එස්. එම්. එස්. මඟින් ඡන්ද ඉල්ලීම තහනම්

 
 

ත්‍රස්තවාදයට හිස ඔසවන්නට ඉඩ දෙනවා ද?

 
 

එල්ටීටීඊය රැස්කළ ධනස්කන්ධයෙන් තමයි බටහිර දේශපාලනඥයන් අල්ලගෙන තියෙන්නේ

 
 

ආණ්ඩුවට විශිෂ්ට ජයක්

 
 

ගැහැනුන්ට මොන ඉංජිනේරුකම් ද කී කාලයේ බිහිවූ මෙරට පළමු ඉංජිනේරුවරිය

 
 

මුල් පිටුව

 
 

දේපළ තණ්හාවෙන් පිංකමට ආ අයට කොස්සෙන් ගසා පන්නයි

 
 

හිතේ කරදර තියෙන ගෑනු ළමයින්ට කුරුලෑ එනවා වැඩියි

 
 

අන්තිම හුස්ම යනතෙක් පෑනෙන් වැඩ ගැනීම මගේ එකම පැතුමයි

 
 

පළමුවරට රවුම් මුද්දරයක් ඇන්දේ මං

 
 

කොමර්ෂල් ක්‍රෙඩිට් වෙළෙඳසේවා පැසිපන්දු ශූරතාවය දිනයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පුන්සිරි සොයිසා මගේ සින්දු දෙකක් කොල්ල කාලා

පුන්සිරි සොයිසා මගේ සින්දු දෙකක් කොල්ල කාලා

 - රංජිත් රීටන්

දිනපතාම ඔබ පතාම

හදවත හැඬුවා

නිතිපතාම එය සිතාම

හදවත හැඬුවා...!

 

(පද - ප්‍රේමකීර්ති ද අල්විස්)

 

සෙල්ලම් ගෙයක් හදා

සෙල්ලම් බතක් උයා

මාලියි මමයි එදා

කෑවා රසට බෙදා...!

 

(පද - හෙක්ටර් විජේසිරි)

“හැත්තෑව දශකයේ දී මා මගේම වියදමින් නිෂ්පාදනය කර ගායනා කළ ‘දිනපතාම ඔබ පතාම’ සහ ‘සෙල්ලම් ගෙයක් හදා’ ගීත දෙක එවකට ගුවන් විදුලියෙන් ප්‍රචාරය වී ජනප්‍රියත්වයට පත් වූ ගීත දෙකක්. මට ඔය ගීත දෙක හැරුණාම තියෙන්නේ තවත් ගීත කිහිපයක් පමණයි. එහෙම තිබියදී තමන්ගේම කියා ජනප්‍රිය ගීත රාශියක් තියෙන පුන්සිරි සොයිසා අනවසරයෙන් මගේ මේ ගීත ගායනා කරලා - ‘සමනල තටු’ නමින් ගීත තැටියකට. එපමණක්ම නොවේ, පුන්සිරිගේ ඒක පුද්ගල ගීත ප්‍රසංගයේදීත් ඔහු මේ ගීත තමන්ගේ ගී ලෙස ගායනා කරලා. වෙනත් ගීත ප්‍රසංග වලදීත් ගායනා කරනවා. මෙය ගීත කොල්ලකෑමක් ලෙසයි මං සලකන්නේ.”

ගායන ශිල්පී රංජිත් රීටන් එලෙස පවසමින් අප සමඟ කෙටි කතාබහකට එක් වූවේ “පුන්සිරි සොයිසා මගේ ගීත කොල්ල කෑම නිසා මගේ ගායන දිවියට බලවත් අසාධාරණයක් සිදුවෙලා. මං මගේ ගීත ගයද්දී සමහරු මගෙන් අහනවා පුන්සිරිගේ සින්දු නේද කියන්නේ කියලා. මේ අසාධාරණය ඉවසන්න බැරි හින්දයි මේ ගී මගේ බව පවසන්න මම රසඳුනට ආවේ” යයි අවධාරණය කරමින් ය. “දිනපතාම ඔබ පතාම” සහ “සෙල්ලම් ගෙයක් හදා” ගීත මෙන්ම ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ “අනන්ත අය සිය දහසක් හමුවේ” - “මඟ තොට වැරදී අතරමංව ගිය” - “තුන් ලෝකෙම අප ගැන කලකිරිලා” - කේ. ඩී. කේ. ධර්මවර්ධන ලියූ “ඔබෙ වත හිත හඳුනන මගෙ නෙත” වැනි ගීත ද හැත්තෑව දශකයේ රංජිත් රීටන්ගේ හඬින් ගුවනින් ඇසුණු ගීත වන අතර ඔහුගේ ගීත ඇතුළත්ව “හැඬු කඳුළු” නමින් ගී පටයක් ද 90 දශකයේ මුල් භාගයේ දී එළිදක්වන ලදී.

