියෙනවා. තවමත් විකාශය නොවුණු.

රන්තරු ටෙලිනාට්‍යයේ නැන්දනියගේ චරිතයට හොඳ ප්‍රතිචාර ලැබෙන්න ඇති...

ඇත්තෙන් ම ඔව්. මෑතදී විකාශය වුණු ටෙලිනාට්‍ය අතරින් මට වැඩිම ප්‍රතිචාරයක් ලැබුණේ රන්තරු ටෙලිනාට්‍යයේ මම කළ රංගනයට. මටත් පුදුමයි ඒකට ලැබුණු ප්‍රතිචාරවලට. මගේ චරිතය මුළු නාට්‍ය පුරාම නොතිබුණත් මම කළ රංගනය ප්‍රේක්ෂකයින්ට දැනිල තිබුණු බව මට වැටහුණා. ඒ චරිතය තද තීරණ ගන්නා, නපුරු නැන්දනියකගේ චරිතයක්. සමහර අය මග තොටේදී හමු වුණාම මට බැනපු අවස්ථාත් තිබුණා; “ඇයි ඔයා එච්චර නපුරු” කියලා. එයින් පේන්නෙ මම ඒ චරිතය හොඳින් කළ බව නේද?

ඔබ මෙතෙක් රඟපෑ චරිත අතරින් බොහොමයක් නපුරු චරිත නේද?

ගොඩක් දෙනෙක් මගෙන් ඔය ප්‍රශ්නය අහනවා‍. නමුත් මම මෙතෙක් රඟපෑ චරිත හැම එකක් ම නපුරු චරිත කියල කියන්න බැහැ. එහෙම නොවන චරිත ගොඩක් මම නිරූපණය කරල තියෙනවා.

ඔබ චරිතයක් ලැබුණාම කොහොමද ඒකට සූදානම් වෙන්නේ...?

තිර පිටපත ලැබුණාම මම ඒක හොඳට කියවල බලල තීරණය කරනව ඒ චරිතය මම කරන්න ඕන කොහොමද කියලා. රංගනය කියන එක හිතන තරම් ලේසි පහසු නෑ. ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් බොහෝ විට රූපගත වෙන්නේ විශාල පිරිසක් ඉදිරිපිට. එවිට රඟපෑමක් කරන්න නම් හොඳ ආත්ම ශක්තියක් වගේ ම ඒ චරිතය පිළිබඳ විශාල අවබෝධයකුත් තියෙන්න ඕන. ඊට පසුව සමාජයේ ජීවත්වන පුද්ගලයින් දිහා බලල ඔවුන්ගේ හැසිරීම් දිහා බලල ලබාගන්න දේවල්, මගේ ජීවිතයේ අත්දැකීම් ආදියත් එකතු කරල මට නිරූපණය කරන්න වෙන චරිතය මම ගොඩනඟා ගන්නවා. ඒ වගේ ම අධ්‍යක්ෂවරයා බලාපොරොත්තුවන චරිතය‍ මොකක්ද කියලත් මම හොඳට අවබෝධ කරගන්නවා.

ඔබ ප්‍රේක්ෂකයන්ට වඩාත් ම ළං වුණේ කුමන චරිතයෙන් කියලද ඔබ හිතන්නෙ?

රංගනයට ඇවිත් ටික කාලයක් ගත වුණාට පසුව මම රඟපෑ ‘පින්කඳ ‍සිමෝනා’ ටෙලිනාට්‍යයේ රංගනයෙන් තමයි ප්‍රේක්ෂකයින් මාව හොඳින් වැලඳ ගත්තේ. ඒ වගේම ‘දූවරු’ ටෙලිනාට්‍යයේ මම කළ රංගනයටත් ඉහළම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා.

මෙතෙක් කල් කළ රංගන ගැන ඔබ තෘප්තිමත් ද?

තෘප්තියක් තියෙනව. නමුත් මම හිතනව එසේ හැකියාව පෙන්වන්න හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න තවම අවස්ථාව ලැබුණේ නෑ කියලා. මම කලාවට බොහෝ ආදරය කරන කෙනෙක්. වයස අවුරුදු හය හත වගේ කාලෙ ඉඳලයි මම හීන මැව්වේ කලාකාරියක් වෙන්න. කලාවට තිබුණු ආශාව නිසා මම උසස් අධ්‍යාපනයට තිබුණු අවස්ථාව අහිමි වුණා. ඒ වගේ ම උසස් රැකියාවලට විදෙස් රැකියාවලට තිබුණු අවස්ථා අහිමි වුණා. මට ඒ හැමදෙයක් ම අහිමි වුණේ ‍කලාවට තිබුණු ආදරය නිසා. නමුත් කලා ලෝකයේ අද සිදුවන දේවල් ගැන හිතන විට මට හරි ම දුකක් දැනෙනවා. ඒක කලාව පිළිබඳව තිබෙන කලකිරීමක් නෙමෙයි. නමුත් කලා ක්ෂේත්‍රයේ මම ගත කරල තියෙන කාලය දිහා බලන විට කලා ක්ෂේත්‍රයෙන් මට ලැබිල තියෙන අවස්ථා අඩුයි කියලයි මම හිතන්නේ.

