එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


රූපවාහිනියෙන් අපි 'කඩේ' යන්නේ නෑ

රූපවාහිනියෙන් අපි 'කඩේ' යන්නේ නෑ

ජාතික රූපවාහිනි සංස්ථා සභාපති විමල් රූබසිංහ

* අපේ කතාබහට මුලාරම්භයක් විදිහට ජාතික රූපවාහිනියේ වත්මන් සභාපති පුටුව ඔබට හිමිවුණා කියලා දැනගන්නකොට මොනවද හිතුණේ?

මම ඉතාමත්ම සතුටු වුණා. කලාකරුවෙක්, සාහිත්‍යධරයෙක්, විශේෂයෙන් කවියට ළැදි කෙනෙක් වගේ ම දේශීය සංස්කෘතිය, සභ්‍යත්වය සාරධර්ම අගය කරන කෙනෙක් විදිහට ඒවා රැකගන්න. ඒවා සමාජයට අර්ථකථනය කරලා දෙන්න පුළුවන් ස්ථානයකට සේවාව ඉටුකරන්න ලැබීම මට ලැබුණු පරම භාග්‍යයක් විදිහටයි හිතුණේ. මම සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් වෙලා මේ රටේ සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න ප්‍රායෝගිකව ක්‍රියාකරලා මම ලොකු අභිමානයක් ලැබුවා. ඒ නිසා මට විශාල වගකීමක්. විශ්වාසයක් ඇතිවුණා රූපවාහිනියට එනකොට.

* රූපවාහිනිය වගේ ආයතනයක පරිපාලනය හිතන තරම් ලෙහෙසි පහසු නෑ කියලා සමහරු කියනවා. විශේෂයෙන් දේශපාලන ඇගිලි ගැසීම් එක්ක මේක අභියෝගයක් කියලා හිතුණේ නැද්ද?

මට එහෙම අභියෝගයක් දැනුණේ නැහැ. හේතුව මට රාජ්‍ය සේවයේ අවුරුදු 44 ක පළපුරුද්දක් තියෙනවා. පහළ මට්ටමේ ඉඳලා ඉහළම මට්ටම දක්වා මම පියවරෙන් පියවර දියුණුවෙලා ආව කෙනෙක්. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විභාගේ සමත්වෙලා උප දිසාපති තනතුරු දරලා මම ඉහළට ආවේ. ඒ වගේම විශේෂයෙන් මට රාජ්‍ය සේවයේ බියක් දැනුණේ නැහැ. දේශපාලන නායකත්වය හා මහජනතාව සමඟ ඉතාමත් සුහද ලෙස මනා සම්බන්ධතාවයක් ඇතිව විශ්වාසය හා ගෞරවය රැකගෙන ආව නිසා මට මේක එච්චර අභියෝගයක් නෙවෙයි කියලා මම හිතන්නේ. පරිපාලනය වශයෙන් ලබා තියෙන පළපුරුද්ද රූපවාහිනි වගේ ආයතනයකට ලබා‍ දෙන්න හැකිවීම භාග්‍යයක් කියලයි මට හිතෙන්නේ.

* හොඳයි ජාතික රූපවාහිනියට එනකොට යම් දැක්මක් ඇතුවද ඔබ එන්නේ?

පැහැදිලිවම ඔව්. හේතුව මම මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කළ කෙනෙක්. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මාධ්‍ය පිළිබඳ ලැබූ දැනුම වගේ ම ජනාධිපතිතුමා මේ රටේ කම්කරු හා වෘත්තීය පුහුණු අැමැතිවරයා විදිහට ඉන්න කාලේ එතුමගේ මාධ්‍ය ලේකම් විදිහට වැඩකළ නිසා මාධ්‍යවේදි හා කලාකරුවන් ඇතුළු සමස්ත ප්‍රජාව සමඟ ලොකු ළෙන්ගතු සම්බන්ධතාවයක් මා සතුව තිබෙනවා. ඒ නිසා මට ලොකු ශක්තියක් ඇතිවුණා මේ ආයතනයට එනවිට. ඊට සම්බන්ධ හා පරිබාහිර බොහෝ දෙනෙක් මා දන්නා හඳුනන අය. ඉතිං මේ විශ්වාසයත් එක්ක ජනමාධ්‍ය කියන දේ ප්‍රායෝගිකව කරපු කෙනෙක් විදිහට වඩාත් ක්‍රියාකාරීව ඉටු කරන්න මට පුළුවන්.

* ජාතික රූපවාහිනිය තුළ වෙනසක් ඇති කරන්න දැන් ඔබට අදහසක් ඇති. අපි ඒ ගැන කතා කරමුද?