“මම ගීත ගායනය අතහැර දමා නිහඬ වී නැහැ. තවමත් මම සංගීත ප්‍රසංග වේදිකාවල ගීත ගායනා කරනවා. එහෙම තිබියදී පුන්සිරි වැනි ‍ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පියෙකු තම සහෝදර ගායකයෙකුගේ ගීත මෙහෙම අනවසරයෙන් ගායනා කිරීම සාධාරණ නැහැ. මුලින්ම මේ ගීත නිර්මාණය කරද්දී ගී පද රචනා, තනු නිර්මාණ හා සංගීත රටා පටිගත කිරීම් ආදි සියල්ල සඳහා මුදල් වියදම් කළේ මමයි. මේ ගීත මා නිෂ්පාදනය කර මමම ගායනා කළ මගේම ගීතයි.”

. මෙම ගීත ඔබේම යයි පවසන්න ඔබට ඇති සාක්ෂි මොනවා ද...?

“මේ ගීත පටිගත කළේ සරසවි ශබ්දාගාරයේ දී. ‘දිනපතාම ඔබ පතාම’ ගීතය ඇතුළත් මගේ ගීත තැටියේ අංකය ප. 924. එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් ලබා ගන්න පුළුවන් සාක්ෂියක්. තවත් හොඳම සාක්ෂියක් තමයි මම මේ ගීත ඇතුළත්ව 1991 දින දර්ශනය සමඟ එළිදැක් වූ මගේ ‘හැඬු කඳුළු’ කැසට් පටය. තව ‘ස්පැරෝ’ නමින් මගේ ගීත තැටියක් කළා. එහි සියලුම ගී තනු නිර්මාණය කළේ ‘ස්පැරෝවොයිස්’ සංගීත කණ්ඩායමේ ඕගන් වාදන ශිල්පි ජිනදාස සිරිවර්ධන (පොඩි මල්ලී) යි. මේ ගීත මගේ බවට ඔහුත් සාක්ෂි දරයි. තව එවකට පුවත්පත් සඟරාදියේ පළ වූ ලිපි ආදියත් තියෙනවා.”

. බුද්ධිමය දේපළ නීතිය යටතේ ගී පද රචකයින්ගේ සහ සංගීතඥයින්ගේ අවසර ලබා ගෙන මේ ගීත පුන්සිරි සොයිසා ගායන ශිල්පියා ගායනා කර ඇද්දැයි ඔබ සොයා බැලුවේ නැද්ද...?

“නැහැ, මට එලෙස සොයා බැලීමට අවශ්‍යතාවයක් නැහැ. මා ජීවතුන් අතර සිටියදී මා ගායනා කළ තවමත් මා ගායනා කරන මගේ ගීත මගේ අවසරයක් නැතුව එම ගීත නිර්මාණයට දායක වූ පමණින් ගී පද රචකයින්ගෙන් සහ සංගීතඥයින්ගෙන් පමණක් අවසර ලබා ගෙන ගායනා කිරීම හෝ තැටිගත කර අලෙවි කිරීම සදාචාරාත්මක නැහැ. මේ ගීත නිර්මාණය කෙරුවේ මගේ මුදලින්. මම වියදම් නොකළා නම් මම ගායනා නොකළා නම් මේවා ගී පදමාලා දෙකක් සහ ස්වර රචනා දෙකක් පමණයිනේ. ඉතින් මෙලෙස මගේ ගීත ගැයීමත්, එලෙස ගැයූ ගීත ඇතුළත්ව ‘සමනල තටු’ නමින් ගීත තැටියක් නිෂ්පාදනය කර අලෙවි කොට මුදල් ඉපයීමත් වරදක්. කෙටියෙන් කියනවා නම් මෙය අපරාධයක් බවයි මගේ හැඟීම.”