ඔබ රංගනයේ යෙදෙන්නේ වෘත්තීය ‍වශයෙන්ද?

ඔව්. මම වෘත්තීය රංගන ශිල්පියෙක්.

වර්තමානයේ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ගැන ඔබට තියෙන්නේ මොනවගේ මතයක් ද?

කලාවට පිවිසෙන මුල් කාලේ මම ආශා කළේ සිනමාවට සම්බන්ධ වෙන්න. නමුත් ඒ කාලේ සිනමාව කඩා වැටිලා තිබුණු කාලයක්. හැබැයි ඒ කාලේ ටෙලිනාට්‍යවලට හොඳ තැනක් තිබුණා. ඒ කාලේ හොඳ ටෙලි නිර්මාණ බිහිවුණා. ටෙලිනාට්‍ය ශිල්පීන්ටත් හොඳ පිළිගැනීමක් තිබුණා. හැබැයි අද ටෙලිනාට්‍ය කලාව විශාල කඩා වැටීමකට ලක්වෙලා.

අද ටෙලිනාට්‍යවල රඟපාන්නේ එකම නළු නිළි පිරිසක් පමණයි. ඒ; ඉතාම අඩු මුදලකට. ඔවුන්ගේ රංගනයන් ලබාගන්න පුළුවන් නිසයි. වර්තමානයේ දී ටෙලිනාට්‍ය කියන්නේ සම්පූර්ණයෙන් ම බිස්නස් එකක්. බොහෝ නිෂ්පාදකවරු උත්සාහ කරන්නේ අඩු මුදලකින් නිෂ්පාදනය කරලා වැඩි මුදලකට විකුණගන්නයි. ඒ නිසා උණු ආප්ප දානව වගේ ටෙලිනාට්‍ය ‍හදන්නේ. මේවා දිහා බලනවිට විශාල කලකිරීමක් දැනෙනවා. අපට සමාජයේ දී හමුවන විවිධ පුද්ගලයන් ටෙලිනාට්‍ය ගැන අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න අපට උත්තර නෑ.

කොහොමද ඔබේ සිනමාවට දායකත්වය...?

මම සිනමා නිර්මාණ 12 කට පමණ දායක වෙලා තියෙනවා. ඒ අතර සිංහල චිත්‍රපට 8 ක් දෙමළ චිත්‍රපට 4 ක් තියෙනවා.

ඔබ වේදිකා නාට්‍ය කීපයකටත් සම්බන්ධයි නේද?

මම වේදිකාවට සම්බන්ධ වුණේ පාසල් යන කාලෙ ඉඳලමයි. මේ දවස්වල ඇන්ටන් ජූඩ් අයියගෙ ‘සකිසඳ මඬල’ නාට්‍යයේත් ටෙනිසන් කුරේ අයියගෙ ‘I am sri lanka’ නාට්‍යයේත් අතුල පී. සමරවීරගේ ‘ඉතින් ආයුබෝවන්’ කියන වේදිකා නාට්‍යවල වැඩවලට සම්බන්ධ වෙලා ඉන්නේ.

මේ වසරේ ඔබේ උපන් දිනය අමුතු විදියකට සමරන්න යනවා කියලා ආරංචියි...

මගේ උපන් දිනය මාර්තු 24 වැනිදා‍. මේ අවුරුද්දේ මම උපන් දිනය වෙනුවෙන් හොඳ වැඩක් කරන්න යනවා. පුංචි කාලෙ ඉඳලම මම හරිම ආසයි අනුන්ට උදව් කරන්න; සමාජ සේවා කටයුතු කරන්න. කෙනෙකුට උදව් කරල මම ලබන සතුට අපමණයි. මගේ ජීවිතය විශේෂ අවස්ථාවලදී ලංකාවේ විවිධ ප්‍රදේශවල තියෙන ළමා නිවාසවලට, වැඩිහිටි නිවාසවල, ආබාධිත රණවිරු නිවාස වලට ගිහිං විවිධ වැඩසටහන් කරල තියෙනව. මම එහෙම කරන්නෙ ජීවිතය ගැන මට හොඳ අවබෝධයක් තිබෙන නිසා.

මේ මො‍හොතේ මම හොඳට හිටියට තව මොහොතකින්, හෙට දවසේ මොනව වෙයිද කියල කියන්න බැහැ. අපේ ජීවිතේ හරිම කෙටියි. කොයි මොහොතේ මේ ජීවිතය අපට අත හරින්න වේවිද කියන්න බෑ. ඒ අවබෝධය මට හොඳට තියෙනවා. ඒ නිසා මේ සැරේ මගේ උපන් දිනයට වටිනා පින්කමක් කරන්න මම හිතුවා. මේ 23 වැනිදා ඉරිදා (අද) නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදී ලේ දන්දීමේ කඳවුරක් මම සංවිධානය කළා. උදේ 9.00 ඉඳල සවස 1.30 වන තෙක් මේ වැඩසටහන පැවැත්වෙනවා. මගේ හිතවතුන් කලාකරුවන් විශාල පිරිසක් එදාට ලේ දන්දෙන්න එයි කියල මම බලාපොරොත්තු වෙනවා.

මට හිතවත් ‍හැමෝටම ඒ සඳහා මම ආරාධනය කරනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්