හොඳයි මම මෙහෙම කියන්නම්. පවත්නා රාජ්‍ය ප්‍රතිපත්තිය එනම් මහින්ද චින්තන ප්‍රතිපත්තිය අනුව ජනතාවට තොරතුරු එසැණින් නිරුපද්‍රිතව ළඟා කරවන්න මම බලාපොරාත්තු වෙනවා. ඒ වගේම එහි ප්‍රමිති ආරක්ෂා කිරීම අනුගමනය කිරීම වගේම ශ්‍රී ලංකාවට නිසි තැන ලබාදීමට ජනාධිපතිතුමා ගන්නා උත්සාහය රටට නිසි ලෙස සම්ප්‍රේෂණය කරන්න පුළුවන් වෙනසක් රූපවාහිනිය තුළින් කරන්නයි මට ඕනකම තියෙන්නේ.

* රාජ්‍ය මාධ්‍යයක් නිසාම ඇතැමුන් කියන්නේ රූපවාහිනියත් ආණ්ඩුවට කඩේ යනවා කියලා.

රූපවාහිනියට රජයෙන්වත් ඇමැතිවරයාගෙන්වත් බලපෑමක් නැහැ. එතුමන්ලා කියලා තියෙන්නෙත් ජනතාවට දැන්විය යුතු තොරතුරු නිවැරැදිව අපක්ෂපාතීව කලට වේලාවට සාධාරණව ලබා දෙන්න කියන එක විතරයි. අනෙක් දේ මාධ්‍යවේදියෙක් විදිහට මා හඳුනාගත් වගකීමක් තියෙනවා.

රජයට ලොකු අරමුණක් තියෙනවා රට සංවර්ධනය කිරීමට. සමස්ත ජනතාව ආරක්ෂා කර ගැනීමට. ඒ සඳහා රජය ගන්නා අපිරිමේය ක්‍රියාදාමය සත්‍ය ලෙස ජනතාවට ලබාදීම හා රටේ සංවර්ධනයට සහාය දීමයි අපි කරන්නේ. එලෙස සේවය කිරීම කඩේ යාමක් නෙමෙයිනේ. මම රාජ්‍ය ආයතනවල වැඩ කළා. ඇප කැප වී වැඩකළා. ජනතාවට සේවය කිරීම වගේම රජයට කරන පක්ෂග්‍රාහී බවක් අපි තුළ තියෙනවා. එයට කීකරු වීම හා අවනත වීම ජනතාවට සේවය කිරීම කඩේ යාමක් නෙමෙයි. හැබැයි එහෙම කඩේ යන්න තියෙනවා නම් ඒකත් වාසනාවක්.

* අද මාධ්‍ය අතර ලොකු තරගයක් තියෙනවා. බලන අයට සල්ලි, බයික් විතරක් නෙවෙයි ගෙවල් දොරවල් යාන වාහන පවා දෙනවා. මේ තරගයේදි රූපවාහිනිය කොහෙද ඉන්නේ?

ඔව් ඒක අහපු එක හොඳයි. මේ රටේ සමස්ත ජනතාවගේම ආශිර්වාදය අපිට තියෙනවා. අපි අඛණ්ඩව විකාශය වන නාළිකාවක් විදිහට කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටියා දක්වාම නරඹන්න පුළුවන් වැඩසටහන් රූපවාහිනියෙන් විකාශය වෙන්නේ.

මේ වෙනකොට මම දකින දෙයක් රූපවාහිනිය වටා විශාල පිරිසක් ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා ජාතික රූපවාහිනිය කියන්නේ රටේ ජනතාවගේ නාළිකාව.

සමස්ත ප්‍රජාවගේ රුචි අරුචිකම් වලට අනුකූලව සාරධර්මවලට අනුකූලව ගෙදර එකට ඉඳගෙන නරඹන්න පුළුවන් වැඩසටහන් ජාතික රූපවාහිනියෙන් යන්නේ.

ඇතැම් නාළිකාවල පෙන්වන දේවල් එකට ඉඳගෙන බලන්න බැහැනේ. ඉතිං කවුරු කොහොම මොනවා කිව්වත් අපිට බලෙන් රූපවාහිනිය පෙන්නන්න ඕන කමක් නැහැ. ජනතාව ඉන්නේ අපි එක්ක. ඒ නිසා රිමෝට් එකේ අංක එක ජාතික රූපවාහිනිය වගේ ම අංක එකේ නාළිකාවත් අපිම තමයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්