. එසේ නම් ඔබට නීතිමය ක්‍රියා මාර්ගයට පිවිසීමට හැකියි නේද...?

“පුළුවන්. ඒත් අපි කලාකරුවන් වශයෙන් එකමුතුව කටයුතු කරන එකයි වඩා සුදුසු. මෙවැනි නිර්මාණ කොල්ලකෑම් අද මොන තරම් සිද්ධ වෙනවා ද. ඒ වුණාට සැබෑ නිර්මාණකරුවන්ට උසාවි ගාණේ ඕවාට රස්තියාදු වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා ඔවුන් නිහඬව ඉන්නවානේ. මමත් කැමැති නැහැ මේ නිර්මාණ හොරුත් සමඟ පොලිසිවලයි උසාවිවලයි රස්තියාදු වෙන්න. මං කියන්නේ මගේ ගීත ගයන්න පෙර පුන්සිරි සොයිසා මේ ගැන හිතුවා නම් මට මෙවැනි වරදක් සිදු වෙන්නේ නැති බවයි.”

. මේ වරද පිළිබඳ පුන්සිරි සොයිසාටම චෝදනා නඟන නමුත් මේ ගීත ඇතුළත් ‘සමනල තටු’ ගී තැටිය නිෂ්පාදනය කර ඇත්තේ ඔහු නොවෙයි නේද...?

“ඒක ඇත්ත. මගේ මේ කොල්ල කාපු ගීත ඇතුළත් ‘සමනල තටු’ ගීත තැටිය නිෂ්පාදනය කර ඇත්තේ කීර්ති ඇහැලේපොල නම් නිෂ්පාදකවරයෙක්. එහෙත් පුන්සිරි අපේ සංගීත ක්ෂේත්‍රයේ පළපුරුදු ගායන ශිල්පියෙක් වශයෙන් මගේ මේ ගීත කොල්ලය ගැන ඔහු වගකිව යුතුයි. මොකද ගී තැටියට මුදල් ලබා ගෙන මේ ගීත ගායනා කර ඇත්තේ පුන්සිරියි. ඒ වගේම මගේ ගීත අදත් තමන්ගේ ගීත වගේ ගායනා කරන්නේ පුන්සිරි මිස ගී තැටියේ නිෂ්පාදකවරයා නොවේ. පුන්සිරි මෙන් මා මේ රටේ ජනප්‍රිය ගායන ශිල්පියෙකු නොවූවාට තමන්ගේ සහෝදර ගායන ශිල්පියෙකු ලෙස හෝ සලකා මගේ මේ ගීත මෙහෙම කොල්ල කෑමට පෙර ඔහුට කල්පනා කර බලන්න යුතුකමක් තිබුණානේ. මේ ගීත ගායනා කර ජීවත් වෙන්න මුදල් උපයා ගන්න ඇති ඔහු. ඒත් එලෙස මුදල් උදෙසා සියල්ල පවා දෙන්න තරම් අපි පහත් තත්ත්වයට පත් නොවිය යුතුයි. බලන්න, මගේ ගීත පුන්සිරියි කොල්ල කාලා ගයන්නේ. ඒත් මම ඒ ගීත ගයද්දී ‘පුන්සිරිගේ සින්දු වෙන කෙනෙක් ගයනවා’ යි මට චෝදනා කරනවා. මොනතරම් අපරාධයක් ද මෙය. මේ ගීත මගේ බව මේ රටේ ගීත රසික ජනතාවට පවසන්නයි මට ඕනි. එසේම තම සහෝදර ගායක ගායිකාවන්ගේ ගීත තවදුරටත් මේ අයුරින් කොල්ල නොකන ලෙසත් මම ඉදිරියේ දී මෙසේ අනුන්ගේ ගීත ගයන්න අපේක්ෂාවෙන් ඉන්න සියලුම ගායක ගායිකාවන් ගෙන් ඉල්ලා සිටිනවා.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්